Watch Trailer

Vizhithiru (2017) Sinhala Subtitles | අවදියෙන් සිටින්න! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම පස් වැනි උපසිරසත් අරගෙන ආවා. 2017 වර්ෂයේ නොවැම්බර් මස 03 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද ACTION, THRILLER යන කාණ්ඩයට අයත් මෙම සිනමාසිත්තම Imdb දර්ශකය තුල 6.4 ක අගයකින් සමන්විත වෙනවා.මෙහි “මුත්තුකුමාර් “ගෙ චරිතය “ක්‍රිෂ්නා කුලසේකරන්” නිරූපනය කරයි.ඔහු විසින් මෑත කාලයේ රගපෑ සිනමා කිහිපයක…

ඔන්න එහෙනම් මම පස් වැනි උපසිරසත් අරගෙන ආවා. 2017 වර්ෂයේ නොවැම්බර් මස 03 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද ACTION, THRILLER යන කාණ්ඩයට අයත් මෙම සිනමාසිත්තම Imdb දර්ශකය තුල 6.4 ක අගයකින් සමන්විත වෙනවා.මෙහි “මුත්තුකුමාර් “ගෙ චරිතය “ක්‍රිෂ්නා කුලසේකරන්” නිරූපනය කරයි.ඔහු විසින් මෑත කාලයේ රගපෑ සිනමා කිහිපයක් නම් Vanavarayan Vallavarayan (2014), Vanmam (2014), Yatchan (2015), Yaakkai (2015), Pandigai (2015), Nibunan (2015). “චන්ද්‍රබාබුගේ” චරිතය “විධාර්ත්” නිරූපනය කරන අතර ඔහු රග පෑ සිනමා කිහිපයක් නම් Mynaa (2010), Mudhal Idam (2011), Kollaikaran (2012), Mayilu (2012), Jannal Oram (2013), Veeram (2014), Venmegam (2014), Pattaya Kelappanum Pandiya (2014), Aal (2014), Kaadu (2014), Kuttrame Thandanai (2016), Mupparimanam (2016), Oru Kidayin Karunai Manu (2016), Kurangu Bommai (2017), Magalir Mattum (2017).

කතාව දෙසට හැරෙමු ,දේශපාලන වාසි වෙනුවෙන් සිදුකරන ලද ඝාතන සමූහයක් සමගිනුයි කතාව ඇරබෙන්නේ.මුත්තුකුමාර් නගරයෙන් ගම බලා පිටත් වීමට යන අතරතුර තමාගේ නංගිට ෆොන් එකක් ගැනීමට කඩේකට යන අවස්ථාවේ ඔහුගේ පසුම්බිය නැති වී ඇති බව දැනගන්නවා.යාලුවෙකුට කතා කර මුදල් ඉල්ලුවද ඔහු වැඩකට නගරයෙන් පිට ගොස් ඇති නිසා ඔහුගේ වැඩපලට ගොස් බොස්ගෙන් සල්ලි ඉල්ලා ගන්නා ලෙස පවසනවා.නමුත් බොස් සල්ලි වෙනුවට ඔහුට වැඩක් පවරනවා. ඒ මගියෙක් ගිහින් ඇරලවන ලෙස.වාහනයේ යන අවස්ථාවේ ගුවන්විදුලියේ විකාශය වන වැඩසටහනක ෆෝන් එකක් තෑගි දෙන බව පවසනවා.ඔහු ගුවන්විදුලි වැඩසටහනට දුරකථන ඇමතුමක් ගෙන වැඩසටහනට සම්බන්ද වෙලා ඔහුගේ කථාව පවසනවා.මේ අතරතුර දේශපාලනයේ රහස් වසා ගැනීමට මාධ්‍යවේදියෙකුට වෙඩි තබනවා.ඔහු වෙඩි වැදි පැමිණ මුත්තුකුමාර්ගේ වාහනයට නගිනවා.පසුව මුත්තුකුමාර්ගේ වාහනය පසුපස දේශපානයේ හස්තයන් පන්නනවා.ඒ අතරතුර මාධ්‍යවේදියා මුත්තුකුමාර්ගේ වාහනයේම මිය යනවා. මුත්තුකුමාර්ගේ ජිවිතේ අනතුරේ වැටෙනවා.ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා.මුත්තු කුමාර්ට දේශපාලන හස්තයන්ගෙන් පණ බේරා ගැනීමට හැකි වෙයිද..? ,ගුවන්විදුලි වැඩසටහනෙන් ෆෝන් එකක් දිනා ගැනීමට හැකි වෙයිද …?,නංගි සහ අම්මා බැලීමට ගෙදර යන්න ලැබේවිද …?

කතාව බලලම හොයාගන්න කියල ආරාධනා කරනවා.ෆිල්ම් එක බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා.තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDRip පිටපත් සඳහා අදාළ වේ.

4,661 downloadsDownload Vizhithiru-2017.zip59 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/dhananjaya-rathnayaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

4,661 downloadsDownload Subtitles59 KB

22 comments

  1. chanu

    tnq broh

  2. niwahal

    download karalama balamu ela

  3. Dhammika1204

    උපසිරැසියට තෑන්ක්ස්. ෆිලුම බලල කමෙන්ට් එකක් දාන්නම් සහෝ

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Nuwan K

    thanx bro....

  6. KAVINDA GAMAGE

    බොහෝම ස්තුතියි මෙහෙම සුපිරි ෆිල්ම් එකක් සබ් ගෙනාවට .

  7. ඩොක් අයියා

    බොහෝම ස්තුති “ධනංජය රත්නායක” මල්ලියෝ උපරැසියට

    ඔන්න එහෙනම් මාත් බාගත්තා

  8. dinusha

    ela ela thanx bro

  9. dinusha

    ela ela thanx

  10. Nuwani

    Thank you so much. We are so much appreciate your work. Thank you for the kindness. Please keep up the good work. God Bless you.

  11. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  12. Rajith

    HD rip 700mb ekata sub 1ka ok da?

    1. ඔෂද ධනංජය

      හරි යාවි සහෝ ...නැතිනම් km player එකෙන් සබ් එකේ ටයිම් ලයින් එක { } මේ key දෙකෙන් හදාගන්න පුලුවන් ...

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  15. shashidushmantha

    Thz Bro….

  16. gayanmagee

    thanks bro

  17. sandun_zuti

    thnks

  18. Tharu

    tnq

  19. Sumithbota

    Supiri bro

  20. Isuru lakshan

    thank you :)

  21. pubudu162124

    Machn puwannao Kolaigaran Tamil Movie eke sub eka danda