සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් රසියකන්ට. ටික දවසකට පස්සේ ආයි මේ පැත්තට ගොඩවුනේ බලන්න වටින චිත්‍රපටයක් අරගෙන තමයි. ආපහු ගමන්බිමන් සීමා වෙලා තියෙන මේ වෙලාවේ ගොඩ දෙනෙක් කාලය ගත කරන්නේ විනෝදාත්මක කටයුතු සමඟ. ඉතින් ඒ නිසාම හිතුවා මං ගත්ත දිගු විවේකය බිදලා ආපහු චිත්‍රපටියක් පරිවර්තනය කරන්න. මොකටද ත…

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් රසියකන්ට. ටික දවසකට පස්සේ ආයි මේ පැත්තට ගොඩවුනේ බලන්න වටින චිත්‍රපටයක් අරගෙන තමයි. ආපහු ගමන්බිමන් සීමා වෙලා තියෙන මේ වෙලාවේ ගොඩ දෙනෙක් කාලය ගත කරන්නේ විනෝදාත්මක කටයුතු සමඟ. ඉතින් ඒ නිසාම හිතුවා මං ගත්ත දිගු විවේකය බිදලා ආපහු චිත්‍රපටියක් පරිවර්තනය කරන්න. මොකටද තවත් කලේ නාස්ති කරන්නේ. හරි එහෙනම් දැන් චිත්‍රපටිය පැත්තට හැරෙමු.
මේ චිත්‍රපටිය මේ වසරේ නිකුත් වුණු චිත්‍රපයක්. හැබැයි මේක TV Movie එකක්. හැබැයි නිකම්ම TV Movie එකකුත් නෙමෙයි. සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටයෙ සිදුවීම උද්ගත වෙන්නේ ඔස්ට්‍රියාවේ. ඉතින් සේරා කෝඩි කියන්නෙ වයස අවුරුදු 17ක හිතුවක්කාර කෙල්ලෙක් ( කෙල්ලකේ කියන එක තමා භාවිත කරන්න සුදුසුම වචනය කියලා හිතුනා). ඉතින් මෙයා ටිකක් විතර කටකාරයි. එයාගෙ තාත්ත වෙන ඩොන් කෝඩිව මෙයාට වැඩිය රුස්සන්නෙම නෑ. කොහොමෙන් හරි දවසක් රාත්‍රි සාදෙකට යන්න අවසර නොදීම නිසා බහින්බස් වීමක් කරගෙන මෙයාට කරඹාගෙන කාමරේට යන්න වෙනවා. මං කලින්ම කිව්වනෙ හිතුවක්කාරයි කියලා. ඔව් ඔයා හිතන දේ තමයි. මෙයා ජනේලෙන් පැනලා සාදයට යනවා එයාගේ පෙම්වතා එක්ක. එහෙම උනත් මේ තරුණයත් එහෙම නරක කෙනෙක් නෙමෙයි. ඒ නිසා වෙන ගැටලුවක් උද්ගත වෙන්නේ නෑ. ඒත් මෙයා ගෙදරට හොරෙන් සාදෙට ගියා කියලා අම්මයි තාත්තයි දැනගන්නවා. ඉතින් ඊට පස්සෙ තමා යුද්ධ පටන් ගන්නේ. විශේෂයෙන්ම තාත්තයි දුවයි අතරේ. මේ නිසාම සේරා දැඩි තීරණයක ඉන්නවා වයස 18 වුණ ගමන් එයා මේ ගෙදරින් යනවා කියලා. තාත්තගේ සැර පරුෂ බව දන්න එයාගේ අම්මයි, අක්කයි මේ තීරණයට වැරැද්දක් කියන්නේ නෑ. හැබැයි තාත්තගේ හිතේ තියෙන්නෙම මේ පොඩි දුව එයාගෙ ආත්මාභීමානෙට අගෞරව කරනවා කියන චේතනාව. ඉතින් ටික කලකින් සේරා උසස් පාසලට සමු දෙන දවස එළඹෙනවා. තව ටික දවසකින් එයාට 18ත් ලබනවා. දුව ගෙදරින් යන බව දැනගෙන ඉන්න තාත්තා, ඇගේ මව හා වැඩිමහළු සහෝදරිය නැති දවසක බිම්මහලට බඩු වගයක් ගෙනියන්න සේරාගෙ උදව් ඉල්ලනවා. මේ පැරණි නිවසේ බිම්මහලෙන් ඩොන්ට හමුවෙලා තියෙනවා බිම්මහලේ අන්තයක සඟවපු කාමරයක්. ඇත්තටම මේ යුධ කාලයේ බෝම්බ වල බලපෑමෙන් ආරක්ෂා වෙන්න හදාපු තැනක්. එයට පිවිසෙන දොරටුව පොත් රාක්කයකින් ආවරණය වෙලයි තියෙන්නේ. ඉතින් මේ පියා තමන්ගේ දුවව මේ රහස් කාමරයේ හිර කරනවා. මේ කාමරය සම්පූර්ණයෙන්ම ආවරණය වෙලා තියෙන්නේ. පිටතින් වත් ඇතුලතින්වත් දන්න කෙනෙකුට හැර මේ කාමරය හොයන්න බෑ. සුළං ලැබෙන්නෙත් වායු සමන පද්ධතියක් හරහා. මේකේ ඇතුලෙදි එයාට මුහුණ දෙන්න ලැබෙන්නේ හරිහ කටුක අත්දැකීම් ගොඩකට. එයාගේ අම්මා රීනි, අක්කා ඇමී, පෙම්වතා ක්‍රිස් මේ හැමදෙනාම ගොඩක් උත්සහ ගන්නවා සේරාව හොයාගන්න. ඉතිං මම ඒ හැමදේම කියන්න යන්නේ නෑ.
හරි මේ චිත්‍රපටය නිර්මාණය කරන්නේ Lifetime Pictures ආයතනයෙන්. මේක අධ්‍යක්ෂනය කලේ Elisabeth Rohm කියන අධ්‍යක්ෂකවරිය විසින්.. එතකොට සේරා කෝඩි රංගනයෙන් දායක සේරා වුණේ Stefanie Scott. Insidious Chapter 3 බලපු අය නම් ඇයව අනිවාරෙන්ම දැකලා ඇති. තවදුරටත් ඩොන් කෝඩි ලෙස Judd Nelson, ඇමී කෝඩි ලෙස Emily Topper, ඇගේ මව ලෙස Jolie Fisher හා ක්‍රිස්ටෝපර් ලෙස Jake Etheridge යන රංගන ශිල්පීනුත් රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටයට IMDB දර්ශකයේ 6.3 ක් ලැබිලා තියෙනවා. මේක අයත් වෙන්නේ Drama/Crime/Thriller වර්ගීකරණයන් වලට. ඒවගේම මේ චිත්‍රපටය පැය 1යි මිනිත්තු 27ක ධාවන කාලයකින් යුක්ත වෙනවා.
හොඳයි එහෙනම්, තව දුරටත් ලිපිය දිගු කරන්න අපේකාෂාවක් නෑ. මීට අදාල සත්‍ය සිදුවීම දැනගන්න කැමති කෙනෙක් ඉන්නව නම් Fritzl Case කියලා Google සෙවුමක් කරන්න. එතකොට මේ ගැන සම්පූර්ණ විස්තරයක් ලබා ගන්න පුලුවන්. ඒවගේම මේ චිත්‍රපටය කරමු කියලා යෝජනා කරපු තිසර අයියටත් ස්තුතියි කරනවා. හරි එහෙනම් ඉතින් ආයිත් තවත් චිත්‍රපටයකින් හමුවෙමු කියන අපේක්ෂාවෙන් මේ වැඩේ අහවර කරනවා.
හැමෝටම ජය වේවා!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
12,551 downloadsDownload Girl-in-the-Basement-2021.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විහඟ පියුමාල්
Subtitles
20 comments
Kavindu
Nishan
Thanx bro
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
පරණ Horror, Mystery,Thriller movies ටිකක් සබ් කරමුකෝ.
Shaggy
Thank you very much
nishitha
greenhouse academy eke sinhala sub demmakooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
indika75
thanks..
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Thathsarani
Good job
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Pramukmili
Thanx bro.............
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
lakshan
thanks .........................
Rishantha
Thanx Brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
mevin
thanks
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
Balanna ba
Madhumadhawa
Thanks bro. Carry on the great work
Nuran Henuka
Maru
Advertisement
Thnkz mchn
Thwa me type eke ewa ona