Don’t move (2024) Sinhala Subtitles අපි ආදරේ කරන සමහරු අපි ජීවත් වෙන කාලය තුලදී අපිට අහිමි වෙනවා. සමහර අහිමි වීම් කොච්චර වේදනාකාරී ද කියනවා නම් ඒ අහිමි වීම් නිසා අපිට අපේ ජීවිතයත් එපා වෙනවා. එහෙම ජීවිතය එපා වෙලා සියදිවි නසා ගන්න හදන කෙනෙක් ගාවට නොදන්නා කෙනෙක් ඇවිත් ජීවත් වෙන්න බලාපොරොත්තු දීලා ඒ කෙ…

අපි ආදරේ කරන සමහරු අපි ජීවත් වෙන කාලය තුලදී අපිට අහිමි වෙනවා. සමහර අහිමි වීම් කොච්චර වේදනාකාරී ද කියනවා නම් ඒ අහිමි වීම් නිසා අපිට අපේ ජීවිතයත් එපා වෙනවා. එහෙම ජීවිතය එපා වෙලා සියදිවි නසා ගන්න හදන කෙනෙක් ගාවට නොදන්නා කෙනෙක් ඇවිත් ජීවත් වෙන්න බලාපොරොත්තු දීලා ඒ කෙනාම අර සියදිවි නසා ගන්න හදපු කෙනාගේ ජීවිතය උදුරා ගන්න උත්සහ කෙරුවොත්?
ඔන්න ඕක තමයි අද මම ඔයාලට අරන් එන චිත්‍රපටයේ සාරාංශය. බොහොම සුළු චරිත ගණනක් සම්බන්ධ කරගෙන Sam Raimi කියන දැවැන්ත කලා කරුවා අතින් නිෂ්පාදනය වෙලා Netflix හරහා ඔක්තෝම්බර් 25 වෙනිදා නිකුත් වූ Horror/Thriller කාණ්ඩයට වැටෙන මේ චිත්‍රපටය බලද්දී වෙලාව යන එක නම් තේරෙන්නෙම නැහැ.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ Brian Netto සහ Adam Schindler විසින්. IMDb අගය 5.8 ක් සහ Rotten tomatoes අගය 68% ක් වන මේ නිර්මාණය පැයකුත් විනාඩි 32 ක් පමණ තිරගත වෙනවා.
ජීවිතේ අහිමි කර ගන්න හදපු Iris (Kelsey Asbille) තමන්ට ජීවත් වෙන්න බලාපොරොත්තු දුන්න කපටි Richard (Finn Wittrock) ගෙන් තමන්ගේ ජීවිතේ බේරගන්න ගන්න ඒ ත්‍රාසජනක වෑයම බලන්න කියලා ආරාධනා කරමින් මම නවතිනවා.
හැමෝටම ජය!
චාමිකර විදානගේ (චාමි)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
4,407 downloadsDownload Dont-Move-2024.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Don’t move (2024) Sinhala Subtitles
Subtitles by
චාමිකර විදානගේ
Subtitles
10 comments
Lahiru Lakmal
යුරාන් ධනුක (දනුවා)
බලන්නම හිටපු එකක් තමයි
උපසිරසියට බොහෝම ස්තූතියි අයියේShehan
Thanks for the sub kollo ✍️
Buddhika laKMal
ස්තූතියි චාමිකර සහෝ සබට
Keshan
ස්තුතියි සබ් එකට. ❤️ Apocalypse Z (2024) Movie එකටත් සබ් එක දෙන්න පුළුවන්ද.
Keshan
ස්තුතියි .❤️ Apocalypse Z (2024) Movie එකටත් සබ් එක දෙන්න පුළුවන්ද.
Nirmal Vimukthi
deela thiyennee saho...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ...!
Malith samarawickrama
Thanks sub ekata
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement
Thank you..