”ඔබේ විනාඩි 90 ක කාලය සිනමාවෙ සැබෑ අර්ථය පිළිඹුවන අප ”මාස්ටර්පීස්” ලෙස හඳුන්වන සිනමා සිත්තමක් වෙනුවෙන් වැය කරන්න කැමතිද?” ඔන්න එහෙනම් ඒකට අවස්ථාවක් තමයි මේ රැගෙන එන්නෙ. 2021 වර්ෂයෙ තිරගත වීම ආරම්භ කරපු චිත්‍රපටයක්. වැඩිය කතා බහකට ලක් නොවුණත් ප්‍රේක්ෂකයින්ගෙ සිත් මවිත කරන්න හැකියාවක් ලැබුණු ඇනිමේෂන්…

”ඔබේ විනාඩි 90 ක කාලය සිනමාවෙ සැබෑ අර්ථය පිළිඹුවන අප ”මාස්ටර්පීස්” ලෙස හඳුන්වන සිනමා සිත්තමක් වෙනුවෙන් වැය කරන්න කැමතිද?”
ඔන්න එහෙනම් ඒකට අවස්ථාවක් තමයි මේ රැගෙන එන්නෙ. 2021 වර්ෂයෙ තිරගත වීම ආරම්භ කරපු චිත්‍රපටයක්. වැඩිය කතා බහකට ලක් නොවුණත් ප්‍රේක්ෂකයින්ගෙ සිත් මවිත කරන්න හැකියාවක් ලැබුණු ඇනිමේෂන් චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. එය ඉංග්‍රීසියෙන් ”The Summit Of The God” ලෙස හඳුන්වනවා. ප්‍රංශ භාෂාවෙන් ”Le Sommet Des Dieux” වෙනවා. මොකද එය ප්‍රංශ සිනමා පටයක් වෙන හින්දා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ මීට පෙර අහන්න ලැබුණු අධ්‍යක්ෂකවරයෙක් යටතේ. ඔහු නමින් ”Patrick Imbert” වෙනවා. නිකුත් වෙන්නෙ නෙට්ෆ්ලික්ස් හරහා. ඒ නොවැම්බර් මස 30 වෙනි දින. ඒවගේම මෙයට පාදක කරගෙන තිබෙන්නෙ ”Jiro Taniguchi” විසින් එළි දක්වපු මන්ගා කතාවකින්. මේ වෙනකොට IMDB අගය 7.8 ක ඉහළ අගයක් සහ කුණු තක්කාලි අගය 100% අරගන්න සමත් වෙලා තිබෙනවා. එහෙනම් අපි කතාව ගැන පොඩි බලමුකො.
ෆුකමාචි මොකෝටෝ කියන්නෙ වෘත්තියෙන් ජනමාධ්‍යවේදියෙක්. ඔහු මැගසීන් වලට ජයාරූප අරගන්නවා. ඉතිං මෙයා තමන්ගෙ වෘත්තියෙ නියැලී ඉන්න දවසක දකින්න ලැබෙනවා ”හාබුව”. දැන් බලනවා ඇති හාබු කියන්නෙ කවුද කියලා. හාබු කියන්නෙ කඳු නගින්නෙක්. ඔහු මීට පෙර හුඟක් ප්‍රසිද්ධව හිටපු කෙනෙක්. නමුත් කාලෙකට පෙර අතුරුදහන් වෙනවා. ඒ ඇයි කියන්න කවුරුත්ම දැනන් හිටියෙ නැහැ. ඒත් ඇයි මේ අතුරුදහන් වුණු කෙනෙක් ආයෙ ඇවිත් ඉන්නෙ කියලා ෆුකමාචිට කල්පනා වෙන්න ගන්නවා. අනික ඔහු එන්නෙත් පුද්ගලයෙක් ළඟ තියෙන කැමරාවක් අරගන්න. ඒ කැමරාව මීට පෙර එවරස්ට් කන්ද තරණය කරපු කෙනෙක්ගෙ. ඔහු තරණය කළාද නැද්ද යන්න තොරතුරු එකේ තියෙනවා. මොකද ඔහු කඳු තරණය කරද්දී ජීවිතක්ෂයට පත්වෙනවා. ඉතිං ෆුකමාචි මේ කැමරාව පස්සෙ වගේම හාබු පස්සෙ හඹා යනවා. ඇයි ඔහු අතුරුදහන් වුණේ කියලා දැනගන්න වගේම කැමරාවෙ තියෙන තොරතුරු ටික ලබාගන්න. හැබැයි මේ චාරිකාවේදී ෆුකමාචි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. තමන්ගෙ ජීවිතයෙ ඇති යථාර්තය ගැන. ඒ ටික දැනගන්න එක ඔයාලට බාරයි. ඒවගේම පොරොන්දු වෙනවා බැලුවට පසුතැවිලි වෙන එකක් නැහැ කියලා.
ඒවගේම කියන්න ඕන මේක ඔරිජිනල් භාෂාව වෙන්නෙ ”ප්‍රංශ” මට අන්තර්ජාලය මඟින් ලැබුණේ ඉංග්‍රීසියට හඬ කවපු එකක්. ඉතිං ඉංග්‍රීසි සබ් එක හඬකවපු එක බලද්දී ලොකු වෙනසක් තියෙනවා. ඉතිං මං සබ් එක කරේ ඉංග්‍රීසි සබ් එකේ තිබුණු එකට. හඬකවපු එකට නෙමේ. මේක ගොඩක් නෙට්ෆ්ලික්ස් සහ අනෙකුත් ස්ට්‍රිමින් සර්විස් හරහා එද්දී දැකගන්න පුළුවන් වෙන දෙයක්. Money Heist සහ The Dark බලපු අය නම් ඒ ගැන දන්නවා ඇති. ඉතිං මේ හඬකවන එක ඒ රටේ විතරක් නෙමේ අපෙ රටේ කරද්දීත් එහෙමයි. අමතර වචන දාලා තමයි ඒක කරන්නෙ. ඉතිං මං මෙහෙම කියන්නෙ මොකද පස්සෙ කියයි ”මූ වෙන මගුල් දාලා” වගේ අදහස් වැටෙන හින්දා. පුළුවන් නම් ඩබ් කරපු නැති එකක් හොයාගන්න බලන්න. දැන් නම් හොයාගන්න පුළුවන් වෙයි මොකද මං ආපු දවස් වලයි ගත්තේ.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
3,076 downloadsDownload The-Summit-of-the-Gods-2021.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #2021
- #Baku Yumemakura
- #Damien Boisseau
- #Editor's Pick
- #Eric Herson-Macarel
- #Jirô Taniguchi
- #Lazare Herson-Macarel
- #Magali Pouzol
- #MaxxA
- #Must Watch
- #Netflix
- #Offbeat
- #Patrick Imbert
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Subs
- #You Decide
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
11 comments
Kantha_DLA
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Anonymous
great
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
මයුර
ස්තුති වේවා
බලන්නම හිටපු එකක් මේක නම්Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
indika 75
thanks..
සුභාෂිණී මල්ලව ආරච්චි
උපසිරසියට ගොඩක් ස්තූතියි මල්ලි ❤️
M A A L I K
මේ Type එකේ Movies වලට සබ් තව තවත් බලාපොරොත්තු වෙනවා...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Request:
The Addams Family 2 (2021)
Sing 2 (2021)