Predator: Killer of Killers (2025) Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ඊයේ දින නිකුත් වුණ අළුත්ම ප්‍රෙඩටර් චිත්‍රපටයේ උපසිරැසයි. දැන් ඔයාලගෙන් කොමෙන්ට් එකක්වත් වැටෙන්නැති නිසා උපසිරැසි කරන එකට තිත තියනවයි කියලා හිතුවත් මේ වගේ සුපිරි චිත්‍රපට එද්දි ඒ වැඩේ කරන්න හිතෙන්නෙම නෑ. කොහොම හරි චිත්…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ඊයේ දින නිකුත් වුණ අළුත්ම ප්‍රෙඩටර් චිත්‍රපටයේ උපසිරැසයි. දැන් ඔයාලගෙන් කොමෙන්ට් එකක්වත් වැටෙන්නැති නිසා උපසිරැසි කරන එකට තිත තියනවයි කියලා හිතුවත් මේ වගේ සුපිරි චිත්‍රපට එද්දි ඒ වැඩේ කරන්න හිතෙන්නෙම නෑ. කොහොම හරි චිත්‍රපටය නිකම් බලලා හිත හදන් ඉන්න පුළුවන් වුණ දවසට මෙහෙම හරි ඉදල හිටලා එකක් දෙකක් උපසිරැසි ගේන එක හරි නවතීවි ඔයාලගෙන් සහයෝගයක් නොතිබුණොත්. හරි එහෙනම් ඒවගෙන් වැඩක් නෑ, අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු.
ඒත් ෆිල්ම් එක පැත්තට එන්න කලින් ගොඩක් දෙනෙක්ට මේක ගැන තියෙන පටලවීම් ටිකක් අපි ලෙහන් ඉමු. මුලින්ම කියන්න ඕනේ මේක ඇනිමේටඩ් ෆිල්ම් එකක්, ඒක නම් කට්ටිය දන්නවා ඇතිනේ. අනිත් එක තමයි ගොඩක් අය හිතන් ඇත්තේ මේක ඇන්තොලොජියක් කියලා, ඒ කියන්නේ වෙනස්ම කතා ටිකක්(මේකෙ නම් තුනයි) ඇතුලත් එක කතාවක්. ඒ කතා ටික එකට සම්බන්ධ වෙන්නෑ, වෙනස්ව යන්නේ. අන්න එහෙම ඇන්තොලොජි ෆිල්ම් එකක් කියලනේ ඔයාල මේක හිතන් ඉන්නේ? ඔව්, ඉතින් මේක ඔෆීශියලිම ඇන්තලොජියක් කියලනේ නිකුත් වුණේ. ඇත්තටම මේක එහෙම එකක්ද? ඔව්, ඇත්තටම ඒ ප්‍රශ්නෙට උත්තරේ ඔව්… සහ නෑ. මොකක්?! මොනාද කියවන්නේ මනුස්සයෝ කියලා හිතනවද දැන් ඔයාලා?.. හරි හරී මෙහෙමයි, ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න අමාරුයි මේකෙදි, ඒ ඇයි කියලා මං කියන්නෑ. මොකද ඒකයි නියම ප්‍රශ්නේ ඔයාලා කුතුහලයෙන් ඉදලා හොයාගන්න ඕන කරන!
හරි එහෙනම් මං මේකෙ කතා තුනේ ස්වභාවෙ ගැන ටිකක් කියන්නම්කෝ තව ටිකක් පැහැදිලි වෙන්න. මේකේ මුල්ම කතාව දිව යන්නේ වයිකිංවරු වටායි, පළිගැනීමක් පිළිබඳ සිද්ධියක්. දෙවෙනි කතාව යන්නේ ජපානයේ සමුරායි නිවුන් සහෝදරවරු දෙන්නෙක් වටායි, රන්ඩු ආරවුලක් පිළිබඳ සිද්ධියක්. තුන් වෙනි කතාව යන්නේ දෙවන ලෝක යුද්ධය වටායි, පියාඹන්න හීන දකින ධෛර්යමත් ගුවන් නියමුවෙක් පිළිබඳ සිද්ධියක්. එකිනෙකට හාත්පසින් වෙනස්, වෙනස්ම කාල රාමු තුනක්නේ? එහෙනම් ලොවෙත් ඇන්තොලොජියක් තමා. ඔව්, එහෙම තමයි හැබැයි එහෙමත්ම නෙමේ.. ඔන්න ඔන්න ආයෙත් විකාර කරනවානේ. හරි හරි, ඒක ඔයාලට භාරයි, මේක හරියටම ඇන්තොලොජියක් නොවෙන්නේ කොහොමද කියනේක හොයාගන්න.
මේක අධ්‍යක්ෂණය කරන්නේ අපි කවුරුත් හොඳින් දන්නා මීට කලින් ආපු ප්‍රෙඩටර් Prey (2022) චිත්‍රපටය අධ්‍යක්ෂණය කෙරූ Dan Trachtenberg මහතා විසින්. මේ වර්ශයේ ඉදිරියේදී නිකුත් වීමට නියමිත ප්‍රෙඩටර් ලයිව් ඇක්ශන් චිත්‍රපටය, Predator: Badlands චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙත් මෙතුමාම තමයි. ආයෙ කියන්න ඕනේ නෑ මෙතුමා නම් ප්‍රෙඩටර් චිත්‍රපටම හදන්න ඉපදුන කෙනෙක්. මොකද මේ ඇනිමේටඩ් චිත්‍රපටයත් ප්‍රේ එක වගේම සුපිරියට හදලා තියෙනවා. ඉතින් ඉදිරියේදී නිකුත් වීමට නියමිත බෑඩ්ලන්ඩ්ස් චිත්‍රපටය ගැනත් බයක් නෑ. ඒ වගේම මේකට මේ වෙද්දි IMDb දර්ශකේ 7.9 ඉතාමත් ඉහල අගයකුත් කුණු තක්කාලි 97% ඉතාමත් නැවුම් ප්‍රතිශතයකුත් ගන්න හැකිවෙලා තියෙනවා.
කොහොම හරි මේක නිකුත් වුණේ නම් ජූනි හය වෙනිදා HULU සහ ඩිස්නි ප්ලස් ස්ට්‍රීමින් සර්විස්වලට, කෙලින්ම ප්‍රේ චිත්‍රපටයට සම්බන්දයි කියලා කියවෙන චිත්‍රපටයක් විදිහටයි. මේකට හඩ දායකත්වෙන් සම්බන්ධ වෙනවා Lindsay LaVanchy / Louis Ozawa Changchien / Rick Gonzalez / Michael Biehn වැනි අය.
එහෙනම් ඔච්චරයි ප්‍රධාන වශයෙන් චිත්‍රපටය ගැන කියන්න තියෙන්නේ ස්පොයිල් නොවෙන විදිහට. හැබැයි අන්තිමේදි ඔයාලා පුදුම වෙයි දකින දේට. ඒවටත් ලෑස්ති වෙලාම බලන්න එහෙනම්.
අපි ගියා, ජයවේවා!
Predator: Killer of Killers (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
9,157 downloadsDownload Predator-Killer-of-Killers-2025-baiscopelk-sinhala-subtitle.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Predator: Killer of Killers (2025) Sinhala SubtitlesSubtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #Bimsara Yashan (ඔලිව)
- #Box Office Hits
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Predator
- #Predator: Killer of Killers
- #Predator: Killer of Killers (2025)
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
53 comments
Dulan11
Dilshan
Thanks saho
NPL
Thanks Guys for quick upload , patta
sadun
thank you broo supiri aaa
kavinda gamage
බොහොම ස්තුතියි මේ උතුම් සේවය වෙනුවෙන්
Chamara
Thank you
Dasun
Thank you
Sulochavidumina
Gmmc thma saho
යෂ් ක
සබට තුති ඉක්මනට දෙනවට උපහාර
Ayesha
Thank you for the Sub
Janitha Madhushan
Thankz ma bokka
shenal
thanks brither
Malitha
Thanks for sub bro please keep it
Nalaka Pushpakumara
Thank you....
යුරාන් ධනුක
නියමයි සහෝ... ඔයා දෙයි කියලා හිතුවා
ගින්දර වගේ ඉක්මනටම දීලානේ
ජයවේවා!!!Samesh Nimad
patta
indika 75
thanks..
Chathupa Wagisha
Thank you broo,keep it upp
Sahan Gayantha
thanks a lot Bimsara saho sub ekata
Anonymous
Thanks
Hashan
Thanx for the sub broo.......!!!!!!!!!
Buddhika laKMal
බොහෝම ස්තූතියි බිම්සර සහෝ මේකට දිංහල සබ් දුන්නට
Sandaruwan
thanks bro
Chaminda Priyanga
Thanks bro❣️❣️❣️❣️
thilina
thx bn
Anonymous
supiri
Chathura
Tanks bro sub ekata ❤️adarei
ඇනකොන්ඩා
මහ කුහක ජාතියක් මුන්. sub download කරන්න වෙලා තියනවා. film එක බලන්න වෙලා තියනවා. පොඩි comment එකක් දාන්න වෙලා නෑ මුන්ට. මුන් ගැන කතා කරලා වැඩක් නෑ. tnx sub එකට.
ක්‍රිශාන්ත හැරිස්
ගොඩාක් ස්තුතිවන්ත වෙනවා උපසිරැසියට...
Chamindu
Supiriyak thamay machan , good luck
Hithanadurage Roshan de Silva
ඔබගේ වටිනා කාලය මෙයට යෙදීම සම්බන්ධයෙන්, ඔබට බොහොම ස්තූතියි
Anonymous
Thank you for this sub
Ruchira
Thanks for the sub!
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
anu
thx brother
ChiraCK
Supiri Brother.Thank you..
Roshan
Thanks bro. great job.Good luck
Priyankara
Sub akak denawa kiyanne malli supiri thanks
Damith Niwanthaka
thanks bro. jaya wewa
DILA
tHANK YOU BRO
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Binod Inguruwatta
sub ekata thanks
Anonymous
Thank you...Great Job....!!!!
Anonymous
Thanks bro..
Anonymous
Good Job Bro <3
Pasindu Lakshan
Well Done Brother....
Tharindu
Thank you ❤
Anonymous
Thanks broo adareii
Nishan
Thanx bro
Anonymous
Thank you
Nirosh
Supiri bro..digatama subtile denna...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Predator: Killer of Killers (2025) Sinhala Subtitles | මාරයන්ගෙත් මාරයා! [සිංහල උපසිරසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/06/Predator-Killer-of-Killers-2025-1.jpeg)
Film ekak apu gamanma sub Dena ekata ekenma