Watch Trailer

The Silence (2010) AKA Das letzte Schweigen Sinhala Subtitles | අරුම පුදුම අපරාධය [සිංහල උපසිරැසි සමග]

1986 ජූලි මාසේ 8 වෙනිදා, 11 හැවිරිදි පියා කියන දැරිය දූෂණය කරලා මරල දානවා, ඇගේ නිවසට යන පාරෙ තියන කුඹුරකදී. ඇත්තටම පොලීසියට එතන තිබිල ලැබෙන්නේ ඇගේ බයිසිකලය සහ තවත් බඩු කිහිපයක් පමණයි. ඒ නිසා මුලින්ම පොලීසිය කියන්නේ මේක අතුරුදහන් වීමක් කියල. පසුව තමයි ඇගේ සිරුර වැවක තිබිල සොයාගන්නේ. ඒත් අපරාධකාරයා අ…

1986 ජූලි මාසේ 8 වෙනිදා, 11 හැවිරිදි පියා කියන දැරිය දූෂණය කරලා මරල දානවා, ඇගේ නිවසට යන පාරෙ තියන කුඹුරකදී. ඇත්තටම පොලීසියට එතන තිබිල ලැබෙන්නේ ඇගේ බයිසිකලය සහ තවත් බඩු කිහිපයක් පමණයි. ඒ නිසා මුලින්ම පොලීසිය කියන්නේ මේක අතුරුදහන් වීමක් කියල. පසුව තමයි ඇගේ සිරුර වැවක තිබිල සොයාගන්නේ. ඒත් අපරාධකාරයා අහු නොවුණු නිසා ඒක නොවිසඳුණු අපරාධයක් විදියට කාලයත් එක්ක අමතක වෙලා යනවා.ඒ සිදුවීමට හරියටම අවුරුදු 23ක් පිරෙන දවසේ, අරුම පුදුම විදියට ඒ සිදුවීමට සමාන සිදුවීමක් නැවතත් වෙනවා. හරියටම එතැනදීමයි. මේ පාරත් ලැබෙන්නේ බයිසිකලයක්, බෑගයක් සහ ලේ පැල්ලම් වගේ දේවල් ටිකක් විතරයි. මේ පාර ගොදුරු වුණු සිනිකා කියන දැරියටත් වයස 11යි. මේ පාරත් සිරුරක් නැති නිසා පොලීසිය කියන්නේ මේක අතුරුදහන් වීමක්, ඇය නැවත ගෙදර එයි කියල. නමුත් පරණ සිදුවීම ගැන හොඳටම අවබෝධය තියන ඒ සිදුවීමේදි පරීක්ෂණය බාරව හිටි නිලධාරියා නම් හිතන්නේ කලින් දේම නැවත සිදුවෙලා ඇය දැනටම මැරිලා කියල.ඒත් අවාසනාවකට වගේ ඒ නිලධාරියා ඊට කලින් දවසේ විශ්‍රාම ගන්නවා. උසස්වීමක් එක්ක ඔහුගේ තැනට එන අලුත් කෙනා කවුරුවත් කියන දේවල් අහන්න අකමැති අහංකාර පණ්ඩිත පොරක්. විශේෂයෙන්ම කලින් නිලධාරියා එක්ක තියන පෞද්ගලික අමනාප කමක් නිසා ඔහුගෙන් උපදෙස් ගන්න නම් කීයටවත් කැමති වෙන්නේ නෑ. ඉතින් මිනිහ කියන්නේ මේ සමානකම් අහම්බයකින් වුණු දේවල් කියල.ඉතින් මේ පාර සිදුවීමට අදාළ දැරිය ඇත්තටම කොහේ හරි ගිහින්ද, නැත්නම් මැරිලද, මේ සිදුවීමට සම්බන්ධ කෙනාත් කලින් සිදුවීමට සම්බන්ධ කෙනාමද, ඇයි සිදුවීම් දෙකේ හැම දෙයක්ම මේ තරම්ම සමාන. පොලිස් නිලධාරීන්ට මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න වෙනවා.

ඉතින් ඔයාලටත් මේ ප්‍රශ්න තියේනම්, උත්තර දැනගන්න ඕන නම් කරන්න තියෙන්නේ මගේ 15 වෙනි උපසිරැසි නිර්මාණය විදියට අරගෙන එන මේ The Silence චිත්‍රපටිය අරගෙන බලන එක. මේක ජර්මානු චිත්‍රපටියක්. නියම නම Das letzte Schweigen. ඉතින් Baran bo Odar කියන අධ්‍යක්ෂකවරයාගේ මේ නිර්මාණය IMDB 7.0 ක් සහ Rotten Tomatoes හි 87% ක් හිමිකරගන්න සමත්වෙලා තියනවා.

ඉතින් එහෙනම් ආරාධනා කරනවා ෆිල්ම් එක බලලා ප්‍රශ්න වලට උත්තර හොයාගන්න කියලා. ඒ වගේම ඊළඟ නිර්මාණය වෙනුවෙන් මේකෙ ගුණ දොස් ගැන ඔයාලගෙ අදහස් බලාපොරොත්තු වෙනවා.

එහෙනම් ස්තුතිය සමග සුබ දවසක් පතනවා බයිස්කෝප් අඩවියේ සහෝදරවරුන්ටත්, ප්‍රේක්ෂක ඔබ හැමෝටමත්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය DVDRip පිටපත සඳහා අදාළ වේ.

4,931 downloadsDownload The-Silence-2010.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/දිල්ෂාන්-මධුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිල්ෂාන් මධුරංග

Subtitles

4,931 downloadsDownload Subtitles33 KB

29 comments

  1. prabodha

    Sub ekata thank u ……

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං.

  4. Lakmal

    The Silence (2010) AKA Das letzte Schweigen Sinhala Subtitles | අරුම පුදුම අපරාධය [සිංහල උපසිරැසි සමග] download karaganna widihak nane

  5. KAVINDA GAMAGE

    බොහෝම ස්තුතියි අපි හැමෝම වෙනුවෙන් නොමිලේ කරන මේ උතුම් සේවය අගය කරනවා

  6. ඩොක් අයියා

    මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කොලොත් එහෙම ඉල්ලං කන්න වෙන්නේ හම්බානක. මෙහෙ ෆිල්ම් ටොරන්ට් තහනම්, ඒ වගේම මුන්ගේ ජර්මන් පරිවර්තනත් තහනම්. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඩවුන්ලෝඩ් කරලා මට mediafire ඩොට් com එකෙන් එවන්න. ලොකු උදවුවක් මේකෙන් මගේ FB එකට එන්න පුළුවන් ඔයාලට

    උපරැසියට තැනකු වේවා “දිල්ෂාන් මධුරංග” මල්ලියෝ

  7. Buddhi

    Thanks Bro

  8. ishan

    In reply to Lakmal.
    05C974161570391E2265FCFD4A99F5E995DA41BD

  9. ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.බොහොම ස්තූතියි
    පුලුවන්නම් The Eternal Zero (2013) ෆිල්ම් එකටත් සබ් දෙන්න

  10. Buddi

    Thanks……….

  11. KANTHA_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  12. දමිත්

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දිල්ෂාන් සහෝ.
    ජයෙන් ජය.

  13. Nilush

    අපේ සතුට වෙනුවෙන් ඔබ කරන සේවාවට ගොඩාක් ස්තුතියි .

  14. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  15. Chamidu Dilshan

    Film Eka Download Kraganna Hoyaganna Bari Una Aya Pahala Thiyena #HASH Tag eka Google Eke Search Karala Torrnt Link Eka Download Kraganilla

    05C974161570391E2265FCFD4A99F5E995DA41BD

    1. p@ thilina

      thanx machan

    2. hansa tharaka

      THANKS BRO

  16. viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  17. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  18. madushanka

    thank you

  19. Madu

    nice film.Thanks for the sub

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. sakuntha

    film eka speed banna kramayak nadda

  22. Amalka Himeshan

    Thanks sub ekata

  23. wcr

    Thank You!

  24. Saranga J. Liyanagama

    Thanks

  25. roshan

    meka balanna baaa downloard karannat baa.. balapu kenek kiyanawa plse.

    1. Hiran Ganepalla

      sub eka download wenawa