Watch Trailer

Nayattu (2021) Sinhala Subtitles | දඩයම! [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සමඟින් එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 වසරේ නිකුත් වූ මලයාලම් සිනමා නිර්මාණ අතරින් තවත් සාර්ථක සිනමා නිර්මාණයක් වන Nayattu වෙනුවෙන් සිංහල උපසිරැසිය අරගෙනයි අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සමඟ එකතු වෙන්නේ. මේ උපසිරැසිය මට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොහොය…

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සමඟින් එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 වසරේ නිකුත් වූ මලයාලම් සිනමා නිර්මාණ අතරින් තවත් සාර්ථක සිනමා නිර්මාණයක් වන Nayattu වෙනුවෙන් සිංහල උපසිරැසිය අරගෙනයි අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සමඟ එකතු වෙන්නේ. මේ උපසිරැසිය මට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොහොයුරාව මං ස්තූති පූර්වකව මේ වෙලාවේ මතක් කරනවා.

2021 අප්‍රේල් 08 වෙනිදා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදි තිරගත කිරීම ආරම්භ කරන Nauyattu සිනමා නිර්මාණය කොවිඩ් වසංගත තත්වය ‌හේතුවෙන් 2021 මැයි මස 09 වෙනි දින Netflix හරහා අන්තර්ජාලයට නිකුත් කරනවා.

මේ වෙද්දි IMDb හි 8.2/10 ඉහල අගයක් වගේම 91% ගූගල් පරිශීලක අගයක් වගේම ඉතාමත් ඉහල ප්‍රේක්ෂක මෙන්ම විචාර ප්‍රතිචාරයක් Nayattu දිනාගන්න සමත්න වෙලා තිබෙනවා.

ප්‍රේක්ෂක හා විචාරක ප්‍රතිචාරයන් කිහිපයක්

මෙම ත්‍රාසජනක සිනමා නිර්මාණය තුළ ඒකාධිපති බලයක් හිමි ‌ආණ්ඩුවක් හමුවේ ‌පොලිස් නිලධාරින් දේශපාලකයින්ගේ ඉත්තන් බවට පත්වීමත්, දෝෂ සහිත නීති රාමුවක් ඇතුලේ ඔවුන්‌ගේ රාජකාරිය නිසි ලෙස සිදුකිරීමට යාමෙන් ඔවුන්ට මුහුණ දීමට සිදුවන ගැටළු වගේම දූෂිත පාලකයින්ගේ අවශ්‍යතාවය පරිදි යථාර්තය හැඩගස්වන ආකාරය දැක ගන්න ප්‍රේක්ෂක අපිට පුළුවන්‌ වෙනවා.

ABCD: American-Born Confused Desi (2013), Charlie (2015) වැනි සිනමා නිර්මාණයන් අධ්‍යක්ෂණය කරන ලද Martin Prakkat වසර කිහිපයක නිහැඩියාවෙන් අනතුරුව Nayattu නිර්මාණය කරමින් නැවතත් සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙනවා. ඒ වගේම Kunchako Boban, Joju George, සමඟ මේ වසරේ අති දක්ෂ රංගනයන් සමඟින් ප්‍රේක්ෂකයා හමුවට ආපු Nimisha Sajayan ඇතුළු විශාල පිරිසක් ‌මේ සිනමා නිර්මාණය වෙනුවෙන් රංගන දායකත්වය ලබා දීලා තියෙනවා.

කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්, ප්‍රවීන් මයිකල් (Kunchako Boban) පොලිස් නිලධාරියෙක්, ඔහු පිරොවුම් ‌පොලිස් ස්ථානයට සේවා මාරුවක් ලැබ ඒඑස්අයි මනියන්ගේ (Joju George) සහයකයා විදියට සේවයට එකතු වෙනවා. එම පොලිස් ස්ථානයේම සේවය කරන සීපීඕ සුනීතාට (Nimisha Sajayan) ඇය‌ගේ ඥාති වෙන මැරයන්‌ පිරිසකගෙන් නිරන්තරයෙන්ම සිද්ධ වෙන කරදර හින්දා ඇය ඒ ගැන තමන් සේවය කරන පොලිස් ස්ථානයට පැමිණිලි කරනවා. මේ පැමිණිල්ල වෙනුවෙන් පොලිස් ස්ථානයට ආපු මැරයො පිරිස එක්ක ප්‍රවීන් සහ මනියන් දෙන්නාම රණ්ඩුවක් ඇති කරගෙන එක මැරයෙක්ව කූඩු කරත් දාලිත් කුලයේ එම පිරිස සම්බන්ධ දේශපාලන පක්ෂෙකින් ආපු බලපෑම උඩ එම මැරයා නිදහස් කරන්න පොලිසියට සිද්ධ වෙනවා.

මේ අතරෙදි රාත්‍රියේ විවාහ මංගල්‍යය සාදයකට ගිහින් එන මනියන්, ප්‍රවීන් සහ සුනීතා පැමිණි වාහනයේ හැප්පිලා පෙර සිද්ධියට අදාල දාලිත් කුලයට අයිති මැර කල්ලියේ ජයන් කියලා කෙනෙක් මිය යනවා. මේ සිද්ධියෙන් පස්සේ හැමදේම කනපිට හැරෙනවා. මනියන්, ප්‍රවීන් එක්ක සුනීතා පොලිස් ජංගම රථයකින් පැනලා යනවා. ඊට පස්සේ මොනවා වෙයිද? සමහරවිට මරණයවත් තමන්ට කැමති විදියට සිද්ධ නොවෙන්න පුළුවන්. ඒ හින්දා ප්‍රවේශම් වෙන්න.

තවත් උපසිරැසියකින් හමුවෙමු. සුබ දවසක් වේවා.

 

https://en.wikipedia.org/wiki/Gatham

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  HD/WEB පිටපත් සඳහා අදාළ වේ.

16,009 downloadsDownload Nayattu-2021.zip56 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

16,009 downloadsDownload Subtitles56 KB

55 comments

  1. Deshan

    අප්පටසිරි මේක දාල නේ වෙඩි වගේ
    තවත් මලයාලම් සුපිරියක් තමයි ඉතින්
    සිංහල උපසිරසියට ගොඩක් ස්තුතියි සහෝදරී
    ජය වේවා!!!

  2. Nethini123

    බුදාම්මෝ ආපු සැණින් එසැණින්... නියමයිනේ.... ගොඩක් ස්තූතියි අක්කේ... කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුව මේ මහන්සි වෙලා කරන වැඩේට...

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. මයුර

    දැන්මම බලන්න වෙයි කියලා හිතුවෙම නෑ.
    අදම බලන්න පුළුවන් එහෙනම්.
    බොහොම ස්තූතියි සුබාෂිනී අක්කේ...

  5. Neo

    Thanks sister
    Keep it up

  6. Kushan

    Sub akta thanks

  7. Heshan

    සිංහල උපසිරසියට ස්තුතියි
    දිගටම මලයාලම් දෙමු

  8. samith

    Thanks sis

  9. Anonymous

    biriyaani-2021 dennako

  10. Anonymous

    තැන්කු වේවා

  11. Lucky

    නියමයි සහෝදරී
    මේ ටිකේ ගෙදර ඉන්න එකේ පුලුවන් නම් සබ් නොදීපු පරන english,kannada,telugu,korean ටිකකටත් සබ් දෙමු
    2015න් පස්සේ ආපු action/thriller ටයිප් එකේ ඒවා හොදෙයි

  12. tharidu16

    THANKS MACHI

  13. charitha

    biriyaani-2020 film ekath one akke..

  14. deshitha

    ලඟදි රිලීස් උන Biriyaani මලයාලම් ෆිල්ම් එකත් දෙන්නකෝ

    1. bhagya

      ow ane.e kath ikmanta one.

    2. Anonymous

      e filumatath ikmanatama sab one

  15. nilu

    thanks akki

  16. indika75

    thanks..

  17. Dinith de silva

    Thanks sister
    Keep it up

  18. Anonymous

    තද කොර ඈහ්හ්

  19. samith

    Thanks sister

  20. Anonymous

    පහරක් වගේ
    එල එල

  21. Anonymous

    Thankz buddy

  22. Naveen

    Thanks sis

  23. Therush

    Thnkz sister
    Keep going

  24. Sachintha

    සිංහල උපසිරසියට ස්තුතියි❤️

  25. ram

    Nizhal(malayalam-2021) sub plzzz
    also thanks for this sub

  26. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  27. රංගික සිනෙත් කාරියවසම්

    බෝම ස්තුතියි අක්කා .ජයෙන් ජයම වෙිවා. මම්මුකගේ ෆිලුමටත් සබ ඕනේ ඉක්මනටම..

  28. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  29. suneth

    akke biriyani(2021) film ekatath sab dennako.

  30. Anonymous

    puluwan nm biriyaani 2021 film ekata sab one

    1. Anonymous

      Hardcoded සබි එකක් නේද තියෙන්නේ. කවුරුත් කාලරාමුු හදාගෙන ඒ වගේ ෆිල්ම් එකකට සබ් දෙන්න කැමති වෙන එකක් නෑ.

    2. Anonymous

      Hardcoded සබි එකක් නේද තියෙන්නේ. කවුරුත් කාලරාමුු හදාගෙන ඒ වගේ ෆිල්ම් එකකට සබ් දෙන්න කැමති වෙන එකක් නෑ.

  31. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  32. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  33. ඉසුරු

    Kunchako ඉන්න්වනම් ඉතින් අනිවා බලන්නම වෙනෝ

  34. Orton

    Thank you

  35. Thiwanka

    Nizhal sub dennkow
    Eketh inne me naluwamai
    Supiryak wage

  36. විමුක්ති

    ඔයා සබ් දීපූ Krishnankutty Pani Thudangi එකත් බැලුවා,කමෙන්ට් එකකුත් දැම්මා
    මේකත් ඒ වගේම ඇති කියලා හිතනවා
    දිගටම මේ වගේ ඒකාකාරී රටාවෙන් මිදුනු කතා වලට සබ් දෙන්න කියලා ඉල්ලනවා

  37. Anonymous

    thanks

  38. විමා

    සබට තුති වේවා
    තව තව දෙන්න මේවා :D

  39. isuru srinath sjs

    ඔන්න දැනුයි බලන්න හදන්නෙ අක්කෙ..ඒකයි Comment එකක් දාලම යන්න ආවේ..බොහොම ස්තුතියි..ජය වේවා..

  40. dananjaya

    රේණු දුන්න එක නේ බලනවා
    වැඩි වැඩියෙන් කරන්න ශක්තිය ලැබේවා
    ස්තුතියි

  41. මම ඉතින් අරෝෂ

    මලයාලම් නම් ඉතින් සුපිරිම තමා.පට්ට ෆිල්ම් එකක් ඈ.ඇත්තට හරිම දුකයි මේ වගේ නිර්මාණාත්මක චිත්‍රපට අපේ රටේ බිහි නොවීම සම්බන්ධයෙන්. උපසිරසිය ලබා දුන් රේණුකා සුභාෂිණි සොහොයුරියට ගොඩක් තෑන්ක්ස්.තවත් මේ වගේ මලයාලම් රහක් ඕං....

  42. මම ඉතින් අරෝෂ

    මලයාලම් නම් ඉතින් සුපිරිම තමා.පට්ට ෆිල්ම් එකක් ඈ.ඇත්තට හරිම දුකයි මේ වගේ නිර්මාණාත්මක චිත්‍රපට අපේ රටේ බිහි නොවීම සම්බන්ධයෙන්. උපසිරසිය ලබා දුන් රේණුකා සුභාෂිණි සොහොයුරියට ගොඩක් තෑන්ක්ස්.තවත් මේ වගේ මලයාලම් රහක් ඕනේ....

  43. සාරංග ජේ. ලියනගම

    Thanks...

  44. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  45. Hansika

    Thank you ❤

  46. A R

    meeeka supiriyak. maruu.

  47. thushara

    බොහොම ස්තූතියි සබ් එකට. ලස්සනයි චිත්‍රපටය. අපේ සර් රුත් ඉන්නවනෙ මේකෙ..

  48. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  49. Pulastha

    Thanks for sub....

  50. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Load more comments