ආයුබෝවන් හැමෝටම!!!! ඔන්න මගේ 1වෙනි සබ් එක අරන් ආව. පාඩම් වැඩත් තියන හින්ද ටිකක් විතර ලොකු කාලයක් ගියා මේක කරන්ඩ. හැමදාම ෆිල්ම් බල බල ඉන්න එකේ මටත් හිතුන සබ් එකක් කරල ඔයගොල්ලන්ට සප් එකක් දෙන්ඩ. ඒවගේම මේක මගේ 1වෙනි සබ් එක හින්ද වැරදි, අඩුපාඩු එහෙම ඇති. ඉතිං මට කරන උදව්වක් විදිහට වැරදි, අඩුපාඩු වගේම න…

ආයුබෝවන් හැමෝටම!!!! ඔන්න මගේ 1වෙනි සබ් එක අරන් ආව. පාඩම් වැඩත් තියන හින්ද ටිකක් විතර ලොකු කාලයක් ගියා මේක කරන්ඩ. හැමදාම ෆිල්ම් බල බල ඉන්න එකේ මටත් හිතුන සබ් එකක් කරල ඔයගොල්ලන්ට සප් එකක් දෙන්ඩ. ඒවගේම මේක මගේ 1වෙනි සබ් එක හින්ද වැරදි, අඩුපාඩු එහෙම ඇති. ඉතිං මට කරන උදව්වක් විදිහට වැරදි, අඩුපාඩු වගේම නින්දා, ප්‍රශංසා, විවේචන එහෙම තියනව නම් මේ හැමදෙයක්ම වගේ කොමෙන්ටුවකින් කොටල යන්ඩ කියල ඔයාලගෙන් ඉල්ලනව.
චිත්‍රපටිය දිහාවට හැරුනොත් ප්‍රධාන චරිතය විදිහට Jim Carrey රංගනයෙන් දායක වෙනව. Jim Carrey කියනකොටම මතක් වෙන්නෙ ඉතින් ඇඩෙනකම්ම හිනාවෙන්ඩ පුළුවන් විදිහට රඟපාන චරිතයක්නෙ. ඒත් මේ කතාව නම් ටිකක් විතර වෙනස් විදිහෙ එකක්. වැඩියෙ හිනාවෙන්ඩ නෑ. ඒත් IMDb අගය නම් 8.1ක් ලැබිල තියනව. Peter Weir විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය ජීවිතේදි තනි වෙන එක ගැන හොඳ අත්දැකීමක් අපිට ලබාදෙනව.
Truman Burbank විදිහට රඟපාන Jim Carrey ඉගනගන්න කාලෙ හම්බෙන සිල්වියා එක්ක ඇතිකරගත්තු සම්බන්දෙ දවසක් යන්ඩත් කලින් අවාසනාවන්ත විදිහට නතර කරන්ඩ මෙයාට සිද්ධ වෙනව. සිල්වියව හම්බුන දවසෙම ටෘමන්ගෙ කරේ එල්ලුන මර්ල් කියන කෙනාව කසාද බැදපු ටෘමන්, සතුටින් පවුල් ජීවිතේ ගත කරන රක්ෂණ සමාගමක වැඩ කරං පාඩුවෙ ජීවත් වෙන සාමාන්‍ය චරිතයක්. මොනාඋනත් හැමකෙනාම වගේ මෙයාව හොඳට අදුරනව. ඒවගේම මෙයා සිල්වියව නම් අමතක කරන්නෙම නෑ. සිල්වියව හොයන්ඩ ෆීජි වලට යන්ඩ හැදුවත් හැම පැත්තෙන්ම බාධා.
වේලාසනින් යන කුරුල්ලගෙ පාසි නොබැදේ
පෙරලෙන ගල පණුවව අල්ලගනී
-Truman Burbank-
නෝන එක්ක පොඩි වලියක් දාං පස්සෙ මෙහෙම කියල තමයි ටෘමන් එයාගෙ නෝනව shape කරගන්නෙ. ඒක අද කාලෙ පවුල් වල මහත්තුරුන්ට නම් හොඳ ආදර්ශයක් හොදේ.
මොනාඋනත් මෙයාගෙ වටේ ඉන්න අය නම් මෙයාට මෙච්චර සැලකිල්ලක් දක්වන්නෙ එකම එක හේතුවක් හින්ද විතරයි. ඇයි මෙච්චරටම සැලකිල්ලක්??? ෆීජි යන්ඩ බැරිවෙන්ඩ තරම් මොනාද එයාට තිබුන බාධක??? මෙයාව හැමකෙනෙක්ම වගේ හොඳට අදුරන්නෙ කොහොමද??? සිල්විය එක්ක සම්බන්දෙ එච්චර ඉක්මනට නතර උනේ මොකද??? එයාල වෙන් උන අන්තිම මොහොතෙ සිල්විය මොනාද මෙයාට කියන්ඩ හැදුවෙ??? ප්‍රශ්න ගොඩයි…. උත්තර හොයන ගමන් රසවිඳින එක ඔයාලට භාරයි. අන්තිමේදි ජීවිතේ ජයගන්න ටෘමන් අපිට කියාදෙන හොදම පාඩම තමයි, “අවසානයේ තමන්ට තමන් විතරයි” කියන එක. තැන්කූ වේවා. තවත් සබ් 1කින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
The.Truman.Show.1998.720p.BluRay.x264.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,153 downloadsDownload The.Truman.Show_.1998.Baiscopelk.com_.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/AyeshanPranandu1-e1479087998627.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අයේෂාන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අයේෂාන් ප්‍රනාන්දු
Subtitles
22 comments
Nandun Nethmina
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
Dulanga
thanks
Tharaka
පළමු උපසිරැසි ගැන්වීමට මගෙනුත් උණුසුම් සුභ පැතුම්! ඒ වගේම සබ් එකටත් ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!renal desilva
machan me thiyenne loke hodama films 50
withanage priyantha
පළමු උපසිරසියට සුබපැතුම්!
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......tharindu gunarathna
thak you verymuch
Hasini Udara
thnx for sub...
අසිත
elama saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Themiya Edirisinghe
i like it
nidi
eththatamajeewithya kiyanne mokakda? Ayeshan, saralai wage penunata, gemburu prasnayak nagana kathawak thiyena film ekakata sub kalata thanks! oyage uthsahaya sarthakai! suba pethum!
nidi
eththatama jeewithya kiyanne mokakda? Ayeshan, saralai wage penunata, gemburu prasnayak nagana kathawak thiyena film ekakata sub kalata thanks! oyage uthsahaya sarthakai! suba pethum!
LSM HUSKAA
පළමු උපසිරසියට සුබපැතුම්!
VSImple
ස්තුතියි.
Gayan Chathuranga
thanks bro
Piyumal Dissanayaka
ජයවේවා,වැඩේ දිගටම කරගෙන යමු.බොහොම ස්තූතියි
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Anonymous
thanks for sub
Anonymous
Thanks for the subtitles
Bony
Sub ekt thanks, lassana film ekk
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පළමු උපසිරැසියට උණුසුම් සුබ පැතුම් !!!!
Jim Carrey ගෙ ෆිලුමක් නම් අනිවා බලනව.
Thanx for sub.