මෙය එකළ බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා තැබූ, IMDb වර්ගකිරීම් අතර 7.2 ක අගයක් ලබාගත් “රාජ් කපූර්” සිනමාවේදියාගේ සුවිශේෂ සිනමා නිර්මාණයකි. හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙයට සිංහල උපසිරසි ලබාදෙනමෙන් “පැරණි හින්දි ගීත…

මෙය එකළ බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා තැබූ, IMDb වර්ගකිරීම් අතර 7.2 ක අගයක් ලබාගත් “රාජ් කපූර්” සිනමාවේදියාගේ සුවිශේෂ සිනමා නිර්මාණයකි. හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙයට සිංහල උපසිරසි ලබාදෙනමෙන් “පැරණි හින්දි ගීත සංගමයේ” මාගේ හිතවතෙක් ඉල්ලා සිටියා. මෙතෙක් බිහි වූ හින්දි සිනමාව තුළ, මෙය මා පෞද්ගලිකව ප්‍රිය කරන චිත්‍රපටක් වන නිසා ඉතාමත් ආශාවෙන් උපසිරසි කළේ. ඉතාමත් මියුරු ගීත සහ කූතුහලය පිරි කතාවක් රැගත් මෙම ලස්සන හින්දි චිත්‍රපටය ද, ඔබ ඉතා කැමැත්තෙන් නරඹනු ඇතයි මා සිතන්නෙමි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතින අතර, මෙහි ඇති ගීතවල තනු ආශ්‍රයෙන් ඉතා මියුරු සිංහල ගීත ද නිර්මාණයවී ඇත. එයින් එකකි මොහිදීන් බෙග් සහ ජී එස් බී රාණි පෙරේරා යුවල ගැයූ “පෙම් පහන නිවී” ගීතය.
මෙම සිනමාපටයේ ප්‍රධාන චරිත වන්නේ රාජ්, නිලූ සහ කයිලාෂ් ය. පදිංචි නගරයෙන් බැහැරව, තම පියාගේ වැඩබිමක් භාරව සිටින “රාජ්” ට දෙමවුපියන් විසින් විවාහ යෝජනාවක් ගෙන එයි. කෙළිලොල් ජීවිතයක් ගෙවූ “චන්ද්‍රා” නම් තරුණිය මෙම යෝජනාවට කැමැත්තක් නොදක්වයි. එමෙන්ම රාජ් සහ චන්ද්‍රා කිසිදිනෙක එකිනෙකා දැක නොතිබුණි. රාජ් ඇයට එවන ලද ලිපිවලට තම නැඟණිය වූ “නිලූ” ලවා පිළිතුරු ලිපි ලියා යවයි.
කාලයක් ගතවන විට නිලූට, මේ රාජ් කවුදැයි බැලීමට අවශ්‍ය වේ. ඇය නිවසට බොරුවක් පවසා රාජ් හමු වීමට, ඔහු සිටිනා වැඩබිම සොයා යයි. එහිදී ඔවුන් දෙදෙනා අතර ඇල්මක් ඇතිවේ. පසු කාලයක දී නිලූගේ අක්කා වන චන්ද්‍රා, රාජ්ව දැකීමෙන් පසුව කලින් ඉදිරිපත් කර තිබූ විවාහ යෝජනාවට කැමැත්ත පළ කරයි. එතැන් සිට පටන් ගන්නා ආදර ගැටළුව කෙසේ විසඳේ ද? එය නරඹලාම දැනගන්නට සුහදව ආරාධනා කරන්නෙමි! එමෙන්ම 1523 mb ප්‍රමාණයක් සහිත, ධාවන කාලය පැය 2 යි, විනාඩි 17 යි, තත්පර 56 ක කාලයක් ඇති වීඩියෝවක් මෙම උපසිරසිය සඳහා ගැළපෙන බව සලකන්න.
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති“, “ආයි මිලන් කී බේලා“, ඇන් ඊවිනින් ඉන් පැරිස්“, බූට් පොලිෂ්“, “සංගම්“, “සාති“, “මෙරා නාම් ජෝකර්” යන පැරණි හින්දි චිත්‍රපට හය සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන එකොළොස්වන සිංහල උප සිරසිකරණයයි. මේ චිත්‍රපටය පිළිබඳව ද ඔයාලාගේ අදහස් දක්වන්න. ස්තූතියි!
Due to copyright issues, we do not provide any torrent link.
271 downloadsDownload Aah-1953.Baiscopelk.com_.rar37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PriyanthaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
22 comments
Tharaka
loku malli
Ela ela thanx bro SUB 1 ta. Danma banna danawa
Vajira Rathnayake
සුබ පැතුම්. කීප වතාවක් බලලා තියෙන චිත්‍රපටයක්. නමුත් සිංහල උපසිරැසි සමග බලන්නට අවස්ථාව ලැබෙන්නේ පළමු වතාවවට. මම අනිවාර්යයෙන්ම නරඹනවා.
nishadi wickrama
tnx
Kulanjana Maduranga
niayamai…thanks VITHANAGE saho..sub ekata..digatama sub demu.jaya wewa……
Supitha
ගොඩක් ස්තුතියි.
Abhimaan (1973). මෙිකටත් subtitle 1ක් දෙන්න පුලුවන්නම්.Withanage Priyantha Dayakeerthi
Supitha,
Abhimaan (1973) ඉහත ඉල්ලීම අනුව,
මෙම චිත්‍රපටය මීට පෙර වෙනත් කෙනෙක් සිංහල සබ් කරලා තියෙන්නේ, හැබැයි බයිස්කෝප් එකට දීලා නම් නැහැ. මම මිලදී ගත්තේ කොළඹ මල්වත්ත පාරේ M.V. එන්ටටෙයින්මන් වෙතින්. දැනටත් එහි සිංහල උපසිරසි සහිත ගොඩක් හින්දි පරණ සිනමාපට තියෙනවා. මගේ ළඟ නම් ඒ සියල්ලම තියෙනවා.
ප්‍රේමකුමාර
බොහො ම ස්තූති. අදාළ වීඩියෝව ගැන ඉඟියක් සැපයීමද අගය කරමි. එසේ ඉඟියක් සැපයූ විට මෙවැනි අගනා සම්ප්‍රදානයන්හි නියම ඵල අත්කර ගැනුමට කාටත් පහසු වෙනු ඇත. තෙරුවන් සරණින් යහපතක් ම වේවා !
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Soori
ඔන්න මමත් ගත්තා.
මේ වගේ අගනා පැරණි නිර්මාණ සඳහා සිංහල උපසිරැසි ලබා දීම ගැන විතානගේ සහෝට මාගේ හද පිරි ස්තුතිය...!Tharindu Dhananjaya
Ane me parana film epa saho
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !Withanage Priyantha Dayakeerthi
එමෙන්ම 1523 mb ප්‍රමාණයක් සහිත, ධාවන කාලය පැය 2 යි, විනාඩි 17 යි, තත්පර 56 ක කාලයක් ඇති වීඩියෝවක් මෙම උපසිරසිය සඳහා ගැළපෙන බව සලකන්න.
ajith
download karanna bane
Thilak
ajith වෙත,
යූ ටියුබ් හරහා ඩවුන්ලෝඩ් කරගත හැක.
ajith
ajith
ajith
a
kasun Harshana
Aradhana (1969) film ekata sinhala sub Denna puluwanda plz? Patta lassana sindu tikak tiyanawa eke. Aradhana film eka baisecopelk eke naathi eka lokuma loku aduwak.
Tharanga Sandakelum Weerathunga
බොහොමත්ම ස්තූතියි..
Withanage Priyantha Dayakeerthi
Face Book එකේ Priyantha Dayakeerthi ගිණුමට යන්න. එහි Old Hindi Movies With Sinhala Subtitals නාමයෙන් ඇති Group එකේ මෙහි වීඩියෝ ලින්ක් එක ඇත. එමඟින් මෙයට අදාළ නිවැරදි වීඩියෝව පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි දයා සහෝ සිංහල උපසිරැසියට..ඔබට ජය...!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!