සුබ නව වසරක් වේවා බයිස්කෝප් සිංහලෙන් යහළුවෝ යෙහෙලියෝ හැමෝටම.. සෑහෙන කාලෙකට පස්සේ ඔන්න සිංහල උපසිරසියක් අරගෙන උපසිරසි මහගෙදරට ආවා. මේ චිත්‍රපටය ගැන මට මුලින්ම හඳුන්වලා දුන්නේ නිරෝෂ් සහෝදරයා. දැන් සෑහෙන දවසක් වෙනවා කියලා. අවුරුද්දකටත් වැඩියි. වැඩිය කැමති පැරණි චිත්‍රපට වලටම නිසා දවසින් දවස මේ උපසිරසි…

සුබ නව වසරක් වේවා බයිස්කෝප් සිංහලෙන් යහළුවෝ යෙහෙලියෝ හැමෝටම..
සෑහෙන කාලෙකට පස්සේ ඔන්න සිංහල උපසිරසියක් අරගෙන උපසිරසි මහගෙදරට ආවා. මේ චිත්‍රපටය ගැන මට මුලින්ම හඳුන්වලා දුන්නේ නිරෝෂ් සහෝදරයා. දැන් සෑහෙන දවසක් වෙනවා කියලා. අවුරුද්දකටත් වැඩියි. වැඩිය කැමති පැරණි චිත්‍රපට වලටම නිසා දවසින් දවස මේ උපසිරසිය කල්ගියා. ඒත් නිරෝෂ් සහෝදරයගේ ඉල්ලීම අහක දාන්න හිත දුන්නෙත් නෑ. ඉතින් අන්තිමේදි මං මේ චිත්‍රපටය මගේ සියවන උපසිරසිය විදිහට තෝරගත්තා. චාමර සම්පත් සහෝදරයා චිත්‍රපටය වෙන් කරලා දුන්නේ ඔක්තෝබර් මාසේ. සේරම වැඩත් එක්ක හම්බවෙන පොඩි වෙලාවෙත් උපසිරසිය හදන්න පටන් ගත්තා. මේ අතරේ කොවිඩ් යම්තාක් දුරට පාලනය වී ඔක්තෝබර් 21 වනදා ඉඳන් අපිට වැඩ පටන් ගන්න වුනා. ඉතින් මේ වැඩ වැඩිත් එක්ක උපසිරසිය දවසින් දවස කල්දාන්න වුනා. අන්තිමේ අළුත් අවුරුද්දට දෙන්න හිතාගෙන හිටියත් ඒකත් හරිගියේ නෑ.
ඉතින් කොහොම හරි මෙන්න මගෙන් 2022 අවුරුද්දට දෙන පළවෙනි උපසිරසිය. ඒ වගේම බයිස්කෝප් සිංහලෙන් මහගෙදර දෙවනි කඩඉම.
දෙවන කඩඉමට නැත්නම් 100 වෙනි උපසිරසියට මේ චිත්‍රපටය වෙන්කරගෙන ටික ටික උපසිරසිය හදද්දි අශාන් විමුක්ති සහෝදරයා රූපවාහිනී කතා මාලාවක එපියක් කරන්න කතාකලා. ඒත් මං කිව්වා මං 100 ගහන්න ඉන්නේ කියලා. අවුලක් නෑ ඔන්න ඔහේ කරමු කියලා කියපු නිසා මට Alice in Borderland රූපවාහිනී කතා මාලාවට සම්බන්ධවෙන්නත් පුළුවන් වුනා. වැඩ වැඩි නිසාම අශාන් සහෝදරයා මට ළඟ එපියකුත් දුන්නා.
ඉතින් පළවෙනි සිංහල උපසිරසියේ ඉඳන් මේ වෙනකන් උපසිරසි නිර්මාණය කරන්න අඩවියේ සහෝදරයින්ගෙන් ලැබුණු උදව් උපකාර, උපදෙස් ගුරුහරුකම් වලට මං ගෞරවපූර්වකව ස්තුතිය පුද කරනවා. මේ වෙනකන් අඩවියේ අඳුරගන්න ලැබුණු විමුක්ති, මයුර, ලශේන්, සිසිල, මලිත්, තිසර, රවිඳු, චාමර, දිල්ශාන්, හසන්ත, රොයිලි, ඉසුරු, ලහිරු, මධුකප්‍රිය, පසිඳු, රවිඳු, සංජන, සමන්, සොහාන්, යුරාන්, ඔලිවර්, ප්‍රියන්ත ඇතුළු සහෝදරවරුන්ට මගේ අවංක ආදර ස්තුතිය පුද කරනවා. ඒ වගේම හැමදාම අපිව දිරිමත් කරපු ශාමල්, හසිත, සුපුන්, උදය, කවිඳු, කසුන්, ලහිරු, තිශාන්, බුද්ධික, ශෂිත් ඇතුළු සහෝදරවරුන් හැමෝටමත් මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. නිරෝෂ් ගුණසේකර සහෝදරයා සහ අඩවියේ මුලින්ම අඳුරගත්ත අශාන් විමුක්ති සහෝදරයා නිසා තමයි, එදා දුන්න උපදෙස් නිසා තමයි මේ වගේ දුරක් ආවේ. ඔය දෙන්නට මගේ විශේෂ ස්තුතිය පුද කරනවා.
ඉතින් මෙන්න මගේ 100 වෙනි සිංහල උපසිරසිය.
The Trial Of The Chicago 7 (2020)
ඇමෙරිකානු රජය අපකීර්තිමත් කළ නඩු විභාගය
පසුගිය 2020 වසරේ පැවති අමෙරිකානු ජනපතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩන් මහතා අමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය. ඒ මහතා ජනාධිපති ලෙස තේරී පත්වීමට මාස කිහිපයකට පෙර (2020 අගෝස්තු) ඩිමොක්‍රටික් පක්ෂයේ ජාතික සම්මේලනයේදී එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස නාමයෝජනා වී සම්මත විය. මෙය සිය ජනපති සහ උප ජනපති අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා වසර ගණනාවක් තිස්සේ ඩිමොක්‍රටික් පක්ෂය විසින් පැවැත්වෙන නිල සමුළුවක් වන අතර මීට වසර 52 කට පෙර 1968 වසරේ අගෝස්තු මාසයේද චිකාගෝහිදී මෙවැනිම සමුළුවක් එම පක්ෂය විසින් සංවිධානය කර තිබිණි.
ඩිමොක්‍රටික් පක්ෂය එවකට පැවති අමෙරිකානු-වියට්නාම යුද්ධයට පක්ෂපාතී ස්ථාවරත්වයක් දැරූ අතර රට පුරා ඇවිළුණු විරෝධතාවයන්ගේ දිගුවක් ලෙස මෙම සමුළුව ඉදිරිපිට ඊට විරෝධතාවය දැක්වීමට ඇබී හොෆ්මන්, ජෙරී රූබින්, ටොම් හේඩන්, රෙනී ඩේවිස්, ඩේවිඩ් ඩෙලින්ජර්, ලී වයිනර්, ජෝන් ෆ්‍රොයින්ස් සහ බොබී සීල් යන පුද්ගලයෝ සූදානම් වූහ. සමුළුවෙන් මාස පහකට පසු ඔවුන් අටදෙනා අත්අඩංගුවට ගැනුණු අතර අදාළ සමුළුවේදී කැරළි කෝලාහල ඇති කිරීමේ අරමුණින් කුමන්ත්‍රණය කිරීම සහ රාජ්‍ය සීමාවන් තරණය කිරීම ඔවුන්ට විරුද්ධ චෝදනා විය.
පසුගිය 2020 සැප්තැම්බර් 25 වැනිදා සිට තිරගත වීම ඇරඹි ආරොන් සෝකින් විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද ‘ද ට්‍රයල් ඔෆ් ද චිකාගෝ 7’ මෙම සිද්ධි දාමය අලළා නිමැවුණු චිත්‍රපටයකි.
ජනප්‍රිය රංගන ශිල්පීන් රාශියක් මෙහි චරිත නිරූපණය කරන අතර යාහියා අබ්දුල්-මාටීන් (දෙවන), ඩැනියෙල් ෆ්ලහර්ට්, සාචා බාරොන් කොහෙන්, මයිකල් කීටන්, ජෝන් කැරොල් ලින්ච්, ජෝශප් ගෝර්ඩන්-ලෙවිට්, ෆ්‍රෑන්ක් ලැන්ගෙල්ලා, එඩී රෙඩ්මයින්, නෝවා රොබින්ස්, මාක් රයිලන්ස්, ඇලෙක්ස් ෂාප් සහ ජෙරමි ස්ට්‍රෝන් එම රංගන ශිල්පීහු වෙති.
අමෙරිකානු රජය අපකීර්තිමත් කළ නඩු විභාගයක් ලෙස ඉතිහාස ගත වන මෙම සිද්ධිය අවසානයේ විත්තිකරුවන් 7 දෙනෙකුගෙන් 5 දෙනෙකුට පමණක් කැරලි ඇති කිරීම සම්බන්ධයෙන් දඬුවම් පැමිණ විණි. කෙසේ නමුත් පසුව පැවති නඩු විභාගයන් හිදී එම දඬුවම්ද අවලංගු වුණු අතර බොහෝ චෝදනාකරුවන්ටත් ඔවුන්ගේ නීතීඥයන්ටත් නඩු විභාගය අතරතුරේදී උසාවියට අපහාස වන අන්දමින් ක්‍රියා කිරීම යන චෝදනාව යටතේ දිගු සහ කෙටි කාලීන දඬුවම් පමණක් පැමිණවිණි.
නෙට්ෆ්ලික්ස් විසින් බෙදාහරිනු ලැබූ අමෙරිකානු ඩොලර් මිලියන 35 ක පිරිවැයක් යොදා නිමැවුණු මෙම චිත්‍රපටය විනාඩි 130ක ධාවන කාලයකින් යුක්තය. කොවිඩ් 19 වසංගතය නිසා වාණිජමය වශයෙන් ඉතා දුර්වල ආදායමකට හිමිකම් කියන බව සඳහන් වුවත් මේ වන විට මෙම චිත්‍රපටය ඩොලර් මිලියන 115 ක පමණ බොක්ස් ඔෆීස් ආදායමක් උපයා ඇත. ඒ කෙසේ නමුත් විචාරක ප්‍රතිචාර අතින් ඉහළින්ම වැජඹෙන චිත්‍රපටයක් වන මෙය IMDb 7.8 ක් සහ Rotten Tomatoes 89% ක අගයක් ලබාගෙන ඇත. රොට්න් ටෝමැටෝස් හි පොදු විචාරය පවසන ආකාරයට මෙහි චරිත මැවූ රංගන ශිල්පීන් මෙම ඉතිහාසගත කතාව ජීවමාන කරන ලද අතර අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාවයක් විදහා දැක්වීමටද හොඳ තෝතැන්නක් වී ඇත.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. පහුගිය දවස් ටිකේ වැඩත් එක්ක උපසිරසියක් අරන් එන්න බැරි වුන නිසා අදටත් පැරණි චිත්‍රපට රසවිඳින කීප දෙනෙක්ම මගෙන් ඇහුවා දැන් සබ් හදන්නේ නැද්ද, අඩවියෙන් අයින් වෙලාද කියලා. ඔයාල හැමෝටම කියන්නේ, එහෙම වෙලා නෑ. ඇත්තටම කාලය ගැන ගැටළුවක් විතරයි තිබුනේ. මගේ විනෝදාංශය අතෑරලා නෑ. ඉදිරියේදී තවත් පැරණි චිත්‍රපට වලට සිංහල උපසිරසි අරන් මං එන්නම්. දැනටමත් පැරණි චිත්‍රපටයක් වෙන් කරගෙන ඉවරයි. ඒකත් ළඟදීම අරගෙන එන්නම්.
ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුව දවසක් වේවා…
~ ජය වේවා ~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,043 downloadsDownload The.Trial_.Of_.The_.Chicago.7.2020.zip84 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
38 comments
Anonymous
Udara Damith
elaaaa
නිරෝෂ්
ස්තුතියි රොෂාන් සහෝ..ඔන්න ඔයාගෙ සබ් එක දෙන කම් මේක බැලුවෙම නෑ..සාෂා ඉන්න ෆිල්ම් එකක් මෙච්චර දවස් මිස් කරගත්තෙ හරිම ආයාසයකින්. ජයෙන් ජය !
මයුර
ඈ... 50 ගැහුවෙ අද ඊයේ වගේ නේහ්?
මරු මරු අයියේ.. කවදත් වටිනා සිනමා නිර්මාණ වලට උපසිරැසි අරන් එන ඔයාට මේ කර්තව්‍ය තව ගොඩක් කාලයක් කරන්න ලැබේවා පතනවා. මාවත් මතක් කරාට ස්තූතියි. පුද්ගලික ජීවිතේ වැඩ රාජකාරිත් සාර්ථක වේවා.Bimsara Yashan(ඔලිව)
100 වෙනි උපසිරැසි ගැන්වුමට උණුසුම් සුබ පැතුම් සහෝ. ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ජයවේවා!
කවිඳු ජයවර්ධන
එහෙනම් අයියෙ, අයියගෙ 100වෙනි උපසිරැසියට මගෙනුත් සුභ පැතුම්.තව තවත් කඩයිම් පහුකරන්න කාලය,ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..ඒ වගේම ඉදිරි වැඩකටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා.මේ උපසිරැසියටත් ස්තූතියි..ජය වේවා..
oshanda
සුභ පැතුම් .සහෝදරයා.. හැම වැඩක්ම සාර්ථක වෙන්න ලැබේවා... තව තවත් සබ් දෙන්න ලැබේවා
Anonymous
Thnx for the sub.... Stay close mini series ekatath sub ek one
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ 100වෙනි සබ් එකට සුබ පැතුම්
Ravindu Rukshan
100 වෙනි උපසිරැසියට සුබ පතනවා, ඉදිරියටත් යන්න ලැබේවා කියා පාර්ථනා කරනවා.
indika 75
සියවන උපසිරැසියට උණුසුම් සුබ පැතුම් !!!!
Kantha_DLA
250 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Kantha_DLA
Sorry.......
100 වෙනි උපසිරසියට......
Anonymous
Thanks jayawewa....!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම 100 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!
දිගටම සබ් කරමු....Sohan Jayasooriya
දෙවෙනි කඩඉමට හදවතින්ම සුබ පතනවා අයියේ... සයිට් එකෙ පරණ ෆිල්ම් පැත්තට සෑහෙන සේවයක් කරන කෙනෙක්.. පරණ ෆිල්ම් කිව්වෙ අපහාසෙකට නෙමේ පරන ඒවා තමා හොඳම.. එහෙනම් සීයා, දෙසීයා, තුන්සීයා වෙන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ජය වේවා
Sanjaya Abeysundara
Thnkz saho.. Jaya wewa.!!
සංජන චමෝද්
100 වෙනි උපසිරැසිකරණයට හදවතින්ම සුභ පතනව අයියෙ. 🤗
පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතුද සාර්ථක කරගන්න මෙන්ම දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා, කියල ප්‍රාර්ථනා කරනවා. 🤗☺️උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
thilina
thq so much .puluvnm mevata th denna
Pokemon the Movie Secrets of the Jungle [2021]
Muppets Haunted Mansion [2021]
The Professor And The Madman (2019)Priyantha Dayakeerthi
රොෂාන් ජයසිංහ සොයුර,
ඔබගේ සිංහල උපසිරසි නිර්මාණ 100 වන කඩඉමට මාගේ උණුසුම් සුබ පැතුම්! ඔබගේ උපසිරසි නිර්මාන සිනමාපට මා විසින් බොහොමයක් නරඹා තිබෙනවා, ඒ සඳහා ගොඩක් ස්තුතියි! ඉදිරියටත් එවැනි නිර්මාණ ලබා දෙන්න.ශසිත් සඳරුවන්
දෙවන කඩඉම වෙනුවෙන් උණුසුම් සුබපැතුම් සහෝ....
ගුණාත්මක පැරණි චිත්‍රපට රසිකයන්හට හැමදාමත් උපසිරැසි අරන් එන කෙනෙක් තමයි ඉතින්...
තව තවත් කඩඉම් පහු කරන්න හැකියාව, කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
පෞද්ගලික ජීවිතේ කටයුතුත් සාර්ථක වේවා!
දිගටම සබ් දෙමු ආ...
ජය!අචින්ත
100ට සුභ පැතුම් වගේම දහස් වාරයක් ස්තුතියි
දුන්න සේරම වගේ සයිටේ තියෙන්නම ඕන වටිනා නිර්මාණ
කරගෙන යමු කර්තව්‍ය දිගටම
මේක සේවයක් වචනයෙන්ම.
ජය වේවා අයියා..!නිමල් දිසානායක
සුපැතුම් පළමුවම ඔබගේ කඩඉමට
සුපැතුම් දෙවනුවත් දී ඇති sub එකට
ෆිලුම වගෙම සබ්ස්තුත් වැදුණා හිතට
රහයි, බරයි තව අටුවාවන් කුමටමධුකප්රිය පෙරේරා
100වැනි උපසිරසියට හෘදයාංගම සුබපැතුම්!
ඉදිරියටත් මෙවැනිම ගුණාත්මක සිනමාපටවලට
වැඩි වැඩියෙන් උපසිරසි කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය
වගේම කාලය වැඩි වැඩියෙන් ලැබේවා කියා පතනවා.
උපසිරසියට තුති. ඔබට ජයයුරාන් ධනුක (දනුවා)
100* වෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම් සහෝ
අපේ වෙබ් අඩවියේ තියෙන්නම ඕන පැරණි නමුත් වටිනාම නිර්මාණ රැසකට
උපසිරසි නිමවලා අමිල මෙහෙයක් කරපු සහෝදරයෙක් කියලා හඳුන්වන්න පුළුවන්.
මේ වගේම දිගටම උපසිරසි දෙමු.
ඔබට ජය !Anonymous
සිංහල උපසිරස ලබා දුන්නට බොහොම ස්තූතියි. උසස් නිර්මාණයක් වගේ තමයි පේන්නේ
bandara
100 වෙනි උපසිරැසිකරණයට හදවතින්ම සුබපැතුම්!
Buddhika Lakmal
100වෙනි උපසිරැසියට සුබ පැතුම් මචං... පෞද්ගලික ජීවිතයේ වැඩතටයුතුත් පාඩුකරගෙන අපවෙනුවෙන් මේ කරනා සේවයට බොහෝම ස්තූතියි මචං... කරන කියන වැඩකටයුතු සාර්තක වේවා...
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥එල්. සී. දමැල්
මුලින්ම පමාවට සමාවෙන්න!
100වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් අයියේ! :)
දිගටම උපරිසරකරණයේ නිරත වන්නටත් අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ජය ✌Shehan R Ganegoda ගනයා
ජය වේවා මචං..දිගටම කරගෙන යමු ❤️
Piuumii
School 2021 කොරියන් drama එකේ සිංහල sub දෙන්න පුළුවන් ද plzzz
මලිඳු
100 වෙනි සබ් එකට සුබ පැතුම් . දිගටම අපිට සබ් දෙන්න
Pasindu Madumal
100වෙනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභ පැතුම් රොෂාන් අයියේ ❤️
පමාවට සමාවෙන්න ඕනේ කියන ගමන් තව ඉස්සරහට යමු. ජය..!රොයිලි
100 වෙනි උපසිරැසියට සුබපැතුම් මල්ලි. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P
Mano
Godak sthuthi..Jaya wewa!
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
100 සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Akila Dilhara
Thanks Brother...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
congratulation aiyee
digatama sun karala 200 th gahamu..!!