Watch Trailer

The Stray (2017) Sinhala Subtitle | අතරමං වූ ජීවිත යළි ආලෝකමත් කළ, ඒ අතරමං සුනඛයා… [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම ක්‍රිස්ටියන් ඩේවිස්. මගේ අම්මට බලාගන්න තව නංගිලා දෙන්නෙක් ඉන්නවා. මගේ තාත්තාට මම වෙනුවෙන් වෙන් කරගන්නවත් වෙලාවක් නැහැ. කොටින්ම මම ඉස්කෝලේ කුඩා ලීගයට සෙල්ලම් කරන නිසා මට බාස්කට් බෝල් සෙල්ලම් කරන විදිහ තාත්තාගෙන් ඇහුවම එයා කීවේ අම්මගෙන් උදව් ඉල්ලගන්න කියල. එයාගේ වැඩේම ඔෆිස් එකේ වැඩ කරන එකයි චි…

මගේ නම ක්‍රිස්ටියන් ඩේවිස්. මගේ අම්මට බලාගන්න තව නංගිලා දෙන්නෙක් ඉන්නවා. මගේ තාත්තාට මම වෙනුවෙන් වෙන් කරගන්නවත් වෙලාවක් නැහැ. කොටින්ම මම ඉස්කෝලේ කුඩා ලීගයට සෙල්ලම් කරන නිසා මට බාස්කට් බෝල් සෙල්ලම් කරන විදිහ තාත්තාගෙන් ඇහුවම එයා කීවේ අම්මගෙන් උදව් ඉල්ලගන්න කියල. එයාගේ වැඩේම ඔෆිස් එකේ වැඩ කරන එකයි චිත්‍රපටි, ටීවී ෂෝ වලට තිරපිටපත් ලියන එකයි.

මම තාත්තා එක්ක පුදුම තරහකින් හිටියේ. මම ඉස්කෝලේ කොල්ලන්ගෙන් ගොඩක් හිරිහැර වින්දා. දවසක් නොහිතුව විදිහට අතරමං වුණු බලු කුක්කෙක් මං ළඟට ඇවිත් ඒ කරදරකාර කොල්ලන්ගෙන් මාව බේරගත්තා. මම බය වුනා ඒත් ඒ බල්ලට කොල්ලෝ මොනා හරි කරයිද කියලා. ඒ නිසා මං පාරට ගිහින් අයිනක තිබ්බ පඳුරක ඌව ගැටගහලා ගියා. ඉස්කෝලේ ඇරුනම මං මුලින්ම ගියේ ඌව ලිහලා දාන්න. පුදුම වැඩක්…. ඌ එතන නැහැ. ඌ කොහෙන් ඇවිත්, කොහෙට ගියාද?

එක දෙයක් කියන්නම ඕනෙ… ඒ බල්ලා, මගේ විතරක් නෙමෙයි අපේ පවුලෙ හැමෝගෙම ජීවිත වෙනස් කරන්න මුල් වුණා. අපි හැමෝගෙම ජීවිත බේරාගත්තා කිව්වත් හරි.

කොහොමද මේ අතරමං වුණු බල්ලා අපේ පවුලට එකතු වෙන්නේ, මොකක්ද ඒ බල්ලා අපේ පවුල බේරගත්තා කියන කතාවේ තේරුම කියලා දැනගන්න මේ ලස්සන, සත්‍ය කතා පුවතක් පාදක කරගෙන නිමැවුණු මේ චිත්‍රපටය නරඹලාම ඉන්න.

මේ චිත්‍රපටයෙ අධ්‍යක්ෂක සහ රචකයා වන්නේ ඔවුන්ගේ පවුලේ සැබෑ අත්දැකීම පදනම්ක්‍ කරගත්, සැබෑ ක්‍රිස්ටියන් ඩේවිස්ගේ පියා වන මිච් ඩේවිස්. The Other Side of Heaven (2001) චිත්‍රපටයත් ඔහුගේම තිරරචනයක්.

මෙම චිත්‍රපටය රංගනයෙන් ආලෝකමත් කල පිරිසයි මේ,
මිෂෙල් ඩේවිස් ලෙස Sarah Lancaster
මිච් ඩේවිස් ලෙස Michael Cassidy
ඩේව් ස්මිත් ලෙස Scott Christopher
මිස්ටී ලෙස Jacque Gray
ක්‍රිස්ටියන් ඩේවිස් ලෙස Connor Corum

සංවේදී හදවතක් ඇති ඔයාලා සියලුදෙනාටම මේ ලස්සන චිත්‍රපටය බලන්න ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

3,215 downloadsDownload The-Stray-2017.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/S-lashen-Pic-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

3,215 downloadsDownload Subtitles43 KB

23 comments

  1. Aruna Disanayaka

    thank you bro, lassana film ekak, sub ekata godak stuti

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. Thisal

    ස්තුතියි..

  4. dilsku

    ගින්දර වගේ. ස්තුතියි.....

  5. Maleesha pathirana

    mm hthuwe na mekata sub deyi kiyala...maru katawak ela!

  6. Udara Damith Dissanayaka

    මේවගේ ඒවා කොහොම අතහරින්දද ඉතින්

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Lahiru Adikari

    thankzz......

  9. chandima_herath

    thanks yalu me sub ekatath

  10. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  11. Thusitha Sampath

    Thank you very much

  12. Chami.S

    Thanks..
    Good Luck..

  13. upulcmiller

    super bro. gindara paharak. thanks !

  14. Dhanukapg

    Thank you very much...! :-)

  15. Kanchaka

    Thanks bro.......

  16. wajira

    thanks bro

  17. thilina prasad jayakody

    Thankz bro

  18. Bili6868

    thanx bro.....................

  19. jagath55

    Thanks

  20. Chamliy1

    thanks broo!!!! nice movie

  21. ricadodamien

    Thank You එල්.සී.දමැල් brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P