Watch Trailer

Begum Jaan (2017) with Sinhala Subtitles | වෙසඟනන් ලෙස ජීවත් වූහ, රැජිණියන් ලෙස සටන් කළහ..(50) [සිංහල උපසිරැසි සමග]

බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ කවද්ද කියලා මතක නැහැ. ඒ ගැන දැනගත්තේ කොහොමද කියලවත් මතක නැහැ. හැබැයි පලවෙනි දවසෙම පිස්සුවෙන් වගේ හොල්මන් චිත්‍රපටි කැටගරිය පීරූවා මතකයි. අද වෙද්දී ඒවයින් බාගයක් විතර බලලා තියෙනවා වගේම හොල්මන් චිත්‍රපටි වලට තිබ්බ පිස්සුවත් නැත්තටම නැති වෙලා ගිහින්. ඉතින් ඔන්න ඔය වගේ චිත්‍ර…

 

බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ කවද්ද කියලා මතක නැහැ. ඒ ගැන දැනගත්තේ කොහොමද කියලවත් මතක නැහැ. හැබැයි පලවෙනි දවසෙම පිස්සුවෙන් වගේ හොල්මන් චිත්‍රපටි කැටගරිය පීරූවා මතකයි. අද වෙද්දී ඒවයින් බාගයක් විතර බලලා තියෙනවා වගේම හොල්මන් චිත්‍රපටි වලට තිබ්බ පිස්සුවත් නැත්තටම නැති වෙලා ගිහින්. ඉතින් ඔන්න ඔය වගේ චිත්‍රපටියක් තමා Case 39 චිත්‍රපටිය. ඕක බලනගමන් මේ සිංහල උපසිරසි වැඩ කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හොයන්න හිතුනා. ඉතින් බයිස්කෝප් එකටම ගිහින්, කියලා තියෙන හැටියට උපසිරසි පේලි දෙක තුනක් කොටලා බැලුවා. අප්පටහුඩු මෙන්න බොලේ වැඩ. එදා දැනුනු සතුට නම්. ඉතින් ඔහොම කාලයක් ගිහින් පලවෙනි උපසිරැසිය හැටියට මම ආසම බොලිවුඩ් නිළිය කංගනා රනාවට් ඉන්න හොල්මන් චිත්‍රපටියක් වෙන Raaz: The Mystery Continues (2009)  කියන චිත්‍රපටියට උපසිරැසිය කරලා මේ වැඩේට මුල්ගල තිබ්බා. අද පලවෙනි කඩඉම පහු කරන්න මට අවුරුදු 03කුත් මාස 04ක් වගේ කාලයක් ගියා. බොහෝ විට මේ පළමු වගේම අවසන් කඩඉමත් වෙන්න පුළුවන්. මොකද, පොතේ හැටියට බලද්දී 100 ගහද්දී 2020ත් පහුවෙලා. එතකොට ඉඳියිද නැද්ද කවුද දන්නේ, හෙහ්!

ඉතින් 2014 ඉඳන් මේ දක්වා අලුත් යාළුවො සෙට් එකක් බයිස්කෝප් එක හින්දා සෙට් වුණා. එයාලවත් මතක් නොකරම බැහැ. මුලින්ම රොයිලි අයියව මතක් කරන්න ඕන. මොකද ඒ ඔලුවට මේ සිංහල උපසිරසි කියන දේ ආවේ නැත්තම් අද මේ සිංහල උපසිරසිකරණය කියන දේ මෙච්චර දුර නොයන්න තිබුණා හෝ සමහරවිට මේ වෙද්දීත් හොයා නොගෙන ඉන්න තිබ්බා. ඒ ගෞරවය රොයිලි අයියට වගේම බයිස්කෝප් අඩවියට හැමදාම හිමි වෙනවා. ඊළඟට ඉසිර අයියාව මතක් කරන්න ඕන, මේ අඩවියේ නිර්මාතෘ. මම නම් දැකලත් නැහැ, දන්නෙත් නැහැ එයාව නම්. ඊට පස්සේ මේකේ ඇඩ්මින් මඩුල්ල. මුලින්ම සෙට් උනේ වාසල අයියා. නොදන්න දෙයක් කියලා දීලා වැරදි කරාම සමාව දීලා ආයේ අඩවියට වද්දගත්තේ එතුමා. ඊට පස්සේ පරිපාලනයේ අය ගැන කතා කරොත් ඉතින් හේවයියා, හසායියා, සමීරයියා, සමන්, විමා, ශෝනා, ප්‍රණීත්, අසංකයියා, නිර්මාණි මෙන්න මේ VIP පුටු වලින් වාඩි උනා නම් හොඳයි. ඊට පස්සේ සෙට් එකම ගැන කිව්වොත් පුර්නි, චාමර, නිලුපුල්, දසන්, කසුන්, දේවක, චමල්, යසිරු, කවිඳු, සඳුන්, නයා, කාලිංග, රූකාන්ත, සංසල, ඉන්දරේ, සිසිත, සිසිල, අචින්ත, සර් මහත්තයා, තිසර, රඛිත, SPD, දහරක්කා, උෂාන්, ලහිරු, නලීන් අයියා, සුදු මල්ලි, නුවන්ත, රවිඳු රුක්ෂාන්, තාරක, සචිත්, ප්‍රනීත් නාවලඇල්ල, සුධීර සහෝ, ෂෙරින් අක්කා, කැලුම් අයියා, සුරේනි අක්කා ආදරෙන් මතක් කරන්න ඕන. එතනින් ගියාම විතානගේ ප්‍රියන්ත සහෝදරයා, බුද්ධික නුවන්, එල්.සී ද මැල් මලයා, අසංකයියාට විශේෂයෙන් ස්තුති කරන්න කැමතියි පරණ චිත්‍රපටි වලට අපිට සිංහල උපසිරැසි ගෙනත් දෙනවට. ගොඩක් අය නැඹුරු නොවන විදිහේ වැඩක් එතුමන්ලා කරනවා. ස්තුති කතාවේ අවසන් බාගය මම කැමතියි හැමදාම හිත පිරෙන්න කමෙන්ට් එකක් දාලා යන මිතුන් සහෝදරයා වගේම නිරෝෂ් සහෝදරයා ඇතුළු හැමෝටම වෙන් කරන්න. බොහොමත්ම ස්තූතියි හැමෝටම. මොන විදිහකින් හරි අමතක වෙච්ච කවුරුහරි ඉන්නවා නම් සමාවෙන්නත් ඕන.

50 වෙනි උපසිරැසිය විදිහට මම අරන් ආවේ දැනට මේ අවුරුද්දේ ආදායම් අතින් බලවත් අසාධාරණයකට ලක් වෙච්ච බොලිවුඩ් චිත්‍රපටිය. මේ අවුරුද්දේ දැනට මගේ හිතට වැදුණු එකම හින්දි චිත්‍රපටිය. ඔයාලට එහෙම වෙයිද නොවෙයිද දන්නේ නැහැ. මම කොච්චර මේ චිත්‍රපටිය වින්දද කියනවා නම් අවසන් ගීතය වාදනය වෙද්දී නොදැනීම මයෙ ඇහැට පොඩි කඳුලක් ආවා. ඒ හින්දයි මම කියන්නේ මේ චිත්‍රපටියට ලැබෙන්න ඕන තැන ඉන්දීය ප්‍රේක්ෂකයෝ ලබා දුන්නේ නැහැ කියලා. බලමු, සම්මාන උළෙලකදී හෝ සුදුස්සාට සුදුසු තැන ලැබෙයිද කියලා. 50 වෙනි උපසිරැසිය විදිහට මේ චිත්‍රපටිය නෙමේ කොහොමත් කරන්න හිටියේ. ඒත් බැලුවට පස්සේ මේක 50ට කරනවයි කියලා හිතාගත්තා. මගේ අතින් හරි මේකට යම් විශේෂයක් කරන්න හිතුනා. Begum Jaan රිදී තිරයට ආවේ අප්‍රියෙල් 14 වෙනිදා, ෆියුරියස් 8ත් එක්ක සමගාමීව. ඉතින් ආදායම් අතින් අසාර්ථක වෙන්න මේක ලොකු හේතුවක් කියලා විචාරකයෝ කියනවා. ෆියුරියස් 8 නොවෙන්න මේක විද්‍යා බාලන්ගේ පිට පිට ආදායම් අතින් අඛණ්ඩව අසාර්ථක වෙච්ච 7වෙනි චිත්‍රපටිය නොවෙන්නත් තිබුණා. කොහොම හරි චිත්‍රපටිය උපයගත්තේ කෝටි 20ක් වගේ මුදලක්. ආදායම් වාර්තා පැත්තකට දාලා මේක බලන්න ගන්න. විද්‍යා සුපුරුදු විදිහට උපරිමයි. ඊට අමතරව ගෞරව් ඛාන්, පල්ලවී ෂර්දාගේ ඇතුළු අනිත් හැමෝගෙම රඟපෑම් බලන්නම වටිනවා. තව දන්න කියන අයත් ඇති, ඔයාලට අඳුරගන්නත් අමාරු වෙයි. කවුද කියලා කියන්නේ නැහැ. සමහරවිට ඔයා දැනගන්න එකකුත් නැහැ. සංගීතය ගැන කියන්න දෙයක් නෑ ඔයාගේ හිත හාරලා පාරලා දායි. ආශා බෝස්ලේත් කාලෙකට පස්සේ මේකට සිංදුවකින් දායක වෙලා තියෙනවා. ඉතින්…… උපසිරැසිය ගැන කිව්වොත් මම පාවිච්චි කරපු සමහර වචන අසභ්‍යයි කියලා හිතයිද දන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ, ගණිකාවෝ ගොඩක් වෙලාවට “ඩීසන්ට්” පිට කතා කරනවා අඩුයිනේ නේහ්. ඒ හින්දා අවුල් වගේ නම් සමාවෙන්න. දැන් යන්නම්, ගොඩක් ටයිප් කරානේ. කතාවේ හයිලයිට්ස් ටිකක් දාගෙනම යනවා. ජය වේවා!

“උදේ වරුවට අපේ ගේ පැත්ත බලලා බත් කන්නෙත් නෑ.
මගේ කෙල්ලෙක් ළඟින් ගියොත් කාරලා කාරලා බිමට කෙළ ගහනවා. දැක්ක තැන බයිනවා. *** ** කියනවා.
අනේ අම්මපා මුන් වගේ සුද්දවන්තයෝ.
හැබැයි ඉර අවරට යන්න නෑ.
ඔන්න එකා දෙන්නා ඇදෙනවා අපේ ගෙවල් පැත්තට.
උදේ තිබ්බ ගිනියම දැන් නෑ, බලු කුක්කෝ වගේ.
සල්ලි ගෙවනවා, මගෙ කෙල්ලෙක් එක්ක ඇතුලට යනවා.
කාලකන්ණි හැත්ත.”

“බේගම් ජාන්ගේ නම ඇහෙද්දිත් ඕන පිරිමියෙක් වෙවුලනවා.
මේ බේගම් ජාන් බයයි නම් ඒ මගේ කෙල්ලෝ ගැන විතරයි.
මට ගණිකා මඩමක් තිබ්බට මට උන් ගණිකාවෝ නෙමේ.
උන් මගේම දූවරු.”

“බේගම් ජාන්, මාසයක් ඇතුලත මේ ගණිකා මඩම හිස් කරන්න ඕන.
නැත්තම් අපි නොකීවා කියන්නෙපා”

“කන්නෙත් මෙතන, කැත කරන්නෙත් මෙතන, ඉපදුනෙත් මෙතන, මැරෙන්නෙත් මෙතන.
මගේ ගේ, මගේ රට ඒ වගේම මේ නීතියත් මගෙමයි.
එක ආණ්ඩුවේ බල්ලෙක්ට බෑ මාව එලවන්න”

 

Begum Jaan (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Begum Jaan (2017) – 1CD – WebHD-Rip – Hindi – x264 – MP3 – Mafiaking – M2Tv  මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

12,574 downloadsDownload Begum-Jaan-2017.zip60 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

PHOENIX

Subtitles

12,574 downloadsDownload Subtitles60 KB

67 comments

  1. Devaka Sadaruwan

    සුභ පැතුම් සහො
    මම හිතුවේ නම් 50 පැනලා ඇති කියලා
    අවුලක් නැ ඉක්මනට 100 ගහන්න පුලුවන් වෙයි

    ජය වේවා

  2. සචිත් ලක්ෂාන්(සචී)

    මෙන්න ඒනං මයුර අයියත් 50 ගහල නෙව...
    අවුරුදු 3යි මාස 4ක් උනාට සෑහෙන්න වටිනා කියන සිංහල උපසිරසි 50ක්...
    මේකත් ඉතිං සුපිරියක් වෙන්න ඕන...
    උපසිරසියට ස්තුති වේවා...
    ඒ වගේම ඉතින් 50වෙනි උපසිරසියට හදවතින්ම සුභ පැතුම් හොදේ...
    මාවත් මතක් වෙලා තියනවනේ...
    2020 නෙවෙයි..2017දිම 100ත් ගහමු නේ...?
    ජයම වීවා...!

    --- SACHI ---

  3. Sisila Prasad

    පනස්වෙනි චිත්‍රපට කඩයිම වෙනුවෙන් සුභ පැතුම්, සහෝ.
    මෙතනින් නොනැවතී ඉදිරි කඩයිම් පසු කිරීමට ශක්තිය, ධෛර්‍යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.
    ජයෙන් ජයම වේවා!!!

  4. මධුකප්‍රිය පෙරේරා

    50වන කඩයිමට හෘදයාංගම සුබපැතුම්..
    ඔයා ඉතින් වැඩිපුර දෙන්නේ හින්දි උපසිරසි නොවෑ..
    ඒ නිසා මමනම් බලලා තියෙන්නේ එකක් දෙකක් වගේ තමා..
    හැබැයි ඒ බලපු ඒවගෙන් කියන්න පුළුවන් ගුණාත්මක උපසිරසිකරුවෙක් බව.
    හම්මේ.. අවුරුදු තුනයි ගානක් ගිහින්.. මේකා ටෙස්ට් මැච් එකක් නොවෑ ගහලා තියෙන්නේ..
    හා. දැන්වත් ඉතින් පොඩ්ඩක් වේගේ වැඩි කරලා 2018 වෙද්දීවත් 100 දෙමු..
    මාවත් මතක් කොලාට තැන්කු ආ..

  5. සිසිත සමරතුංග

    සුබ පැතුම් මයුර සහෝදරයා පනස්වෙනි උපසිරැසියට.... උඹ දාන සබක් නම් දෙපාරක් හිතන්නේ නැතුව බලනවා... මාවත් oඔය පුටුවකින් වාඩි කෙරෙව්වට ස්තූතියි ..

  6. Purni

    ඇයි උබ මගේ නමින් කොමෙන්ට් දදා කොල්ලොන්ගේ කොමෙන්ට් ගත්තුවා.
    එනිවේ බොට සුබ පැතුම්... හිතුවේ නෑ පූර්ණිව මතක් වෙයි කියල ලියන්න.

    1. Mayura

      බැන්දා කියලා ආරන්චියි. සුබ පැතුන් වේවා

    2. Purni

      නෑ තාම ප්‍රී ෂූට් එක විතරයි ගත්තේ.

    3. Chamal

      නරකට හිටියි අපිටවෙඩිම කිව්වනම්

    4. Purni

      අඩු කුලේ පරහැත්ත. වෙඩින් කියන්න උඹලට?

  7. Pasindu Bhashitha Wimalasooriya

    congratz machn

  8. Kulanjana Maduranga

    Hat off Respect Bro....Great work & Lot of thanks MAYURA saho.wish u'r great future.....

  9. Gathsara Umesh Kumara

    Kadayim gahanth kalin nawaththn kathwa...
    Me me 100 oni harid..
    5hen mawath epaa...
    59weni upasiresiyt bohom sthuthiy sahio..
    100 kadayimen hamywemmoo

  10. එල්.සී. දමැල්

    ඔබතුමන්ගේ උපසිරස බොහොමයක් බලලා තියෙනවා...
    තව බලන්නත් තියෙනවා...
    ඔයාගෙ උපසිරස ගැන කියලා ඉතින් වැඩක් නැහැ... ඒ නිසා කියන්නෙත් නෑ...
    සුලුවට කියනවනම් සුපිරියි සුන්දරයි මනහරයි කියමුකො...
    අමතක නොකරම බැරි කාරණය තමයි ඔයාගෙ ලිපි...
    මං අඩවියේ දැක්ක ලස්සනම ලිපි ඔයාගෙ...
    මටත් ලිපියක් බෑ නොකියා ලියල දුන්නා...
    ඉතින් 50ට සුභපැතුම්...
    හෙමින් හෙමින් සුපිරි චිත්‍රපට පෙළක් ගෙනත් 100 කඩඉමත් ලබා දෙන්න කියනව ඔන්න...

  11. Helili Hemamali

    උණුසුම් සුබ පැතුම් සහෝ !
    මේ ගමන ඉදිරියටත් යාමට ශක්තිය , වාසනාව ලැබේවා !

  12. Kalum Gunasekara

    50ට උණුසුම් සුබපැතුම් මල්ලී. දිගටම කරගෙන යමු. ස්තුතියි මාත් මතක් කරාට.

  13. රොයිලි

    හම්මේ ඇති යන්තම් 50 ගහලා. උණුසුම් සුබ පැතුම් මයුර මලේ. මීට වඩා ඉක්මනින් 100 ගහන්න ලැබේවා කියල පතනවා. වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ඒක නෙවෙයි ඇයි මේ සමනල්ලු ඉන්නෙ ෆොටෝ එකේ? :P ජය෴෴ :P :P

    1. Mayura

      මං හිතුවේ හැමෝටම සමනල්ලු දානවා ඇති කියලයි. හදාපු එකාට

    2. අසංක ප්‍රදීප් රණතුංග

      හා.. හා.. හා.. නයි පැටියාට. බලාගෙන ඔන්න..

  14. Sajeevi

    50 වෙනි උපසිරැසියට සුබ පැතුම්…

  15. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  16. Dinusha

    උණුසුම් සුබ පැතුම් සහෝ !

  17. Rakitha Ranathunga

    ගොඩක් සතුටුයි අයියේ ඔයා මේ කඩයිම පහුකරපු එකට...
    කල් ගිහින් හරි වැඩේ අතනොහැර කරපු එකගැන ස්තූතියි...
    ඉක්මනට 100ත් ගහමු..
    රොයිලි අයිය කියන්නා වගේ මොකද ඔය සමනල්ලු???

  18. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි අයියේ උපසිරැසට***
    ඒ වගේම 50 වෙනි උපසිරැසට හදවතින්ම සුභ පතනවා..දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න වගේම,හැම කටයුත්තක්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
    ~~බුදුසරණයි..ජය වේවා~~

  19. නිර්මාණි විජේසිංහ

    50 වෙනි කඩයිම වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් මෙයා. මොනාද මේ කතා 2020 උනත් කමක් නෑ තව 100ක් 200 ක් කරමු. උපසිරසියට බොහොම තුති. බලන්න බලන් උන්නු චිත්‍රපටියක්. තව තවත් උපසිරසි කරන්න හැකිවේවා කියලා පතනවා. ජය.....

  20. Shenin Perera

    50 වෙනි උපසිරැසට සුභ පැතුම් පැතුම් සහෝ:}

    ´´´´´´´´´´´´´´´´´´´´´´¶¶¶¶¶¶¶¶¶……..
    ´´´´´´´´´´´´´´´´´´´´¶¶´´´´´´´´´´¶¶……
    ´´´´´´¶¶¶¶¶´´´´´´´¶¶´´´´´´´´´´´´´´¶¶……….
    ´´´´´¶´´´´´¶´´´´¶¶´´´´´¶¶´´´´¶¶´´´´´¶¶…………..
    ´´´´´¶´´´´´¶´´´¶¶´´´´´´¶¶´´´´¶¶´´´´´´´¶¶…..
    ´´´´´¶´´´´¶´´¶¶´´´´´´´´¶¶´´´´¶¶´´´´´´´´¶¶…..
    ´´´´´´¶´´´¶´´´¶´´´´´´´´´´´´´´´´´´´´´´´´´¶¶….
    ´´´´¶¶¶¶¶¶¶¶¶¶¶¶´´´´´´´´´´´´´´´´´´´´´´´´¶¶….
    ´´´¶´´´´´´´´´´´´¶´¶¶´´´´´´´´´´´´´¶¶´´´´´¶¶….
    ´´¶¶´´´´´´´´´´´´¶´´¶¶´´´´´´´´´´´´¶¶´´´´´¶¶….
    ´¶¶´´´¶¶¶¶¶¶¶¶¶¶¶´´´´¶¶´´´´´´´´¶¶´´´´´´´¶¶…
    ´¶´´´´´´´´´´´´´´´¶´´´´´¶¶¶¶¶¶¶´´´´´´´´´¶¶….
    ´¶¶´´´´´´´´´´´´´´¶´´´´´´´´´´´´´´´´´´´´¶¶…..
    ´´¶´´´¶¶¶¶¶¶¶¶¶¶¶¶´´´´´´´´´´´´´´´´´´´¶¶….
    ´´¶¶´´´´´´´´´´´¶´´¶¶´´´´´´´´´´´´´´´´¶¶….
    ´´´¶¶¶¶¶¶¶¶¶¶¶¶´´´´´¶¶´´´´´´´´´´´´¶¶…..
    ´´´´´´´´´´´´´´´´´´´´´´´¶¶¶¶¶¶¶¶¶¶¶…….

  21. Chalana

    thnx bro...

  22. praneeth madu

    බොහොම ස්තූතියි මයූ මාවත් මතක් කරාට
    මන්නම් හිතුවේ 50 පන්නලා ඇති කියලයි කෝමහරි හදවතින්ම සුභ පතනවා
    50 වෙනි කඩ ඉමට සහෝදරයා

  23. sankha sandaruwan

    බොහෝම ස්තුතියි උපසිරැසට

  24. shasith sandaruwan

    ආහ්... මයුරයා 50 ගහලනේ...
    සුභපැතුම් සහෝ 50 වෙනි උපසිරැසියට..
    උඹේ සබ් වලින් ෆිල්ම් බලලා තියෙනවා. හැබැයි ඔක්කොම හින්දි ඒවා.
    තව හින්දි ඒවා බස්සපං ඈ...
    තව තවත් උපසිරැසි කරන්න කාලය, ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    හැමදාමත් කියනවා වගේ,
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  25. භාෂිත් උඩවත්ත

    නියමයි සහෝ.... :eek:
    2020ට කලින් 100 ගහන්න බලමු... ;) :lol:
    ජය වේවා.. :!: :cool:

  26. කේ.යූ.ජී. උදාර

    බලාන උන්නු ‍ෆිල්ම් එකක්......... 50 ට මගෙනුත් උණුසුම් සුබ පැතුම්..... හෙමින් උනත් දිගට ම මේ වැඩේ කරගෙන යමු. පුලුවන් නම් hd copy එකට සබ් එක අප්ඩේට් කරන්න. මං ගත්තේ ඒ කොපිය..... සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.

  27. නිරෝෂ්

    ස්තුතියි මයුර සහෝ.ජයවේවා !

  28. අසංක ප්‍රදීප් රණතුංග

    පනස්වන උපසිරසියට උණුසුම් සුබ පැතුම්. ඔබතුමා උපසිරසි නිර්මාණය කරපු උපසිරසි කිහිපයක් බලලා තියනවා. ඉතින් සුපිරියි ඒවා නම්. දැන් තමා තේරුනේ 50 වෙනුවෙන් ඉස්සරවෙලා දෙන්න හදපු එක එපා කිව්වේ ඇයි කියල. අවුරුදු ගානක් ගියාට කමක් නැ. හෙමින් ඊළඟ කඩයිමට යමු.

    බුදු සරණයි...!

  29. ආසිරි ප්‍රියන්ත (හේවා)

    මේකාගේ සබ නම් කොහොමත් සුපිරි,
    සබ් කෙසේ වෙතත් මේකා නිසා හිනා වුනු තරමක්, හිනා වෙන තරමක්, ඉස්සරහටත් කොච්චර හිනා වෙන්න වෙයිද මන්දා.
    දෙයියනේ කියලා මටත් මේකා එක්ක හවුලේ සබක් කරන්න වාසනාව හම්බුනා.
    කලින් කිව්වත් වගේ ඒක හිතපු විදියටම උනේ නෑ.
    ඒවා හරි. ඉතින්, පනස් වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්. මගේ වාර්තාව නම් කඩන්න බැරි වුනා නේ.
    සීයේදී වත් මගේ වාර්තාව කඩන්න බැරි වෙයි. "වේගවත්ම උපසිරැසි කඩයිම් කරු" වාර්තාව.
    එහෙනම්, දිගටම වැඩේ කරගෙන යමු හොදේ.
    ජය වේවා!!

    මේ ෆිල්මෙකනොබල ඉන්නයි හැදුවේ. ලිපියේ හැටියට බලන්න වෙනවා. අද රෑට දානවා.
    ජයෙව්වා!!

  30. හසන්ත

    සුබ පැතුම් මයුරයෝ. හින්දිද ඉංග්‍රීසිද කියල නැතුව චිත්‍රපටයේ රහ අඳුරගෙන උපසිරසි කරන කෙනෙක් විදිහටයි මයුරව මම නම් දකින්නේ. චිත්‍රපටි නම් කීපයක් බැලුවා වගේම උපසිරසි ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ වගේම ආසිරි කිව්වා වගේ උම නිසා හිනා උන තරම්. සබ කෙසේ වෙතත් උඹ වගේ එකෙක් චැට් එකෙන් හරි ආශ්‍රය කරන්න ලැබීම නම් ලොකු පිනක්. කොහොමහරි ආසිරිගේ රෙකෝඩ් එක කඩන්න ලැබේවි. හිටහන්කෝ මම දෙන්නම් සතියට එක ගානේ :P එහෙනම් ජයවේවා!

  31. thisan

    thx

  32. Mithun

    ෆිල්ම් එක අරගත්ත බලන්නම ඔනෙ
    බලන ටයිප් එකෙ නිසාම,,
    බොහොම ස්තුතියි සහෝ...

  33. Chami.S

    Thanks for 50th sub..
    Good Luck..

  34. sunimal

    film eka gana kuyala tyena widiyata balanna wwnawa ne saho.... ela.... balamu...50 ta jaya wewa

  35. අසිත

    එලම සහෝ තෑන්ක්ස්

  36. Anu

    Thanx

  37. යුශාන් පියුමාල්

    niyama wadak bun ikmaninma 100 gahamu

  38. isuru

    50වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා මයුරයෝ!!හින්දි වැඩිය නොබැලෙන නිසා උබේ සබ් මහ ගොඩක් බලලා නෑ..ඒත් බලලා නැත්තෙත් නෑ..සබ් සුපිරියි කියලා නම් හොදින්ම දන්නවා..එහෙනම් හිමින් හිමින් හරි ඊලග කඩයිමටත් යමු..ජයවේවා කිව්වා එහෙනම්...

    (ලිපියේ දැම්ම නම පිලිබද මාගේ බලවත් අප්‍රසාදය)

  39. Anjula Maldeniya

    සුපර් සහෝ.... එලකිරි වැඩක්, ජයෙන් ජයම වේවා..!

  40. yasaa

    atthatama kandulu enawa sahoo anthima song eka yaddi.

  41. ashan lankanath

    thanks ............................good luck

  42. ගයාන් ගමගේ

    සුබ පැතුම් මයුරයා පනස්වෙනි උපසිරැසියට…

  43. manusha

    thanks brp... good luck

  44. chan

    GOOD WORK.AMERICAN GODS TV SRS EKTATH SUB?

    1. prophet

      that's never gonea happen bro dont ask it

  45. ලහිරු චානක

    මයුරයගේ උපසිරැසියක් කියල බැලුවේ Blindspot එකේ ඒවා විතරයි. හම්මේ හේවයි මාමියි කිව්වා වගේ උඹ නිසා හිනා නොවිච්ච එකෙක් නම් නැතුව ඇති. කොහොමින් කොහොම හරි 50ත් වාර්තා කරානේ. එල දිගටම වැඩේ කරන් යමු. ජය වේවා...!!!

  46. sam fisher

    හින්දි actors ලග‍ෙ film වලින් අමිර් ඛාන් එවා හැම එකක්ම ම‍ොනවග‍ෙද විද්‍යග‍ෙ films සුත් දැන් එග‍ේ. 50 ව‍ෙනි සබ් එකට සුබ පැතුම්.එකම සබ් එකක් වත් ජිවිත කාල‍ෙදිම න‍ොකරපු අයත් එක්ක ගත්තම අවු:3 ඇතුලත 50 කරපු එක ම‍ොනතරම් ම‍ොන වග‍ෙද කියලා දන්noදනි(ඇල‍ෙක්ස්සැන්ඩ ග්‍රැහැම්bell,1698@බයිස්ක‍ොප්lk);-):-):-D

  47. දහරා මුතු අමා

    50ට සුබ පැතුම් මලේ....මෙ ගංවතුරක් හින්ද අදයි කොමෙන්ටුවක් දාන්න පුලුවන් උනේ.

  48. ලිලංක

    විශිෂ්ඨ සිනමා කෘතියකට සිංහල උපසිරැසි ගෙනවාට බොහොම ස්තූතියි මයුර !

  49. mindika

    Thanks !!!!!!!!!!

  50. Miyuru

    can you please upload sinhala subtitle of Dhruva 2016 Telugu movie

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.