සුභ උදෑසනක් වේවා බයිස්කෝප් සාමාජික මිතුරු මිතුරියන්ට. මාසයක අවසානයේ අළුත් සතියක ඔන්න මං ආවා තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරගෙන. මේක මගේ පස්වෙනි සිංහල සබ් එක. මේ චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ 1974 අවුරුද්දේ. ඉතින් පැරණි බටහිර චිත්‍රපට වලට කැමති අය වෙනුවෙන් ඔන්න ලස්සන ඒ වගේම ත්‍රාසජනක චිත්‍රපටයක් අරන්…

සුභ උදෑසනක් වේවා බයිස්කෝප් සාමාජික මිතුරු මිතුරියන්ට. මාසයක අවසානයේ අළුත් සතියක ඔන්න මං ආවා තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරගෙන. මේක මගේ පස්වෙනි සිංහල සබ් එක. මේ චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ 1974 අවුරුද්දේ. ඉතින් පැරණි බටහිර චිත්‍රපට වලට කැමති අය වෙනුවෙන් ඔන්න ලස්සන ඒ වගේම ත්‍රාසජනක චිත්‍රපටයක් අරන් ආවා.
ඩග් රොබට්ස් කියන්නේ ජනප්‍රිය ඒ වගේම දක්ෂ ගෘහ නිර්මාණ ශිලිපියෙක්. ඔහු සැන්ෆ්‍රැස්සිස්කෝ වලට එන්නේ ජිම් ඩන්කන් නම් කොන්ත්‍රාත්කරුවාගේ අළුත්ම ව්‍යාපෘතිය Inferno ගොඩනැගිල්ලේ සාදයටයි. මේ ගොඩනැගිල්ලත් ඩග්ගේ නිර්මාණයක් වන අතර ඔහුගේ බිරිද සුසෑන් ෆ්‍රැන්ක්ලින් ද ඩග් එනතුරු මෙහි රැදීසිටින්නේ එදින සවස පැවැත්වෙන සමාරම්භක උත්සවයට සහභාගී වීමටයි. අඩි 1688 ක් උස මහල් 138කින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ නේවාසික කාමර හා ව්‍යාපාරික ආයතන කාර්යාල වලින් හා ආපන සහ උත්සවශාලා වලින් යුක්ත දර්ශණීය ගොඩනැගිල්ලකි. ඩග් මේ සදහා අති නවීන ආරක්ෂීත ක්‍රම හා අනතුරු ඇගවීම් ක්‍රම භාවිතා කර ඇත. ගොඩනැගිල්ලේ පූර්ව පරික්ෂාවකදී විදුලි පරිපත සදහා යොදාගෙන ඇති අමුද්‍රව්‍ය තත්වයෙන් බාල ද්‍රව්‍ය බව ඩග්ට වැටහේ. ගොඩනැගිල්ලේ නිෂ්පාදන වියදම අඩුකරගැනීමට ඩන්කන් ඔහුගේ බෑණා වන රොජර් සමග එක්ව මේ දේ කල බව ඩග්ට වැටහෙන විට සේවා කාමරයක විදුලි පරිපථයක ගින්නක් ඇතිවී හමාරය. සමාරම්භක උත්සවය කල් දැමීමට ඩග් විසින් කරන යෝජනාවද ඩන්කන් ඉවත දමන්නේ ඒ වන විටත් සමාරම්භක උත්සවයේ සම්භාවනීය අමුත්තන් පැමිණෙමින් සිටින නිසා සහ ඩග් අනියත බයක් හා බොරු මවාපෑමක් පෙන්වනවායැයි චෝදනා කරමිනි. කෙසේ හෝ ගින්න මොවුන්ට පාලනය කරගත නොහැකි තැන ගිණි නිවන ඒකකය කැදවීමට සිදුවේ. එහිදී බොහොම කාර්යය ශූර ගිනි නිවන භටයෙකු වන ගිණි නිවන අංශයේ ප්‍රධානී ඕහෝලොහන් ප්‍රමුඛ කණ්ඩායම පැමිනෙන අතර ඔවුන්ගේ සහයට එක්සත් ජනපද නාවික හමුදා ගුවන් ඒකකයද මේ ගින්න නිවීමට පැමිණේ. ඉන් අනතුරුව දිගහැරෙන්නේ ගෘහ නිර්මාණ ශිල්පියා සහ ගිණි නිවන ප්‍රධානියා සමග ජීවිත බේරාගෙන ගොඩනැගිල්ලද බේරා ගැනීමට දියත් කරන සටනයි. චිත්‍රපටයේ හොදම හරිය මම කියන එක හරි නැහැනේ. ඒ නිසා ඔයාල චිත්‍රපටය බලලම ඉන්න.
එවකට ජනප්‍රිය නළුවෙක් වන The Great Escape(1963), The Hunter (1980), The War Lover (1962) වැනි චිත්‍රපටවල රගපෑ Steve McQueen මෙහි චීෆ් ඕහෝලොහන් ලෙස රගන අතර ඩග් ලෙස Paul Newman, ඩන්කන් ලෙස William Holden, සුසෑන් ලෙස Faye Dunaway සහ රොජර් ලෙස Richard Chamberlain සමග Fred Astaire, O.J.Simpson, Jennifer Jones ද රංගනයෙන් එකතුවේ. 1974 දෙසැම්බර් 14 දා තිරගතවීම ආරම්භ කරපු මෙම චිත්‍රපටය John Guilermin ගේ අධ්‍යක්ෂණයකි. IMDb දර්ශකයේ 6.9 ක අගයක් ඇති මෙම චිත්‍රපටය Rotten Tomatoes හි 71%ක අගයක් දිනා ඇත. ඊට අමතරව එවකට හොදම ගීතය, හොදම සංගීතය, හොදම සහය නලුවා, වසරේ නැගී එන නිලිය, හොදම කැමරාකරණය සහ සංස්කරණය වැනි සම්මාන කීපයක්ද ලබාගැනීමට සමත් විය.
හ්ම්ම්… එහෙනම්. අදට නවතින්නම්. තවත් ළගදීම දවසක ලස්සන ෆිල්ම් එකකට සිංහල සබ් අරගෙන එන්නම්.
එතකන් ඔබ සියළුම දෙනාට සුභ දවසක්.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
1,308 downloadsDownload The.Towering.Inferno.1974.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
11 comments
Ranjeewa K.Liyanage
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට...
ජය වේවා.!Tharaka
Thanks..........
gihan perera
පරණ උනත් පට්ට ෆිලුමක්....ජය වෙිවා මචෝ.....ස්තුතියි උපසිරැසි දුන්නට.....දිගටම උපසිරැසි දෙන්න බලන්න.....
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ...!
lester64
Bro. keep it up with the good work for highlighting the hidden gems to the new generation. I suggest you another film The 39 Steps
ar perera
meka sub natuva man balpu film 1k dan sub ekkama balanava thanks------bro....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nirosha Nirosha
thanks
Dewadithya
Thanks for Sub!
MAALnath
Thanks ..................good luck .................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks...