කොහොමද යාළුවනේ? මගේ දෙවැනි උපසිරසි ගැන්වීම විදියට ඔයාලට අද මං දෙන්නෙ ටිකක් පරණ චිත්‍රපටියක්(1980 විතර.. :p). මේක “psychological horror” වර්ගයේ චිත්‍රපටියක්. IMDB වල 8.5 ක් තරම් විශාල අගයක් ගත්ත හා ලොව හොඳම චිත්‍රපට අතර 55 ස්ථානයේ සිටින මේ චිත්‍රපටය “Peregrine Productions” හා “Producers Circle” කලාග…

කොහොමද යාළුවනේ? මගේ දෙවැනි උපසිරසි ගැන්වීම විදියට ඔයාලට අද මං දෙන්නෙ ටිකක් පරණ චිත්‍රපටියක්(1980 විතර.. :p). මේක “psychological horror” වර්ගයේ චිත්‍රපටියක්. IMDB වල 8.5 ක් තරම් විශාල අගයක් ගත්ත හා ලොව හොඳම චිත්‍රපට අතර 55 ස්ථානයේ සිටින මේ චිත්‍රපටය “Peregrine Productions” හා “Producers Circle” කලාගාර වල රූපගත කර, “Warner Bros” සමාගමේ බෙදාහැරීමක් ලෙස මැයි 23, 1980 දින තිරගත වූන මෙම චිත්‍රපටිය සඳහා ඇ.ඩො.මි.19 ක් වියදම් කරලා තියෙනවා. එතකොට මෙහි Box office වාර්තාව ඇ.ඩො.44,017,374 ක්. මෙහි ධාවන කාලය මිනිත්තු 144 (යුරෝපයේ මිනිත්තු 119 ක්ලු!)
මේ කතාවෙ අධ්‍යක්‍ෂණය, නිෂ්පාදනය “Stanley Kubrick” නම් සුපිරි සිනමාකරුවාගෙන්.ඔහු මෙයට සම-තිර රචනයෙනුත් දායක වෙලා තියෙනවා(ඒ “Diane Johnson” එක්ක). මේ කතාව ගොඩනැඟිලා තියෙන්නෙ “Stephen King” නම් සාහිත්‍යකරුවාගේ “The Shining” නම් නව කථාවෙන්. මෙහි නළු නිළියන් ලෙස “Jack Nicholson” ,”Jack Torrance” ලෙසත්, “Shelley Duvall”, “Wendy Torrance” ලෙසත්, “Danny Lloyd”, “Danny Torrance” ලෙසත්, “Scatman Crothers”, “Dick Hallorann” ලෙසත්, “Barry Nelson” ,”Stuart Ullman” ලෙසත්, “Philip Stone”, “Delbert Grady” ලෙසත් රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඇත්තම කියනවනම් මේ චිත්‍රපටියට සබ දාන්න මට මාස 2 ක් විතර ගත උණා(යසයි වැඩේ!). ගොඩක් වෙලාවට ඔෆිස් ගිහිල්ලා ඇවිත් ටයිප් කරන්න හම්බවෙන්නෙත් පැය භාගයක් වගේ කාලයක්. ඒ වගේම මේ චිත්‍රපටියේ ඉංග්‍රීසි උපසිරසි ගොනුවේ සමහර පොඩි පොඩි දෙබස් තිබ්බෙත් නෑ. සමහරක් දෙබස් වල තේරුම් ගන්න ගියාම සෑහෙන දුෂ්කරතා වලට මුහුණ දෙන්නත් සිද්ධ වුණා. හැබැයි කියන්නත් ඕනෙ මේ සබ දාන වැඩෙත් නියම වැඩක් කියලා. මොකද සබ දාන වැඩේ ආවට ගියාට කරන්න ඕනෙ වැඩකුත් නෙවෙයි. මේක හරියට කලාවක් වගේ. අපිත් හරියට චිත්‍රපටියේ රඟපානවා වගේ හැඟීමකින් තමයි වැඩේ කරන්න ඕනේ. (කියවනවා වැඩිද මන්දා??) 🙂
හරි අපි යමු කතාවට..මෙන්න ඉන්නවා ‘ජැක් ටොරන්ස්’ කියලා හිටපු ගුරුවරයෙක්.මෙයාට ඉන්නේ ‘වෙන්ඩි’ කියලා බිරිඳකුයි, ‘ඩැනි’ කියලා පොඩි ළමයෙකුයි. මේ ‘ඩැනී’ට පුළුවන් සිතෙන් අදහස් හුවමාරු කරගන්න(“Telepathic”-දුරවේධනය,පරචිත්ත ඥානය). ‘ඩැනී’ට පුළුවන් ඉදිරියට සිද්ධ වෙන දේවල් පිළිබඳ දැනගන්න. ඒ ඔහු හිතින් මවා ගත්ත ‘ටෝනි’ කියලා මිතුරෙකුගෙ මාර්ගයෙන්. ඉතින් මේ ‘ජැක්’ තමාගේ අළුත් රැකියාව ලෙස “ඕව(ර්)ලුක්” කියලා හෝටලයක් ශීත කාලය තුළ බලා ගැනීමට එකඟ වෙනවා. එතකොට ‘ඩැනී’ට පුළුවන් වෙනවා මේ හෝටලය බලා ගැනීමට යාමෙන් තමන්ට සිදුවීමට යන විපත්ති ගැන කල්තියා දැන ගන්න. එතකොටත් පරක්කු වැඩියි.මොකද ‘ඩැනී’ගේ තාත්තා ඒ වෙද්දිත් හෝටලය බලා ගැනීමට එකඟ වෙලා ඉවරයි. මේ හෝටලයට තියෙන්නෙ එච්චර හොඳ අතීතයක් නම් නොවෙයි. මොකද කලින් ශීත කාලයකදී මේ හෝටලය බලාගත් මුරකරුට සිද්ධ වුණේ තමන්ගෙ ජීවිතයෙනුත් වන්දි ගෙවන්නයි. ඒ ‘ග්‍රේඩි’ කියලා කෙනෙක්. ඔහු තමන්ගෙ බිරිඳයි දියණියන් දෙදෙනයි එක්ක තමයි හෝටලය බලාගන්න ඇවිත් තියෙන්නෙ.
ඒත්…………. ඒ ශීත කාලය තුළ සිද්ධ වුණ යම් “දෙයක්” නිසා ‘ග්‍රේඩි’ගේ මානසිකත්වයේ වන දරුණු වෙනස් වීමකින් තමන්ගෙ පවුලේ අයවත් ඝාතනය කර තමන්ගෙත් දිවිනසා ගන්නා තත්වයකට පත්වෙනවා. ඒ සිදුවීම අභිරහසක්. ‘ජැක්’ටත් මෙය දැනගන්න ලැබෙනවා නමුත් ඔහු එය එතරම් තකන්නේ නෑ. ඉතින් ‘ජැක්’ හෝටලයට එනවා. පුංචි ‘ඩැනී’ට පුළුවන් වෙනවා මේ හෝටලයේ ප්‍රධාන සූපවේදියා සමඟ මනසින් සන්නිවේදනය කරන්න. ඒ මඟින් ඔහුට යම් යම් අනතුරු ඇඟවීම් පෙනෙන්නට, දැනෙන්නට පටන් ගන්නවා.
ඒත් මේ අනතුරු ඇඟවීම් වලින් වැඩක් වෙයිද? ‘ජැක්’ට කුමක් වෙයිද? ඔහුටත් පරණ මුරකරුට වගේම භයානක ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? හෝටලය තුළ ඇති නපුරු බලවේග ක්‍රියාත්මක වෙද්දී,අධික හිම පතනය නිසා ඔවුන් බාහිර ලෝකයෙන් හුදකලා වෙද්දී,
ඔවුන්ට සිදු වන්නේ කුමක්ද?? පිළිතුර ඔයාලටම බාරයි!
DA5F846ABF1755E78C67E191F49D5A2948BF1299 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
818 downloadsDownload The.shining.1980.baiscopelk.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/hirantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හිරන්ත සිල්වා
Subtitles
45 comments
කේ.යූ.ජී. උදාර
චතුර මදුසංක
එල මචන්.......
Ishara
ah thank bro
නිරෝෂ්
පට්ට..නියමයි.මෙන්න බානවා.තෑන්ක්ස් හිරන්ත
හර්ෂ ලහිරු
අමුතු ස්ටෝරියක් වගේ බලමුකෝ මොකක්ද සීන් එකකියලා :P
ස්තුතියි සහො :D ජයsudeera
minissu comment karanta one eka ballala
Pradeep
Balanna oonemai kiyala hithagena hitiya film ekak. bohoma sthuthi...
නලින්
ස්තුතියි හිරන්ත සහෝ
මෙක නම් මැක්සා කථාවක් වගේ !
ජය වේවා!
deleepa
හිරන්ත ඔයාට ගොඩක් තැන්ක්ස් පුලුවන් නම් Man - Thing(2005), Deep Rising(1998), Rogue(2008) චිත්‍රපටි ටිකත් සබ් කරලා දෙන්න බලන්න ලොකු දෙයක් ඔබට ජය
dinidu madushanka
ela ela saho jaya wewa
විමුක්ති
පට්ට ෆිල්ම් එක හැමෝම බලන්න
Thisum
Thanks
දමිත්
නියමයි සහෝ. පරණ එකක් වුනත් මේක ආසාවෙන් බලන්න පුල්වන් එකක්.
“චූටී මල්ලි”
අඩේ ගින්දර භාන්ඩයක්නෙ
මාස 2ක් අපි වෙනුවෙන් කපු කට්ටට පින් ආ
සබට තුති
ඔබට ජය ..................Sanjaya
Niyama story akak. thanks Saho..
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)රොයිලි
බොහොම ස්තූතියි හිරන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naween
"IMDB වල 8.5 ක් තරම් විශාල අගයක් ගෙන ලොව හොඳම චිත්‍රපට අතර 55 ස්ථානයේ සිටියි"....මෙහෙම රේටින් තියන හොරර් ෆිල්ම් එකක් නොබල කොහොමද.උපසිරැසියට බොහොම තෑන්ක්ස් සහෝ...
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ මේවා පරණ උනත් සුපිරි ෆිල්ම්,අනිවා බලන්න ඕනි, බාගන්න අය අඩු උනත් මේවත් දෙන්න ඕනි. මේවා බලන්නත් කිහිප දෙනෙක් හරි ඉන්නවා, මමත් පැරණි චිත්‍රපට කීයක්නම් කලාද, ඉදිරියටත් දෙන්න හිතන් ඉන්නවා, ජයවේවා.
යසිත
බලන්න ආසයි. එත් මේක බාගන්න පුළුවන් වෙයිද ?
යසිත
එත් කොහොම හරි ගේමක් දීලා බාගන්නවා
Nandana
Thank You Hirantha.
DAMER
නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍wiki
Thanks
Inoka Perera
Bohoma stuti
asitha
patta filuma.
jaya wewa!!Mahesh ruwan
බොහොම ස්තුතිය
tharindu
maru ban
ceylowood
Ready player one එකෙන් දැනගත්තෙ මේ සිනමාපටය ගැන. ඒත් ඇත්තටම මෙහි කතා දාමය මා හට තරමක් අපැහැදිලියි. මෙම හෝටලයේ ඇත්තටම හොල්මන් ඉන්නවද? නැත්නම් තනිකම නිසා දැනෙන මානසික පීඩනය වගේ දෙයක්ද?
තම බිරිඳ විසින් jack ව මුලුතැන්ගේ සිරකොට තබන ලදී. ඔහුව නිදහස් කරනලද්දේ කවුරුන්ද?
සිනමාපටයේ අන්තිම විනාඩි කිහිපයේදී පෙන්වන වලස් ඇදුමෙන් සැරසි පුද්ගලයාගේ සැගවුනු අරුත කුමක්ද?
අන්තිමට පෙන්වන පිංතූර අනුව මෙය jack ගේ නැවත ඉපදීමක්ද?
බයිස්කෝප් මංසල???sathyajith
Maka symbols godak thiyenawa Bear kiyanne russia wala jathika sathwaya a wage ewa godak thiyenawa hadagamana cold war aka wage godak ewa
sathyajith
Thanks for the sub
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Emi
thank u
Ishan Madusha
බොහොම ස්තූතියි
Naveen Rangana
Thanks for Subtitle.......
Jayawewa..........!!!!!!!!!!Dewadithya
Thanks for sub!
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
dinesh
!!!!! thank you HIRANTHA saho !!!!!
Uchitha_induranga01
Thanks sub ekata.jayawewa..!
Anonymous
Dan film ekak balnna kalin baiscope kattiya deela thiyana review eka kiyawana eka puruddak wela. kathawa gana podi idea ekak dena eka aththatama hoda wadak. Thanks oyala karana me wadeta.
Shaggy
Thank you very much
Anonymous
Thx bokka
Sandun
tnx
Malith samarawickrama
Thanks bro sub ekata
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි කොල්ලො..........
කුබ්‍රික්ගේ තවත් වටිනා සිනමාපටයක් මේ අරන් ඇවිල්ල තියෙන්නෙ.
සිංහල සබට බොහොම ස්තූතියි.