ආයුබෝවන් බයිස්කෝප් රසික රසිකාවියනි, තවත් සුවිශේශ දවසකින් තමයි අද ඔයාලව මුණ ගැහෙන්නේ. ඔයාලා දැනටමත් උඩින් දකින්න ඇති මගේ උපසිරැසිකරණ ගමනේ දෙවෙනි කඩයිම තමයි අද ඔයාලා එක්ක බෙදාගන්නේ. වැඩි වැල්වටාරම් ගැන කියවන්න ඕනේ නෑ. බයිස්කෝප් අඩවියෙන් වෙන සේවය ගැන මේ වෙද්දි ඔයාලා හැමෝම දන්නවනේ. දන්න සිංහලෙන් ඕන භාෂ…

ආයුබෝවන් බයිස්කෝප් රසික රසිකාවියනි, තවත් සුවිශේශ දවසකින් තමයි අද ඔයාලව මුණ ගැහෙන්නේ. ඔයාලා දැනටමත් උඩින් දකින්න ඇති මගේ උපසිරැසිකරණ ගමනේ දෙවෙනි කඩයිම තමයි අද ඔයාලා එක්ක බෙදාගන්නේ. වැඩි වැල්වටාරම් ගැන කියවන්න ඕනේ නෑ. බයිස්කෝප් අඩවියෙන් වෙන සේවය ගැන මේ වෙද්දි ඔයාලා හැමෝම දන්නවනේ. දන්න සිංහලෙන් ඕන භාෂාවක චිත්‍රපටයක් බලන්න ඕන කෙනෙක් ගොඩ වදින්නේ අපේ වෙබ් අඩවියට කියලා අපි හොදාකාරවම දන්නවා. උසස් තත්වයේ උපසිරැසි ලබා දෙනවට මුලින්ම අපේ උපසිරැසි නිර්මාණකරුවන්ට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. මොකද ඒ නිසා තමයි මමත් අද ආසාවෙන් උපසිරසිකරණයට යොමුවෙලා ඉන්නේ. මම මුළින්ම බයිස්කෝප් පවුලට සම්බන්ධ උන විදිය මගේ 50 * වෙනි උපසිරසි ලිපියේ සඳහන් කරලා තියෙන නිසා ආපහු ඒ ගැන කියන්නේ නෑ . මේ වැඩේ අවුරුදු තුනක් තිස්සේ කරද්දි ගොඩක් අයගේ අදහස් / ගුරුහරුකම් ලැබුනා ඒ වගේම හොඳ යාළුවෝ පිරිසකුත් මුණගැහුනා. ඒ හැමෝටම මේ වෙලාවේ මම ස්තූතිපූර්වක වෙනවා ලබා දුන්න සහයෝගයට. ඉසිර අයියට සහ රොයිලි අයියවනම් අමතක නොකර බෑ. අනිත් යාළුවෝ හැමෝම නම් වශයෙන් සඳහන් කරන්න බෑ එක්කෙනෙක් හරි මඟ හැරෙන්න පුළුවන් නිසා.
බයිස්කෝප් ඇඩ්මින් මඬුල්ලේ හැමෝමවම ආදරෙන් මතක් කරනවා. එයාලා හැමදාමත් අපේ අඩු පාඩු පෙන්වලා දෙමින් අළුතින් එන නිර්මාණ ගැනත් නිරතුරුවම දැනුවත් කරනවා. අපේ Mini / Cancelled අදින සංගමේ සෙට් එකේ හැමෝමත් , බයිස්කෝප් අඩවියට එක උපසිරසියකින් හෝ දායක උන සියළුම උපසිරැසිකරුවන්ටත් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තමයි හැමදාම උපසිරැසි ගන්න, හැමදාම කොමෙන්ට් කරන අපේ වෙබ් අඩවිය ලංකාවේ වෙබ් අඩවි අතරින් ජනප්‍රියම 5 වෙනි වෙබ් අඩවිය බවට පත් කරන්න දායක උන බයිස්කෝප් රසික ඔබ සියලු දෙනාවත් හදවතින්ම ස්තූතීවන්ත වෙනවා.

ෆිල්ම් එක ගැන කිව්වොත් මේක නිකුත් වෙන්නේ අප්‍රේල් 21 ඇපල් ටීවී ප්ලස් හරහා. Action/Adventure ගනයට අයත් මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නේ Dexter Fletcher විසින්. තවද Rocketman, Eddie the Eagle, Wild Bill, Bohemian Rhapsody වැනි චිත්‍රපටත් ඔහුම තමයි අධ්‍යක්ෂණය කළේ. ඒ වගේම මේකට ඉතා ජනප්‍රිය නළු නිලියන් රැසක් එකතු වෙලා තියෙනවා, එනම් Ana de Armas, Chris Evans, Chris Evans, Adrien Brody, Mike Moh ආදී අය. මේකට ලැබිල තියෙන ප්‍රේක්ශක මනාප ගැන කතා කළොත්, IMDb දර්ශකේ 5.8ක අගයකුත් කුණු තක්කාලි 32% අගයකුත් ගන්න හැකිවෙලා තියෙනවා. ඒත් එකක් කියන්න ඕනෙ මේකෙ රේටින් අඩුයි කියලා මිස් කරගන්න එපා මේක, මොකද මේක මුල ඉදන් අගටම පට්ට විනෝදෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්. අනික මේකෙ ට්‍රේලර් එකත් එක්ක බලනකොට ෆිල්ම් එක ගැන හොඳටම සෑහීමකට පත්වෙන්න පුළුවන්, මොකද මේකෙ ට්‍රේලර් එක මුලින් බැලුවාම මට නම් වැඩිය ඇල්ලුවෙ නෑ. ඒත් ෆිල්ම් එක නම් මරු.
මේකෙ කතාව ගැන කිව්වොත්, සේඩි කියන්නේ එයාගෙ යාලුවෙක් ලගදි නැතිවෙලා ටිකක් අවුලෙන් ඉන්න කෙල්ලෙක්. ඉතින් සේඩි එයාගෙ යාලුවව මතක් වෙන්නත් එක්ක මල් පැලයක් ගන්න කියලා කඩේකට යනවා. එතනදි තමයි මෙයාට කෝල්ව හම්බෙන්නේ. හැබැයි මෙයාලගෙ පටන් ගැන්ම නම් එච්චර හොඳ විදිහට කෙලවර වෙන්නෑ, දෙන්න රන්ඩුවකුත් වෙලා තමයි තවතින්නේ. කොහොම හරි කෝල්ගෙ යාළුවෙක් බල කරනවා සේඩි එක්ක ඇවිදින්න යන්න කියලා. ඉතිං ඒ බල කිරීම මත කොල්ලා සේඩි එක්ක ඇවිදින්න ගිහින් මේ සම්බන්දෙ හිතුවට වඩා දුර යනවා. පස්සෙ තමයි ඔක්කොම වැඩේ කනපිට හැරෙන්නේ. මොකද එදැයින් පස්සෙ ඉදන් කෝල්ට සේඩිගෙන් කිසිම කෝල් එකක්වත් මැසේජ් එකක්වත් එන්නැති වෙනවා. පස්සෙ කෝල් හොයාගන්නවා සේඩි ලන්ඩන් වල කියලා, පස්සෙ පොර ලන්ඩන් වලට කෙල්ලව හොයාගෙන ගියාම හිතුවෙවත් නැති අන්තම කරදර ගොඩකට වැටෙනවා. ඇත්තටම කවුද මේ සේඩි? කොහොමද කෝල් මේ කරදර වලට වැටුනේ? ඇත්තටම කවුද මෙයාල කියල දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා.
එහෙනම් ඔච්චරයි කියන්න යන්නේ, පැය 1 විනාඩි 56 පුරාවට පට්ට ආතල් සාගරේක කිමිදෙන්න ඔන්නම් මේක අරන් බලන්න සැක හිතන්නැතුව, සුපිරිම ෆයිට් වලින් පිරුණ හොඳ ඇක්ශන් ෆිලුමක් ඔයාලට බලාගන්න හැකිවෙයි. එහෙනම් මං දැනට ඔයාලගෙන් සමුගන්නම්. ජයවේවා!
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
32,880 downloadsDownload Ghosted.2023.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #2023
- #Adrien Brody
- #Amy Sedaris
- #Ana de Armas
- #Anthony Mackie
- #Bimsara Yashan (ඔලිව)
- #Chris Evans
- #John Cho
- #Lizze Broadway
- #Mike Moh
- #Must Watch
- #Mustafa Shakir
- #Offbeat
- #Ryan Reynolds
- #Sebastian Stan
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #Subtitla
- #Subtitles
- #Tate Donovan
- #You Decide
- #උපසිරසි
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ස්
60 comments
Jeewaka
Chämàrá Sâmpáth
100’වැනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභපැතුම් බිම්සර.
කොයි වෙලාවකවත් නෑ බෑ නොකියා තනියම කලත්, හවුලේ කලත් කරන සබ් එක සබක් හෙනම උනන්දුවෙන් කරන සුපිරිම චරිතයක් තමයි ඉතින්. මේ වගේම ඊලග කඩයිමටත් හැකි ඉක්මණින්ම ලගා වෙන්න ලැබෙන්න කාලයත් වගේම හැකියාවත් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ජය!!!මේකේ රේටිං ලොකුවට නැති උනාට හැම තප්පරයක්ම රසවිදින්න පුලුවන් විදිහේ ෆිල්ම් එකක් මටනම්.
Naveen Mbr
බොහෝම... බොහෝම ස්තූතියි ඔලිව සහෝදරයා! මේ කඩඉමටත් උණුසුම් සුබ පැතුම්! තවත් ඉස්සරහට කඩඉම් තියෙනවා. ඒවාත් ඉතා ඉක්මනින්ම පහුකරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන. ජය වේවා!
යුරාන් ධනුක (දනුවා)
100* වෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම් ඔලිවර් සහෝ !
බයිස්කෝප් පවුලේ තවත් වටිනම සාමාජිකයෙක් තමයි මේ.
විශේෂයෙන්ම කට්ටියව එකමුතු කරලා වැඩ වලට ගොඩක්ම සම්බන්ධ කරගන්නේ ඔයා තමයි.
අළුත්ම නිර්මාණ ආපු ගමන්ම අපිවත් දැනුවත් කරලා ඒවා ඉක්මනින්ම
වෙබ් අඩවියට දෙන්න කටයුතු කරන කෙනෙක් විදියටත් හඳුන්වන්න පුළුවන්.
පෞද්ගලික ජීවිතේ වැඩකටයුතුත් සාර්ථක වේවා !
ඉක්මනට ඉදිරි කඩයිම් වලටත් යමු . . . . .Madusha
බොහොම ස්තූතියි ....
Sanjeewa Malith
Thank u subtitles akata
Pavith Wijesooriya
100 වෙනි කඩයිමට සුභ පැතුම් අයියේ! චරිතයක් තමයි ඉතින්. ඊළඟ 50ත් අල්ලමු ගැම්මෙන්. පෞද්ගලික ජීවිතයෙත් සියලුම වැඩ කටයුතු සාර්ථක කරගන්න ශක්තිය ලැබේවා... ජය වේවා!
සබටත් තුති වේවා!Kevin D...
Thanks...
මයුර
100 වෙනි සබට සුබ පතනවා ඔලිවර් සහෝ
සයිටෙන් හම්බවුනු හොඳ යහළුවෙක්
ඒ වගේම පලවෙනි උපසිරැසියට සුබ පතනවා. ඉස්සරහටත් මේ වගේම උපසොරැසි දෙන්ඩර්.මයුර
ඒ වගේමයු සමූහ වැඩ වලදි පුරෝගාමී වෙන විශේෂ චරිතයක්. ඒකටත් ප්‍රණාමය බ්‍රෝ
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
100 වෙනි සිංහල උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබපැතුම්!
නුවන්
උණුසුම් සුබ පැතුම් 100වැනි උපසිරැසියට 150ට ඉක්මනින්ම යමු බොක
Asanga kb
jayama wewa bosa...
Dasun
100 weni kadaimata suba pathum
Spider
█▓▒░⡷⠂100 වන කඩයිමට සුබපැතුම් ..⠐⢾░▒▓█
Naveen
කඩයිමට සුබපැතුම්
උපසිරසියටත් තුතිKantha_DLA
100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!
ගොඩක්ම ස්තූතියි ඔලිව සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Anonymous
100* ට සුබපැතුම්.. ජයවේවා! දිගටම උපසිරැසි දෙන්න ලැබේවා...!
දිනිඳු සම්පත්
100* ට සුබපැතුම්.. ජයවේවා! දිගටම උපසිරැසි දෙන්න ලැබේවා...!
Stephen holmes
සෙන්චරියට සුබ පැතුම් Brother! ❤️
පුලුවන් නම් From ටීවී සීරීස් එකේ Season 2 එකට සබ් දෙන්න ට්‍රයි කරනවද? 1st Episode එක ඇවිත් තියෙන්නෙ.Ano
Thanks
Ano
Thanks. Keep up the good work.
Sahan Gayantha
thanks a lot saho sub ekata
Chamikara Vidanage
සුබ පැතුම් 100 වෙනි නිර්මාණයට.. වෙලාවක් ලැබුණ ගමන් බලනව.. ❤️
Film බලන්න එනවා එනවා කියලා මට පොලු තිබ්බට වෙලාවට sub දෙන කොල්ලෙක් තමයි..Mahesh Chaminda
Congratulations for 100 th sub.
Anonymous
මම ඊයේ සබ් හොයලා හොයලා නැති නිසා නිකන්ම බැලුවා.ආයෙත් සබ් එක දාලා බලනවා....
Dilshan Karunarathne
Congrats! to the achievement brother ❤️
සංජන චමෝද්
මෙන්න මෙයා 100 ගහලෝ!
සුපිරි අයියෙ.
සයිට් එකෙන් හම්බෙච්ච හොදම සහෝදරයෙක්.
සයිට් එකේ මෑතකදී සබ් දීපු සීරිස් වල මුල් ගල් තිබ්බ කෙනා නෙව.❤️
දිගටම සබ් දෙමු අයියෙ.
තමන්ගෙ ජීවිතේ දේවල්ද සාර්ථක කරගන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.එහෙනම් ෆ්‍රී වෙලාවක ෆිලුම බලන්නම්.
Roshan
Tnx bro...Great job...Good luck...
Kavi
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!කෙලෙහිගුන තියන එකෙක්
100 ට ලක්ෂ වාරයක් ස්තුතියි
උබල නිසා තමයි අපි මෙහෙම රසකරකර ෆිල්ම් බලන්නේ
ජය වේවා සබ් හදන යාලුවෝ ඔක්කොටම
වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන උබලා ඔක්කොටමNayana Buddhika
100*ට සුභ පැතුම් සහෝ❤️
දිගටම සබ් දෙමුBimsara
100 උපසිරැසියට සුභ පැතුම් සහෝ..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
100 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
ජයBuddhika laKMal
100වෙනි උපසිරැසියට සුබපැතුම් බ්‍රෝ.. ඉදිරියටත් වෙලාවක් තිබුනුවෙලාවට සබක් ගේන්න...
පෞද්ගලික ජීවිතයේ කරන කියන දේවල් සාර්තක වේවා..
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kavee
100 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ!
සිංහල උපසිරැසිය ලබාදුන් ඔබට බොහොම ස්තූතියි ❤️Hashan
Congrtz for the 100 sub ❤️
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
නිමල් දිසානායක
ෆිලුම සුපිරිය
සබ්ස් නියමය
ගමන පෙරටය
ජයෙන් ජයමය!ක්‍රිශාන්ත හැරිස්
ස්තුතියි සබ් එකට ....
Pramod
Thanks saho
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Harvey O'brien
හදවතින්ම සුබ පැතුම් මලේ 100 වෙනි කඩයිමට. මේ වගේම ඉදිටියටත් යන්න සුබ පතනවා. මේ දුන්න සිංහල උපසිරසියටත් තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
100 වැනි උපසිරැසියට සුභ පැතුම්Anonymous
කඩයිමට සුබපැතුම්
Wandering Earth 2 සබ් දෙන්නකෝඑල්. සී. දමැල්
සමාවෙන්න ඕණ කමෙන්ට් එකක් දාන්න ප්‍රමාද වුණාට...
100වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් බිම්සර මල්ලි! :)
150ත් ඉක්මනින් ගහන්න සහ අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ජය ✌Charith
ජයවේවා..
damith
thanks bro. jaya wewa...!!!!!
viraj
thanks..........
ishan
sub ekata thx machn
ishan
100 ට සුභ පැතුම් සහෝ
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
100ට සුභ පැතුම්❤