Watch Trailer

DC Showcase: Jonah Hex (2010), Sgt. Rock (2019), Death (2019), Adam Strange (2020) Sinhala Subtitles | ඩීසි සිනමා විශ්වයෙ කෙටි-චිත්‍රපට එකතුවක් [සිංහල උපසිරැසි සමඟ]

2010 වසරේ ඉදන් DC ආයතනය යටතේ DC Showcase නමින් පටන් ගත්ත කෙටි ඇනිමේෂන් චිත්‍රපට නිකුත් කිරීම් අතරේ කඩින් කඩ අපූරු කෙටි ඇනිමේෂන් චිත්‍රපට නිකුත් කලා. ඉතිං අද මුණගැහෙන්නෙ ඒ වගෙ චිත්‍රපට තුනක් අරගෙනයි.මේ තුන ගැන කියන්න කලින් මෙතෙක් DC Showcase යටතේ නිකුත් වුන කෙටි ඇනිමේෂන් චිත්‍රපට ලිස්ට් එක මතක් කරලම…

2010 වසරේ ඉදන් DC ආයතනය යටතේ DC Showcase නමින් පටන් ගත්ත කෙටි ඇනිමේෂන් චිත්‍රපට නිකුත් කිරීම් අතරේ කඩින් කඩ අපූරු කෙටි ඇනිමේෂන් චිත්‍රපට නිකුත් කලා. ඉතිං අද මුණගැහෙන්නෙ ඒ වගෙ චිත්‍රපට තුනක් අරගෙනයි.මේ තුන ගැන කියන්න කලින් මෙතෙක් DC Showcase යටතේ නිකුත් වුන කෙටි ඇනිමේෂන් චිත්‍රපට ලිස්ට් එක මතක් කරලම හිටියා නම් හොදයි.

අද අරගෙන ආව ටික මුල් ටික බලන්නම ඕන වෙන්නෙ නැහැ ඒත් ඉතිං බලලා නැත්තම් ඔය ටික බලන්න.

01. DC Showcase: Jonah Hex (2010)

1972 වසරේ පෙබරවාරි මාසයේදී නිකුත් වූ All-Star Western 10’වැනි කොමික් කලාපය ඔස්සෙ මුල්ම වරට හදුන්වා දුන් Jonah Hex කියන “ඇන්ටිහිරො” චරිතය පාදක කරගෙන 2010 වසරේදී Batman: Under the Red Hood ඇනිමේෂන් චිත්‍රපටයෙ DVD පිටපත් නිකුත් කරද්දී මේ කෙටි චිත්‍රපටයත් බෝනස් එකක් විදිහට එක්කාසු කරලා තියෙනවා. ජෝනා හෙක්ස් ගැන වැඩිදුරත් බලන්න කැමති නම් 2010 වසරේදී නිකුත් වුන ලයිව්-ඇක්ෂන් Jonah Hex චිත්‍රපටය බලන්න.

මේ කෙටි ඇනිමේෂන් චිත්‍රපටයෙ ධාවන කාලය විනාඩි 12ක් වන අතර IMDb දර්ශකයෙ 7.3/10 ක අගයක් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන මේකෙ ධාවන කාලය විනාඩි 12ක් වුනාට අමතර කොටස් එකතු කරලා මේකටත් EXTENDED CUT එකක් වෙනම නිකුත් වුනා. ඉතිං මං ලග තිබුනෙ ඒකට නිසා ඒකට උපසිරැසිය කරලා කොටස් අඩු එකට ලයින් ටික හැදුවා. හැබැයි ඒකෙ විඩියො පිටපත නම් මගෙ ලග නැහැ. ඒ නිසා සර්ව සම්පුර්ණ EXTENDED CUT එකක්ම අරං බැලුවොත් අපි දෙගොල්ලොන්ටම ඒක පහසුවක් වේවි.

02. DC Showcase: Sgt. Rock (2019)

1959 වසරේ ජූනි මාසයේදී නිකුත් වූ Our Army at War 83’වැනි කොමික් කලාපය ඔස්සෙ මුල්ම වරට හදුන්වා දුන් Sgt. Franklin John Rock (Sgt. Rock) කියන චරිතය පාදක කරගෙන 2019 වසරේදී Batman: Hush ඇනිමේෂන් චිත්‍රපටයෙ DVD පිටපත් නිකුත් කරද්දී මේ කෙටි චිත්‍රපටයත් බෝනස් එකක් විදිහට එක්කාසු කරලා තියෙනවා. DC Showcase යටතේ නිකුත් කල “Catwoman” කියන කෙටි ඇනිමේෂන් චිත්‍රපටය නිකුත් කරලා වසර අටකට පසුව නිකුත් කරපු මුල්ම එක තමයි Sgt. Rock කියන්නෙ.

මේ කෙටි ඇනිමේෂන් චිත්‍රපටයෙ ධාවන කාලය විනාඩි 14ක් වන අතර IMDb දර්ශකයෙ 6.7/10 ක අගයක් ලැබිලා තියෙනවා.

03. DC Showcase: Death (2019)

1989 වසරේ අගෝස්තු මාසයේදී නිකුත් වූ The Sandman 02’වැනි කොමික් කලාපය ඔස්සෙ මුල්ම වරට හදුන්වා දුන් Death කියන චරිතය පාදක කරගෙන 2019 වසරේදී Wonder Woman: Bloodlines ඇනිමේෂන් චිත්‍රපටයෙ DVD පිටපත් නිකුත් කරද්දී මේ කෙටි චිත්‍රපටයත් බෝනස් එකක් විදිහට එක්කාසු කරලා තියෙනවා. Netflix ඔස්සෙ නිර්මාණය වෙමින් පවතින Sandman කියන ලයිව්-ඇක්ෂන් කතාමාලාව ඔස්සෙ සමහරවිට මේ Death කියන චරිතය දැකගන්න ලැබේවි.

මේ කෙටි ඇනිමේෂන් චිත්‍රපටයෙ ධාවන කාලය විනාඩි 19ක් වන අතර IMDb දර්ශකයෙ 7.8/10 ක අගයක් ලැබිලා තියෙනවා.

04. DC Showcase: Adam Strange (2020)

1958 වසරේ නොවැම්බර් මාසයේදී නිකුත් වූ Showcase. 17’වැනි කොමික් කලාපය ඔස්සෙ මුල්ම වරට හදුන්වා දුන් Adam Strange කියන සුපිරිවීර චරිතය පාදක කරගෙන 2020 වසරේදී Justice League Dark: Apokolips War ඇනිමේෂන් චිත්‍රපටයෙ DVD පිටපත් නිකුත් කරද්දී මේ කෙටි චිත්‍රපටයත් බෝනස් එකක් විදිහට එක්කාසු කරලා තියෙනවා. 

ඇඩම් ස්ට්‍රේන්ජ් කියන චරිතෙ මේ වෙද්දී Krypton කතාමාලාව ඔස්සෙ දැකගන්න ලැබිලා තියෙනවා. හැබැයි තනිකරම මේ කියන සුපර්හිරො මුහුණුවරින් නෙවෙයි, ටිකක් වෙනස්. ඒවගේම ඉදිරියේදී HBO Max ඔස්සෙ මේ චරිතේ පාදක කරගෙන නිර්මාණය වෙන “Strange Adventures” නම් වූ කතාමාලාව ඔස්සෙ දැකගන්න ලැබේවි.

මේ කෙටි ඇනිමේෂන් චිත්‍රපටයෙ ධාවන කාලය විනාඩි 16ක් වන අතර IMDb දර්ශකයෙ 6.5/10 ක අගයක් ලැබිලා තියෙනවා.

කාලයක ඉදන් නැවතිලා තිබුණු DC Showcase කැටගරි එක ආයෙ ක්‍රියාත්මක වීමත් එක්කම ඉදිරියේදී නිකුත් වෙන හැම DC ඇනිමේෂන් චිත්‍රපටයකට සමගාමීව මේ විදිහේ ෂෝකේස් එකක් නිකුත් කරාවි කියලා විශ්වාසයක් තියාගන්න පුලුවන්.

ගිහින් එන්නම්. ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,816 downloadsDownload DC-Showcase-Jonah-Hex-Death-Sgt.-Rock-Adam-Strange.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,816 downloadsDownload Subtitles27 KB

13 comments

  1. Hashan

    බොහොම ස්තුතියි බ්‍රෝ :) :)

  2. thilina

    Casualties of War (1989) mekta sub denako patta meka

  3. thilina

    thq bro ada balanva

  4. Shaggy

    Thank you very much

  5. Suranjan

    Thanks.....jayawewa....!

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  7. Vishnuka

    Aiiye hearly quinn 2019 anim series ekata sub karanwada......

    1. vishnuka

      Umnghkgi

  8. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  9. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. samuel liberman panama

    Un punto de vista bastante completo,asombrado por la variedad de comentarios, muchas gracias.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.