Watch Trailer

Missing in Action (1984) Sinhala Subtitles | යුද්ධයේ අතුරුදන්වූවන් සොයා.. [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම.. අපි පුංචි දවස්වල අපේ ගමට කරන්ට් එක තිබුනේ නෑ. අපි බැලුවේ කළුසුදු ටීවී එකක්. කාර් බැට්රිය තමයි විකල්පේ. කලර් ටීවී කියන්නේ ඉතින් හීනයක් ඒ දවස් වල. කලර් ටීවී එකක චිත්‍රපටියක් බලන්න සෙට් වෙන්නේ ගම්පහ, කොළඹ නැත්නම් රාගම අපේ මාමලගේ ගෙවල් වල. ඒ දවස් වල අඟල් 21 කියන්නේ ඉතින් ත…

ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම..

අපි පුංචි දවස්වල අපේ ගමට කරන්ට් එක තිබුනේ නෑ. අපි බැලුවේ කළුසුදු ටීවී එකක්. කාර් බැට්රිය තමයි විකල්පේ. කලර් ටීවී කියන්නේ ඉතින් හීනයක් ඒ දවස් වල. කලර් ටීවී එකක චිත්‍රපටියක් බලන්න සෙට් වෙන්නේ ගම්පහ, කොළඹ නැත්නම් රාගම අපේ මාමලගේ ගෙවල් වල. ඒ දවස් වල අඟල් 21 කියන්නේ ඉතින් තියන ලොකුම ටීවි එක තමයි. දැන් වගේ ඩීවීඩී/ වීසීඩී නැති කාලේ ඩෙක් පීස් එක (VHS Cassets) තමයි ෆිල්ම් බලන එකම විදිහ. ඩෙක් එකක් ගෙදරක තියනවා කියන්නේ සල්ලිකාරයෙක් වගේ තමයි. පවුල් පිටින් අපි නෑගම් ගියාම එක රැයකට ඩෙක් පීස් තුන හතර බලනවා. සමහර වෙලාවට අපි මාමලගේ ගෙවල් වල යන්නෙම ඩෙක් පීස් බලන්නයි. ඩෙක් පීස් කාලේ බලපු ඇක්ෂන් චිත්‍රපටයකට තමයි අද මං සිංහල උපසිසරසියක් ගෙනාවේ.

Missing in Action

ජේම්ස් බ්‍රැඩ්ඩොක් එක්සත් ජනපද හමුදා කර්නල් වරයෙක්. වියට්නාම් යුද්ධයේදී ඔහු යුධ සිරකරුවෙක් ලෙස වියට්නාම් හමුදාවන්ට හසුවී එයින් පලා එන්න සමත් වෙනවා. වියට්නාමයේදී එසේ අතුරුදන් වූ තවත් හමුදා සෙබලුන් දේශපාලනිකව මුදා ගැනීමට කරන සාකච්ඡාවට බ්‍රැඩ්ඩොක්ද සහභාගී වෙනවා. වියට්නාමය බ්‍රැඩ්ඩොක්ට යුධ අපරාධ චෝදනා එල්ල කරන අතර ඔවුන් දිගින් දිගටම කියා සිටින්නේ ඔවුන් භාරයේ යුද්ධයෙන් අතුරුදන් වූවන් හෝ යුධ සිරකරුවන් නොමැති බවයි. ලෝකයටම ඒ කරුණ ඒත්තු ගන්වන්න වියට්නාමය සැරසුනත් කර්නල් බ්‍රැඩ්ඩොක් තනිවම යුධ සිරකරුවන් සොයා වියට්නාම් කඳවුරු බලා පිටත් වේ..

වියට්නාම් යුද්ධය අලලා බටහිර චිත්‍රපට රාශියක් නිර්මාණය වෙලා තියනවා. ක්‍රියාදාම යුධ චිත්‍රපට වන ඒවායේ බර අවි ආයුධ මගින් සටන් කරන දර්ශණ බොහෝ ඇත. චක් නෝරිස් යනු එකල යුධ චිත්‍රපට වල සිටි ජනප්‍රිය ක්‍රියාදාම නලුවෙකි. අවි ආයුධ මෙන්ම ඔහුටම ආවේනික ආත්මාරක්ෂක සටන් ශෛලයක් තියනවා. Joseph Zito විසින් අධ්‍යක්ෂණය කල Missing in Action චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ Menahem Golan සහ Yoram Globus විසිනි. මෙහි කර්නල් බ්‍රැඩ්ඩොක් ලෙස Chuck Norris රඟන අතර M. Emmet Walsh, Lenore Kasdorf, James Hong සහ David Tress ද රංඟනයෙන් එකතු වේ.

1984 නොවැම්බර් 16 වනදා එක්සත් ජනපදයේ තිරගත වීම ආරම්භ කර ඇති මෙම චිත්‍රපටය ඉංග්‍රීසි බසින් හා වියට්නාම් බසින් තිරගත වී ඇත.
Metro-Goldwyn-Mayer සමාගමේ බෙදාහැරීමක් වන මෙම චිත්‍රපටය The Cannon Group නිෂ්පාදන සමාගමේ නිෂ්පාදනයකි. මෙම චිත්‍රපටය The Cannon Group සමාගම හා චක් නෝරිස්ගේ පළමු චිත්‍රපටය වේ. විනාඩි 101ක ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ඇ.ඩොලර් මිලියන 1.5 හෝ 3ක් වන බව ගනන් බලා ඇත. බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩොලර් මිලියන 26ක් පමණ වේ.

චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 5.4 ක්, Rotten Tomatoes 20% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 87%ක කැමැත්ත ලැබී ඇත.

– අන්තිම මිනිසා ගෙදර එන තුරු යුද්ධය අවසන් නැත! –

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ළඟදීම දවසක මේ චිත්‍රපටයේ දෙවනි කොටසේ සිංහල උපසිරසිය එක්ක හමුවන තුරු ඔයාලා හැමෝටම නිදුක් නිරෝගී සුව දවසක් වේවා…

~ ජය වේවා ~

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,423 downloadsDownload Missing-in-Action-1984.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,423 downloadsDownload Subtitles22 KB

22 comments

  1. heshara

    ela bro thanks sub ekata. meke 2nd film ekath thynawa neda? puluwannan ekatath sub eka denna. best of luck machan. god bless

  2. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    චක් නොරිස් ගේ තව ෆිල්ම් වලට උපසිරැසි ගේමු.
    ජෙට් ලී, වෑන් ඩෑම්, සිල්වෙස්ටර් ස්ටැලෝන්, ආර්නොල්ඩ් වගේ අයගේ පරණ චිත්‍රපට වලටත් උපසිරැසි ගේමු.

  3. kavindu

    delta force 2 the colombian connection film ekatath sub dennako

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. Suranjan

    Thanks.....jayawewa....!

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි.සහෝ පුළුවන්නම් apocalypse now final cut එකට සබ් එක update
    කරලා දෙන්න.

  8. Priyantha Dayakeerthi

    රොෂාන් සමීර ජයසිංහ සොයුර,
    ඔබේ මෙම සිංහල උපසිරසියටත් ස්තුතියි, චක් නොරිස්ගේ සිනමාපට කීපයක්ම නරඹා තිබෙනවා.
    මෙය මා දන්නා ෆිල්ම් එකක්. නමුත් නරඹලා නැහැ. බලන්න සබ් එක ඩවුන්ලෝඩ් කළා. ස්තුතියි ඔබේ වෙහෙසට!!!

  9. Bobby

    Supiri , Thanks lot.

  10. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  11. gihan

    niyamai macho... anith dekath ikmanatama denna.... Thanks sub ekata

  12. Lakshan Viraj

    Thanks brother sub ekata..puluwannam The President's Man, The Delta Force film tikatath sub eka denna. jaya wewa...

  13. Anonymous

    ගොඩක් ස්තූති සබ් එකට

  14. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  15. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  16. Chaminda Lakruwan

    ගොඩක් ස්තූති සබ් එකට
    මේ වගේ පරන ෆිල්ම් වලට සබ් දෙන්න

  17. Dewadithya

    Thanks for sub!

  18. Anonymous

    Thanks Bro

  19. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  20. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.