ඔන්න ගොඩ කාලෙකට පස්සෙ තමයි මං ඔයාලට උපසිරැසියක් අරන් ආවේ. The House සබ් එකෙන් පස්සෙ සබ් එකක් කරේම නෑ.වෙලාවක් තිබ්බෙ නෑ. මොකද උසස් පෙළ විභාගෙ තිබ්බනෙ.😊ඒ කියලා ඉතින් ෆිල්ම් බලන එකනම් නැවැත්තුවෙ නෑ.😁 ඇත්තම කිව්වොත් මං කලින් සබ් දෙකක්ම බාර ගත්තා. ඒත් ඒ දෙකම කරන්න බැරි උනා.කොහොමහරි ඔන්න 8 වෙනි සබ් එකත්…

ඔන්න ගොඩ කාලෙකට පස්සෙ තමයි මං ඔයාලට උපසිරැසියක් අරන් ආවේ. The House සබ් එකෙන් පස්සෙ සබ් එකක් කරේම නෑ.වෙලාවක් තිබ්බෙ නෑ. මොකද උසස් පෙළ විභාගෙ තිබ්බනෙ.😊ඒ කියලා ඉතින් ෆිල්ම් බලන එකනම් නැවැත්තුවෙ නෑ.😁 ඇත්තම කිව්වොත් මං කලින් සබ් දෙකක්ම බාර ගත්තා. ඒත් ඒ දෙකම කරන්න බැරි උනා.කොහොමහරි ඔන්න 8 වෙනි සබ් එකත් කරා.😂 හැබැයි ඉතින් ඉදලා ඉදලා ගෙනාවෙ ක්‍රියාදාම චිත්‍රපටයක්වත් ආදර කතාවක්වත්ඇ නිමේශන් එකක්වත් නෙමෙයි.මේක ඇවිත් නාට්‍යමය (Drama) චිත්‍රපටයක්. ඔව් ගොඩ දෙනෙක් අකමැතිම චිත්‍රපට තමයි මේවා.නින්ද යනවා මේවා බලද්දි. කරන්න සබ් එකක් නැතුව ඉද්දි අහම්බෙන් මේකෙයි තව ෆිල්ම් එකකයි trailer එක දැකලා, පස්සෙ මං සිසිල සහෝට කිව්වහම එයා මේක කරන්න කිව්වා. ෆිල්ම් එක ඇවිත්නම් ටික දවසක් වෙනවා.ඉතින් සමාවෙන්න ඕනි මට මේක කලින් භාර අරන් කරන්න බැරිවුනාට.🙂
Peter Rock කියන නවකතා රචකයාගෙ My Abandonment කියන ග්‍රන්ථය පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිමවෙන්නෙ. PTSD කියන මානසික රෝගයට ගොදුරු වෙලා ඉන්න ඇමරිකානු හමුදාවෙ හිටපු නිලධාරියෙක් වන විල් සහ එයාගෙ 13 හැවරිදි දුව ටොම් වටා තමයි කතාව ගලාගෙන යන්නෙ. මේ රෝගී තත්වය මෙයාව ගොඩක් දුර්වල කරනවා. යුද බිමේ ලබපු කටුක අත්දැකීම් නිසා තමයි මේ ලෙඩේ එයාට හැදෙන්නෙ. දෙන්නා සමාජයෙන් ඈත්වෙලා පොට්ලෑන්ඩ්වල රක්ශිත උද්‍යානයක ගොඩක් කල් අනවසරෙන් තමයි ජීවත් වෙන්නෙ. ඉතින් දවසක් මේ දෙන්නව බලධාරීන්ට අහුවෙනවා. ඒ අය මෙයාලට මිනිස්සු වැඩිය පැත්තක නැති ගෙදරක් දෙනවා. ඒත් තාත්තයි දුවයි ඒ ගේ අතෑරලා ආයෙත් කැලේට යනවා.තාත්තගෙ රෝගී තත්වය නිසා කරන වැඩ හින්දා මෙයාලට ගොඩක් කරදර වෙනවා. කෙසේවෙතත් මේ කතාවෙදි තාත්තගෙයි දුවගෙයි දෙන්නගෙ බැදීම ගොඩක් ලස්සනට පෙන්නනවා.ලස්සනට කියන්නෙ එක වෙලාවකට ආදරණීය විදිහටත් තවත් වෙලාවකට දුක්ඛිත විදිහටත්. මේ දෙන්නගෙ දෘෂ්ටි කෝණ වලින් කතාව ගලාගෙන යන එක මේකෙ සාර්ථකත්වයට හේතු වෙනවා කියලා මං හිතනවා. ගොඩක් සාමාන්‍ය චිත්‍රපටයක් විදිහට ගලාගෙන ගියත් මේකෙ ඇතුලාන්තය ගොඩක් ලොකු අර්ථයක් තියෙනවා ප්‍රේක්ෂකයට හිතන්න යමක් ඉතුරුකරමින්ම.මේ චිත්‍රපටය සහ පොත විවිධ විචාරකයින් විවිධාකාරයෙන් නිර්වචනය කරලා තියෙනවා.මං ඒවා මෙතන දාන්න යන්නෑ කැමතිනම් ඔයාලට පුලුවන් ඒවා අන්තර්ජාලයෙ පොඩ්ඩක් හොයලා බලන්න. Action, Adventure, Horror, Love Story, Animation, වැඩි වශයෙන් බලන අයට මේක වෙනස් විදිහෙ අත්දැකීමක් වෙයි කියලා හිතනවා.
මේකෙ ප්‍රධාන චරිත වලට දායක වන්නෙ Ben Foster සහ ළමා නිළි Thomasin McKenzie. මතක ඇතිනෙ Warcraft (2016), The Mechanic (2011) ෆිල්ම් වල හිටපු Ben Foster.සෙසු චරිත විදිහට Isaiah Stone, Dale Dickey, Dana Millican ආදී අය දායක වෙනවා.මෙය Debra Granik කියන කාන්තා අධ්‍යක්ෂිකාව අධ්‍යක්ෂනය කිරීමත් විශේෂත්වයක්..චිත්‍රපටයේ IMDb අගයම 7.3ක්. Rotten Tomatoes 100%ක අගයක් තියෙනවා.චිත්‍රපටය පැයකුත් විනාඩි 59 ක කාලයක් ගලා යනවා. Box office ආදායම ඩොලර් මිලියන 7ක්. මෙය සම්මාන 13කටම නිර්දේශවීමත් සම්මාන, 4ක් දිනාගැනීමත් විශේෂිතයි. ඒ වගේම මේ සම්මාන හතරම ලැබෙන්නෙ Debra Granik අධ්‍යක්ෂිකාවට. ඉතින් ඔය දේවල් තමයි මේ චිත්‍රපටයෙ ඇතුලාන්තයේ තියෙන්නෙ.🙂 *විශේෂ කරුණක් තමයි Ben Foster නළුවා සහ Debra Granik අධ්‍යක්ෂිකාව මෙහි එන දෙබස් 40%ක්ම සංස්කරණය කරලා තියෙනවා මොකද එතකොට චිත්‍රපටයෙ කතා රසය වැඩි වෙයි කියලා හිතලා.
මං හිතනවා මේ කරුණුවලින් ඔයාලට ෆිල්ම් එක බලනවද නැද්ද කියලා පොඩි අදහසක් ගන්න පුලුවන් වෙයි කියලා. මේ වගේ චිත්‍රපට බලන අය මග නොහැරිය යුතු චිත්‍රපටයක් මේක. එහෙනම් බයිස්කෝප්වාසි හැමදෙනාවම ඉක්මනටම තවත් උපසිරැසියකින් හම්බවෙමු. ජයවේවා!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB/BR පිටපත සඳහා වලංගු වේ.
2,483 downloadsDownload Leave-No-Trace-2018.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුභාෂණ බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුභාෂණ බණ්ඩාර
Subtitles
29 comments
Praveen
Dewadithya
Thanks for Sub!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!indika75
thanks.
Nivom
thanks sub ekata
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!sasala
thanks bohoma
Nimach273
Thanks sub akta........
Kulanjana Maduranga
subata thanks.....
Tharaka
THANKS................................
බොබී
සබ් එකට ස්තූතියි සහෝ. දිගටම කරගෙන යමු.
inranasingha
patta
Udara Damith Dissanayaka
ස්තුතියි
සිංහල
උපසිරසටricadodamien
Thank u Madubashana brother & baiscope team for the sub, all the best to baiscope team.........
Athula
Thanks ...
Gayan Chathuranga
thnaks bro !!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.AsithaDilruwan
Ela saho thanks
MAALnath
Thanks ................good luck ................the exorcist season 02,colony season 03............sinhala sub denna.............................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Wicki
ඔබට බොහොම ස්තූතියි
Lakshan1327
Thanks bro
Binod .m
Thanks a lot
Anonymous
Thanks ❤ I
Anonymous
Thanks ❤ ❤❤
chandik
I loved it. Beautiful silence. Thanks for the subtitles. Keep up the good work.
Anonymous
Thanks Brother
Advertisement

thnkzzzzzzzzz bro