මේ ෆිල්ම් එක කරන්නම් කියල බාරගෙන මම හිතන්නෙ දැන් මාස 6කටත් වැඩිද මන්දා. කෝම හරි මට ඇඩ්මින්ලා එක්ක හුවමාරු වෙච්ච පරන ඊමේල් එක හොයා ගන්නත් බැරි උනා. කොහොම හරි වෙච්ච පොරොන්දුව ඉටු කරන්නයි මේ හදන්නෙ. මේ ෆිල්ම් එක ස්වීඩන් ෆිල්ම් එකක්. වර්ගෙ නම් මට හිතාගන්න අමාරුයි. Comedy, Drama කියල IMDB එකේ සඳහන් උනාට…

මේ ෆිල්ම් එක කරන්නම් කියල බාරගෙන මම හිතන්නෙ දැන් මාස 6කටත් වැඩිද මන්දා. කෝම හරි මට ඇඩ්මින්ලා එක්ක හුවමාරු වෙච්ච පරන ඊමේල් එක හොයා ගන්නත් බැරි උනා. කොහොම හරි වෙච්ච පොරොන්දුව ඉටු කරන්නයි මේ හදන්නෙ.
මේ ෆිල්ම් එක ස්වීඩන් ෆිල්ම් එකක්. වර්ගෙ නම් මට හිතාගන්න අමාරුයි. Comedy, Drama කියල IMDB එකේ සඳහන් උනාට මට නම් හිතෙන්නෙ මේක පොඩ්ඩක් සම්භාව්‍ය ගණයට ඇදෙන එකක්. ඒ උනාට හොඳ පණිවිඩයක් සමාජ ගත කරන්න ගත්තු හොඳ උත්සහයක් කියල හිතෙනවා. (අවංකවම කිව්වොත් සමහර අයට මෙක සම්භාව්‍ය මල විකාරයක් වේවි. ඒ හින්දා ඔය මොලේ කලම්බල පිස්සු වැටෙන ෆිල්ම් බලන්නෙ නැති අය මේක අරගෙන ඩේටයි, කාලය නාස්ති කරගන්නෙපා).
ලෝලා අරිඅස් නම් ශිල්පිණියගේ චතුරස්‍රය කියන කලා කෘතිය එක්තරා කෞතුකාගාරයක ප්‍රදර්ශනයට සූදානම් කරනවා. මහ දෙයක් නෑ ඒකෙ. නිකන්ම බිම ඇඳපු හිස් හරි හතරැස් කොට්ටක්. හැබැයි මේ කොටුව මගින් ලොකු පණිවිඩයක් ලෝකෙට දෙන්න උත්සහ ගන්නවා. ඒ කියන්නෙ අපි “සමාජය තුලදී අනෙනෝන්‍ය වශයෙන් උපකාර කරගෙන ජීවත් උනොත් මිනිසාගෙ සැබෑ උසස් බව එයයි” වගේ බොහොම අර්ථාන්විත, කාලෝචිත පණිවිඩයක් දෙන්නයි උත්සහ කරන්නෙ. ලොකු ප්‍රදර්ශනයක් හරහා මේකෙ මුහුරත් උලෙල තියන්නයි සංවිධායකයන්ට ඕනි. ඉතින් එයාල මේකට ටිකක් අමානුශික විදියේ වීඩියෝවක් හදලා අන්තර්ජාලයට නිදහස් කරන්නයි සැලසුම. ඔය අතරෙ මේ කෞතුකාගාරයේ විධායක නිලදාරියාට හෙන අකරතැබ්බක් වෙනවා. අකරතැබ්බ අස්සෙ විධායක අවසරයකින් තොරව සංවිධායකයෝ වීඩියෝව අන්තර්ජාලයට නිදහස් කරල අන්තිමේදි අර විධායක නිලදාරියාගෙ ජොබත් ගහල යන තැනට එනවා. ඒ වගේම තව හෙන කෞතුකාගාරයටයි, ප්‍රදර්ශනයටයි හෙන කොස්සක් වැටෙන්නත් යනවා. එහෙමයි මේ කතාව ගලා යන්නෙ. ආ තව මේකෙ හීනියට පොඩියට 18+ කොටසකුත් යනවා.
ධාවන කාලය:- පැය 2 විනාඩි 31යි IMDB අගය 7.3යි . ඔස්කා ඇතුලු තවත් සම්මාන 38කට නාමයෝජනා වී ඇති අතර සම්මාන 31කට පාත්‍ර වෙලා තියනවා.“චතුරස්‍රය යනු,විශ්වාසයේ හා රැකවරණයේ පුණ්‍යස්ථානයයි.එහි සීමා මායිම් තුල ,අපි සැවොම අයිතිවාසිකම් සහ වගකීම් සමානව බෙදා හදා ගනී .”
තවත් උපසිරැසියකින් හමුවෙමු…!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,959 downloadsDownload The.Square.2017.Baiscopelk.com_.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මධුර ජයසංඛ කෞශල්‍යය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුර ජයසංඛ
Subtitles
16 comments
Udara Damith Dissanayaka
solas
Thank You Machan
Kulanjana Maduranga
subata thanks saho...
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
gihan perera
ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න සහෝ...හැබැයි මේකට උපසිරැසි කරා වගේ මාස ගානක් ගන්න එපා මචෝ....ජය වෙිවා....
comax
bro one star dunnata salenna epa gud luck
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!kasun3
ela ela............
Dewadithya
Thanks for Sub!
darshana100
thanks yalu
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.AsithaDilruwan
Ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Gayan Chathuranga
ස්තුයි සහෝ!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අපෝ මන්නම් මොලේ විකාර වෙලා යන ඒවා බලනවා