Watch Trailer

Brightburn (2019) Sinhala Subtitles | සුපර්මෑන් නපුරට පෙළඹුනොත්? [සිංහල උපසිරැසි සමඟ]

නිකමට හරි හිතිලා තියෙනවද සුපිරි වීරයෙක් නපුරට හැරුනොත් මොනවා වෙයිද කියලා? සුපර්මෑන් වගේ හුගක් හිත හොද චරිතයක් එහෙම? පොඩි කාලෙදී හදුනාගන්න බලයන් නපුරට පාවිච්චි කලොත්? හතුරන්ව පරාද කරනවා වෙනුවෙන් පොඩි දේටත් පලිගන්න ගත්තොත්? මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දෙනවා වෙනුවට හිතේ හැටියට මිනි මරන්න ගත්තොත්? මං හි…

නිකමට හරි හිතිලා තියෙනවද සුපිරි වීරයෙක් නපුරට හැරුනොත් මොනවා වෙයිද කියලා?
සුපර්මෑන් වගේ හුගක් හිත හොද චරිතයක් එහෙම?
පොඩි කාලෙදී හදුනාගන්න බලයන් නපුරට පාවිච්චි කලොත්?
හතුරන්ව පරාද කරනවා වෙනුවෙන් පොඩි දේටත් පලිගන්න ගත්තොත්?
මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දෙනවා වෙනුවට
හිතේ හැටියට මිනි මරන්න ගත්තොත්?

මං හිතන්නෙ මේ මාතෘකාව ගැන කතා කරපු පලවෙනි කෙනා මම නෙවෙයි. මොකද සුපර්මෑන්ගේ මරණයෙන් පස්සෙ නැවතත් පණ ලැබෙන කෙනා විදිහට “බ්ලැක් සුපර්මෑන්” කියලා චරිතයක් ගැන අහලා ඇති. දැකලත් ඇති. Superman: Doomsday, The Death of Superman කියන්නේ මේවට හොද උදාහරණ. ඒවගේම මේ ප්‍රශ්නෙම මේ විදිහට BvS එකේදී අවසානෙදි සුපර්මෑන් මැරිලා ගියාම Suicide Squad චිත්‍රපටය පටන් ගද්දි මේ ප්‍රශ්නෙම ඇහුවා. ඉතින් මේ කියන්න හදන්නෙ සුපර්මෑන් වගේ චරිතයක් පොඩි කාලේදී හදුනාගන්න බලයන් නපුර පැත්තට යොදාගත්තොත් මොන විදිහෙ දෙයක්ද වෙන්නෙ කියලා. හැබැයි පහල තියෙන ලිපිය කියෙව්වට පස්සෙ තේරුම් යාවි චිත්‍රපටයෙ නිර්මාතෘවරුන් එක්කාසු වෙලා ප්‍රේක්ෂකයන් හට ලබා දෙන්න උත්සහ කලේ මොන විදිහෙ අදහසක්ද කියලා.

එතකොට මේක මාවල් හො ඩීසි සිනමාපටයක්ද?

නැහැ. මේක මාවල්/ඩීසි සිනමාපටයක් හො යුනිවර්ස් වලින් වෙනමම නිර්මාණය වෙච්ච යුනිවර්ස් එකක සිනමාපටයක්වත් නෙවෙයි. දැනට Brightburn සිනමාපටය සලකන්නෙ එහෙමයි. මොකද මේක SONY සමාගම යටතෙ බිහි වුණු සිනමාපටයක්. දැනට DC Comics වල චරිත අයිතිය තාමත් තියෙන්නෙ වෝනර් බ්‍රදර්ස්ලට. ඉතින් එයාලට චරිත අයිතිය තියෙද්දී තව කාටවත් බැහැ කොමික් සිනමාපට නිර්මාණය කරන්න. ඒත් මේක ඇතුලෙ තියෙන විශේෂත්වය ගැන කියනවනම් Brightburn සිනමාපටය නිර්මාණය වෙලා තියෙන්නේ කොමික් වර්ග කිහිපයක එකතුවෙන් කියලා සලන්න පුලුවන්. ඒ මොනාද කියනවනම්,

  • Image Comics

2015 පෙබරවාරි 04 වැනිදා Image Comics යටතේ “Nameless” කියලා චිත්‍රකතා නිකුත්වෙලා තියෙනවා. මෙහි නිර්මාණ කටයුතු සිදු කරලා තියෙන්නෙ ග්‍රෑන්ට් මොරිසන් විසින්. විශේෂයෙන්ම කියන්න ඕන 2015 වසරේ නිකුත් වූ භයංකරම කොමික් කලාපය වෙන තරමටම මේක ජනප්‍රියත්වයට පත්වෙලා තියෙනවා. මේ කොමික් කලාපය ඇතුලෙ තිබිලා නිර්නාමික සංකේතයක් දකින්න ලැබෙනවා හරියටම ජේම්ස් ගන් Brightburn සිනමාපටය සදහා යොදාගත්ත සංකේතයට සමාන එකක්ම. ඉතින් Brightburn සිනමාපටය ගොඩනගන්න මේ සංකේතය Image Comics වලින් උපුටාගන්න ඇතියි කියලා සලකන්න පුලුවන්.

                                                                                 නිර්නාමික සංකේතය

 

  • DC Comics

DC House of Horror

                                                                    Bump in the Night

 

DC Comics යටතෙ 2007 දී නිකුත් වෙච්ච හැලොවින් සදහාම වෙන් වූ විශේෂ කොමික් සීරීස් එකේම අලුත් එක තමයි DC House of Horror කියන්නෙ. 2017 ඔක්තෝබර් 25’වැනිදා තමයි මේ චිත්‍රකතාව නිකුත් වෙන්නෙ එකම එක කොමික් කලාපයකින් සමන්විත වෙන විදිහට. Keith Giffen තමයි කතාව ලියලා තියෙන්නෙ. මේ කොමික් කලාපයේ “Bump in the Night”කොටස තුලින් දැකගන්න ලැබෙනවා කැන්සාස්වල පිහිටි ස්මෝල්විල් වලට ක්‍රිප්ටෝනියන් යානයකින් එන කැල්-එල්ව, නමුත් පෙනුමෙන් හුගක් ලාබාල බවක් පේන්න තියෙන කෙනෙක්ගෙ ආගමනයක් ගැන. එයාගෙත් එල් වංශයේ සංකේතය රතු පාටින් පපුවේ සටහන් වෙලා තියෙනවා. පෘතුවියට එන කැල්-එල් පුංචි කාලෙ ඉදලම සුපිරි දුෂ්ට චරිතයක් වුනොත් මොකද වෙන්නෙ කියන සංකල්පය මේ කලාපය තුලින් ඉස්මතු වෙනවා. හරියටම කියනවනම් ජේම්ස් ගන්ගෙ Brightburn සිනමාපටයෙ ඉන්න බ්‍රැන්ඩන්ට සමාන කෙනෙක්වමයි DC House of Horror කලාපයේ “Bump in the Night” කොටසින් දැකගන්න ලැබුනෙත්. ඉතින් ජේම්ස් ගන් මේකෙනුත් උපුටාගන්න ඇතියි කියලා මෙතැනදීත් උපකල්පනය කරන්න පුලුවන්.

Superman: The Dark Side

               Superman: The Dark Side :                                           Elseworlds 1998

 

උඩ සදහන් කරලා තියෙන දෙකට අමතරව DC Comics යටතෙ Elseworlds 1998 දී අගෝස්තු ඉදන් ඔක්තෝබර් දක්වා කලාප තුනක් යටතෙ John Francis Moore විසින් කතාව ලියු නිකුත් වෙච්ච Superman: The Dark Side කොමික් එකතුව Brightburn සිනමාපටයට උදව්වක් වෙන්න ඇති කියලා හිතන්න පුලුවන්. මොකද මේ කලාපය තුලින් කියන්න හදලා තියෙන්නෙ කැල්-එල් ක්‍රිප්ටෝන් ඉදලා එද්දී එයාගෙ යානය පෘතුවියට නැතුව ඇපොකලිප්ස් වලට ගොඩ බෑවොත් මොන විදිහේ භයංකර චරිතයක් වෙයිද කියන එකයි. මෙතනදීත් සුපුරුදු පරිදි සුපර්මෑන්ගේ අදුරු භයංකාර පැතිකඩ ඉස්මතු වෙලා පෙන්නනවා.

  • E.V.I.L. Heroes Digital Comics

මීට අමතරව තවත් කලාප කිහිපයකින් නිර්මාණය වෙච්ච E.V.I.L. Heroes Digital Comics චිත්‍රකතා වලින් පවා ජේම්ස් ගන් Brightburn සිනමාපටයට උපුටා ගන්න ඇතියි කියලා සලකන්න පුලුවන්. මොකද මේවයෙ සදහන් වෙන්නෙ පෘතුවියට එන සුපිරි වීරයන් සැළකෙන්නේ මනුස්ස වර්ගයා අතර ජීවත්වන දෙවියන් විදිහටයි. සුපිරි වීරයින් මිනිස්සුන්ව ආරක්ෂා කලා කියපු හැම කතාවක්ම බොරුවක් කියලා පෙන්නුම් කරපු, විශේෂයෙන්ම සුපිරි වීරයන් විදිහට සැලකෙන මේ චරිත මිනිස්සුන්ට වහල්ලුන්ට වගෙ සලකලා තියෙන්නෙ. Brightburn සිනමාපටය බැලුවා නම් තේරෙනවා ඇතිනේ ඒක ඇතුලෙ ඉන්න බ්‍රැන්ඩන්ට කරලා තියෙන්නෙත් මේ හා සමාන දෙයක් කියලා. මොකද එයාට ඕන වුනෙත් මොන දේ කරලා හරි මේ ලෝකේ පාලනය කරන්නයි.

                      E.V.I.L. Heroes මුල් කලාපය

 

තේරුණ විදිහට නම් ඔය ටික තමයි සමබර කරලා Brightburn සිනමාපටය හරහා කියන්න හදලා තියෙන්නෙ. ඒත් බැලූ බැල්මට මේක Zack Snyder අධ්‍යක්ෂණය යටතෙ බිහි වෙච්ච Man of Steel සිනමාපටයෙ නැවත නිර්මාණය කරපු එකක් වගෙමයි. මොකද අපිට MoS සිනමාපටය තුලින් දකින්න ලැබුණු සිදුවීම් සෑහෙන දුරකට Brightburn සිනමාපටය තුලින් දැකගන්න ලැබෙනවා. ඒ මොනාද කියලත් කියවන්න කැමති නම් මෙතැනින් ගිහින් මේ ලිපිය සම්පුර්ණයෙන්ම කියවන්න>>>

චිත්‍රපටයේ පසුබිමට පාදක වෙච්ච දේ ගැන අදහසක් එන්න ඇතිනේ. දැන් බලමු බ්‍රයිට්බර්න් චිත්‍රපටය ගැන. Brightburn කියන්නෙ Horror, Sci-Fi කියන කාණ්ඩ හරහා නිර්මාණය වෙච්ච ඇමරිකානු ඩොලර් මිලියන හතක පුංචි බජට් ෆිල්ම් එකක්. ලොව පුරා ප්‍රදර්ශනයට හා හා පුරා පටන් ගන්නෙ 2019 මැයි 24’වැනිදා. ඒ පටන් ගත්ත ගමනේ මේ වෙද්දී ඇමරිකානු ඩොලර් මිලියන 28,447,587 මුදලක් උපයාගෙන අතිසාර්ථක ගමනක් ඇවිත් තියෙනවා. ඔව්, පුංචි ගානක් නම් තමයි ඒත් හිතුවට වඩා බජට් ෆිල්ම් එකක් විදිහට සෑහෙන දුරක් ඇවිත් තියෙනවා. මේ වෙද්දී චිත්‍රපටයට 6.6/10 ක IMDb අගයකුත් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න චිත්‍රපටයේ නිර්මාණය සදහා දායක වෙලා තියෙන්නෙ මාවල් සිනමා විශ්වයේ හුගක් ප්‍රසිද්ධ Guardians of the Galaxy චිත්‍රපට නිර්මාතෘවරුන් විසින්මයි. එම GotG චිත්‍රපට ත්‍රිත්වයෙහිම අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන James Gunn තමයි Brightburn චිත්‍රපටයෙ නිශාපාදකවරයෙන් වශයෙන් කටයුතු කරලා තියෙන්නෙත්. ඊට අමතරව ජේම්ස් ගන්ගෙ සහෝදරයින් දෙදෙනා වන Brian Gunn, Mark Gunn දෙන්නත් මේ චිත්‍රපටය නිර්මාණයට හවුල් වෙලා තියෙනවා.

මතක ඇතිව චිත්‍රපටයෙ අවසානය එක්කම පසු දර්ශන බලන්න. මොකද ඡිත්‍රපටය පුරාවටම සුපර්මෑන්ට හුරු චරිතයක් දැකගන්න ලැබෙන ඔයාලට අවසානයේ ඇක්වාමෑන්ට, වොන්ඩර් වුමන්ට, ෆ්ලෑෂ්ට සමාන චරිත දැකගන්න පුලුවන්. එහෙනම් ඉතින් බලලම තීරණය කරන්නකො චිත්‍රපටය ගැන මොකද හිතන්නෙ කියලා. මේක තමයි මං අවුරුද්දට අරගෙන දෙවන වගේම අවසාන චිත්‍රපටය වෙන්නෙ. ලබන වසරේ නැවත මුණගැහෙමු. මං ගිහින් එන්නම්. ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD | WEB-DL | Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

19,759 downloadsDownload Brightburn-2019-Blu-Ray.zip205 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමර සම්පත්

Subtitles

19,759 downloadsDownload Subtitles205 KB

84 comments

  1. Hashan M. Priyadarshana

    Thank you saho sub ekata.....
    Jaya wewa.!

  2. Lahiru123

    Thanks bro

  3. Rumesh dhanushka

    Thanks friend

  4. vas0303

    Thank you

  5. dsdkavishka

    Thenks bro

  6. Tharaka

    thanks.....

  7. naveen67

    thanks bro

  8. naveen67

    thanks

  9. geeganagamage

    බොහොම ස්තුතියි මේක එනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ .

  10. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  11. Roshan1995

    Thank u bro sub akta..

  12. Ayesh Prashan

    Thank You

  13. Sasanka Dilhan

    උපසිරැසි වලට ස්තූතියි

  14. Bandarajbandara

    ස්තුතියි ජයවේවා

  15. indika75

    thanks..

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. casio

      මෙපමණ මහන්සි වී උපරැසිකරණයේ

  17. Shansenarathne

    Tnx mcn

  18. gihan perera

    ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා....

  19. සසිඳු කවීශ ගමපතිරණ

    Sinhala Sub godak sthuthiy saho!
    meka nam danakamma balana hitapu film ekak.

  20. අමිල

    ස්තුති සහෝදරයා.දිගටම sub දෙමු.ජයවේවා

  21. yeshu

    tnx

  22. trilan lakmal

    film ekanam melo rahak naa

  23. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  24. casio

    මෙපමණ මහන්සි වී උපරැසිකරණයේ යෙදෙන ඔබ සැමට ස්තුතියි...
    ඒ අතරම තවත් ඉල්ලීමක් කරන්න තියනවා විශේෂයෙන් ඇඩ්මින් මඩුල්ලෙන්..
    අපහට උපරැසි ලබා දීමේදී .Srt අමතරව .sub and .idx ආකාරයෙන් උපරැසි ලබා දීමට අවශ්‍ය අවධානය යොදන මෙන් කාරැණිකව ඉල්ලා සිටිනවා..
    ස්තුතියි

  25. lakshan madhusankha

    sub ekata thanks bro

  26. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  27. Farmchemie_Roshan

    Thanks bro...

  28. Kavishna

    thnx bro

  29. suranuwan

    thanks...

  30. Yomal3333

    tnx mchn

  31. ranga11112

    thanks chamara malli...bs

  32. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  33. Venuri Yasara

    Thank You.

    1. thisumdeemantha

      Thanz for subtitles bro!

  34. shaneesha

    elama...hellboy 2019 sub plz

  35. swarna_mahela

    film eka ganna baneeeeee

    help me

  36. Thilankadissanayake

    thankdssss

  37. CSJAYAS

    බොහොම ස්තූතියි...! සහෝ

  38. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා......

  39. shenal

    thanks

  40. santhusha319

    thanks bokka

  41. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  42. oshanmp

    උපසිරැසියට ස්තුතියි!

  43. Ravindu Rukshan

    thx

  44. Sajithlakshan

    thanks .................

  45. Sanath Indika

    THX

  46. nihalpujitha

    Thanks

  47. RuwanLakshan93

    එළ ස්තූතියි සහෝ .........

  48. Dewadithya

    Thanks for Sub!

    Puluwan nan BRrip ekata update karanna.

  49. Hashan M. Priyadarshana

    Godak sthuthi saho upasirasiyata....
    Jaya wewa.!

  50. Rukshan37

    Ela ela

    1. pasindu2001rr

      Thanks bro

Load more comments