Kondal (2024) Sinhala Subtitles ආයුබෝවන්, ටික දවසක් මලයාලි චිත්‍රපටයක උප සිරැසියක් කරන්න බැරි උනා. වෙනත් වැඩ රාජකාරි නිසාත් සීරීස් කීපයකට හිර උන නිසාත් ඒ සේරටමත් වඩා සැලකිය යුතු මට්ටමේ ඒ කියන්නෙ මට ෆිට් වෙන මලයාලි චිත්‍රපටයක් නිකුත් නොවුන නිසාත් කියන කාරනා මත. ඉතින් ගොඩක් චෝදනා තිබ්බ දැන් මලයාලි වල…
Kondal (2024) Sinhala Subtitles
ආයුබෝවන්, ටික දවසක් මලයාලි චිත්‍රපටයක උප සිරැසියක් කරන්න බැරි උනා. වෙනත් වැඩ රාජකාරි නිසාත් සීරීස් කීපයකට හිර උන නිසාත් ඒ සේරටමත් වඩා සැලකිය යුතු මට්ටමේ ඒ කියන්නෙ මට ෆිට් වෙන මලයාලි චිත්‍රපටයක් නිකුත් නොවුන නිසාත් කියන කාරනා මත. ඉතින් ගොඩක් චෝදනා තිබ්බ දැන් මලයාලි වලට සිංහල සබ් එන්නෙ නෑ කියල. ඒත් ඇත්තම කතාව මේ ටිකේ හරි හමන් චිත්‍රපටි ආවෙ නෑ. කොහොම නමුත් චිත්‍රපටියක් ආවම ඒක හිට් උන එකක් නොවුනත් ඒකෙ රේටිං සහ වෙනත් ප්‍රතිචාර අඩු උනත් ඒක බලල මට ෆිට් නම් මම ඒක කරනවා. විනෝදාංශයක් හැටියට කරන මේ වැඩේදි අපි අකමැති දේකට කාලය යොදවන එක තේරුමක් නෑනේ. කරන වැඩෙත් එපා වෙයි. ඉතිං මේ චිත්‍රපටිය ඇවිත් ටික දවසක් ගියාට පස්සෙ තමයි මම බැලුවෙ. සරලවම කියනව නම් මට ඒක අල්ලල ගියා ඒ නිසා ඔන්න මම උප සිරැසිය කලා.
මලයාලමේ සිනමාවට සාමාන්‍යයෙන් පසු බිම් වන සුන්දර හරිත පැහැ කඳු වැටි, ගංගා ඇළ දොළ කෙත් වතු වලින් බැහැර වෙලා මේ චිත්‍රපටිය කෙලින්ම මහ මුහුද මැදට ඔබව ගෙන යනවා. එකම අරමුණකට බෝට්ටුවකින් මුහුදට යන විවිධ චරිත ස්වාභාවයන් සහිත ධීවරයින් පිරිසක් සිය ජීවන අරගලයට එකට මුහුණ දෙනවා. ඒ අතර තුර වෙනත් අරමුණක් සහිත එකෙකුත් මේ බෝට්ටුවෙ ඉන්නවා. විවිධ තත්වයන් යටතේ ඉතා ත්‍රාසජනක ගමනක යෙදෙන මේ පිරිසගේ ඉරණම කුමක් වෙයිද?
අජිත් මාම්පල්ලි රචනා කර අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටය බලන්න හේතු උනේ විශේෂයෙන්ම මෙහි ඉන්න මලයාලි නළුවන්ටත් වඩා කන්නඩ නළු රාජ් බී ශෙට්ටි මොකක්ද මලයාලින් එක්ක කරන්නෙ කියල බලන්න. ඒ සමගම ඇන්ටනි වාගීස්, ශබීර් කලරක්කල්,සරත් සභා වැනි නළුවන් රැසක් මෙහි රඟපානවා. විශිෂ්ඨ කැමරාකරණය ගැන සඳහන් කල යුතු මයි. කුණාටු, සටන් ජවනිකා ඉතා තාත්විකව මෙහි ඉදිරිපත් කර තිබෙනවා. රේටිං අඩු උනත් මග නොහැරියය යුතු චිත්‍රපටයක් බව සහතික කරනවා
හොඳ චිත්‍රපටි කීපයක්ම පෝලිමේ තියෙනව රිලීස් වෙන්න. ඉතිං බලා ගෙන ඉන්න නැවත හමු වෙමු.
BANDULA K
Kondal (2024) Sinhala Subtitles
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
4,436 downloadsDownload KONDAL-2024-SINHALA-SUBTITLES.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Kondal (2024) Sinhala Subtitles
Subtitles
7 comments
kaveen
Buddhika laKMal
අනිවා මචං..
තේරුමක් නැති ඒවට සබ් දීලා තේරුමක් නෑම තමා...
ඔයා දෙන හැම මූවි එකක්ම සීරිස් එකක් ම පට්ට... ආයේ රිවීව්ස් බල බල ඉන්න ඕනේ නෑ.. කෙලින්ම බානවා....
ස්තූතියි මචං මේ සබටත්Kasun Widusha
ස්තූතියි අයියේ සබ් එකට ❤️
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Milinda Sandaruwan
සබට බොහොම ස්තුතිය සහෝ ❤️
ජය ✌❤️Gumasthan (2024) Malayalam
සබ් එක ඉක්මනින්ම ඕනේBhagya
thanks alot. pombalai orumai eke subtitles dennako
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement
thnak you