Watch Trailer

The Silent Forest (2022) AKA Schweigend steht der Wald Sinhala Subtitles | වනපෙත නිහඬව බලා හිඳී… [සිංහල උපසිරසි]

” හැන්සල් සහ ග්‍රේටල්….. ඔයා ඒ කතාව දන්නවනේ……? මං කිව්වෙ ඇත්ත කතාව. ඒක ඇත්තටම සාගතයක් මැද්දෙ ළමයින්ව කැලේක අතරමං කරපු සමාජ විරෝධී පවුලක්… ඒත් ඒ ළමයි වුණත් සාමාන්‍ය නෑ…. උනුත් අපරාධකාරයො. එයාල උදව් ඉල්ලල දොරට තට්ටු කරාද? නෑ… කෙලින්ම හොරෙන් ගෙට පැන්නා. වයසක ගෑණු කෙනාට එක පාරම ඒක තේරුණා. ඉතින් කොල්ලව…

” හැන්සල් සහ ග්‍රේටල්…..
ඔයා ඒ කතාව දන්නවනේ……?
මං කිව්වෙ ඇත්ත කතාව.
ඒක ඇත්තටම සාගතයක් මැද්දෙ ළමයින්ව කැලේක අතරමං කරපු සමාජ විරෝධී පවුලක්…
ඒත් ඒ ළමයි වුණත් සාමාන්‍ය නෑ….
උනුත් අපරාධකාරයො.
එයාල උදව් ඉල්ලල දොරට තට්ටු කරාද?
නෑ… කෙලින්ම හොරෙන් ගෙට පැන්නා.
වයසක ගෑණු කෙනාට එක පාරම ඒක තේරුණා.
ඉතින් කොල්ලව හිර කරා.
මං වුණත් කරන්නෙ ඒක.
කෙල්ලත් ඒ වගේම පහත් කෙනෙක්.
එයා ඉතින් කොල්ලව නිදහස් කරා.
උන් ඒ ගෑණු කෙනාට මැරෙනකම් ගැහුවා,
සිරුරට ගිනි තියල, ගේ කොල්ලකාල,
ඒ වස්තුව අරගෙන ගෙදර ආව.
දෙමව්පියොත් කිසි ප්‍රශ්නයක් නැතුව,
ඒ නපුරු මායාකාරි ගැන පුදුමාකාර කතාව විශ්වාස කරා.
අපිටත් ප්‍රශ්නයක් නෑ.
අපි ආස සුරංගනා කතාව,
ලස්සනට රසවත් කරපු පිළිකුල් සහගත ඝාතනයක කතාව මිසක් වෙන දෙයක් නෙවෙයි.
ඒක තදට මුල් බැහැලා……
අපිට අඩුගානෙ අර පිච්චෙන ගෑණිගෙ කෑගැහිල්ලවත් ඇහෙන්නෙ නෑ.”

 

ඉතින් ඔන්න 2023 අවුරුද්දට උපසිරැසියක් අරගෙන එන මුල්ම වතාව. මේ පාර ගේන්නෙ 2022 ඔක්තෝබර් වල ජර්මනියේ තිරගත වීම ආරම්භ කල Schweigend steht der Wald කියන නිර්මාණය. ඉංග්‍රීසි නම The Silent Forest. (මේ නමින් නම් ෆිල්ම් කීපයක්ම ඇවිත් ඇති)

මේක ජර්මන් වුණාට හැන්සල් සහ ග්‍රේටල් වගේ සුරංගනා කතාවක් නම් නෙවෙයි. Crime, Drama, History වර්ගයට තමයි අයිති වෙන්නේ. Wolfram Fleischhauer ගේ කතාවක් අනුව ඔහුම තිර රචනය කරලා, Saralisa Volm අධ්‍යක්ෂණය කරපු මේකට රංගනයෙන් Henriette Confurius, Robert Stadlober, Noah Saavedra වගේ පිරිසක් දායක වෙනවා. IMDB අගය 5.3 ක්.

මේකෙ කතාව තියෙන්නෙ ජර්මනියේ බැවේරියා ප්‍රදේශයේ ගම්බද පැත්තකට තරුණියක් එනවා වන වගාව සම්බන්ධ පුහුණුවකට. තැනින් තැන පස් සාම්පල් අරගෙන ඒවා පරීක්ෂා කරන එක තමයි කරන්නේ. සතුන් දඩයම් කිරීම සඳහා කැලේ මැද ලොකු ගස් ඉවත් කරලා, එළි කරලා හදපු එළිමහන් තණබිම් ප්‍රදේශයක පස් පරීක්ෂා කරද්දි මෙයාට ඒවයේ අසාමාන්‍ය ගතියක් දැනෙනවා. මෙයා මේ කැලේ ඇවිත් පස් පරීක්ෂා කරන එක යම් යම් අයව නොසන්සුන් කරන්න හේතුවක් වෙනවා. මෙයාව කැලෙන් ඈත් කරන්න තමයි එයාල බලන්නේ.

මෙයා මේ පැත්තට අමුත්තෙක් නෙවෙයි. අවුරුදු 20 කට කලින් පොඩි කාලෙ අම්ම තාත්ත එක්ක නිවාඩුවක් ගත කරන්න මේ පැත්තට ඇවිත් නැවතිලා ඉඳල තියනවා. ඒ කාලෙම තමයි, මේ වගේම ගහකොළ ගැන දැනුම තියන කැලේ ඇවිදින තාත්ත හදිස්සියේම අතුරුදහන් වෙන්නේ. කැලේ ඇවිදින්න ගිහින් අනතුරක් වෙන්න ඇති කියල තමයි පොලීසිය කියන්නේ.

නිකම්ම ඌරො දඩයම් කරන්න කැලේ මැද එළි කරලා හදපු තණබිම් ප්‍රදේශයට මෙයා එනවට සමහරු අකමැති ඇයි? අවුරුදු 20 කට කලින් තාත්ත අතුරුදහන් වීම එක්ක මේකෙ සම්බන්ධයක් තියේද? මොකක්ද මේ පස් වල තියන අසාමාන්‍ය දේ? මේවා දැනගන්න ෆිල්ම් එක බලන්න.

එහෙම නම් අලුතෙන් ආපහු උපසිරැසියක් අරගෙන එනකම් හැමෝම හොඳින් ඉන්න….

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,471 downloadsDownload The-Silent-Forest-2022-1.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිල්ෂාන් මධුරංග

Subtitles

2,471 downloadsDownload Subtitles24 KB

11 comments

  1. Anonymous

    සුපිරියක් වගේ

  2. Ransilu

    Brother Bluray Thiyenawane. Eekata support karana vidihata hadannako

  3. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. සාරංග J ලියනගම

    Thanks

  5. Bimsara Yashan(ඔලිව)

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ජයවේවා!

  6. Asanga Basooriya

    thank you machan..

  7. Asanga Basooriya

    sub file eka thiyenne bluray walata neda?

  8. Ruchira

    Thanks for the sub!!

  9. Rukshan

    සුපිරි බන්. සබ එකට තැන්ක්ස්...

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. nilanka1212

    thanks....