මීට කලින්,…….. ලිපි 231……. උපසිරැසි 149……. මුළු අදහස් දැක්වීම් 12,466…. මවිසින් කළ ස්තූති කිරීම්/පැහැදිලි කිරීම් ඇරුනකොට ඔබගෙන් ලැබූ අදහස් දැක්වීම් 11,231…. අඳුනාගත් මිත්‍රයින් සංඛ්‍යාව අනන්තයි අප්‍රමාණයි. වැය කළ අප්‍රමාණ කාලය වෙනුවෙන් මා ලැබූ එකම ලාභය ඔබෙන් ලැබූ දිරි ගැන්වීම පමණයි. ඇත්තෙන්ම මම ඔබට…
ලිපි 231…….
උපසිරැසි 149…….
මුළු අදහස් දැක්වීම් 12,466….
මවිසින් කළ ස්තූති කිරීම්/පැහැදිලි කිරීම් ඇරුනකොට ඔබගෙන් ලැබූ අදහස් දැක්වීම් 11,231….
අඳුනාගත් මිත්‍රයින් සංඛ්‍යාව අනන්තයි අප්‍රමාණයි.
වැය කළ අප්‍රමාණ කාලය වෙනුවෙන් මා ලැබූ එකම ලාභය ඔබෙන් ලැබූ දිරි ගැන්වීම පමණයි. ඇත්තෙන්ම මම ඔබට ණය ගැතියි.
ඔබට ස්තූතියි !!!!!!
හොඳයි මගේ 150 වෙනි උපසිරැසිය විදියට මම තෝරගත්තේ එක කාලෙක ලෝකය හොල්ලපු චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. බයිස්කෝප් සිංහලෙන් අඩවියේ රසිකයෙක් වෙන මනෝජ් මධුසංඛ සහෘදයත් මේ චිත්‍රපටයට උපසිරැසි දාන්න කියලා ඉල්ලලා තිබ්බා. මම දාන්න හිතන් උන්නු ලයිස්තුවේ මේ චිත්‍රපටියත් අඩංගු වෙච්ච නිසාම ඔන්න මම අද ඒ ඉල්ලීම ඉටු කරනවා.
අද වගේ පරිගණක ආධාරයෙන් කරන දෘශ්‍ය ප්‍රයෝග නැති කාලෙක මේ චිත්‍රපටය වෙනුවෙන් කරපු දෘශ්‍ය ප්‍රයෝග වෙනුවෙන් 1957 දී ඔස්කාර් සම්මානය පවා හිමි වුණා. ඒ වගේම මෙම චිත්‍රපටිය 1956 දී ඉහළම ආදායම් ලබපු චිත්‍රපටිය බවට පත් වුණා. ඒ ශු. ලාභය විදියට ඇමෙරිකානු ඩොලර් 18,500,000 ක් ලබාගෙන. ඒක 2012 දී තිබ්බ වටිනාකම එක්ක සසඳලා බලන කොට ඇ. ඩොලර් 1,025,730,000 ලබා ඇමරිකාව හා කැනඩාව තුළ එතෙක් බිහිවූ සියලු චිත්‍රපට අතරින් හය වෙනියට වැඩිම ආදායම් ලබපු චිත්‍රපටිය බවටත් පත්වුණා.
මීට අමතරව ආදායම් වාර්තා (box office) වෙබ් අඩවියක් වෙන “The Numbers” හී ඇමරිකාව තුළ මෙම චිත්‍රපටිය මිලියන 80 කට වඩා ආදායමක් ලැබූ බව සඳහන්. 1999 දී මෙම The Ten Commandments චිත්‍රපටිය, කොන්ග්‍රස් පුස්තකාලය විසින් සංස්කෘතික, ඓතිහාසික හෝ කලාත්මක වැදගත් කමක් ඇති යන කාණ්ඩය යටතේ එක්සත් ජනපද ජාතික චිත්‍රපට ලේඛනගත කිරීමේ කාර්යයාලයේ සංරක්ෂණය කරන ලදී. එසේම 2008 ජූනි මාසයේදී වීර කාව්‍ය කාණ්ඩයේ දස වෙනි ස්ථානයට තෝරා ගන්නා ලදී. එසේම වර්තමානයේ IMDB ශ්‍රේණිගත කිරීම් වල ඡන්ද 33,864 කින් 7.8/10 ලබාගැනීමටත් සමත් වී තිබෙනවා.
කතාව ගැන වැඩ්යමක් කියන්න යන්නෙ නෑ. The Bible කතාමාලාවේ පළවෙනි කතා බැලුව නම් මේ කතාව මීට වඩා අඩු විස්තර සහිතව ඒකේ ගියා. ඒත් මේ ඊට වඩා වැඩි විස්තර සහිතව යන කතාවක්. හැමෝම බාගෙන බලන්න කියලත් ඉල්ලනවා.232

1.51 GB (BR) කොපිය මෙතනින් බාගන්න
b5a90c6727c2da5f7556429c009c641530892d29400 MB (BR) කොපිය මෙතනින් බාගන්න
855DD66E65AD7695E8747CD53DFA2441AB81977E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,230 downloadsDownload The.ten_.commandments.1956.baiscopelk.zip184 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
111 comments
කැළුම්
lasidu
ජය වේවා 200 ත් දාන්න ශක්තිය ලැබේවා!!!
vee
maxxa maxxa :) all the best
isuru
aniwa pattaine 150 damma kiyanne loweth na
ositha
cngrtzzzzz bro
mihin ලංකා
නියමයි අයියා ඔය තියෙන්නේ 150 පට්ටම එකක්
h[a]s
උණුසුම් සුභ පැතුම් අයියේ
naleenit
gr8 work royli
උදාර
ජයම වේවා 150 ට සුපිරි
shann
නියමයි සහෝ සුභ පැතුම්
nuwan
supirima site aka baiscope anad royli
ccnp
Thanks
was
සුභ පැතීම් 1000 ක් දෙන්න ලැබේවා!!!!
was
සුභ පැතුම්!!!!
Buddhika
My Congratulations Aiye..... Ela aaaaaaa....
amila
all the best
Rakitha Ranathunga
Niyamai royya aiye
Thawa thawa denna
Iigaawata 200 harida
Jayen jaya!tharanga
උණුසුම් සුභ පැතුම්!
tharindudoo
jaya vewa machan, digatama vade karagena yanna dairya shkthiya labenna kiyalaa praarthanaa karanava.......
Pubudu Supun
උණුසුම් සුභ පැතුම් රොයිලි අයියේ. මම හිතනවා ළඟදීම මට 200 වන උපසිරසටත් සුභ පතන්න අවස්ථාවක් ලැබෙයි කියලා. :D :D
chamath cafe
බොහොම පින් ඒ වගේම 200 ත් ඉක්මනින්ම ගහන්න ලැබේවා!
කේ.යූ.ජී. උදාර
අපියි මචෝ උඹට ණය. මෙච්චර කාලයක් අපි වෙනුවෙන් කරපු කැප කිරීමට.....
මේ පිම්මෙ ම 200 ත් ගහමු.
සබත් එක්ක ම 400 කෑල්ල ගන්නවා.
බොහොම ස්තූතියි රොයිලි...pathum
suba pathum
#ChalinduDeshan (කිනා)
සා.. එල එල.
පරණ උනාට පේන විදිහටනං පට්ට කතාවක් වගේ.
කාලයක් හොල්ලපු චිත්‍රපටියක් කිව්වහම නොබල ඉන්නෙ කෝමෙයි.
බෝම ස්තූතියි!
ජයවේවා!Ashain
suba pathum royly ayya........meke inne Charlton Heston kiyna supiri naluwa.........eygae Ben Hur flm ekatath sub denna puluwn nm loku deyak...suba pathum...elaz
lk
baiscope best site ever
best of luckසමීර කරුණාරත්න
" කැපවීම හා අධිෂ්ඨානය "
ඔය වචන දෙයට රොයිලි කියලා දාන්න අවසර ද? අන්තර්ජාලය තුල අපිටම කියලා මුල්ම උපසිරැස දුන්නා මදිවට අද වෙනකම් ඒ සත් ක්‍රියාව නතර නොකර කරගෙන යන්න ඔය කැපවීම කියන දේ ටොන් ගණනෙන් ඇති අපේ රජතුන්මා ලග. වැඩි දේ කියන ඕනෙ නැහැ අපි හැමෝම ඔයාගේ කෑම කිරීම් ගැන දන්නවා නෙව, වෙනත් උපසිරැසක් එන්න කලින් උපසිරැස හදාගෙන එහෙමත් අපි වෙත ගෙන්න ගත්ත මහනිස්ය අපිට මතකයි. ඉතින් හැමදාම මේ සත් ක්‍රියාව කරගෙන යන්න ශක්තිය, ධෛර්යය, වාසනාව හා කාලය ලැබේවායි එක සිතින් පතනවා.
--------- රජතුමයි ජය ශ්‍රී ---------සමීර කරුණාරත්න
එකෙත් වචනේ වැරදිලා නෙව. :(
----- රජතුමනි ජය ශ්‍රී -----
venura
pattama film akaka PLD IS GOLD
150TA CNGRTZ
venura
old is gold :)
ගයාන් තාරක
ජයවේවා ජයවේවා ජයවේවා...!!! රොයිලි සහෝදරයගේ 150 වෙනි උපසිරැසි ගැන්වීමට මෙන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්... තව තවත් අපේ අය වෙනුවෙන් මේ වගේ වැඩ කරන්ඩ ඔය අත්වලට වැඩි වැඩියෙන් ශක්තිය ලැබෙන්ඩ කියල ප්‍රාර්තනා කරනවා.. කරන හැම වැඩක්ම මේ වගේම සාර්ථක වෙන්ඩ කියලත් ප්‍රාර්තනා කරනව..
ganidu
හද පිරි සුභ පැතුම්!
දිදුල Kd සිල්වා
රොයිලි අයියා සබ් 150ක් කරා කියල දැනුනෙවත් නෑ.. මං කිව්වෙ, අපිට ඉතින් මහන්සියක් නෑනෙ, අරන් බලන්න විතරනෙ තියෙන්නෙ. ඒත් ඔයා කොච්චර වෙහෙසක් දරල කොච්චර කාලයක් මිඩංගු කරන්න ඇතිද මේ සබ් 150 දාන්න. 150 වෙනි උපසිරැසිය ලෙසත් තෝරාගෙන තියෙන්නෙ නියම චිත්‍රපටයක්, නමත් අවස්තාවට හොඳට ගැලපෙනව. මොකද කැපවීම හා අධිෂ්ඨානය නැත්තම් කවදාවත් මේ තරම් දුරක් එන්න ලැබෙන්නෑනෙ... ටෙලි කතා මාලාවන් බලන අපේ යාලුවන්ට නම් රොයිලි අයියා වැඩක් පටන් ගත්ත කියන්නෙ මල් වගේ. එක දිගට බැලිල්ලක් විතරනෙ තියෙන්නෙ.. සබ් දාන අපි හැමෝමට ඔයා හොඳ පූර්වාදර්ශයක්. හොඳ මගපෙන්වීමක් කරල තියනව. ඒ ගැන මම හදවතින්ම ස්තූතිවන්ත වෙනව. ඒ වගේම මේ වගේ විශිෂ්ට කලා කෘතීන් මින් මතුවට හැමදාටම අප වෙත ඒමට සහ ජීවිතයේ අනෙකුත් සියලුම වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලුම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව. ජයම වේවා෴
tharindu
ela ela.....ohoma yan sahooo....ilagata 200, ilagata 300 ilagata 500.......api hamadama baiscope ekath ekka innava saho.........man film balanna addict uneth baiscope hindai.......dan hama ekakma balanava.......api venuven me karana deta apith godak nayagathi sahoo.......athhatama godak thansks me dunna hama lipiyakatama hama sub ekakatama....ada venathuru sub vala kisima varaddak dakketh na......godak thansks thanskss
rusuru | රුසිරු
ජය වේවා සහෝට
jack
150 ට හදවතින්ම සුබ පතනවා සහෝ. ඔයා බයිස්කෝප් අඩවියට ඉන්න ලොකුම සම්පතක්
රොහාන්
රොයිලි සහෝ මගෙනුත් උණුසුම් සුභ පැතුම් 150 වෙනි උපසිරැසිය වෙනුවෙන්. දිගු කාලයක් මේ කරන කැපවීම කරගෙන යන්න ශක්තිය ධ්‍යෛර්ය ලැබේවා! බොහෝම ස්තුතියි මේ වනතුරු කළාවු සෑම සිංහල උපසිරැසියක් ගැනම. ඔබගේ වටිනා කාලය සිංහල රසිකයන් උදෙසා වැය කළ එක ගැන මාගේ ප්‍රණාමය.ජයවේවා!
GOD BLESS YOU.nimesh
Thanks macha!!1 keep it up!!!
Budditha Fernando
ඔබගේ 150 වෙනි උපසිරස නිර්මාණය සුභ පැතුම්!! මේවැනි නිර්මාණයක් දීම ගැන ගොඩක් සතුටුයි!! <3 <3
දිමුතු තරංග ඉලුක්කුඹුර
මගේ උණුසුම් සුබ පැතුම් රොයිලි සහෝ, නියමයි තවත් උපසිරසි දාන්න ශක්තිය ලැබේවා,ජයවේවා.
kasun viraj
ජය වේවා 200 ත් දාන්න ශක්තිය ලැබේවා!!!
shiwantha
thanx machan
ohoma idiriyatama yamu
jaya wewa .....
මිහාන්
රොයිලි සහෝදරයාගේ 150 උපසිරැසියට උණුසුම් සුභපැතුම්,
ඔබතුමාට මෙන්ම
ඔබේ උපසිරැසි සංඛ්‍යාවටද
දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.heshan
ස්තූතියි සහෝ.....
අපිට ලස්සන සබ් දෙනවට
ඉස්සරහටත් බයිස්කෝප් එකත් එක්කම ඉදන් තව තවත් මේ වගේ හොද නිර්මාණ වලට ස්බ් දෙන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.....ශාන් විමුක්ති [විමා]
රොයිලි ප්‍රනාන්දු
ලංකාවෙ ෆිල්ම්ස් බල හැම කෙනෙක්ම හොදටම දන්න කියන නමක්
ඒ නිකම්ම නෙමේ ශ්‍රී ලාංකීය අන්තර්ජාල උපසිරසිකරනයේ පලමුවැන්නා
ඉතින් මේ නම හරියට අපේ ප්‍රවීන ටයිටස් තොටවත්ත මහත්තයා වගේ හැමදාම කියවෙන නමක් වේවා!
ඔයාට ජයෙන් ජය!Sisira Hegoda
Royli Fernando, Biascope, we. I love love lve Our web site.
dev
bohoma stuti saho... .
150 sub ekata suba patanawa... .
wedi wediyen sub danna diriya shaktiya lebewa.... .nilanka
all the sedt roili
Buddhi Senanayaka
ela bro
nilu
maxxa mchn jaya wiwa
Kasun
Jaya wewa.... 200 ta ikmanatama yanna shakthiya lebewa.....
Lahriu
ela ela
ganesh
සැම උපැරසියක ට ම ස්තුතියි වචන නැ ස්තුති කරන්න තවත් උපරැසි ඉදිරිෙය්දි බලාෙපාෙරාත්තු ෙවනවා
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Ten Commandments (1956) | කැපවීම හා අධිෂ්ඨානය……[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/The-Ten-Commandments-1956-555x250.jpg)

පට්ට රොයිලි උණුසුම් සුභ පැතුම් !