Watch Trailer

The Slender Man (2018) Sinhala Subtitles | මිනිසුන්ව බිලිගැනීමට පැමිණෙන ස්ලෙන්ඩර් මිනිහා…[සිංහල උපසිරැසි සමඟ]

“ස්ලෙන්ඩර් මෑන් හට විවිධ ආකාරයේ රූපාකාර මගින් පැමිණෙන්න හැකිය. “සමහර උදවිය කියනවා ඔහුගෙ ගොදුරු, වලට මරු කටින් ගැලවිලා යන්න බැරි විදියේ වශිකාරක බලයක් තියෙනවලු. “ඔහුගේ මුලාරම්භාය සහ අභිප්‍රාය සම්පුර්ණයෙන්ම අප්‍රසිද්ධ අතර, “ඔහු අහිංසක තරුණ ජීවිත බිලි අරගන්නවා. “ඔබ ඔහුව එක පාරක් දුටුවොත්, ඔබ ඔහුගේ වෙනව…

“ස්ලෙන්ඩර් මෑන් හට විවිධ ආකාරයේ
රූපාකාර මගින් පැමිණෙන්න හැකිය.
“සමහර උදවිය කියනවා ඔහුගෙ ගොදුරු,
වලට මරු කටින් ගැලවිලා යන්න බැරි විදියේ වශිකාරක බලයක් තියෙනවලු.
“ඔහුගේ මුලාරම්භාය සහ අභිප්‍රාය සම්පුර්ණයෙන්ම අප්‍රසිද්ධ අතර,
“ඔහු අහිංසක තරුණ ජීවිත බිලි අරගන්නවා.
“ඔබ ඔහුව එක පාරක් දුටුවොත්,
ඔබ ඔහුගේ වෙනවා.
“සමහරුක්ව ඔහු රැගෙන යනවා,
සමහරුක්ව රැගෙන යන්නේ නැහැ.
“ඔහු ඔවුන්ව අරගෙන යන හේතුවත්,
නැතහොත් ඔවුන්ව තියල යන හේතුවක් තවමත් කිසිවෙක් දන්නේ නැහැ.
“නමුත් ඔහු ඒ තියලා යන කෙනා
සාදාකාලිකවම අවුල් ජාලයක් වෙනවා.”

බය හිතුණද? අපෝ නැහැනේ. දැන් එන හොල්මන් චිත්‍රපට වල බය හිතෙන්නේ නැහැ හිනා යනවා මිසක්. නමුත් 2017 වර්ෂයේදී නම් කාගේත් හිත දිනාගත් හොල්මන් චිත්‍රපටයක් ආවා. හැමෝම දන්නවා ඇතිනේ ඒ නම ඒ තමයි IT චිත්‍රපටය.ඒවායින් වැඩක් නැහැ අපි මේ චිත්‍රපටය ගැන කතා කරමුකෝ. රෙන්, කේටි, ක්ලෝයි, හැලී කියන්නේ බොක්ක්ම යහළුවෝ සෙට් එකක්. හැමදාම කන්නෙත් එකට. ගමනක් යන්නෙත් එකට ඒ වගේ හැමදෙයක්ම වගේ කරන්නේ එකට. ඉතින් මෙයාලා දවසක් සෙට් වෙනවා. ඒවගේම තමයි එදා එයාලගේ පංතියේ කොල්ලෝ සෙට් එකත් මොකක්දෝ දෙයක් කරන්න ගියෙ.ඉතින් කෙල්ලෝ සෙට් එක මේ ගැන දැනගෙන හිටියෙ නැහැ.කොහොමහරි ක්ලෝයි මේ ගැන හොයාගන්නවා. ඒ තමයි ස්ලෙන්ඩර් මෑන් නමැති කෙනෙක්ව කැදවන එක. ඉතින් මෙයාලා ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ.

මේ වැඩේ කරොත් මොකක් වෙයිද වගේ කියන දේවල්.හැබැයි ඉතින් මෙයාලට ඕන මොක්කහරි දෙයක් කරලා ආතල් එකක් අරගන්නයි. ඔන්න ඉතින් ඒ කිව්වත් වගේම අන්තර්ජාලය පීරලා මොවුන් ටික වීඩියෝවක් හොයාගන්නවා ඔහුව කැදවන්න. මුලින්ම මොවුන් මේ ගැන ගණන් ගන්නේ නැහැ.දැන් සතියකුත් ගත වෙලා ගිහින්. මෙයාලා හැමෝටම වගේ ඒක බලපාන්න අරගන්නවා. රෑට ස්ලෙන්ඩර් මිනිහා ගැන සිහින පෙනෙන්න අරගන්නවා.නමුත් කවුරුත් මේ ගැන එකිනෙකාට කියාගන්නේ නැහැ. මොකද ඒක නිකන් විකාර වීඩියෝවක් වගේ හිතාගෙන තමයි ඉන්නේ. ඔය අතරේ තමයි කේටි අතුරුදහන් වෙන්නේ. ඉතින් දැන් මෙයාලා බයවෙන්න අරගන්නවා. ඉතින් මොවුන් කරන්නේ කේටිගෙ ගෙදරට ගිහින් හැමදෙයක්ම වගේ සොයනවා මෙයාගේ මේ අමුතු අතුරුදහන් වීම ගැන.එතකොට තමයි දකින්න ලැබෙන්නේ AleeyKat93 කවුදෝ කෙනෙක් මැසේජ් කරලා තියෙනවා බවක්. මේ කෙනාට කිසිම ජයාරූපයක් නැහැ.හරිම ගුප්තයි.ඉතින් මේ AleeyKat93 පවසනවා කේටිව ආපහු ලබාගන්න නම් ස්ලෙන්ඩර් මිනිහාව ආපහු සැරයක් කැදවන්න කියලා.ඉතින් මොවුන් ඒ වැඩේ කරන්න පිටත් වෙනවා.ඉතින් අපි බලමුකෝ මොවුන්ට ස්ලෙන්ඩර් මිනිහාගෙන් ඇයව බේරගන්න ලැබෙයිද වගේම මොවුනුත් ස්ලෙන්ඩර් මිනිහාට ගොදුරු වෙයිද කියලා.

2018 වර්ෂයේ අගෝස්තු මාස 10 වන දින තමයි මෙම චිත්‍රපටය නිකුට් වුණේ. IMDb අගය 3 ක වගේ අගයක් තමයි අරගැනීමට සමත් වෙලා තිබෙන්නේ.ඒවගේම තමයි කුණු තක්කාලි අගය 7% වගේ ප්‍රමාණයක් අරගන්න සමත් වෙලා තියෙනවා.මෙම චිත්‍රපටය අයත් වන වන්නේ Horror | Mystery | Thriller කාණ්ඩයටයි. ඒවගේම මෙහි රංගයෙන් දායක වන්නේ Joey King | Javier Botet |Julia Goldani Telles | Annalise Basso | Jaz Sinclair | Kayla Caulfield සහ Taylor Richardson යන කළුකැලයි. එහෙනම් ඉතින් රේටින් දැක්කම කට්ටිය හිතෙනවා ”මෙලෝ රහක්” නැතිව ඇති කියලා. ඉතින් මම මුකුත් කියන්න යන්නේ නැහැ. කැමති කට්ටිය අරගෙන බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ. තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය  BR පිටපත සඳහා අදාළ වේ.

3,283 downloadsDownload The-Slender-Man-2018.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

3,283 downloadsDownload Subtitles28 KB

34 comments

  1. Nuwan_Hero

    thanks

  2. aroshaisham

    broo suppa movie ekak tiyenawa... Reprisal .puluwan nam eka denawada

    1. Ravindu Rukshan

      ඒක දීලා තිය්‍ර්න්නෙ

  3. Theshan077

    Thanks mchn.. all the best..

  4. gihan perera

    ස්තුතියි සහෝ....ජය වෙිවා....දිගටම උපසිරැසි කරන්න සහෝ....

  5. Hashan M. Priyadarshana

    Thank you bro

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  7. Kulanjana Maduranga

    subata thanks saho....

  8. Ravindu Dananjaya

    baiscope download එකට ඇයි ඉතාම ලින්ක් එක දාල නැත්තෙ

  9. Ravindu Dananjaya

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසි වලට

  10. Hiranhiru

    උපසිරැසියට ජය
    ගොඩක් ස්තුතියි. අපොයි ඒත් මං හොල්මන් පිලුම් වලට ආස නෑ.. ඒත් ආස අයත් ඇතිනෙ.
    තෙරුවන් සරණයි....!

  11. Ravindu Dananjaya

    මෙන්න මම ගානේ direct link එක

    Openload.co/f/Yd8Si5mC47E#

  12. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  13. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි.......... ජයවේවා.........!!!!!!!!!!

  14. Dewadithya

    Thanks for Sub!

  15. AyeshDushmantha

    Thanks bro

  16. Cj

    තැන්කුයි වේවා

  17. Suranjan

    Thanks machan.......jayawewa......!

  18. supershiwa

    thanks bro

  19. pradeep darshana

    Thanks bor

  20. ruwankgm

    IT film ekatanam baya hitenne na eth dead silence nam baya hitenawa anyway thanks sabata saho

  21. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
    ජයෙන් ජය.

  22. AsithaDilruwan

    ela saho thanks

  23. Luchnik

    Thanks bro..✌️

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සබ් එකට.....!

  26. kusal lakindu

    ස්තූතියි.

  27. Dula95

    thanks bro

    1. SMKIMK

      Thanks for sub

  28. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  29. sandharu

    Thanks broo

  30. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  31. Kaveen Gayath

    Thanks for the sub bro