සුභ දවසක් සියළුම දෙනාටම.අද මම උපසිරැසි ගේන්නෙ පසුගිය මාර්තු 31 වෙනිදා තිරගත කිරීම් ආරම්භ කරපු Drama | Horror | Mystery කාණ්ඩයන්ට අයත් The Unholy චිත්‍රපටයටයි. විනාඩි 99ක ධාවන කාලයක් සහිත මෙය IMDb 5ක අගයක් අරගෙන තියෙනවා.මෙය නිපදවලා තියෙන්නෙ James Herbertගේ Shrine කියන නවකතාව පාදක කරගෙනයි. මේකෙ ප්‍රධ…

සුභ දවසක් සියළුම දෙනාටම.අද මම උපසිරැසි ගේන්නෙ පසුගිය මාර්තු 31 වෙනිදා තිරගත කිරීම් ආරම්භ කරපු Drama | Horror | Mystery කාණ්ඩයන්ට අයත් The Unholy චිත්‍රපටයටයි. විනාඩි 99ක ධාවන කාලයක් සහිත මෙය IMDb 5ක අගයක් අරගෙන තියෙනවා.මෙය නිපදවලා තියෙන්නෙ James Herbertගේ Shrine කියන නවකතාව පාදක කරගෙනයි. මේකෙ ප්‍රධාන චරිතයට දායක වෙන්නෙ කවුරුත් දන්න කියන The Walking Dead කතා මාලාවෙ නීගන්ගෙ චරිතයට දායක වෙන Jeffrey Dean Morgan. මීට අමතරව Cricket Brown, William Sadler, Katie Aselton රංගනයෙන් දායක වෙනවා.
ජෙෆ් කියන්නෙ ලොකු කීර්තියක් තිබුන මාධ්‍යවේදියෙක්.ඒත් ගොතපු ප්‍රවෘත්තියක් නිසා මෙයාට වෘත්තියෙන් සමුගන්න වෙනවා.මෙයා දැන් කරන්නෙ පොඩි පොඩි පත්තර වලට තොරතුරු හොයන එක.ඔහොම දවසක් තොරතුරක් හොයන්න යන ජෙෆ්ට ඕක් ගසක් යට වලලපු බෝනික්කෙක්ව හම්බෙනවා.හොයන් ආව තොරතුරෙන් වැඩක් වුනේ නැති නිසා මේ බෝනික්කව කඩලා බොරු ප්‍රවෘත්තියක් හදන්න ජෙෆ් තීරණය කරනවා.රෑ වෙලා ආපහු යද්දි තරුණියක් පාරට පැනලා ජෙෆ්ගෙ වාහනය අනතුරකට පත්වෙනවා.පාරට පැනපු තරුණියව හොයන් යන ජෙෆ් අර ඕක් ගහ ලඟ ඒ තරුණිය තනියම කතා කර කර ඉන්නවා දකිනවා.ජෙෆ්ට පසුව දැනගන්න ලැබෙනවා ඇලිස් කියන ඇය උපතින්ම බිහිරි සහ ගොළු තරුණියක් බව.
පසු දින ඇය දේව මෙහෙය අතරදි අර ඕක් ගහ ලඟට ගිහිල්ලා කතා කරන්න පටන් ගන්නවා.දේව මෙහෙයට ආව අයට කියනවා ඇයට මරියතුමියව පේනවා කියලා.ඉන් පසු ඇය ඇවිදීමට නොහැකි පිරිමි ලමයෙක් සහ පෙනහළු රෝගයෙන් පෙලෙන පල්ලියේ පියතුමාව සුව කරනවා.ඇය ලෝකය පුරාම ජනප්‍රිය වෙනවා.මේ අතරතුරේදි පල්ලියෙ පියතුමා ගෙල වැලලාගෙන මිය යනවා.මේ මරණය ගැන හොයන ජෙෆ් සොයාගන්නවා ඇලිස්ට දිස් වෙන්නෙ මරියතුමිය නොවෙන බව.ඒ කවුද කියලා නරඹලාම දැනගන්නකෝ.මේක වෙන් කරලා දුන්න සිසිල සහෝට ස්තූති කරමින් මං සමුගන්නවා.කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
9,983 downloadsDownload The-Unholy-2021.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
28 comments
Anonymous
Himal
උපසිරැසියට බොහොම ස්තූතියි
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
මේකටනේ කට්ටිය රණ්ඩු වුනේ Facebook එකෙන්. දැන් රණ්ඩු කරපු හැමෝටම බලන්න පුලුවන් බයිස්කෝප් උපසිරැසි එක්ක.
පුලුවන් නම්. Hannibal Film ටිකටත් සබ් දෙන්නකෝ සහෝ.
Manhunter - 1986
Hannibal - 2001
Hannibal Rising - 2007LaHIRU
වෙලාවක් හම්බුනොත් ට්‍රයි එකක් දෙන්නම්
සාරංග ජේ. ලියනගම
Thanks
Gayan Chathuranga
උපසිරසියට බොහොම ස්තූතියි, සහෝ.
Anonymous
Thank you!
Shaggy
බොහොම ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Sandeep
Thanx saho sub ekata..✌️
Anonymous
Thanks saho
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
nadun ravihansa
Thanks bro
Pramukmili
Thanx bro..................
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Thathsarani Nimsara
Patta film eka .. thank you for your sub
Pavith Wijesooriya
උපසිරසියට ස්තූතියි...❤️
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
thanks
mindika
Thanks !!!
Lahiru Lakshan
thanks....
shavin malindu
ambp sirawata balanna ona thanks bro for subtitels elema and MAY GOD BLESSD ALL
Dewadithya
Thanks for Sub!
Anonymous
good machoo..;)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Malith samarawickrama
Thanks sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thnkz bro