ආයුබෝ වේවා..! ඉතිං ඔන්න ආයෙත් හැකි ඉක්මනින් උපසිරැසියක් අරගෙන ආව. මම හිතනව මේකට උපසිරැසි දෙනකල් යම් පිරිසක් බලාගෙන ඉන්න ඇති කියල. මුලින් බලන්න පුළුවන් මට්ටමේ කොපියක් නිකුත් වෙලා නොතිබුණු නිසා, බලන්න පුළුවන් මට්ටමේ කොපියක් නිකුත් වෙනකල් උපසිරැසි ලබා දුන්නෙ නැහැ මේකට. ඉතිං එහෙනම් බලමු 2019 වර්ෂයේ අග…

ආයුබෝ වේවා..!

ඉතිං ඔන්න ආයෙත් හැකි ඉක්මනින් උපසිරැසියක් අරගෙන ආව. මම හිතනව මේකට උපසිරැසි දෙනකල් යම් පිරිසක් බලාගෙන ඉන්න ඇති කියල. මුලින් බලන්න පුළුවන් මට්ටමේ කොපියක් නිකුත් වෙලා නොතිබුණු නිසා, බලන්න පුළුවන් මට්ටමේ කොපියක් නිකුත් වෙනකල් උපසිරැසි ලබා දුන්නෙ නැහැ මේකට. ඉතිං එහෙනම් බලමු 2019 වර්ෂයේ අග භාගයේ තිරගත වුණු මේ අපූරු සිනමාපටය ගැන විස්තර ටිකක්.

Action, Crime, Drama, Thriller ගණයට වර්ගීකරණය වුණු, IMDb අගයේ 5.9ක් සටහන් කරගෙන තියෙන, මිනිත්තු 108 ක් පුරාවට ධාවනය වෙන කම්මැලි නැතුව බලන්න පුළුවන් හොඳ සිනමා පටයක් කියල මේක බය නැතුව හඳුන්වල දෙන්න පුළුවන්. Moonlight (2016), Collateral Beauty (2016), Ninja Assassin (2009), Rampage (2018) වගේ ප්‍රසිද්ධ නිර්මාණ වලට දායක වුණු Naomie Harris මේ නිර්මාණය තුළ, ඇලීෂියා වෙස්ට් කියන ප්‍රධාන චරිතයට පණ පොවනවා. ඒ වගේම හැමෝම දන්න Fast & Furious චිත්‍රපට මාලාවේ රෝමන්ගෙ චරිතයට පණ පොවන, Tyrese Gibson මේ නිර්මාණය තුළ මවුස් කියන චරිතය රඟ දක්වනව. ඔන්න ඒ විතරක් නෙවෙයි Captain America චිත්‍රපට මාලාව තුළ Brock Rumlow චරිතය ප්‍රතිනිර්මාණය කරන Frank Grillo මේකෙ සතුරාගේ චරිතය නැත්තං මැලෝන් කියන චරිතය නිරූපණය කරනව. ෆිල්ම් සෙට් එකයි, රඟපාන අයයි දැක්කම හිතෙන්නෙ නැද්ද, මේකත් ඉහළ මට්ටමේ නිර්මාණයක් කියල. අනිවාර්යයෙන්ම ඒක එහෙම තමයි. මේ වැයවෙන මිනිත්තු 108, පාඩුවක් වෙන්නෙ නෑ කියල මම වගකීමෙන් කියනව.

ඉතිං එහෙනම් බලමු කතාව ඇතුළෙ මොකද්ද වෙන්නෙ කියල. ඇලීෂියා වෙස්ට්, අපේ කතා නායිකාව ආධුනික පොලිස් නිළදාරියෙක් විදියට නිව් ඕර්ලින්ස් පොලීසියට බැඳිල සති තුනකට පස්සෙ, තමන්ගෙ යාළුව කෙවින්ගෙ රාත්‍රී වැඩ මුරයක් බාර ගන්නව, කෙවින් රාජකාරියෙන් නිදහස් කරන්න ඕන නිසා. ඇලීෂියා, බ්‍රවුන් කියන අනෙක් පොලිස් නිළධාරියා එකක මුර සංචාරයේ යන අතරෙ, බ්‍රවුන් යනව අතෑරල දාපු බලාගාර ගොඩනැගිල්ලක් ඇතුළට. ඊට පස්සෙ ගොඩනැගිල්ල ඇතුළෙන් වෙඩි හඬ කීපයක් ඇහෙනව. ඇලීෂියා ගොඩනැගිල්ල ඇතුළට යනව මොකද්ද වෙන්නෙ කියල බලගන්න. එතකොට තමයි ඇය දකින්නෙ බ්‍රවුන් එක්ක ඉන්න මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිළධාරීන් නිරායුධ, කළු ජාතික ළමයින් කීප දෙනෙක් මරල දාන හැටි. මේ ඔක්කොම සිදුවීම් ඇලීෂියාගෙ පොලිස් ඇඳුමෙ තියෙන කැමරාවෙ සටහන් වෙනව. පස්සෙ එතන් හිටපු ස්මිටී කියන මත්ද්‍රව්‍ය නිවාරණ නිළධාරියා ඇලීෂියාට වෙඩි තියනව ඇය මේ රහස එළි කරයි කියල බයට. හැබැයි ඇලීෂියා මේ වෙඩි පහර වලින් තුවාල ලබනව ඇරෙන්න මැරෙන්නෙ නෑ. ඇය එතනින් අමාරුවෙන් පැන ගන්නව. හැබැයි කළු ජාතික පොලිස් කාන්තාවක් නිසා කිසිම කළු ජාතිකයෙක් ඇයට උදව් කරන්නෙ නැහැ. ඊට හේතුව කළු ජාතිකයන් නොසලකා හැරල පොලීසියට ගියා කියල, කළු ජාතිකයන් තුළ.. කළු පොලිස් නිළධාරීන් එක්ක ලොකු වෛරයක් තිබීම. මෙහෙම වටපිටාවක, මැලෝන්ගෙ බොරු අහල සමස්ථ පොලීසියම සහ ආරක්ෂක අංශ හැම එකක්ම ඇලීෂියා අපරාධකාරයෙක් විදියට සලකල හොයනව. ඊට අමතරව මැලෝන්ගෙ බොරු අහල, කිංග්ස්ටන් කියන කල්ලියේ අයත් ඇලීෂියා හොයනව මරල දාන්න. ඉතිං කාගෙවත් උදව් නැතුව, යන්න එන්න තැනක් නැතුව ඇලීෂියා කොහොමද මේ අපරාධ වලට එරෙහිව යුක්තිය පසඳලන්නෙ. එහෙනම් ඔන්න ඔයාලට ආරාධනා කරනව, මරණය අතේ තියාගෙන ඇලීෂියා කොහොමද යුක්තිය පසිඳලීම උදෙසා සටන් කරන්නෙ කියල බලන්න. එහෙනම් ආයෙත් ඉක්මනින්ම මුණගැහෙමු.. ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Bluray පිටපත් සඳහා ලබා දි ඇත.

17,223 downloadsDownload Black-Blue-2019-1.zip91 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

උදයංග සම්පත්

Subtitles

17,223 downloadsDownload Subtitles91 KB

47 comments

  1. indikaperera

    බොහොම ස්තුතියි සබ් එකට !

  2. Pasindu16022

    Thanks for the sub bro.

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Dilshant7

    තෑන්ක්ස් මචන් ෆිල්ම් එක බාල දවස් ගානක් බලන් හිටිය සබ් එක එනකල් ❤️

  5. chandika1975

    thank you for the subtitle. keep it up

  6. arawindasunimal

    ස්තුතියි උපසිරසියට (උදයංග සම්පත්) ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌

  7. BeMax

    Thnq brother. ❤

  8. madhubashana bandara

    ස්තූතියි අයියෙ උපසිරැසියට,ජය වේවා !!!'

  9. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi saho obata..

  10. RuwanLakshan93

    බොහෝම ස්තූතිය....

  11. Ravin Laksitha

    සිංහල උපසිරසියට ස්තුතියි ..

    1. Gamlath yatawara

      Ok

  12. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

    හැබැයි මේකේ වෙබ් රිප් එක ඇවිල්ලා දැන් ගොඩක් දවස්..
    කවුරුත් සබ් දෙයි කියලා හිතපු නැති නිසා ඩවුන්ලෝඩ් කලේ නැ..

  13. thilz

    thank youuu

  14. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ....
    ජය වේවා.!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  17. Dewadithya

    Thanks for Sub!

  18. Suranjan

    Thanks jayawewa.........!

  19. kodagoda

    tnx sahoo sub ekta

  20. Bobby

    Thank you Bro

  21. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  22. suranuwan

    thanks bro...

  23. Sajithlakshan

    thanks ....................

  24. Shehan putha

    Thanks bro

  25. indika75

    thanks..

  26. nish47

    ස්තූතියි සහෝ

  27. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  28. Gamlath yatawara

    Thankz friends

  29. jagath55

    Thanks

  30. sameeramadusanka

    thanks bro

  31. damitharuwan

    thank you

  32. Pramukmili

    Thanxx bro.........

  33. lasaa

    Ela

  34. avishka360

    Thanks

  35. Supun_no

    Thanks

  36. melinda

    thank you

  37. rockz2020

    බොහොම ස්තූතියි! ජය වේවා සහෝ! ✌❤
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    Gundala (2019)

    Checkered Ninja (2018)
    The Curse of the Were-Rabbit (2005)
    Trolls Holiday (TV Short 2017)

    The Dark Crystal: Age of Resistance (2019)

    Hellboy Animated: Sword of Storms (2006)
    Hellboy Animated: Blood and Iron (2007)

  38. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!

  39. blackLion007

    ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

  40. vishwanathmadhushanka

    Thnx machoo elaaa

  41. gayanmagee

    thanks

  42. chinthaka.max4

    thankx machan

  43. Melaka

    Thank you

  44. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

  45. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !