ඔන්න එහෙනම් තවත් උපසිරසියක් අරන් ආව… මේ පාර අරන් ආවෙ Horror/Thriller ගනයට වැටෙන සුපිරි ෆිල්ම් එකක්… මේ වර්ගයේ ෆිල්ම් වලට ආස අය ලොවෙත් අරන් බලන්න මොකද මාත් Horror/Thriller ෆිල්ම් රසිකයෙක් විදිහට මටත් හොදට සෙට් උන ෆිල්ම් එකක්… ඒවගේම කියන්න ඕනෙ Wolf Creek කියන්නෙ ෆිල්ම් සීරිස් එකක්.. දැනට ෆිල්ම් දෙකක්…

ඔන්න එහෙනම් තවත් උපසිරසියක් අරන් ආව… මේ පාර අරන් ආවෙ Horror/Thriller ගනයට වැටෙන සුපිරි ෆිල්ම් එකක්… මේ වර්ගයේ ෆිල්ම් වලට ආස අය ලොවෙත් අරන් බලන්න මොකද මාත් Horror/Thriller ෆිල්ම් රසිකයෙක් විදිහට මටත් හොදට සෙට් උන ෆිල්ම් එකක්… ඒවගේම කියන්න ඕනෙ Wolf Creek කියන්නෙ ෆිල්ම් සීරිස් එකක්.. දැනට ෆිල්ම් දෙකක් නිකුත් වෙලා තියෙනවා Wolf Creek (2005) පලමු කොටස වන මේක සහ Wolf Creek (2013) වන දෙවන කොටස.. ඒකටනම් උපසිරසි දීලයි තියෙන්නෙ අප සයිට් එකේ… මේක බලල ඒකත් බලන්න අනිවාරෙන්… 2 බලපු අය මේකත් බලන්න මොකද 1,2 දෙකම හොඳම තත්වයේ තියෙන ෆිල්ම් දෙකක් නිසා…. මේ දෙකේ සාර්තකත්වයා නිසාම 2016 දී සීසන් දෙකකින් යුත් Wolf Creek Tv Series එකක් නිකුත් උනා… මං ඒකෙ නම් සීසන් එකයි බැලුවෙ මොකද පලවෙනි සීසන් එකෙන් එක කතාවක් ඉවර වෙනව… ඒ කියන්නෙ සීසන් දෙකේ වෙන කතාවක් තියෙන්නෙ… ඒ වගේම මතක් කරනවා මේ ෆිල්ම් එක සෙට් නම් අනිවා මේකෙ සීරිස් එකේ සීසන් 1 බලන්න … මොකද ඒකෙත් සුපිරි ස්ටෝරියක් තියෙන්නෙ Eve කියන ගැහැනු ලමය වටා… තව මේ වුල්ෆ් ක්‍රීක් එකේ ප්‍රධාන චරිතෙ වන මයික් ගෙ Origin එක ගැන තියෙනව වගේම එක දිගට බලන්න පුලුවන් කම්මැලි කමක් නැතුව (ෆිල්ම් එකත් එහෙම තමා හරිද)… සිංහල උපසිරසි නම් හොයා ගන්න නෑ … පුලුවන් උනොත් ඒකෙ සීසන් 1 සබ් ගේන්න බලන්නම්… තව එකක් 2022 දී Wolf Creek 3 නිකුත් වෙන්න නියමිතයි … අපි බලමුකො… ඒ මදෑ Wolf Creek ගැන කියෙව්ව අපි දැන් යමුකො මේ ෆිල්ම් එක පැත්තට
මේක නිකුත් වෙන්නේ 2005දි…. ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.4 වියදමක් දරා මෙය නිපදවන අතර ඩොලර් මිලියන 35 අදායමක් උපයන ලදී… වගේම මේකට IMDb දර්ශකේ 6.2 වැනි හොද අගයක් ගන්න සමත් වෙලා තියෙනවා… ඉතින් තේරෙනවනේ සුපිරි බඩුවක් කියල… තව මේකට රංගනයෙන් දායක වන්නේ John Jarratt, Nathan Phillips, Kestie Morassi, Cassandra Magrath වැනි අයයි…
ඉතින් කතාව ගැන නම් මොනව කියන්නද කියල හිතා ගන්න බෑ ස්පොයිල් වෙන්න පුළුවන් නිසා … ඉතින් කෙටියෙන් පොඩ්ඩක් කියන්නම්… බෙන්,ක්‍රිස් සහ ලිස් කියන යාළුවො තුන් දෙනා වුල්ෆ් ක්‍රීක් වලට එනවා උල්කාවක් වැටිච්ච තැනක් නරඹන්න කියල… එයාල ඇවිත් ඒක බලල යද්දි එයාලගෙ කාර්, ඔරලෝසු මුකුත් වැඩ කරන්නෙ නැති වෙනව අභිරහස් විදිහට …. මෙහෙම ඉද්දි රෑ බෝ වෙනව එතනින් තමා මේ ඔක්කොම පටන් ගන්නෙ .. ඒ මොකක්ද කියල කියන්නෑ මං කිව්වොත් දාර ස්පොයිල් එකක් නිසා…
ඊට අමතරව මෙයාල මේ යන පාරෙම UFO යානයක් ගිහින් තියෙනව ඒක දැකපු මිනිහෙක්ටත් ඔහොම සිද්දියක්ම අත් වෙලා තියෙනව… ඒ කියන්නෙ කාර් එක නැවතිලා බඩු හිටල තියෙනව…
මේ පිටසක්වල කේස් එකක්ද එතකොට? 😶…. බලපු අයනම් සීන් එක දන්නව ඇති මොකක්ද සීන් එක කියල… නොබලපු අය බලල දැනගන්නකො වෙනදේ ….
පුලුවන් උනොත් සීරිස් එකටත් සබ් ගේන්නන් …. එහෙනන් ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්න …ජය වේවා…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
4,116 downloadsDownload Wolf.Creek_.2005.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
14 comments
Ishan Madusha
Nipun
Thank you very much !!!!!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Lakshansilva18
thanks for sub. Five Fingers (2006) ekatath sub dennako
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Isuru Ishara
Thank you
indika75
thanks..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kevin__
ආසම එකක් මචන් thank
Tv series එකටත් සබ් දියන් මචන් සතියට එක එපිය ගානේ හරි එකත් කරහංකො මචන්
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තූතියි සහෝ.පුළුවන්නම් සීරිස් එකටත් සබ් දෙන්න.ජය වේවා!