කොහෙන්ද පටං ගන්නේ… හම්මේ… වැඩි දෙයක් නම් කියන්න නෑ… මේක මගේ 50 ස් වෙනි උපසිරැසිය… කියන්න දේවල් නම් වැඩිය නැති වුනාට ස්තුති කරන්න නම් ගොඩාරියක් අය ඉන්නවා. කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න අමාරුයි… මාත් ඉතින් මුලින්ම කරේ සයිට් එකෙන් උපසිරැසි බාගෙන යන එක. බොරු මොකටද… කමෙන්ට් එකක් නම් බේතකට දාන්නේ නෑ.…

කොහෙන්ද පටං ගන්නේ… හම්මේ… වැඩි දෙයක් නම් කියන්න නෑ… මේක මගේ 50 ස් වෙනි උපසිරැසිය… කියන්න දේවල් නම් වැඩිය නැති වුනාට ස්තුති කරන්න නම් ගොඩාරියක් අය ඉන්නවා. කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න අමාරුයි… මාත් ඉතින් මුලින්ම කරේ සයිට් එකෙන් උපසිරැසි බාගෙන යන එක. බොරු මොකටද… කමෙන්ට් එකක් නම් බේතකට දාන්නේ නෑ. බාගෙන ගියා විතරයි. පස්සේ පස්සේ මට හිතුනා උපසිරසියක් කරන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඔහොම ඉඳිද්දී දවසක ගත්තා උපසිරැසියක් කරන්න. ඉතින් එදා අල්ලගත්තු කෝටි වලිගය තවමත් අල්ලාගෙන ඉන්නවා. ඉතින් ඔය විදිහට මාස දෙක තුනක වෑයමකින් පසුව 2014 නොවැම්බර් 10 මගේ පලවෙනි උපසිරැසිය විදිහට Gabbar Singh (2012) චිත්‍රපටිය අඩවියේ පලවෙනවා. ඉතින් එහෙම පටන් ගත්තු ගමන හින්දි චිත්‍රපටි 23ක් ඇතුළුව චිත්‍රපටි 50කින්ම සමරන්න ලැබීම ගැන හිතට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. ඉතාම කෙටි කාලයකින් බයිස්කෝප් අඩවියේ 50 සමරන වාර්තාව කඩන්න පුළුවන් තරම් උත්සහ කරත් අපේ හේවා නමින් තියෙන ඒ වාර්තාව සම කරන්නවත් මට හැකියාව ලැබුනේ නෑ. 🙂 මේක සමග ගෙවුණු කාලයට බයිස්කෝප් අඩවිය නිසා ගොඩාක් හිතවත් යාළුවො පිරිසක් හම්බුණා. හැමබවුණු පිළිවෙල නම් ඒ හැටි ලොකුවට මතක නෑ. ඒත් මුලින්ම හඳුනගත්තේ සමීර චතුරංග අයියා කියලා මතකයි. මෙයා ගැන නම් මගේ පරණ පෝස්ට් වල එහෙමත් ලියලා ඇති. බාරගත්තු ෆිල්ම් එකක හොඳ කොපියක් ආව ගමන් එලාම් එක වගේ “මල්ලි මෙන්න මේක ආවා” කියලා මුලින්ම මාව ඇහැරවන්නේ මේකා තමයි. ඊළඟට සඳුන් ගැන කියන්න ඕන. කියල නම් නිම කරන්න අමාරුයි මේකා ගැන. එල කොල්ලෙක්. දක්ෂයෙක් වගේම මට ගොඩක් උදව් කරපු පුද්ගලයෙක්. මෙයා එක්ක එකතු වෙලත් ෆිල්ම් ගොඩක් සබ් කරලා තියේ. ඉක්මනට දීගන්න බැරි වේගෙන එනකොට මෙයා තමයි පිහිටට හිටියේ. හද්ද පරණ ෆිල්ම් හෙමිහිට කර කර පැත්තකට වෙලා හිටපු මාව කරලියට ඇදලා ගත්තේ ඔය සඳුන් සහ සමීර කියන දෙපළ. ෆිල්ම් එකක් ඉවර වෙන්න ෆිල්ම් එකක් බාරදීලා උපසිරැසි වේගය සුපිරියටම හැදුවා මෙයාලා එක්ක වැඩ කරපු සමයේ. ඒ වගේම හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්තව මතක් කරන්න ඕන(සම්පූර්ණ නම ලිව්වා ඔන්න). මේකා ගැන නම් කතා කරන්න දේවල් එමටයි. මගේ උපසිරැසි ගමනේදී හම්බවුනු හොඳම යාලුවෙක් තමයි මෙයා. වෙලාවකට මගේ ගුරා. මෙයාගෙන් මම ඉගෙනගත්තු දේවල් බොහොමයි. මං ඉතින් වැඩිය බලන්නේ හින්දි ෆිල්ම් නිසා මෙයාගේ සබ් තමයි මට හැමදාම සෙට් වෙන්නේ. මේකගෙ උපසිරැසි අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑනේ ඔහෙලට. මුල් දවසේ ඉඳන්ම ඒ උපසිරැසි වල රසිකයෙක් උනා මම. දවස් කීපයක් පේන්න නැති උනාම උන්නද මලාද කියලා හොයලා බලන හොඳ පුරුද්දක් මෙයාට තියෙනවා. තව තියෙනවා මෙයා ගැන දැනට මේ ඇති.
ඒ වගේම වාසල අයියා, විකී අයියා, හසන්ත අයියා, රොයිලි අයියා, සමීර අයියා එහෙම විශේෂයෙන් මතක් කරනවා ඒ වගේම ඉසිර ගුණතිලක(පොතේ ගුරා)වත් මතක් කරන්න ඕන. අද ඔයාලා මේ පිවිසිලා ඉන්නේ මේ ගොල්ලෝ ඒ දවස් වල මහන්සි වෙලා කට්ට කාලා ටිකෙන් ටික ගොඩනගාගත්තු නිවහනකට. ඒත් එක්කම අමතක නොකර බෑ. මේ ගමනේ පිටිපස්සේ ඉන්න අපේ කණ්ඩායමේ අනිත් සාමාජිකයෝ ටික. “ගයාන් රූකාන්ත”, “දසන් බුද්ධික”, “අශාන්/ශාන්/BA විමුක්ති”, මං වගේම ඉන්දියාවෙන් එහාට යන්නේ නැති “සිරාජ් ප්‍රියන්ත”, “පැන්තරයා නොහොත් සමන්”, අපි දෙන ෆිල්ම් වලට ලස්සන පින්තූර හදලා දෙන “නලින්” අයියා, “ධනා” අයියා, “කැළුම් ගුණසේකර” අයියා, “දිමුතු තරංග” අයියා, “අදිත ප්‍රවීන්” සහෝ, “මයුර” සහෝ, “දිල්ශාන් කාලිංග” අයියා, “රවිදු තේනබදු”සහෝ, “උදා” අයියා, ඒවගේම මංසල කරපිට තියන් ඉන්න “තිසර නියෝ”, ඒ වගේම අමතක නොකර හැම එකකටම කමෙන්ට් එකක් දාගෙන යන චූටි මලයා “ඉමේෂ් කුමාර” මලයා, “ඉන්ද්‍රජිත්” අයියා, “ප්‍රණීත් චින්තක” සහෝ, “රවිඳු සංදීප” සහෝ, “යශ්මික”සහෝ, “හසන්ත මාලිංග” අයියා. “චන්දිම අමරසිංහ” අයියා, “අචින්ත මදුමාල්” සහෝ, සබ් එක්ක ලොකු කේන්තියක් තියෙන “චාමර සම්පත්” සහෝ, “කවිඳු ගිම්හාන්” සහෝ, එක්කම ටියුබ් ලයිට් වත් මතක් කරනවා මේ වෙලාවේ. ඒ වගේම “ෂෙරින්” අක්කා, “නිර්මාණි” අක්කා, “සුරේනි” අක්කා, “දහරා” අක්කා, “ගයේෂා“, එහෙමත් මතක් කරනවා. ඊට අමතරව “කිනා”, “යශෝධ ශ්‍රීමාල්”, දිදුල KD,MGD, සිසියාව එහෙමත් මතක් කරන්න ඕන. අමතක නෑ තොපි සබ් කරපු කාලේ. තව නම් මතක් උනේ නැති අය හිටියා නම් කාරුණිකව සමාවෙන්න කියලා ඉල්ලනවා. මතක් උනු අයගේ නම් ටික තමා දැම්මේ. මේ වැඩේදී සෑම අයුරකින්ම උදව් කරපු පිරිසට මාගේ ස්තූතිය මගේ 50 වැනි උපසිරැසි නිර්මාණයේදී ස්තූතිය පුද කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ කියලා ඉවර කරගන්න බැරි සෙට් එකක් හම්බ වුනා මේ ගෙවුණු කාලයට. මූණවත් දැකලා නැතුව අපි අතර ලොකු බැඳීමක් ඇති උනා. ඒ බැඳීම හැමදාමත් පවතීවි. අවසාන වශයෙන් මේ හැමදෙයක්ම පිටිපස්සේ ඉන්න දෙමවුපියන් දෙපලවත්. වචනයකින් හරි සහයෝගය දුන්නු සැවොමත් මේ වෙලාවේ මතක් කරන ගමන්ම මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ඒ වගේම එකට ඉඳලා බෙල්ල ගහලා යන ආතල් දෙන යාලුවෝ සෙට් එකත් මතක් කරන්න ඕන. ඒ වගේම අද මං මෙතැන ඉන්න මූලීකම හේතුව අප ලබා දෙන මෙම උපසිරැසි බාගත කරගෙන අපව දිරිමත් කරන චිත්‍රපට රසික රසිකාවියන් නිසයි. ඒ නිසා ඔයාලට ලොකුම ලොකු ස්තූතිය මම පුද කර සිටිනවා. දිගටම අඩවිය සමග රැදෙමින්, අපව දිරිමත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා. කමෙන්ට් නොකර බාගෙන යන පිරිසටත් ගොඩක් ස්තුතියි හිතේ කිසිම කහටක් නෑ කවුරු ගැනවත්. හැමෝම එකයි. ඉතින් තවත් ලිපිය දික් කරන්නේ නැතුව ආපු කාරණේ කරමු.

චිත්‍රපටිය ගැන නම් ලොකු දෙයක් කියන්නේ නැහැ. මොකද හැමෝම දන්න නිසා. හින්දි චිත්‍රපටි වලට ආස අය නම් මේක එනකන් හිටියේ නොයිවසිල්ලෙන්. හදිසිය නිසාම ඔන්න ගෙනාවා. ලේසි උනේ නෑ ඉංග්‍රීසි සබක් නැතුව මේක සබ් කරන්න. චිත්‍රපටිය නමින් බාගී. ටයිගර් ෂෙරොෆ් සමගින් සුරූපී ශ්‍රද්ධා කපූර් තමයි ප්‍රධාන චරිත වලට රංගන දායකත්වය සපයන්නේ. Heropanti චිත්‍රපටියෙන් බොලිවුඩයට පිවිසෙන ටයිගර් ෂෙරොෆ් එවර ෆිල්ම්ෆෙයාර් සහ අයිෆා සම්මාන උළෙලයන්හිදී හොඳම නැගී එන නළුවා සම්මාන දිනාගන්නවා. දක්ෂ නර්තන ශිල්පියෙක්, වගේම දක්ෂ ක්‍රියාදාම නළුවෙක් විදිහට තමයි හැමෝගේම හිත දිනාගන්නට ඔහු සමත් වෙලා තියෙනවා. ශ්‍රද්ධා ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ආශිකී 2 චිත්‍රපටියෙන් හැමෝගෙම හදවත් දිනාගන්නට ඇය සමත් වුනා මතක ඇතිනේ. ඉතින් මේ දෙන්නම එක්ව රඟන බාගී චිත්‍රපටිය තිරගත කිරීම් ආරම්භ කරන්නේ මේ වසරේ අප්‍රේල් 29 වෙනිදා. සබීර් කාන්ගේ අධ්‍යක්ෂණයෙන් නිමවුණු මේ සලරුව මිනිත්තු 133ක් පුරා දිවෙනවා. ඒ වගේම ලස්සන ගීත කීපයකින්ද මේ සලරුව සමන්විත වෙනවා. කතාව ගැන කිව්වොත්…
රොනී කියලා එක හිතුවක්කාර තරුණයෙක් ඉන්නවා. එයා අසයි මාෂල් ආර්ට්ස් ඉගෙනගන්න. ඉතින් එයාගේ තාත්තගේ යාලුවෙක් වෙන ආචන් නම් මාෂල් ආර්ට්ස් ගුරුවරයා ගාවට මෙයා යනවා මාෂල් ආර්ට්ස් ඉගෙනගන්න. ඒ යන ගමන අතරතුරදී මෙයාට හම්බවෙනවා සියා කියලා දඟකාර කෙල්ලෙක්. රොනීට එයාගේ හිත යනවා. නමුත් රඝව් කියන දරුණු අපරාධකාරයා මේ සියා කියන කෙල්ලට ඇහැ ගහගෙනයි ඉන්නේ. රාඝව් කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි. අර මාෂල් ආර්ට්ස් ගුරුතුමාගේ පුතා. ඉතින් රොනීට අත්වන ඉරණම බලන්න නම් ඔයාලට චිත්‍රපටිය බලන්නම වෙනවා.
චිත්‍රපටිය ගැන කියන්න දෙයක් නෑ සුපිරියි. ඒ වගේම ලස්සනම ලස්සන සින්දු ටිකකුත් තියේ කියලා කියන්නම ඕනේ. ඉතින් එහෙනම් හැමෝටම සුභ දවසක් පතමින් මං සමුගන්නවා.
සැමට ජයෙන් ජය…!!!!!!!
“මොකද ඔච්චර හදිස්සි… මං තාම පටන් ගත්තා විතරනේ…”

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
105,057 downloadsDownload Baaghi-2016-Blu-Ray.zip78 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාරක නුවන්
Subtitles
160 comments
රයන් ද සිල්වා
රයන් ද සිල්වා
17CA773893B304A7F212CF255FD27F5687D7FA92
ඔන්න යාලුවනේ hash එක
චාරුක ඉඳුනිල්
DvDScr ඩිරෙක්ට් ලින්ක් එක
Baaghi 2016 Hindi DvDScr (1CD) x264 AAC - Hon3y
https://clicknupload.link/tf6ws5kdv2m7Danushka
Thnx macho....................
Kasun Widusha
Ela mcn 50 ta suba pethum Extra torrent eka Baaghi (2016) Hindi 720p [NEW SOURCE] Desi SCR x264 AAC -=By @ Kamalesh=- [Exclusive] me copy eka colity hodai sub time line tikak hadaganda oone
Today ddl
තෑන්ක්යු මචං Sub එකට
මෙන්න ඔකේ Direct Link එක :- http://www.todayddl.xyz/baaghi-2016-hindi-dvdscr-1cd-x264-a…swarna
Thaks
එල්.සී. දමැල්
50 වෙනි උපසිරසට සුභ පැතුම් තාරා සහෝ!!!
ඉන්දියාවෙන් පිටතට නොගිහින් 100ත් ඉක්මනින් ගහන්න ලැබේවා කියලා පතනවා... :)ලකියා
සුපිරි... බාගෙන දවස් ගානක් වෙනවා.. සබ් නැති නිසා බැලුවෙ නෑ... තෑන්කස් කොල්ලා....!!!
තාරක නුවන් දිල්‍හාර
Sisila Prashad
එලම තමයි සහෝ....
දිගු ගමනකට හදවතින්ම සුභ පතනවා....!
උපසිරසියට බොහොම ස්තුතියි.
මේකෙ හොඳ කොපියක් බලන්න ඕනේ.ආපු ගමන් අප්ඩේට් එකක් දාන්න.
ජයවේවා...!!!චාරුක ඉඳුනිල්
බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට.
50 වෙනි උපසිරැසි නිර්මාණයට සුභ පැතුම්.චාරුක ඉඳුනිල්
දීලා තියෙන කොපිය බය නැතුව ගන්න. කොපිය හොදයි.
ප්‍රබුද්ධ කේසර විතානගේ
පනස්වැනි උපසිරසියට උණුසුම් සුභපැතුම් සහෝදරයා! :) :)
nishadi wickrama
සුබ පතුම්
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !SAJITH UDITHA
අඩේ තැන්කූ ඈ.... ෆිලුම අරන් හුගක් කල්. සබ නැතුව හිටියෙ එනකං... මං මේ දැං ටිකකට කලින් මේකට සබ් එක කරන්න කියල ඔයාගෙ FB post එකකට comment කරා විතරයි. මෙන්න සබ් එක page එකේ දාලා...!!! එල එල ඈ... දිගටම සබ් දාමු. ජයවේවා!!!!
මධුකප්‍රිය පෙරේරා
කවුද යකූ ටියුබ්ලයිට් කියන්නේ?හම්මේ තනිකර ෆිලුම්වලින්ම 50 ගහලා.
හින්දි,දෙමල වගේ ෆිලුම් කරනවා කියන්නේ පණ යන වැඩක් නොවෑ.
ඇයි අප්පා මෙව්වගෙ බර ලයින් ගානක් තියෙනවනේ කොටන්න.
සහෝගේ උපසිරසිවලින් වැඩි ප්‍රමාණයක් මාත් බලල තියේ.
ඒ හැම එකක්ම ඉතින් සුපිරියටම තිබ්බා ඉතින්.
තවතවත් වැඩි වැඩියෙන් චිත්‍රපට කිරීමට අවශ්‍ය කාලය ලැබෙන්න කියා පතනවා.
මේක බලන්න හොද කොපියක් එනකම්ම ඉන්නවා.
ආපු සැනින් අප්ඩේට් පාරක් දාලා ඕනේ.
ඔබට ජයෙන් ජය!Vikum nipunajith
Me ai සමහරක් subtitles htc phone walata wada karranne nane ?? Plz help
ashan lankanath
thanks
indika
ඇයි බන් ලින්ක් දෙන්නැත්තේ?? මම ඩවුන්ලෝඩ් කරපු ගොඩක් ෆිල් වලට ස්බ් සෙට් උන්නෑ .. අපරාදේ ඩේටා....
අසංක ප්‍රදීප් රණතුංග
සුබපැතුම් , එනකම් බලන් හිටිය චිත්‍රපටියක්..
Gathsara Umesh Kumara
50වෙනි උපසිරැසියට හදවතින්ම සුබපතන්වා......ඒවගේම 50හ විතරක් නෙවෙයි 100.150.200.250.300...මේවගේ කඩයිම්වලටත් ඉක්මන්ට එන්න ලැබේව කියල පතනවා....
ලහිරු චානක
සුබ පැතුම් මලේ... තව සබ් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා...!!! ජය වේවා.....!!!!!!
Chämàrá Sâmpáth
50 වැනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභ පැතුම් තාරකයා.
ෆිලුම්ම 50 ක් කියන්නේ සිරාවටම වටිනවා. මං ඉතින් ටැමිල්, තෙලිගු බලන්නේ නෑ. ඒ උනාට ඔයාගේ හින්දි සෙට් එකෙන් ගොඩක්ම වගේ බලලා තියේ. ආයේ ඉතින් අහන්න දෙයක් නෑ. ඔක්කොම වගේ සුපිරි.
ඔය කැටගරි රැකන් ඉන්නේ උබලානේ කොහොමත්.
"සබ් එක්ක ලොකු කේන්තියක් තියෙන" සික්. ඔන්න ඕකමයි මං දැන් මොකවත් කරන්නේ නැත්තේ
මාවත් උබේ ලිස්ට් මතක් කලාට ගොඩක් තුති.
එකෙන්ම මේ අල්ලගත්තු වල්ගේ අතඅරින්නේ නැතුව ඉදිරියටත් කරගෙන යමු.
අහ්හ්හ් මේක හින්දිනෙ එහෙනම් මේක අනිවා බලනවා, හැබැයි හොද කොපියක් ආවහම.
උපසිරැසියට තුති.
ජයෙන් ජය.!SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි තාරකයෝ.
එලම වැඩක්.
එහෙනම් ඔයත් කොහොම හරි 50 ගැහුවා.
හදවතින්ම සතුටුයි.
ඒ වගේම 50 වෙනි උපසිරැසියට හෘදයාංගමය උණුසුම් සුභ පැතුම් සහෝ.
චිත්‍රපට වලින්ම 50ක් ගහපු එක එලම වැඩක්.
ඒකත් ඉන්දියන් ෆිල්ම් වලින්ම ගැහුවා කියන්නේ සුපිරිම වැඩක්.
මොකද කිව්වොත් ඒවා වල තියෙන ලයින් ගාන සාමාන්යෙන් 1000ට වඩා හැම එකකම වගේ තියෙනවා නේ.
ඔයාගේ සබ් වලින් මම ගොඩාක් හින්දි සහ තෙලිගු ෆිල්ම් බලලා තියෙනවා.
සබ් නම් ඉතින් සුපිරියි.
අපවත් මතක් කලාට ස්තූතියි ඕයි.
මෙච්චර දුරක් ආවාට සතුටුයි.
අපගේ රස වින්දනය උදෙසා තම කාලය ධනය ශ්‍රමය වැය කරමින් කරන මේ සේවය තව දුරටත් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා කියලා පතමී.
ඒ වගේම මේ 50 කඩයිමින් නොනැවතී තව තවත් කඩයිම් පහු කරන්න සුභ පතමී.
මං වෙනුවෙන් කරලා තියෙන උදව් වලට තුති සහෝ.
ඔයා අරගෙන මට කරන්න දීපූ ෆිල්ම් වලටත් මේ අවස්තාවේදී ස්තූතිය පුද කරමී.
එහෙනම් නැවත වතාවක් මේ 50 වෙනි උපසිරැසි නිර්මාණයට සුභ පතමී!!!අද ගෙනල්ලා තියෙන්නෙත් එලම ෆිලුමක් නේ. \
\අනිවා මේක නම් බලමී.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා කියලා පතමී.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!!!!!!!!!"චූටී මල්ලී"
Patta macho
Meika dvdscr eka down krn hitiye
50ta suba patum mcn bokkenma
Komahari 100 kadaimath pahukarmu
Udta punjab eket 720p dvdscr awilla
sabata tuti
Obata jaya...........johnny
thanks mcho sub ekata..puluwannam rocky handsome ekatath sub eks dennako..eke hdrip eka dala godak kal..
Amila kaushalya
Thanx bn
Rukshan Ranasinghe
Mazhai FILM EKE Copy ekak neee :p :p
හසන්ත මාලිංග
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනව තාරක මල්ලි...
මෙතනින් නොනැවතී දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න වෙලාව ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව,
ඒ වගේම මේ උපසිරැසියටත් බොහෝම ස්තූතියි,
ජය වේවා :Dbuddhika
hmm 50 weni nirmanyata suba pethum..oyala me krana sewawa nisa thama api sub ekak ekka film balanne..hmm kanche..shvalinga..bhal bhale magadiv..bengal tiger..materprice..nenu sailaja..express raja..me okkama film wala hoda copy awa..puluwannm sub denna..jaya wewa..
buddhika
macho meke hoda copy ekka thiyena kickass eke..hebei 2.2gb ekak..ekata sub eka set wenne..puluwannm eka poddak hadala denako..
Hash Wanigathunga
download link 1 nedda?
Niranjan Jayasanka
Tnx shoooo. Meka enakan balan hitiye.
Jaya wewaaaaa!!sachith
17ca773893b304a7f212cf255fd27f5687d7fa92
මුදියා
පට්ට ඈ.............
50 ට එකෙන්ම සුභ පැතුම්
ජයවේවා.බොහෝ......................................................................ම ස්තූතියි...!У$H23
නියමයි bro....
50ට කොහොමරි අාවා නේ......
Century එකක් ගහන්ට ඔිනෙ bro.........
Good Luck.........Witharanage Suranjith
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
මේ තියෙන්නේ Direct Download Link එක : http://www.pariganakapiyasa.com/2016/06/baaghi-2016-hindi-r…
[ Direct සහ Torent Download Link ]
හැමෝටම සුබ දවසක්!Nuwantha
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනව.... ඒ වගේම මේ උපසිරැසියටත් බොහෝම ස්තූතියි,
ජය වේවාSajeevi
50 වෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම්…
asan
50 වෙනි උපසිරැසියට මගෙනුත් සුබ පැතුම්...උත්සාහය ගොඩක් අගය කරනවා තාරක සහෝ..:)
Lahiru
https://kat.cr/baaghi-2016-hindi-dvdrip-1cd-hevc-x265-aac-m…
machan hoda copy akak
sanj
Good quality
Witharanage Suranjith
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
මේ තියෙන්නේ Download Link එක : http://www.pariganakapiyasa.com/2016/06/the-sessions-2012-7…[Torent Download Link ]
හැමෝටම සුබ දවසක්!Witharanage Suranjith
meka wena Fill ekakk wardila commant une.. sorry
Nishon Jey
බාගෙන ගොඩක් දවස් උනා ;) හම්මේ මේ තියෙන්නෙ සබ දිලිසි දිලිසි :D :D ඔන්න මමත් ගත්තා.. තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
chamith
me 1k wat sab 1 ganna bane magula epa wenawane
Sanindu Lakkitha
සුභ පැතුම් සහෝ 50 වන උපසිරස නිර්මාණයට.. ඉදිරියටත් උපසිරස නිර්මාණයට වාසනාව ලැබේවා ..!!!
Amila
Mage palaweni comment eka. Hahaa.. godak kal balan hitiya sub enakal. Thanx bro
Kulanjana Maduranga
really appreciate your works..thanks THARAKA for giving us all of this…wish u'r great future.....
Amila Mudalige
50ට සුභ පැතුම් සහෝ! 100ත් ඉක්මනින්ම පහු කරමු. සුභ පැතුම!!
Gayesha Sathsarani Weerathunga
Congrats Bro.. Wish You All The Very Best.. Keep It Up........ (Y) :D
LAHIRU
machan download link 1k nadda...comment 1 ka link 1k thiyenawa support nahane???
chamika
hoda rip ekak tynwa bn.check this one-https://kat.cr/baaghi-2016-hindi-dvdrip-1cd-hevc-x265-aac-m…
sadaru
50 වෙනි උපසිරැසියට මගෙනුත් සුබ පැතුම්…
Lahiru Wijesinghe
Good luck brother.
Advertisement
සබ් එකට තුති සහෝ... :) ( 50 වෙනි උපසිරසි නිර්මාණයට සුබ පැතුම් බ්‍රෝ) :)