The Substance (2024) Sinhala Subtitles ඔන්න අද උදේ ඒලියන් රොමියුලස් දුන්නා දැං මේ අරගෙන එන්නේ මේ අවුරුද්දෙ නිකුත් වුණ හොඳම Horror චිත්‍රපටය(ක්). ඇත්තටම මේ අවුරුද්දෙ විතරක් නෙවෙයි ඔයාලට මේක අවුරුදු ගානකින් ආපු හොඳම Horror චිත්‍රපටයක් කියලත් හඳුන්වන්න පුළුවන් කිසිම සැකයක් නැතුව. අපෝ ඔහොම දේවල් හැම ලි…
The Substance (2024) Sinhala Subtitles
ඔන්න අද උදේ ඒලියන් රොමියුලස් දුන්නා දැං මේ අරගෙන එන්නේ මේ අවුරුද්දෙ නිකුත් වුණ හොඳම Horror චිත්‍රපටය(ක්). ඇත්තටම මේ අවුරුද්දෙ විතරක් නෙවෙයි ඔයාලට මේක අවුරුදු ගානකින් ආපු හොඳම Horror චිත්‍රපටයක් කියලත් හඳුන්වන්න පුළුවන් කිසිම සැකයක් නැතුව. අපෝ ඔහොම දේවල් හැම ලිපියකම දානවනේ, එහෙම චිත්‍රපට බලලා ඇති වෙලාද? එහෙනම් අපි බලමු කවුරුත් පිළිගන්න IMDb රේටින් දිහා, මනාප 44,000+ අධික ප්‍රමානයකින් මේකට 7.8 ඉහල අගයකුත් කුණු තක්කාලි 91% ඉතා නැවුම් ප්‍රතිශතයකුත් ගන්න හැකිවෙලා තියෙනවා. ඔයාලත් කාලෙකින් තමා Horror චිත්‍රපටයකට මෙච්චර ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ගන්නවා දැකලා ඇත්තේ. ඇත්තටම මොකක් වෙන්න ඇතිද මේකෙ ඒ තරම් තියෙන විශේෂත්වේ?
මම මේක උපසිරැසි කරන්න වෙන් කරගත්තේ සිනමාශාලාවල් වලට නිකුත් වුණ මුල් කාලයේමයි. ඒ දවස් වලත් සෑහෙන්න ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණ නිසා. ඒත් ලොකු බලාපොරොත්තුවක් තිබුණ්නෑ චිත්‍රපටය මට සෙට් වෙයි කියලා. ඒත් ලඟකදි හිටි හැටියෙම මේකෙ ලීක් වෙබ් පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුණ නිසා අරන් බැලුවා. බැලුවා කියන්නේ කාලෙකින් චිත්‍රපටයක් එක හුස්මට බැලුවා නවත්තන්න හිතෙන්නැතුවම. මේක ඔයාල මෑත කාලෙ සිනමාවෙන් නරඹපු එසේ මෙසේ කතා තේමාවක් තියෙන සරල චිත්‍රපටයක් නෙවෙයි. මේකෙ ඔයාලට හිතාගන්න බැරි කතා තේමාවක් තමයි තියෙන්නේ, ඒ කිව්වේ සංකීර්ණයි කියලා නෙවෙයි. ඒක මාරම කතා තේමාවක් කියලයි කියන්නේ.
චිත්‍රපටය ගැන මම මෙහෙම කියන්නම් මනුෂ්‍යයො අපි කවදාවත් තියෙන දෙයින් සතුටු වෙන්නැති ජාතියක්නේ, ඒක ගොඩක් වෙලාවට එහෙමයි. අපි බලන්නේ හැම වෙලාවෙම දැං ඉන්න තත්වෙට වඩා ඉදිරියට යන්න, ඒක හොඳ දෙයක් තමා ඒත් ඒකට යන්න ඕනෙ හරි පාරෙනුයි. ඉක්මන් පාරවල් තෝරගෙන හදිසියේ ඉක්මනින් කැපී පේන්න ගියොත්, ඒ කැපී පෙනීම තියෙන්නේ බොහොම පොඩි කාලයක් විතරයි වැඩි කල් යන්න කලින් හොට බිම ඇනගන්න වෙනවා. නැත්තම් ඇනෙන්නැති වෙන්නත් පුළුවන් ?
එත් මේ ලෝකෙ අනිවාර්යතා කියලා ජාතියක් තියෙනවනේ, හරියට වයසට යෑම වගේ. ඒක ගියොත් ගියාමයි අපිට කොච්චර ඕනෙ වුණත් ඒක අපිට ලැබෙන්නෑ. හැබැයි ගොඩක් අයට තදින්ම ඕනෙ වෙනවා මේ අනිවාර්යතාවය බිඳ දාන්න. ආයෙ තරුණ වෙන්න. විශේෂයෙන්ම නිළියන්ට වගේ, මොකද එයාලගෙ ජනප්‍රියත්වෙ ගොඩක් වෙලාවට තියෙන්නේ සුන්දරත්වෙ මතයි. ඒක නැතිවුණොත් ආයෙ ෆීල්ඩ් එකේ වැඩ නෑ. ඉතිං වයසට යෑම කියන්නේ එයාලට නරක හීනයක් ගොඩක් වෙලාවට. ඒ නිසා ගොඩක් අය මේ අනිවාර්යතාවය බිඳ ලන්න තියෙන පොඩි ලස්සනෙන් හරි සතුටු නොවී විවිධ ඉක්මන් මාර්ග වලට යනවා. ප්ලාස්ටික් සර්ජරීස්, විවිධ ඉන්ජෙක්ශන් වගේ. ඒවගෙන් ඔවුන්ට යම් ප්‍රතිපලයක් කෙටිකාලීනව ලැබුණත් ඒ වාගෙ අතුරු ප්‍රතිපල වලට කෙසේ හෝ මුහුණ දෙන්නම වෙනවා. නේද? එතකොට කෙලවර වෙන්නේ තමන්ගෙ තිබුණ අර පොඩි ලස්සනත් නැති කරගෙන විරූපී වෙලා බොහෝ වෙලාවට. ඔයාලට මේ කාලේ මෙවැනි සිද්ධීන් ඕන තරම් දැක ගන්න හැකිවෙලා ඇති, තරුණ සුරූපී නිළියන් පවා ඉක්මන් මාර්ග වලට ගිහින් තිබුණ ලස්සනත් නැති කරගත්ත අවස්තා. ඒ වගේම ඒකෙ අනිත් පැත්තත් ඔයාල දැකලා ඇති අනිවාරෙන්. කෙටි මාර්ග වලට ගිහින් තමන්ගෙ ලස්සන සෑහෙන්න වැඩි කරගත්ත අයවත්. ඒක ඉතිං එක එක අයට බලාපාන ආකාරය වෙනස්.
ඔහොම ප්‍රසිද්ධ තරුවක් තමයි එලිසබෙත් ස්පාකල් කියන්නේ. තරුණ කාලයේදී මිනිස්සුන්ව පිස්සු වට්ටන්න සමත් වෙලා ඇයට අවුරුදු 50 වෙලත් තාමත් සුන්දරත්වය රැක ගෙන යම් ආකර්ශනයක් මිනිස්සුන්ගෙන් දිනාගෙන තියෙනවා. ඒත් දැං එයාගෙ කාලෙ හරි, මිනිස්සුන්ට ඕනෙ දැං අළුත් සුපිරි තරුවක්, තරුණ කෙනෙක්ව. නැතුව වයසක ස්පාකල්ව නෙමේ. ඉතිං මෙයා වැඩ කරන ටීවී චැනල් එකෙන් මෙයාව අයින් කරනවා. ඒත් මෙයාට තාමත් ප්‍රේක්ෂක පිලිගැනීම තියෙනවා. කොටිම්ම මෙයාගෙ ඒ කාලෙ ස්කෝලෙ යාළුවො පවා මෙයාගෙ තාමත් තියෙන සුන්දරත්වෙට පිස්සු වැටිලා ඉන්නේ. ඒත් මෙයාට නම් ඒ මදි වෙනවා, මොකද මෙයාට වැඩ එන්නෑ දැං වයස නිසා. ඔන්න දැං තමයි මෙයාට හමුවෙන්නේ අර මං කලිනුත් කිව්ව ඉක්මන් පාර. මෙයා ඒ පාරෙ යයිද ? මේකයි චිත්‍රපටයේ හොඳම කොටස. අර මම කිව්ව ඔයාල නොසිතපු කතා තේමාව පටන් ගන්නේ මෙන්න මෙතනදීයි. (සංකීර්ණ, තේරුම් ගන්න අමාරු කතා තේමාවක් කියලා නෙවෙයි මම කියන්නේ හරිද? කැමති කෙනෙක්ට බලලා රස විඳින්න පුළුවන්. හැබැයි අන්තර්ගතය මාරයි!!!)
තවත් කල් දාන්නෙ මොකටද මම කියනවට අරන් බලන්න මේක, වෙනස් චිත්‍රපට හොයන අය. පසු නොතැවෙයි!! හැබැයි කිව යුතුයි මේකෙ යම් තාක් දුරකට නරඹන්න අපහසු දර්ශන තියෙනවා සහ අධික විදිහට නිරුවත් දර්ශනත් තියෙනවා. මේ ගැන සැලකිල්ලට ගෙන බලන කොයි කවුරුත් බැලුවොත් තමා හොඳ, ආයෙ නොකීවා කියන්නෙපා.
මේ චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගන්නේ ගිය සැප්තැම්බර් 20 වෙනිදා. වෙබ් පිටපත් නිකුත් වෙන්න තිබුණේ ඔක්තෝබර් 29 වුණත් හදිසියේ ලීක් වෙබ් කොපියක් අන්තර්ජාලයට නිකුත් වුණා. හැබැයි ඒකත් වෙබ් පිටපත් වගේම කොලිටියට තියෙයි.
මේක අධ්‍යක්ෂණය කරන්නේ Revenge (2017) චිත්‍රපටය හරහා ප්‍රේක්ෂක හිතාදරයට පත් Coralie Fargeat මහත්මිය විසින්. මීට ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා 90 දශකයේ ප්‍රේක්ෂකයන්ව පිස්සු වට්ටපු Demi Moore මහත්මිය. නම කිව්වට මතක් වෙන්නැත්තම් Ghost (1990), Indecent Proposal (1993), A Few Good Men (1992), Charlie’s Angels: Full Throttle (2003) වැනි චිත්‍රපට තුලින් ඔබට ඇයව මතක ඇති. ඊට අමතරව මීට රංගනයෙන් දායක වෙනවා මෙකල සුරූපී නිළියක් වෙන Margaret Qualley ඇතුලු Tiffany Hofstetter, Hugo Diego Garcia, Oscar Lesage, Alexandra Barton, Joseph Balderrama වැනි අය.
එහෙනම් ඔය මැදැයි විස්තර. මේක බලන්න හිත හැදුනා නම් මම සහතික වෙනවා ඔයාල ඒ ගත්ත තීරණේට උපරිම සාධාරණයක් මේ චිත්‍රපටයෙන් දීල තියෙනවා කියලා. ඒ වගේම මතක් කරන්න ඕනෙ, ලීක් වෙබ් කොපියක් නිසා මේකට ආපු ඉංග්‍රීසි උපසිරැසියේ සෑහෙන්න වැරදි අඩුපාඩු වගේම ගොඩක් තැන් වලට උපසිරැසි තිබුණෙත් නෑ. ඉතිං ඒවා පුළුවන් විදිහට දෙබස් අහ අහා නිවැරදි කරා. ඒ නිසා මේකට සබ් දීල තියෙන PSA කොපියම ගන්න කෝටකත්, ඔරිජිනල් වෙබ් පිටපත් ආවහම හරියට අප්ඩේට් එකක් කරලා දෙන්නම්. එහෙනම් මම සමුගන්නවා, ජයවේවා!
The Substance (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි Original/Internal PSA / WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
19,831 downloadsDownload The.Substance-2024-1-1.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Longlegs (2024) Sinhala Subtitles
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
22 comments
Viraj
Anonymous
thanks bro
යුරාන් ධනුක (දනුවා)
නියමයි සහෝ... එක දිගට සුපිරි ෆිල්ම් ටිකක් ගෙනාවට බොහෝම ස්තූතියි.
ජයවේවා!!!Buddhika laKMal
බොහෝම ස්තූතියි බම්සර සහෝ සහෝ සබට
Akila Dilhara
Thanks for Sub...❤❤❤
Kavindu Nethmina
Sub ekata thanks bro
lakmal
thanks bro
Sahan Gayantha
thanks a lot Bimsara saho sub ekata
Shehan kavishka
subtitle ekata බොහොම ස්තූතී.❤️❤️
baiscopelkISHU
sub ekta THX saho
lakshan
thanks .....................
Hashan
Thanx forthe sub bro...!
Malith samarawickrama
Thanks saho sub ekata
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Bhathiya
Thankss..sub ekata...
Shani
Thanks for the sub. Love u all.... :)
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤
Tharindu
bohoma stuti.. jaya wewa
Darshana
බොහොම ස්තූතියි උපසිරැසියට.
Yohan Maduranga
thanks brother
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤chinthaka chathuranga
thanks machan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks