ඔන්න යාළුවනේ ඔයාලා ආසාවෙන් බලපු චිත්‍රපටි මාලාවක අළුත්ම එක අරගෙන ආව. මේකෙ කලින් චිත්‍රපටි දෙක ඔයාලා බලලා ඇති කියල හිතනවා. බැලුවෙ නැති කෙනෙක් ඉන්නවනම් ඒවත් පුළුවන්නම් බලන්න කියල ඉල්ලනවා. මොකද කලින් දෙකත් එක්ක මේකෙ යම් සම්බන්ධකම් තියෙන හින්දා. මේ චිත්‍රපටියෙ පිටපත් අන්තර්ජාලයට නිකුත් උනේ ගිය සතියෙ. අ…

ඔන්න යාළුවනේ ඔයාලා ආසාවෙන් බලපු චිත්‍රපටි මාලාවක අළුත්ම එක අරගෙන ආව. මේකෙ කලින් චිත්‍රපටි දෙක ඔයාලා බලලා ඇති කියල හිතනවා. බැලුවෙ නැති කෙනෙක් ඉන්නවනම් ඒවත් පුළුවන්නම් බලන්න කියල ඉල්ලනවා. මොකද කලින් දෙකත් එක්ක මේකෙ යම් සම්බන්ධකම් තියෙන හින්දා. මේ චිත්‍රපටියෙ පිටපත් අන්තර්ජාලයට නිකුත් උනේ ගිය සතියෙ. අපේ අශාන් සහෝදරයා මට ලින්ක් එකක් එව්වත් ඉංග්‍රීසි සබ් එකක් නිකුත් උනේ මැයි 3 වෙනිදා රෑ 10ටත් පස්සෙ. ඉතිං ඒක බාගෙන රැකියාවෙ වැඩත් එක්ක අද තමයි ඉවර කරගන්න පුළුවන් උනේ. ඉතාම විශිෂ්ඨ මට්ටමේ රහස් පරීක්ෂක කතා බලන්න කැමති අයට මේක නියමෙට අල්ලලා යයි කියල හිතනවා. එහෙනම් අපි කතාවෙ සාරාංශය ටිකක් බලමු.
ඔයාලට මතක ඇතිනෙ Detective Chinatown දෙවනි චිත්‍රපටය අවසන් වෙන්නෙ අපේ වීරයො උන චින් ෆොන්ග් සහ ටැන්ග් රෙන් නිව්යෝර්ක් වල ගුවන්තොටෙන් ආපහු චීනෙට එන්න හදද්දි ජපානෙ නෝඩා හිරෝෂිගෙන් කෝල් එකක් එනවා ජපානෙට එන්න ආරාධනා කරලා. ඉතිං ඒ ආරාධනාව ආදරේට කරපු එකක් නෙවෙයි. ලොකු අභිරහස් විසඳන්න තමයි එන්න කියල තියෙන්නෙ.සිද්ධිය මෙහෙමයි, ජපානයෙ තියෙන චීන ටවුම සංවර්ධන කිරීමට ගිණිකොණදිග ආසියානු වානිජ මණ්ඩලය කියන මාෆියා සංවිධානය සූදානම් වෙද්දි එයට බ්ලැක් ඩ්‍රැගන් නම් මාෆියා සංවිධානයෙ හයවෙනි පරම්පරාවෙ නායකයා වූ වටනාබෙ මසාරු විරුද්ධ වෙනවා. ඒ හේතුවෙන් එම කණ්ඩායම් දෙක අතර විටින් විට ගැටුම් ඇතිවීම නිසා එම කණ්ඩායම් දෙකේම නායකයො තීරණය කරනවා සාකච්ඡාවක් කරලා අවසන් තීරණයකට එන්න. ඉතිං ඒ සඳහා එයාලා තෝරගන්නෙ විශේෂ ස්ථානයක්. ඒ තමයි වතුරෙන් වටවෙලා තියෙන ජල ශාලාව කියන තැන. ඒක කාටවත් යන්නවත් පිටවෙන්නවත් බැරි ගොඩක් ආරක්ෂිත තැනක්. ඉතිං වටනාබෙ මසාරු සහ සූ චෛවිට් කියන නායකයො දෙන්නා කතාව කරගෙන යද්දි එලියෙ ඉන්න එයාලගෙ ගෝලයන්ට ඇහෙනව සූ කෑගහන සද්දයක්. කට්ටියම ඇතුලට ගිහින් බලද්දි දකින්න ලැබෙන්නෙ මහ පුදුම දෙයක්. වටනාබෙ සිහිසුන්ව වැටිලා ඉන්නව, සූ ලේ පෙරාගෙන වැටිල ඉන්නව. සූව රෝහල් ගතකරන්න අරන් යන අතරෙදි ජීවිතක්ෂයට පත් වෙනවා, අධික රුධිර වහනය හේතුවෙන්. හැබැයි මේ උනු කිසිම දෙයක් වටනාබෙට මතක නෑ. ඔන්න ඔය ගැටළුව තමයි චින් ෆොන්ග්ට විසඳන්න බාරවෙන්නෙ. ඉතිං මෙයයි එයාගෙ මාම උන ටැන්ග් රෙනුයි මේක විසඳන්නෙ කොහොමද කියලා ඔයාලට මේක බලලාම දැනගන්න වෙනවා.
මෑතක චීනයෙන් නිෂ්පාදනය වූ විශිෂ්ඨම චිත්‍රපටයක් වූ මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Sicheng Chen විසින්. රචනය Sicheng Chen සහ Wusi Liu දෙන්නගෙ. ප්‍රධාන චරිත වලට Baoqiang Wang, Haoran Liu, Satoshi Tsumabuki, Tony Jaa, Masami Nagasawa යන අය පණ පොවනවා. ඔයාලට මේ නම් දිහා බලද්දි තේරෙන්න ඇති චීන වගේම ජපන් නළු නිළියනුත් මේකට සම්බන්ධ වෙලා ඉන්න බව. ඒවගේමයි සුපිරි ක්‍රියාදාම නළු Tony Jaaත් මේකෙ ඉන්නවා. ඉතිං ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ මේක ක්‍රියාදාම චිත්‍රපටියකුත් වෙන බව. මේක පැය 2කුත් විනාඩි 16ක් එක දිගට කිසිම කම්මැලිකමක් නැතුව බලාගෙන ඉන්න පුළුවන් නිර්මාණයක්. 2021 පෙබරවාරි 12වෙනි දිනයෙ තමයි චීනයෙ ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නෙ. Action, Adventure, Comedy කියන ඛාණ්ඩ වලට මේක අයත් වෙලා තිබ්බත් Mystery ඛාණ්ඩයටත් අනිවාර්යයෙන්ම අයිති වෙන්න ඕනෙ කියලා මං හිතනවා. මොකද මේක ඒ තරම්ම අභිරහස් කතාවක් හින්දා. චිත්‍රපටිය පුරාම හාස්‍යාත්මක ගතියක් තිබ්බත් මේක අවසන් වෙන්නෙ බලන අයගෙ ඇස් වලට කඳුලක් එකතු කරමින්. ඒ කිව්වෙ අවසානය අවුල් කියලා එහෙම නෙවෙයි, ඔවුන් මේ ගැටළුව විසඳද්දි ඒ එක්කම තවත් ගොඩක් සංවේදී රහස් වගයක් අනාවරණය වෙනවා. මේ ටික දවසට IMDb දර්ශකයෙ 5.4ක අගයක් ලබාගන්නත් මේකට පුළුවන් වෙලා තියෙනව. ඒවගේම කියන්න ඕනෙ මේක බොක්ස් ඔෆිස් වාර්තා කිහිපයක්ම මේ වෙද්දිත් තියන්න සමත් වෙලා තියෙනවා. ඒවා තමයි ආරම්භක සතිඅන්තයෙදි වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය, 2021දි දෙවනියට වැඩිම පිරිවැයක් යෙදවූ චිත්‍රපටය, පස්වෙනියට වැඩිම පිරියැයක් යෙදවූ ඉංග්‍රීසි නොවන චිත්‍රපටය යන වාර්තා. එහි පිරිවැය තමයි ඇමරිකානු ඩොලර් මිලියන 117ක්. ඉතිං දැවැන්ත නිර්මාණයක් බව ඔයාලට තේරෙනවනෙ. මේ වෙද්දිත් ඇමරිකානු ඩොලර් මිලියන 700කට ආසන්න ආදායමක් වාර්තා කරන්නත් සමත් වෙලා තියෙනවා. ඉතිං මං ආයෙමත් ඉල්ලනවා මේක බලන්න කියල.
ඉතිං මම ස්තූති කරනවා අශාන් විමුක්ති සහෝදරයට මේ චිත්‍රපටිය වෙනුවෙන් උපසිරැසි නිර්මාණය කරන්න මට අවස්ථාවක් ලබාදීම වෙනුවෙන්. ඒවගේම නවෝදනී තිළිණි සොයුරියටත් අපිට මුල් චිත්‍රපටි දෙක රසවිඳින්න විශිෂ්ඨ උපසිරැසි දෙකක් ලබාදීම වෙනුවෙන්. ඒවගේම අපිත් එක්ක හැමදාම ඉන්න ඔයාලටත් ස්තූතියි කියන ගමන් ගිහින් එන්නම්, ඉක්මනින්ම තවත් උපසිරැසියක් අරගෙන. එතකල් පරිස්සමෙන් සෞඛ්‍යාරක්ෂිතව නිරෝගිමත්ව හැකි සෑම අවස්ථාවකම ගෙදරට වෙලාම ඉන්න කියල ඉල්ලනවා.
ඔබට ජය…!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
12,267 downloadsDownload Detective-Chinatown-3-2021.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයාන් චතුරංග
Subtitles
71 comments
Supun Kaushalya
Neo
Thanks brother
Keep it upPrabodha20
සුපිරි චිත්‍රපට මාලාවක් . ස්තුති ඔබට
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Request:
The Courier (2020)
Thunder Force (2021)
The Dry (2020)
Mission Possible (2021)
The Mitchells vs. the Machines (2021)Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Lucky
Film ek tma dla nadd baiscopedownload eke
Kasun
Thanks brother
Me wage kaleka oya wage supiryak balanna labenne ithin oyalage mahansiya nisa tamaiAnonymous
Kauruhri kiypnko. Download krnn puluwn site ekk
Anonymous
baiscopedownloads.co
Anonymous
තැන්කූ වේවා
රාජිත
සුපිරී බන් , දිගටම මේ වගේ අලුත් ෆිල්ම් දෙමු
කොරියන් එකකුත් දෙන්න බලන්නKushan
Sub akta thanks
Kesh Pradeep
කෝ හලෝ ෆිල්ම් එක..
හොයනව හොයනව තාම හම්බ උනේ නෑ..
Anonymous
Film eka Baiscopedownload eke nane bro
Anonymous
තද කොර ඈහ්හ්
Anonymous
Film eka ganne kohomda
Redrux
මේවනේ බන් දෙන්න ඕන , අර ලොන්ත පෝල් පරන මගුල් නැතුව
Shaggy
උබ දැන් ඔය කෙලපෙරන් ආසාවෙන් බලන ඒවටත් අනාගතේ ඔහොම කියන්න පුලුවන් ඈ
samith
Thanks brother
Anonymous
Film ek download krnne khmd bn. Kauru hri kiypnko.baiscopedownload eke film ek na
මසියා
1337xx.to
name eka ghpn bn
anonymous
thank you saho sub ekata..
download karaganna link eka dala dennako baiscopedownloads . co link dala ne tamachaminda1996
ගොඩක් ස්තූතියි මේි උපසිරසියට,
මං ආසාවෙන් මඟ බලන් හිටපු ෆිල්ම් එකක්................
කරන හැම වැඩකටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.
ඡය වේවා!Shaggy
බොහොම ස්තූතියි සහෝ
Buddhi
Machanla film ek tma dla ndd
Anonymous
Thanks for sub bro
Rahal
Mchn tama film eka upload krla na poddak blpnko
isuru srinath sjs
Upload karala thiyenne.dan balanna.
Rahal
Thanks mchn
Sheron
Thnkz mchn
Keep goingAnonymous
පහරක් වගේ
එල එලNimesh
High budget film ekak me dwaswala balanna labena ekama loku deyak..thnks gayan saho
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි
ජය වේවා!!!Therush
Thanks bn
Action ekak nm aniwa baamak tmaiNelson Rodrigo
Good work friend, thanks for the sub
Anonymous
Thanku kollo
Lucky
නියමයි මචන්
මේ ටිකේ ගෙදර ඉන්න එකේ පුලුවන් නම් සබ් නොදීපු පරන english,kannada,telugu,korean ටිකකටත් සබ් දෙමුLucky
2015න් පස්සේ ආපු action/thriller ටයිප් එකේ ඒවා හොදෙයි
Anonymous
thanks
indika75
thanks..
Anonymous
Thank you
Anonymous
Thankz buddy
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
aruna
supiri filuma mchn
kaztya balanna lowethහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Dineth sithumina
sub ekanam supiri sahoo
Nilush Angana
Sub ekata thanx
Pasan
ගොඩක් ස්තුති සහෝ..
Anonymous
thank you!
Hi mom 2021 (chinese) ekatath sub demuHasith_Themiya
FILm eka biscopedwonlod.co eke nane dwon kranna widiyak kiyanna
isuru srinath sjs
baiscopedownloads. co එකේ දැන් අලුතින් දාලා තියෙන්නෙ. බලන්න
Krishantha Dissanayake
film eka koheda ganna thiyenne
isuru srinath sjs
බයිස්කෝප් ඩවුන්ලෝඩ් eken ganna.. baiscopedownloads. co එකේ දැන් දාලා ඇත්තෙ..
Anonymous
kaden
Sandun Dilaksha
BluRay සබ් එක දෙන්නේ කවද්ද
Anonymous
Ela ela
Anonymous
Thanks for the subtitles....
kent
thanks
Achi
බොහොම ස්තුතියි සබ් එකට
Sandun Dilaksha
BluRay සබ් එක දෙන්නේ කවද්ද
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් සහෝ