Watch Trailer

The Sugarland Express (1974) Sinhala Subtitles | නීතියට එහා ගිය දරු සෙනෙහස.. [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුපුරුදු විදිහට ඔන්න මං අදත් අරන් ආවා තවත් පැරණි චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ 1969 වසරේ ටෙක්සාස් වල සිද්ද වුන ඇත්තම සිදුවීමක්. The Sugarland Express 1974 තම එකම දරුවාගේ හිමිකම් කියමින් තම දරුවා ලබා ගැනීමට නීතියට එහා යමින් කටයුතු කරන අම්මා කෙනෙක් සහ තාත්තෙක් පිළිබඳව මෙම ච…

ආයුබෝවන්..

සුපුරුදු විදිහට ඔන්න මං අදත් අරන් ආවා තවත් පැරණි චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ 1969 වසරේ ටෙක්සාස් වල සිද්ද වුන ඇත්තම සිදුවීමක්.

The Sugarland Express 1974

තම එකම දරුවාගේ හිමිකම් කියමින් තම දරුවා ලබා ගැනීමට නීතියට එහා යමින් කටයුතු කරන අම්මා කෙනෙක් සහ තාත්තෙක් පිළිබඳව මෙම චිත්‍රපටයෙන් කියවෙනවා.

මෙහි තිර රචනය Hal Barwood සහ Matthew Robbins ය. සත්‍ය සිදුවීම ඇසුරෙන් මෙහි කතාව නිර්මානය කර ඇත්තේ ද Hal Barwood සහ Matthew Robbins සමඟින් Steven Spielberg ය. මෙහි නිෂ්පාදනය Richard D. Zanuck සමඟ David Brown ය. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය බටහිර චිත්‍රපට ලෝකයේ සදා නොමැකෙන චිත්‍රපට රාශියක් නිර්මාණය කල Steven Spielberg ය. මෙය ඔහුගේ දෙවන සිනමා නිර්මානය ලෙස හැඳින්වේ.

(චිත්‍රපටය සඳහා නිර්මාණය කල මුල් පෝස්ටරය)

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ලූ ජීන් ලෙස රංඟනයෙන් එක්වන්නේ Goldie Hawn ය. ඇය ඇමරිකානු නිලියක්, නිෂ්පාදිකාවක්, නර්ථන ශිල්පිනියක් වගේම ගායිකාවක්ද වේ. එකල ඇය වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ Rowan & Martin’s Laugh-In නම් ප්‍රහසන රූපවාහිනී වැඩසටහනක් නිසාය. අසාර්ථක විවාහ දෙකකින් පසු ඇය 1983 වසරේ Kurt Russell හා විවාහ වී ඇත. ඇයට අමතරව ක්ලෝවින් පොප්ලින් ලෙස William Atherton ද, කැප්ටන් හාර්ලින් ටැනර් ලෙස Ben Johnson ද, මැක්ස්වෙල් ස්ලයිඩ් ලෙස Michael Sacks ද රංඟනයෙන් එකතු වේ. මෙහි සංගීතය John Williams වන අතර සංස්කරණය Edward M. Abroms සමඟින් Verna Fields ය.

Universal Pictures සමාගමේ ලොව පුරා බෙදාහැරීමක් වන මෙම චිත්‍රපටය 1974 මාර්තු 30 වන දා මුලින්ම නිව් යොර්ක් හී තිරගත වී ඇත. විනාඩි 110ක ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ඩොලර් මිලියන 3 ක් වන අතර බොක්ස් ඔෆීස් ආදායම ඩොලර් මිලියන 12 කි.

The Sugarland Express චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 6.8ක්, Rotten Tomatoes 85% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 80%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත.

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිදුක් නිරෝගී සුව දවසක් වේවා…

 

~ ජය වේවා ~

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

900 downloadsDownload The-Sugarland-Express-1974.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

900 downloadsDownload Subtitles43 KB

9 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  3. indika75

    thanks..

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  6. Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

  7. Priyantha Dayakeerthi

    රොෂාන් සමීර ජයසිංහ සොයුර,
    ඔබේ මෙම සිංහල උපසිරසියටත් ස්තුතියි, ස්ටීවන් ස්පිල්බර්ගේ ෆිම්වලට මම පුද්ගලිකවම කැමතියි.
    මෙය මා දන්නා ෆිල්ම් එකක්. නමුත් නරඹලා නැහැ. බලන්න සබ් එක ඩවුන්ලෝඩ් කළා. ස්තුතියි ඔබේ වෙහෙසට!!!

  8. Dewadithya

    Thanks for sub!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P