මේක මගේ 8වෙනි සබ් එක. මේ වතාවෙ වෙනසකටත් එක්ක Horror ෆිල්ම් එකකට සබ් එකක් කරන්න හිතුනා. ඒ සඳහා මං තෝරාගත්තෙ හොලිවුඩයේ මෙතෙක් බිහිවු හොඳම Horror ෆිල්ම් එකක්. මේක ටිකක් පරණ එකක්. ඒත් ගොඩක් හොඳ සිනමා නිර්මාණයක්. Horror ෆිල්ම් බලන්න කැමති අයට මේක ගොඩක් හොඳ ෆිල්ම් එකක් වේවි. මේක තිරගත වෙලා තියෙන්නෙ 1974ද…

මේක මගේ 8වෙනි සබ් එක. මේ වතාවෙ වෙනසකටත් එක්ක Horror ෆිල්ම් එකකට සබ් එකක් කරන්න හිතුනා. ඒ සඳහා මං තෝරාගත්තෙ හොලිවුඩයේ මෙතෙක් බිහිවු හොඳම Horror ෆිල්ම් එකක්. මේක ටිකක් පරණ එකක්. ඒත් ගොඩක් හොඳ සිනමා නිර්මාණයක්. Horror ෆිල්ම් බලන්න කැමති අයට මේක ගොඩක් හොඳ ෆිල්ම් එකක් වේවි.
මේක තිරගත වෙලා තියෙන්නෙ 1974දී. මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ නම් එතරම් ප්‍රසිද්ධ නළු නිළියන් පිරිසක් නෙමෙයි. ඒත් ඔවුන්ගෙ රංගනය හොඳ මට්ටමක පවතිනවා. Slasher Horror කියන චිත්‍රපට වර්ගය හොලිවුඩයේ ප්‍රසිද්ධ වුයේ මේ චිත්‍රපටයේ ආගමනයත් සමගයි. මීට පෙර Horror ෆිල්ම්ස් ලෙස වඩා ප්‍රකට වී තිබුනේ හොල්මන් මත පදනම් වු Supernatural Horror ෆිල්ම්ස් පමණයි. මේ චිත්‍රපටයෙන් පසු halloween, Friday the 13th, Saw යනාදී Slasher Horror චිත්‍රපටමාලා ගණනාවක් බිහි වුනා. මේ චිත්‍රපටය ඇමරිකාව තුළ එම අවධියේ ඇමරිකන් ඩොලර් මිලියන 30කට අධික ආදායමක් සොයමින් 1974 වර්ෂයේ 12වෙනියට වැඩිම ආදායම සෙවු චිත්‍රපටය බවට පත් උනා. එමෙන්ම මෙහි අන්තර්ගත ඇතැම් අමානුශික දර්ශන නිසා ප්‍රංශය, පර්මනිය, ස්වීඩනය යන රටවල් කිහිපයකම මෙය ප්‍රදර්ශනය කිරීම තහනම් කර තිබෙනවා. මෙය හොඳ IMDB අගයකුත් හිමි කරගෙන තිබෙනවා. එම අගය 7.5 ක්. මෙය Horror චිත්‍රපට ඉතිහාසයේ සංදිස්ථානයක් වු චිත්‍රපටයකි. මෙය එදා මෙදා තුර බිහිවු හොඳම Horror චිත්‍රපටයක් ලෙස අවිවාදයෙන්ම සැලකෙයි. පසුකාලීනවද මේ චිත්‍රපටය නමින්ම තවත් චිත්‍රපට කිහිපයක්ම නිපදවා තිබෙනවා.
මේකේ කතාව ගැන නම් එතරම් ලොකු විස්තරයක් කරන්න අවශ්‍ය නෑ. මේකේ ධාවන කාලය මිනිත්තු 83යි. සාමාන්‍ය චිත්‍රපටයකට සාපේක්ෂව ගත් කල මෙය කුඩා කාලයක් ධාවනය වෙන චිත්‍රපටයක්. චිත්‍රපටය පටන් ගන්නෙ තරැණයන් තිදෙනෙක් හා තරැණියන් දෙදෙනෙක්ගෙන්. මොවුන් 5දෙනා හොඳ මිතුරන්. ඔවුන් ඇමරිකාවේ ටෙක්සාස් හී පාළු පෙදෙසක විනෝද චාරිකාවක නියැලෙනවා. මෙම පාළු ප්‍රදේශයේ මොවුන්ට මුහුණ දීමට සිදුවන භයානක අත්දැකීමක් වටා තමයි මේ චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නෙ. මෙහිදි ඔවුන්ට කිනම් ඉරණමකට මුහුන පාන්නට සිදුවෙයිද? ඔවුන්ට දිවි ගලවා ගැනීමට හැකි වේවිද? ඉතිං ඔයාලම චිත්‍රපටය බාන් මෙය නරඹලා බලන්න. ඒවගේම තවත් වැදගත් දෙයක් තියෙනවා. ඔයාලා මේක නරඹන කොට වැරදිලාවත් කුඩා ළමයින්ට නම් පෙන්නන්න එපා. මොකද මේකේ තියෙන සමහර දර්ශන ඔවුන්ගෙ මනසට තදින් බලපාන්න පුළුවන්. ඉතිං ඔයාලම මෙය නරඹා හොඳද නරකද කියා තීරණය කරන්න. තවත් උපසිරසි නිර්මාණයක් සමගින් ලඟදීම හම්බවෙමු.
ඔබ සැමට ජයෙන් ජය පතමි!
Due to copyright issues, we do not provide any torrent links.
The Texas Chain Saw Massacre.1974.720p.BrRip.x264
මෙම ලබා දී ඇති සිංහල උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
475 downloadsDownload The-Texas-Chain-Saw-Massacre.1974.Baiscopelk.com_.rar24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
James DC
Subtitles
18 comments
Ishan Madusha
loku malli
Amme ada mama eka...
Thanx sub 1 ta broo...kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! මම ඔයා දුන්න හැම ෆිල්ම් එකක්ම බැලුවා. ඔක්කොම සුපිරියි. හැකිනම් වෙලාවක Horror Express (1972) ෆිල්ම් එකටත් සබ් දෙන්න.
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.James DC
හරි සහෝ, මං දෙන්න බලන්නම්. සබ් කරාට හරියට කමෙන්ට් එකකවත් වැටෙන්නෙ නැති නිසා දැන්නම් වැඩේ පොඩ්ඩක් එපා වෙලා තියෙන්නෙ
අසිත
Texas Chain Saw Massacre අලුත් ෆිල්ම් සෙට් එක බැලුවා.
එකක් බාල තියෙනවා.
මේක බෑවේ නෑ සබ නැති නිසා දැන් එකත් හරි.
ජය වේවා..!!!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Withanage Priyantha Dayakeerthi
සබ් එකට ගොඩක් ස්තුතියි! තාරක සොයුරා යෝජනා කර ඇති පහත සඳහන් Horror Express (1972) සිනමාපටය මා විසින්ද යෝජනාකර සිටිනවා.
Thilakarathna
මෙය ඔබේ උපසිරසි සහිතව නැරඹුවා, ස්තුතියි...
හැකිනම් Dracula Prince of darkness (1966) චිත්‍රපටයට සිංහල උපසිරසි දෙන්න. මෙය මා පාසල් කාලයේදී බැලූ එකක්.අසංක ප්‍රදීප් රණතුංග
ජේම්ස් සහෝදරයා කමෙන්ට් සහ view මේවට අඩුයි කොහොමත්. මමත් මුලදි අවුල් උනා. ඒත් පස්සේ හිතුවා. අපේ උපසිරසි ගන්නේ සුලු ප්‍රමාණයක් උනත් ඒ සුලු ප්‍රමාණය ඒ චිත්‍රපටයට ඇත්තටම ආස අය කියන ඒක. ඉතින් View සහ Downloads ගැන හිතන්න එපා. අපි කරන වැඩේ හරි. මේ වෙනකොට ඔයාගේ උපසිරැසිය 188 ක් බාල තියනවා. ඒ කියන්නේ ඇත්තටම මේ චිත්‍රපටයේ වැදගත් කම දන්න 188ක් ඉන්නවා මේ වෙනකොට. ඒ ඇති මම හිතන්නේ.
Dracula Prince of darkness (1966) කියන ඒක ඇතුලත් Dracula සෙට් එක මම සම්පුර්ණ කරන්න හිතන් ඉන්නේ. ඔයා පුළුවන් නම් ඔයාගේ නමටත් සමාන ජේම්ස් බොන්ඩ් සෙට් ඒක බලන්න. 1962 ඉඳල පටන් ගත්ත සිරිස් එකේ ෆිලුම් 26 න් කිහිපයයි බයිස්කෝප් එකේ තියෙන්නේ..
උපසිරසියට ස්තුතියි . බුදු සරණයි
James DC
ගොඩක් ස්තුතියි සහෝ කමෙන්ට් එකට. ඔයාගේ මේ කමෙන්ට් එක ගොඩක් වටිනවා.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shihan
Thanks saho...
සඳුන් ජීවන් කුමාර
මම ෆිල්ම් එක download කරන් බැලුවා… නියමයි James DC සහෝ සුපිරි….!
මම කරපු The Texas Chainsaw Massacre 2003 සබ් එකත් බලන්නකො
ඔබට ජයෙන් ජය....!
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!sasindu kavish
නියමයි
Ruvindu
Thank you !!
Anonymous
Thank you so much
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි.මේක කාලයකට පෙර බැලුවා නමුත් උපසිරැසි නැතිව.සහෝට ස්තුති
වෙන්න සිංහල උපසිරැසිත් එක්ක අයෙත් බැලුව හැකි.පුළුවන් වෙලාවක
I Spit on Your Grave(1978),Ninja Scroll(1993)
Vampire Hunter D(1985),Vampire Hunter D: Bloodlust(2000)
සබ් දෙන්න බලන්න.මේවට seeds නම් තියෙනවා.ජය