Watch Trailer

The Sting (1973) with Sinhala Subtitles | මෙහෙමත් ඇන්දිල්ලක්… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම චිත්‍රපටයේ අන්තර්ගත කතාව ගැන විස්තරයක් කරලා ඉන්නම්. මෙම චිත්‍රපටය තුළින් දිගහැරෙන්නෙ 1936 වර්ෂය තුළ සිදුවු කතාවක්. කතාවේ ප්‍රධාන චරිතේ වෙන්නෙ ජොනී හුකර් නැමැති තරැණයෙක්. විවිධාකාර කූට උපක්‍රම යොදාගෙන මිනිසුන් රවටා කීයක් හරි කඩා වඩාගන්න එක තමා මේ තරැණයාගේ වෘත්තිය. ලූතර් කෝල්මන් නැමැති පුද්ගල…

මුලින්ම චිත්‍රපටයේ අන්තර්ගත කතාව ගැන විස්තරයක් කරලා ඉන්නම්. මෙම චිත්‍රපටය තුළින් දිගහැරෙන්නෙ 1936 වර්ෂය තුළ සිදුවු කතාවක්. කතාවේ ප්‍රධාන චරිතේ වෙන්නෙ ජොනී හුකර් නැමැති තරැණයෙක්. විවිධාකාර කූට උපක්‍රම යොදාගෙන මිනිසුන් රවටා කීයක් හරි කඩා වඩාගන්න එක තමා මේ තරැණයාගේ වෘත්තිය.  ලූතර් කෝල්මන් නැමැති පුද්ගලයෙකු හා එක්වයි ඔහු එම වංචනික ක්‍රියාවල නිරත වන්නෙ. ඒ ලූතර් කෝල්මන් තමා ජොනී හුකර් හට මිනිසුන් රවැටීමේ ශිල්පය උගන්නලා තියෙන්නෙ. ඇමරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ ජොලියට් නගරයේදී දිනක් මොවන් දෙදෙනා එකතු වී වංචනික ක්‍රියාවක නියැලෙනවා. එහිදී යම් කිසි පුද්ගලයෙකු රවටා මොවුන් දෙදෙනා විශාල මුදල් ප්‍රමාණයක් සොරා ගන්නවා. නමුත් එය ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා ඉතා ඉහල මුදල් ප්‍රමාණයක්. ඔවුන් දෙදෙනා මෙසේ නොදැනුවත්ව සොරකම් කර තිබෙන්නෙ නිව්යෝක් නුවර සිටින ධනවත් ව්‍යාපාරිකයෙක්ට අයත් මුදල් සම්භාරයක්. මෙම ව්‍යාපාරිකයා වංචනික ක්‍රියා වලින් මුදල් උපයන, මැර බලයෙන් හා දේෂපාලන බලයෙන් සන්නද්ධ දරැණු පුද්ගලයෙක්. ඉතා ධනවත් ව්‍යාපාරිකයෙක් උනත් තමාට අහිමි වු මෙම සුළු මුදල ගැන ඔහු ලේසියෙන් තකන්නෙ නෑ. ඉතිං එහි ප්‍රතිළුලයක් විදියට ලූතර් කෝල්මන් හට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වෙනවා. නමුත් ඔහුගේ සගයා වු ජොනී හුකර් අහම්බෙන් දිවි බේරාගන්නට සමත් වී චිකාගෝ නුවරට පළා යනවා. චිකාගෝ නුවරට පළාගිය මෙම තරැණයාට කුමක් සිදු වේවිද? තමන් පිටුපස පන්නන මැරයන්ගෙන් ඔහුට තම ජීවිතය ආරක්ෂා කරගැනීමට ලැබේවිද?  ඔහුට තම හොඳම මිතුරා ඝාතනය කළ ව්‍යාපාරිකයාගෙන් පළි ගැනීමට හැකිවේවිද? ඔහු ඒ සඳහා කුමන ක්‍රියාමාර්ගයක් ගනීවීද? ඉන් ඔහුට සාර්තක වීමට ලැබේවීද?

1973 වර්ෂය තුළ තිරගත වූ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ George Roy Hill විසින්.  මෙයට රංගනයෙන් දායක වී තිබෙන්නෙ Paul Newman, Robert Redford, Robert Shaw යන රංගන ශිල්පීන්. විනාඩි 129ක ධාවන කාලයක් සහිත මෙම චිත්‍රපටය Crime / Drama / Comedy යන වර්ග වලට අයත් වන්නක්. එමෙන්ම මෙම චිත්‍රපටය ඇමරිකන් ඩොලර් මිලියන 160ක ඉහල අදායමක් උපදවමින් 1973 වර්ෂය තුළ ලොව දෙවෙනියට වැඩිම ආදායමක් ඉපැයු චිත්‍රපටය බවට පත්ව තිබෙනවා. එමෙන්ම උද්ධමනයට සාපේක්ෂව බැලූ කල මෙය එදා මෙදා තුර ඇමරිකාව තුළ 20 වෙනියට වැඩිම ආදායමක් ඉපැයු චිත්‍රපටය. ආදායම අතින් පමණක් නොව සම්මාන අතින්ද ඉහලම සාර්තකත්වයක් ලබමින් මෙය එම වසරේ ඔස්කා සම්මාන උළලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළු ප්‍රධාන පෙළේ සම්මාන 7ක්ම දිනාගන්නට සමත් වී තිබෙනවා. එමෙන්ම  8.3 ක් වැනි ඉහල මට්ටමේ IMDB අගයක් ලබාගෙන මෙය IMDB දර්ෂකයේ 92 වෙනි ස්ථානයේ පසුවෙනවා. ඉතිං මේ චිත්‍රපටයේ ඇති විශිෂ්ටත්වය ගැන ආයි අමුතුවෙන් කතා කරන්න අවශ්‍ය නෑ.

මේක මගේ 19 වෙනි සබ් එක. සබ් එක ඕනම බ්ලූරේ කොපියකට ගැලපෙනවා. මේ චිත්‍රපටය ආරම්භයේ ඉඳන් අවසානය දක්වාම එකම ගැම්මෙන් හා කුතුහලයෙන් නරඹන්න පුළුවන්. ඒ වගේම මෙහි තිබෙන්නෙ සිත් කළඹවන අවසානයක්.අන්තිමට හිතාගන්න බැරිවෙයි මොකද්ද මේ වුනේ කියලා. ඒ වගේම පැරණි චිත්‍රපටයක් උනත් මෙහි රෑපවල කොලිටිය ඉතා ඉහල මට්ටමක පවතිනවා. එහෙනං ඉතිං මේ චිත්‍රපටය රසවිඳින්න කියන ආරාධනාවත් සමග මම දැනට සමුගන්නවා. තවත් සබ් එකක් සමගින් ලඟඳීම හම්බවෙමු.

ඔබ සැමට ජයෙන් ජය !!!

The Sting (1973) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Sting.1973.1080p.BluRay.x264.anoXmous

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,713 downloadsDownload The-Sting-1973.zip68 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

James DC

Subtitles

2,713 downloadsDownload Subtitles68 KB

20 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. එල්.සී. දමැල්

    දිගටම සබ් දෙමු... නියමයි..

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  5. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  6. Withanage Priyantha Dayakeerthi

    IMDb දර්ශකයේ 92 වන ස්ථානයේ පසුවෙන මෙම සිනමාපටය ගැන දැන සිටියත් මීටපෙර නරඹා නැහැ. එයට සිංහල උපසිරසි ලැබී තිබෙන නිසා එම සිනමාපටය අනිවාර්යයෙන්ම නරඹනවා. ඔබට ගොඩක්ම ස්තුතියි!!! නැවත IMDb දර්ශකයේ ඉහළින් තිබෙන මෙවන් පැරණි සිනමාපටයකට සිංහල උපසිරසි ලබාදෙන්න. ඔබට ජය! මීට පෙර ඔබේ උපසිරසි නිර්මාණ බොහොමයක් මා නරඹා තිබෙනවා.

  7. Chalana

    meka 720p file ekatath matchda bro?

    1. James DC

      ඔව් සහෝ. ඕනම බ්ලූරේ කොපියකට මැච් වෙනවා.

  8. Dulanga

    Thanks

  9. ඉෂාන් මදුෂ

    ගොඩක් ස්තූතියි සහෝ.

  10. අසිත

    මුලින්ම තෑන්ක්ස් සහෝ මේ වගේ ෆිල්ම් එකකට සබ් දෙන්න හිතිලා තෝරා ගත්තා එකටම...
    ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
    ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….

    මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
    සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
    එලම සහෝ තෑන්ක්ස්
    තවත් IMDB TOP 250 ෆිල්ම් වලට සබ දෙන්න ශක්තිය ලැබේවා!!
    ජයෙන් ජය වේවා!!!

  11. wiki

    Thanks

  12. kent parker

    thanks bn

  13. Hassy

    thank you! me type eke films niyamai!

  14. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  15. ricadodamien

    Thank You James D C brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team......

  16. namal kumara

    ගොඩක් කල් download කරල. අදයි බැලුවෙ, පරණ උනාට පට්ට ෆිලුමක්.....tanks subata!!!

  17. LakshanD

    ස්තූතිය සහෝ මහන්සියට

  18. Gayan Chathuranga

    Thanks !

  19. Malindu

    මෙකේ සබ්ටයිටල් ඩවුන්ලෝඩ් කරන්න බෑනේ