Watch Trailer

The Trough (2018) Aka Di ya cao Sinhala Subtitles | කැලෑ නීතිය [සිංහල උපසිරසි සමඟ]

එහෙමනම් ඔන්න ආයෙම ටික දොහකට පස්සෙ සිනමාපටයක් අරගෙන ආවා. ඉතින් මේ පාරත් සබ් ගෙනාවේ චීන චිත්‍රපටයකට. THE TROGH 2018 වර්ෂයේ තිරගත වෙච්ච සිනමාපටයක්.IMDB දර්ශක අගය 4.8ක් විදිහට තමයි සටහන් වෙන්නෙ. ඇක්ෂන් සහ ක්‍රයිම් වර්ගීකරණයන්ට යටත් වෙන මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නික් චෙන්ග් විසින් රග දක්වනවා. යූ කිය…

එහෙමනම් ඔන්න ආයෙම ටික දොහකට පස්සෙ සිනමාපටයක් අරගෙන ආවා. ඉතින් මේ පාරත් සබ් ගෙනාවේ චීන චිත්‍රපටයකට. THE TROGH 2018 වර්ෂයේ තිරගත වෙච්ච සිනමාපටයක්.IMDB දර්ශක අගය 4.8ක් විදිහට තමයි සටහන් වෙන්නෙ. ඇක්ෂන් සහ ක්‍රයිම් වර්ගීකරණයන්ට යටත් වෙන මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නික් චෙන්ග් විසින් රග දක්වනවා.

යූ කියන්නෙ රහසිගතව වැඩ කරන පොලිස් නිළධාරියෙක්. මෙයාගේ රාජකාරිය වෙන්නෙ නගරයෙ ක්‍රියාත්මක වෙන්න මැර කල්ලි ඇතුළට රිංගලා ඒ අයව විනාශ කරලා දාන එක. ඉතින් මේ විදිහට වැඩ කරගෙන යන කොට යූට අළුත් වැඩක් පැවරෙනවා. ඒ නගරෙ පාතාලේ ලොක්කාට කිට්ටු වෙන්න පුළුවන් විදිහෙ කල්ලියකට සම්බන්ධ වෙලා වැඩක් කරන්න. හැබැයි යූ නොහිතපු විදිහට මේ වැඩේ කණපිට යනවා. මොකද පොලිසියේ ඇතුලෙ වෙනම කණ්ඩායමක් යූව දඩයම් කරන්න පෙළඹෙන නිසා.

ඉතින් මේකෙදි යූට විතරක් නෙවෙයි යූගෙ මෙහෙයුම් ප්‍රධානියා වෙන ජිම්ට සහ ඔවුන්ගෙ පරිගණක කටයුතු බාරව ඉන්න ජැකීටත් ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. ජිම්ට තමන්ගෙ බලතල අහිමි වෙනවා වගේම ජීවිතේටත් තර්ජන එල්ල වෙනවා. එක් අතකින් පොලිසියම යූව දඩයම් කරද්දි අනෙක් අතින් පාතාලයේ අය යූව දඩයම් කරන්න ගන්නවා. ඒකට හේතුව වෙන්නෙ පාතාලයට අයත් යම් වත්කමක් යූ විසින් තමන් සතු කරගන්නා එක.

ඉතින් මේ සිද්ධ වෙන දේවල්වල ඇත්තටම පේනවට වැඩිය යමක් තියෙනවා. ඒ මොකක්ද කියලා ඔයාලම බලලා දැනගන්න. එහෙනම් යළිත් උපසිරසියකින් හමුවෙන තෙක් ඔබට ජයෙන් ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,416 downloadsDownload The-Trough-2018-Aka-Di-ya-cao.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

3,416 downloadsDownload Subtitles26 KB

13 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි සහෝ

  2. indika75

    thanks..

  3. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.....ජය වේවා....

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ :) :)

  5. Buddhika Lakmal

    thanks for the sub machan

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Tihan Moshitha

    සබ් එකට Thanx Bro. ජයෙන් ජයම වෙන්න ඕන

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Dewadithya

    Thanks for sub!

  13. Udara Damith Dissanayaka

    koraaaaaaaa