Watch Trailer

The Swarm AKA La nuée (2020) Sinhala Subtitle | ලේ පිපාසිත පළඟැටියන් [සිංහල උපසිරසි]

”තණ්හාය ජායතී සොකො තණ්හාය ජායතී භයං තණ්හාය විප්පමුත්තස්ස නත්ථි සොකො කුතො භයං” ”තණ්හාව නිසා ශෝකය හට ගනී. තෘෂ්ණාව නිසා භය හට ගනී. තෘෂ්ණාවෙන් තොර වූවෙකුට ශෝකයක් හෝ භයක් නොමැත.” යන්න කියලා තමයි බුදුරජාණන් වහන්සෙ දේශණා කරල තියෙන්නෙ. ඉතිං ඇයි මං මේ දේවල් කියන්නෙ. මොකද චිත්‍රපටය බලද්දී ඔයාලට හොඳටම තේරුම්…

”තණ්හාය ජායතී සොකො
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස
නත්ථි සොකො කුතො භයං”

”තණ්හාව නිසා ශෝකය හට ගනී.
තෘෂ්ණාව නිසා භය හට ගනී.
තෘෂ්ණාවෙන් තොර වූවෙකුට ශෝකයක්
හෝ භයක් නොමැත.”

යන්න කියලා තමයි බුදුරජාණන් වහන්සෙ දේශණා කරල තියෙන්නෙ. ඉතිං ඇයි මං මේ දේවල් කියන්නෙ. මොකද චිත්‍රපටය බලද්දී ඔයාලට හොඳටම තේරුම් යයි ඇයි මං මේ ගාථාවෙන් පටංගත්තෙ ඇයි කියලා. අපේ කතා නායිකාව වන වර්ජිනි ජිවත් වෙන්නෙ ප්‍රංශයෙ. ඇය තමන්ගෙම ව්‍යාපාරයක් කරමින් ජිවත් වෙන්නෙ තමන්ගෙ ළමයි දෙදෙනාත් එක්ක. මේ ව්‍යාපාරය තමයි පළඟැටි සම්බන්ධ දෙයක්. ඇය පළඟැටියන් භාවිතා කරමින් පිටි සාදනවා. සමහරක් අයට හිතෙයි මේක බොරුවක් කියලා. ඇත්තම කිව්වොත් එහෙම පිටි වර්ග තියෙනවා. මේවා ප්‍රෝටීන් බහුල දෙයක් කියලා තමයි කියන්නෙ. ඉතිං ඕන බිස්නස් එකක් වැඩි කල් තියෙන්නෙ නැහැ. බාධා එනවා. ඉතිං ඇයටත් මේ බාධාව එනවා. ඇයගෙ පළඟැටියන බෝවෙන ප්‍රමාණය ක්‍රමක් ක්‍රමයෙන් අඩු වෙනවා. ඉතිං ඇයට තමන්ගෙ ළමයින්ටවත් කන්න බොන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙන්නෙ. හැබැයි මැය ලද දෙයින් සතුටු වෙන්නෙ නැහැ. ඇය උත්සහ කරන්නෙම ලොකු මුදලක් ලබාගන්න. ඉතිං සමහරක් අයගේ යෝජනාවක් ඇය ප්‍රතික්ෂේප කරනවා. දවසක් ඇයගෙ අධික කෝපය නිසා මෙම පළඟැටි හරිතාගාරයෙ තියෙන භාණ්ඩ සියල්ලම වගේ විසික් කරලා දානවා. ඔය අතරේ ඇයව ලිස්සනවා. ලිස්සල ඇයගෙ ඔලුව වදිනවා. ඉතින් ලේ හැමතැනම වගේ විසිරෙනවා. ඇය ඇහැරිලා බලද්දී පළඟැටියන් ඇයගෙ ලේ බොනවා. ඉතින් මේ සිද්ධියෙන් පස්සෙ උන්ගෙ බිත්තර දැමීම ක්‍රමක් ක්‍රමයෙන් වැඩි වෙනවා. පස්සෙ ඇය උන්ට ලේ ලබාදීම ආරම්භ කරනවා. මං ඉතුරු ටික කියන්න යන්නෙ නැහැ. මොකද කිව්වොත් කිසි තේරුමක් නැතිව යනවා. අවසානය වෙනකම් බලන්නකො.

The Swarm Aka La Nuée කියන්නෙ ප්‍රංශ චිත්‍රපටයක්. මෙය නිකුත් වෙන්නෙ 2020 වසරේදී නමුත් පසුව Netflix මගින් මෙහි විකාශන අයිතිය ලබාගන්නවා. ඒවගේම කියන්න ඕන මෙය Slow-Pace යන චිත්‍රපටයක්. හැමදෙයක්ම ඉක්මණින්ම වෙයි කියලා බලාපොරොත්තු වෙන්නෙපා. IMDb හී අගය 5.5 ලබාගන්න අතරේ Rotten Tomatoes අගය 100% අරගන්න සමත් වෙලා තියෙනවා. ඇයි කියනවා නම් චිත්‍රපටයෙ පේනවට වඩා දෙයක් සඳහන් වෙනවා. අධ්‍යක්ෂක වරයා නළු නිලියන් ගැන කිව්වට වැඩක් නැතිවෙයි. මොකද ඒ හැමෝම වගේ අලුත් කට්ටිය. ඉතිං හැමෝටම ආරාධනා කරනවා මෙය නරඹන ලෙසට.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB  පිටපත් සඳහා අදාළ වේ.

6,524 downloadsDownload The-Swarm-AKA-La-nuee-2020.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

6,524 downloadsDownload Subtitles26 KB

24 comments

  1. indika75

    thanks..

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Anonymous

    thanks brother
    thwa netflix tikak demu

  4. nuwan

    Sub ekata thanks maga nawaththapu anitima season tikwath karamu
    Sabrina,3%

  5. Anonymous

    thnkz

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:
    Vivo (2021)
    Color Out of Space (2019)

  7. DILmin

    Sub ekata thanks! Netflix Vivo (2021) film ekatath sub denna ...

  8. Anonymous

    Kuruthi(2021) sub plz

  9. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් මේ ෆිල්ම් ටිකටත් සබ් දෙන්න.

    Jakob's Wife - 2021
    Anything for Jackson - 2020
    Meet the Blacks -2016
    The House Next Door: Meet The Blacks 2 - 2021

  10. sisira munasinghe

    හොඳ ෆිල්ම් එකක් වගේ. තැන්ක්ස් මේ ෆිල්ම් එකට උපසිරසි ලබා දුන්නට. පුළුවන් කමක් තිබේනම් the cave 2019 ෆිල්ම් එකට sub ලබාදෙන්න

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  12. සෙව්මි

    Thanks අයියේ..vivo 2021 film 1ටත් sub දෙන්නකෝ...

  13. Eranda

    Thanks

  14. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  15. Anonymous

    Thanks

  16. Anonymous

    thnx

  17. Ruchira

    Thanks for the sub!!!!!!!!!!

  18. Udara Damith

    ammo

  19. Anonymous

    Meka dakiddi mathk une podi kalae..mood issara balapu supirima film set ekk.isara itn eka giypu

  20. kariyawasam hetti gamage chaminda

    puluwannam basic 2003 film eke sub denna

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. MAALNATH

    Thanks........good luck.............

  23. Dewadithya

    Thanks for Sub!

  24. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!