කදිර් ඉපදුනේ 3.33ට. රස්සාවක් හොයමින් ඉන්න කදිර්ට රස්සාවක් ලැබෙන්නෙම නැහැ. රස්සාවක් නේද ලැබෙන්නෙ නැත්තෙ කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ණය අයදුම් කරනවා. ඒත් කොහෙන්වත්ම ණය ලැබෙන්නෙත් නැහැ. අම්මා, අක්කා, අක්කගෙ දුව තුන් දෙනා එක්කයි කදිර් ජීවත් වෙන්නෙ. කදිර් පවුලත් එක්කම හිටපු ගෙදරින් වෙනත් ගෙදරක පදිංචියට…

කදිර් ඉපදුනේ 3.33ට. රස්සාවක් හොයමින් ඉන්න කදිර්ට රස්සාවක් ලැබෙන්නෙම නැහැ. රස්සාවක් නේද ලැබෙන්නෙ නැත්තෙ කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ණය අයදුම් කරනවා. ඒත් කොහෙන්වත්ම ණය ලැබෙන්නෙත් නැහැ. අම්මා, අක්කා, අක්කගෙ දුව තුන් දෙනා එක්කයි කදිර් ජීවත් වෙන්නෙ. කදිර් පවුලත් එක්කම හිටපු ගෙදරින් වෙනත් ගෙදරක පදිංචියට යනවා. මේ ගෙදරට පය තිබ්බ වෙලාවෙ ඉඳන් අසාමාන්‍ය දේවල් සිද්ද වෙනවා කදිර්ට දැනෙනවා. හරියටම රෑ 3.33ට කදිර්ට ඇඟම හොලවගන්න බැරිව ගල් වෙනවා. ඒ වෙලාවට කතා කරන්නවත් බැරි වෙනවා. කදිර්ගෙ ගෙදරට එන පියතුමෙක් කදිර්ගෙන් එයාගෙ පවුලෙ අයට ඈත් වෙන්න කියලා අනතුර අඟවනවා. කදිර් දොස්තර කෙනෙක් මුණ ගැහුණත් බෙහෙත් ටිකක් ඇරෙන්න වෙන සහනයක් ලැබුණෙ නැහැ. කදිර් ඉපදුනු මේ 3.33 කියන වෙලාව තමන්ගෙ පස්සෙන් පන්නගෙන එනවා කියලා තදින්ම විශ්වාස කලා. මේ ඔක්කොම සිද්ද වෙන්නෙ 3.33 වටායි. කදිර් 3.33 ගැන යූටියුබ් එකේ තිබුණ සාකච්ඡාවක් හොයා ගන්නවා. ඒ සාකච්ඡාවෙදි මේ 3.33න් ගැලවෙන විදිහ ගැන පැහැදිලි කරනවා. බැරිවෙලාවත් මේකෙන් ගැලවෙන්න බැරිවුණොත් මොකද වෙන්නෙ කියලා…

මේක Psychological Horror චිත්‍රපටයක්. දෙමළ චිත්‍රපටි වලින් නම් Ra (2014) චිත්‍රපටයේ රතු දොරක් වටායි කතාව යන්නෙ. ඇරිලා තියෙන ඒ රතු දොර වහන්න පුළුවන් වෙනවද, නැද්ද කියලයි ඒ චිත්‍රපටයෙන් පෙන්වන්නෙ. මේක අහද්දි වෙන චිත්‍රපටියක් මතකෙට එනවා නම්, ඒ Insidious (2010) චිත්‍රපටිය. ‘ර’ චිත්‍රපටියට ඉන්සීඩියස් චිත්‍රපටය ගොඩක් කාවද්දගෙන තියෙනවා. Amityville Horror චිත්‍රපට මාලාවේ එන සිද්දිවලට සමාන කතාවක් මේ චිත්‍රපටයෙ දැකගන්න පුළුවන්. The Number 23 (2007) චිත්‍රපටියේ 23 අංකේ තියාගෙන එකතු කරලා, අඩු කරලා සෙල්ලම් දාලා පිස්සු වැට්ටුවා බලපු අයට මතක ඇති. මේ චිත්‍රපටියෙන් 3.33 ඇයි ආයේ ආයේ දකින්නෙ කියන එක වටා මේ කතාව ගෙතී යනවා.

666 යක්ෂයගෙ ඉලක්කම කියලයි හඳුන්වන්නෙ. එහෙම 666 පිළිවෙලට පිහිටන කොට අසුභයි කියලයි කියන්නෙ. 666 පිහිටන වෙලාවක වැඩක් කරන්නත් සමහර ක්‍රිස්තියානි ආගමිකයන් බය වෙනවාලු. 2006 ජුනි මාසෙ හයවෙනිද ක්‍රිස්තියානි ආගමිකයන් තමන්ගෙ දරුවගෙ ප්‍රසූතිය තියාගන්න කැමති වුණේ නැහැ.

Antichrist කෙනෙක් නැත්නම් ක්‍රිස්තු විරෝධියෙක්, යක්ෂයෙක් විදිහට හඳුන්වන Nero Caesar කියන කෲර අධිරාජ්‍යයාගේ නම Hebrew භාෂාවෙන් ලියලා, ඒ අකුරුවලින් එන ඉලක්කම් එකතු කලහම 666 ලැබෙනවා. මේ නීරෝ සීසර් ක්‍රිස්තියානි අයව කෲර විදිහට මරා දැම්මා කියලත් සඳහන් වනවා.

666 ගැන එහෙම තිබුණත්, 333 නම් ගොඩක් විස්තර තිබුණෙ ඒක දෙවියන්ගේ අංකයක් කියලයි. මේ 333 දැකීම ආශිර්වාදයක් වගේ දෙයක් විදිහටයි සලකන්නෙ. මේක හොඳ නරක දෙපැත්තටම අදහස් තියෙනවා. චිත්‍රපටයේ මේක Half-Evil අංකයක් විදිහට හඳුන්වනවා. මේ ගැන ඒ තරම් තොරතුරු නොදන්න නිසා තවත් දුරට යන්නෙ නැහැ. කොහොම වුනත් චිත්‍රපටයේ එන සමහර දේවල් නිර්මාණාත්මක භවය වෙනුවෙන් මනඃකල්පිතව එක් කරලා තියෙනවා.

මේ චිත්‍රපටයේ නර්තන ගුරුවරයෙක් වන සැන්ඩි නළුවෙක් විදිහට සිනමාවට පිවිසෙනවා. මීට පෙරදී Parris Jeyaraj (2021) චිත්‍රපටයේ “පුලි මාන්ගා පුලිප්” ගීතයේදී හමුවනවා. දැන් දැන් නළුවෙක් විදිහටත් දකින්න පුළුවන් වෙන ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂක GVM නොහොත් ගෞතම් වාසුදේවන් මෙනන් වගේම මයිම් ගෝපි, සරවනන් යන අයද මෙහි දක්නට ලැබෙනවා.

අදහස් දක්වන හැමෝටමත්, බයිස්කෝප් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටමත් ස්තූතියි!

බුදු සරණයි! සියළු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

6,541 downloadsDownload 3-33.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු නවින්

Subtitles

6,541 downloadsDownload Subtitles33 KB

21 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

    1. Naveen Mbr

      ස්තූතියි!

  2. Anonymous

    ko flm eka

    1. Naveen Mbr

      Baiscopedownloads එකෙන් ඉස්සරහට දායි. මම සබ් එක විතරයි කරන්නෙ සහෝ. ෆිල්ම් එක දාන්නත් එයාලා බැඳිලා නැහැ.

  3. Kushan

    Sub akta thanks

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  5. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  6. ඩොක් අයියා

    666 ගැනත් ෆිල්ම් එකක් දාන්න

  7. Jevan

    Thanks machi

  8. Anonymous

    තැන්කු වේවා

  9. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. dulan

    ස්තුතියි !

  11. Kaviru madushanka

    Thanks sub ekata bro!
    (Jail-2021 tamil film ekatath sub dennako...)

  12. Rajitha

    උපසිරසියට ස්තුතියි

  13. oshanda

    thanks sahoo...

    1. Naveen Mbr

      ස්තූතියි! ඔෂධ සහෝදරයා!

  14. indika 75

    thanks.

  15. Anonymous

    thx bro

  16. Naveen Mbr

    හැමදෙනාටම ස්තූතියි!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!