THE SILENT FOREST කියන්නෙ 2020 වසරෙහි නිකුත් වුනු චීන – තායිවාන් සිනමාපටයක්. drama වර්ගීකරණයට අයත් වෙන මෙම සිනමාපටය IMDB අගය 7.2ක් ලබාගත් ශ්‍රව්‍යාබාධිත පාසලක සිදු වූ සත්‍ය සිදුවීමක් පාදක කොටගෙන නිර්මාණය වුනු ඉතාමත් සංවේදී සිනමාපටයක් කිව්වොත් නිවැරදියි. එහෙමනම් මං කෙටියෙන්ම වගේ සිනමාපටයේ අන්තර්ගතය…

THE SILENT FOREST කියන්නෙ 2020 වසරෙහි නිකුත් වුනු චීන – තායිවාන් සිනමාපටයක්. drama වර්ගීකරණයට අයත් වෙන මෙම සිනමාපටය IMDB අගය 7.2ක් ලබාගත් ශ්‍රව්‍යාබාධිත පාසලක සිදු වූ සත්‍ය සිදුවීමක් පාදක කොටගෙන නිර්මාණය වුනු ඉතාමත් සංවේදී සිනමාපටයක් කිව්වොත් නිවැරදියි. එහෙමනම් මං කෙටියෙන්ම වගේ සිනමාපටයේ අන්තර්ගතය පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නම්.
චැන් චෙන් කියන්නෙ සාමාන්‍ය ළමුන් සදහා වූ පාසලක ඉගෙනුම ලබමින් ඉදලා තමන් වගේම විශේෂ අවශ්‍යතා තියෙන ළමුන් සදහා වූ පාසලකට අලුතෙන්ම යන ශිෂ්‍යයෙක්. පිටත සමාජයෙ කොන් වෙලා වගේ ඉදපු චෙන් එම පාසලට යන්නෙ තමන් වගේම වූ පිරිසක් තුළින් නව මිත්‍රයන් සාදාගැනීමේ බලාපොරොත්තුවත් තමා වැන්නන් පිරිසක් සමග සතුටින් අධ්‍යාපනය ලැබීමේ අපේක්‍ෂාවද සමගයි. නමුත් ඒ අපේක්‍ෂාවන් සියල්ල එක ක්ෂණයකින් සුන් වෙලා යනවා චෙන් දකින යම් සිද්ධියක් නිසාවෙන්.
පාසලේ දෙවැනි දවසෙම තමන් හා මිත්‍ර වෙන බෙයි බෙයි නම් තරුණියක් චෙන්ගෙ සිත දිනාගන්නවා. යම් දිනෙක පාසල් බස් රියෙන් පැමිණෙන අතරතුර බස් රථය පිටුපස ශිෂ්‍යයින් පිරිසක් විසින් චෙන්ගෙ මිතුරිය වූ බෙයි බෙයිට සිදු කරන යම් අතවර කිරීමක් දකින චෙන් දැඩි ලෙස කම්පාවට පත් වෙන්නෙ සිදුවූයේ කුමක්දැයි සිතාගත නොහැකිවයි. පසුවදා බෙයිබෙයිගෙන් ඒ පිළිබදව විමසන විටත් ඇය එය සාමාන්‍ය සිදුවීමක් ලෙස නොතකා සිටීම චෙන්ගෙ දැඩි සිත් තැවුලට හේතු වෙනවා.
මේ නිසාම චෙන් තීරණය කරනවා පාසලේ තමන්ට හිතවත් ගුරුවරයෙක්ට මේ සිද්ධිය සියල්ල නොවලහා පවසන්න. ඉතින් එම විස්තරය හෙළි කිරීමෙන් පසුව චෙන්ට සහ බෙයිබෙයිට මුහුණ දෙන්න වෙන සිදුවීම් තමයි මෙහි දක්නට ලැබෙන්නෙ. චෙන්ට හැකි වේවිද බෙයි බෙයිව අඩත්තේට්ටම්වලින් බේරාගන්න? සැබෑවටම අඩත්තේට්ටම් ලක් වන්නෙ බෙයි බෙයි පමණද? පාසල් අධිකාරිය මේ සදහා කුමක් කරාවිද? චෙන්ට මොන වගේ කරදරවලට මුහුණ දෙන්න වේවිද යන්න ඔබම නරඹා දැනගන්න.
ක්‍රියාදාම සහ ත්‍රාසජනක සිනමාපට රසිකයෙක්නම් ඔබට මෙය නොගැලපේවි. ඒ නිසා බාගත කරගැනීමට පෙර පුර්ව ප්‍රචාරක පටයක් නරඹලාම ඉන්න. එසේනම් යළිත් උපසිරසියකින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය! මේ කොරෝනා වෛරසය වෙලාවේ කට්ටියම පරිස්සම් වෙලා ඉන්නලා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,849 downloadsDownload The.Silent.Forest.2020.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
17 comments
Kantha_DLA
Anonymous
සුපිරි තෑන්කුයි බන් .
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Lakshansilva18
thanks for subtitles
chanu mikhail
thank u
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Kaviru madushanka
ස්තුතියි උපසිරැසියට යාලූ...
Ms
Thank you shoo
(ඔයාල වගේ subtitles දෙන පරන අය තවමත් දැකිම සතුටක්.. ඔයලවගෙ අයගෙන් සබ් එකක් ගන්නෙ හරිම අසාවෙන්, මොකද ඔයාල හොද මුවි තොරගන්නව .. god bls
මම ඔයාගෙ මුවි එ කාලෙ ඉදම්ම බලනවHarvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ruchira
Thanks for the sub!!!!!!!
Anonymous
උපසිරසට බොහොම ස්තූතියි. මෙය ඉතා විශිෂ්ඨ සිනමා කෘතියක්.
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
සඳහන් කිරීමට කාරුණික වන්න.