කොහොමද හැමෝටම? ඔන්න මාස ගානකට පස්සෙ ආයෙ සබ් එකක් අරන් ආවා. ෆිල්ම් එක ෆිල්ම් හෝල් වලට රිලීස් වුනේ අප්‍රේල් 25 වෙනිදා. කොහොමහරි හොඳ වෙබ් කොපිත් රිලීස් වුන නිසා සබ් එක අරන් ආවා. ෆිල්ම් එක The Tank (2023). අර මං කලින් සබ් කරපු මිනීමරු සත්තු ඉන්න කැටගරි එකේම ෆිල්ම් එකක්. HORROR/THRILLER වර්ගීකරණයන්ට අයි…

කොහොමද හැමෝටම? ඔන්න මාස ගානකට පස්සෙ ආයෙ සබ් එකක් අරන් ආවා. ෆිල්ම් එක ෆිල්ම් හෝල් වලට රිලීස් වුනේ අප්‍රේල් 25 වෙනිදා. කොහොමහරි හොඳ වෙබ් කොපිත් රිලීස් වුන නිසා සබ් එක අරන් ආවා. ෆිල්ම් එක The Tank (2023). අර මං කලින් සබ් කරපු මිනීමරු සත්තු ඉන්න කැටගරි එකේම ෆිල්ම් එකක්. HORROR/THRILLER වර්ගීකරණයන්ට අයිති වෙන මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය, කතාව දෙකම Nicolas Cage රංගනයෙන් දායක වුන The Frozen Ground (2013) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Scott Walker ගෙන්. නළු, නිළියො විදිහට The Night Agent(2023),Sweet Tooth(2021) වගේ ටීවී සීරීස් වලට රංගනයෙන් දායක වුන Luciane Buchanan සහ Matt Whelan,Zara Nausbaum වගේ අය දායක වෙනවා. මේ වෙද්දි ලැබිලා තියෙන IMDB අගය 4.5 ක්‍. CREATURES EFFECTS උනත් ඉහළම මට්ටමකින් තියෙනවා මොකද මේකෙ සත්තුන්ගෙ ග්‍රැෆික්ස් හදන්න දායක වෙලා තියෙන්නේ පීටර් ජැක්සන්ගේ WETA Studios සමාගම. විනාඩි 100 ක් පුරාවට දිවෙන ෆිල්ම් එක නවසීලන්තයේ තමයි රූගත කරලා තියෙන්නේ.

කතාව ගැන ටිකක් කිව්වොතින් බෙන් විවාහ වෙලා ඉන්නෙ ජූල්ස් එක්ක. එයාලගෙ දුව තමයි රෙයා. මෙයාලා සතුන් විකුණන සාප්පුවක් කරනවා. සෑහෙන මූල්‍යමය ගැටළුවල හිර වෙලා ඉන්නේ. බෙන්ගෙ තාත්තයි, අක්කයි බෙන් පොඩි කාලෙම නැති වෙලා. බෙන්ගෙ අම්මගෙ මරණෙන් පස්සෙ දවසක් බෙන්ගෙ අම්මගෙ නීතිඥයගෙ හවුල්කාරයා ඇවිත් කියනවා බෙන්ගෙ අම්මට අයිති වෙලා තිබුන වෙරළබඩ පළාතක තියෙන ඉඩමක් ගැන. බෙන්ට කවදාවත් අම්මා එහෙම දෙයක් කියලා තිබුනෙ නෑ. ඉතින් මේක බෙන්ටත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. පස්සෙ බෙන්, ජූල්ස්, රෙයා තුන් දෙනා යනවා මේ ඉඩම ගැන බලන්න. එහේ ගියාම එයාලා දකිනවා එහේ හදලා තියෙන ලොකු වතුර ටැංකියක්. ඉතින් ඔතනින් එහාට මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්න එහෙනම්. ආයෙ සබ් එකකින් හම්බෙනකම් මට මේ සබ් එක කරන්න අවස්ථාව දුන්න වගේම හොඳ සබ් එකක් ආපු ගමන් ෆේස්බුක් එකෙන් මාව දැනුවත් කරපු විමා අයියටත් ස්තූති වෙන ගමන් ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,786 downloadsDownload The.Tank_.2023.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

8,786 downloadsDownload Subtitles27 KB

20 comments

  1. Sanjeewa Malith

    Thank u subtitles akata .....පුළුවන් nm the night agent tv series akatath sub demnakooo

  2. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔයා දුන්න සබ් එකක් කියන්නෙ අනිවා බැලිල්ලක් තමයි. ජයවේවා!

  3. Naveen Mbr

    බොහොම ස්තූතියි අයියේ!

  4. යුරාන් ධනුක (දනුවා)

    නියමයි මල්ලි... කාලෙකින් සබ් එකක් අරන් ඇවිත්.
    උපසිරසියට බොහෝම ස්තූතියි.

  5. Rukshan

    සුපිරියි, ෆිල්ම් එක ඩව්න්ලෝඩ් කරගෙන හිටියෙ කොයි වෙලේ දෙයිද කියල හිත හිත ❤️

  6. Manoj

    සිංහල උපසිරසියට ස්තුතියි

  7. Kushan

    Sub akta thanks

  8. Anonymous

    Thanks brdh ❤️ apollo 10 1/2 space age childhood film eka marama lassana film ekak ekata puluwan nm sub eka denna kiyala baiscope admin warunge illanawa

  9. Lasitha sanasum

    මරු සබ් එක අයියෙ කාලෙකින් . ස්තූතියි.

  10. Sohan Jayasooriya

    හැමෝටම තෑන්ක්ස් වේවා

  11. Buddhika Lakmal (laKMal)

    පට්ට
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  12. Anonymous

    එලකිරි සොහාන්
    සුපිරි සීරීස් එකකුත් දෙමු

  13. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  14. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  15. damith

    thanks bro. jaya wewa............

  16. menura

    font eka mokakda

  17. saman wijesekara

    font eka mokakda huththo

  18. Dewadithya

    Thank for Sub!

  19. Nishan

    Thanx bro

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P