Watch Trailer

The Vault (2017) with Sinhala Subtitles | අයියා නගෝලාගේ බැංකු මංකොල්ලය! [සිංහල උපසිරසි සමඟ]

වෙලාව හරියටම 4.55යි, එක කෙල්ලෙක් තමන්ගේ චෙක් එකක ප්‍රශ්නයක් නිසා කැෂියර් එකේ ඉන්න කෙනාත් එක්ක වාදයක පැටලිලා ඉන්නවා, තවත් කෙල්ලෙක් සම්මුඛ පරීක්ෂනේකට බැංකුවට ඇවිත් ඉන්නවා.බැංකුව වහන්න විනාඩි 5ක් තියෙද්දි මැනේජර් අර එලියෙ ඉන්න ගෑනු ලමයගේ සම්මුඛ පරීක්ෂනේ පවත්වන්න එයාව තමන්ගේ කාමරය ඇතුලට ගෙන්වනවා.එලියෙ…

වෙලාව හරියටම 4.55යි, එක කෙල්ලෙක් තමන්ගේ චෙක් එකක ප්‍රශ්නයක් නිසා කැෂියර් එකේ ඉන්න කෙනාත් එක්ක වාදයක පැටලිලා ඉන්නවා, තවත් කෙල්ලෙක් සම්මුඛ පරීක්ෂනේකට බැංකුවට ඇවිත් ඉන්නවා.බැංකුව වහන්න විනාඩි 5ක් තියෙද්දි මැනේජර් අර එලියෙ ඉන්න ගෑනු ලමයගේ සම්මුඛ පරීක්ෂනේ පවත්වන්න එයාව තමන්ගේ කාමරය ඇතුලට ගෙන්වනවා.එලියෙ අනිත් ගෑනු කෙනා කැෂියර් එක්ක දාගන්න වලිය ටිකක් දුරදිග යනවා, ප්‍රධාන කැෂියර්වරියට වගේම බැංකුවේ ආරක්ෂක නිළධාරියටත් ගැටුමට මැදිහත් වෙන්න සිද්ද වෙනවා,එලියෙ ඒ ලඟම තැනක ඇති වුන ගින්නක් නිවන්න යන පොලිස් වාහන ටිකක සයිරන් නලා සද්දෙ ඇහෙනවා..තවත් විනාඩි දෙක තුනකින් ගිණි නිවන ඇදුම් ඇඳගත්ත තුන් දෙනෙක් බැංකුවට ඇතුල් වෙනවා.විනාඩියක් යන්නත් කලින් කොල්ලකරුවො බැංකුව තමන්ගේ පාලනය යටතට ගන්නවා.සල්ලි අරගෙන එයාලගේ සැලැස්ම අනුව පිටත් වෙන්න හිටියට එයාලා බලාපොරොත්තු වෙන තරම් මුදල් ප්‍රමාණයක් බැංකුව ඇතුලෙ නැහැ.මේ අතරෙ බැංකුවේ සහකාර කළමනාකාරවරයා කිසිම ප්‍රාණ ඇපකාරයෙකුට කරදරයක් නොකරන බවට කොල්ලකරුවන්ව පොරොන්දු කරවගෙන ඩොලර් මිලියන හයක් තියෙන බැංකුවේ පරණ සේප්පුවකින් සල්ලි අරන් දෙන්න උදව් කරන්න කැමති වෙනවා.කතාව කිව්වා වැඩිද මන්දා…ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්න.

අද අරගෙන ආවෙත් මේ අවුරුද්දෙ නිකුත් වුනු අලුත්ම බාන්ඩයක්.සුපිරි නලු James Franco, සහ Taryn Manning ,Francesca Eastwood කියන නිලියො දෙන්නා මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවනවා.තවත් කියන්න ඕන දෙයක් තියෙනවා මම Horror ෆිල්ම් වලට ප්‍රිය කරන කෙනෙක් නෙමෙයි,ඒ නිසාම මීට කලින් එකම එක Horror ෆිල්ම් එකකටවත් සබ් දීලා නෑ,ෆිල්ම් එක මට බාර දෙද්දි මම හසන්ත අයියට කිව්වා Horror නම් කරන්න බෑ කියලා, හසන්ත අයියා කිව්වා ෆිල්ම් එකේ Horror පොඩ්ඩයි තියෙන්නෙ, ඒක නිසා කරන්න කියලා.හසන්ත අයියා කිව්වා වගේම මේ ෆිලම් එක් Horror කැටගරි එකට වඩා Thriller කියන කැටගරි එකත් එක්ක තමයි යන්නෙ.එහෙනම් අවසානය වෙනකන්ම කුතුහලයෙන් පිරිච්ච මේ සිනමා නිර්මාණයත් රස විඳින්න කියලා එහෙනම් ආරාධනා කරනවා.

වෙනදා වගේම කමෙන්ට් එකක් වෝට් එකක් එහෙම දාගෙන යන්න, ඉක්මනටම තවත් ෆිල්ම් එකක් අරගෙන මේ පැත්තට එන්නම්.කාටත් ජය!!

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත සඳහා අදාළ වේ.

5,007 downloadsDownload The-Vault-2017.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Shan-e1501746084111.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,007 downloadsDownload Subtitles36 KB

16 comments

  1. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  2. lahiru sandaruwan

    thank you so much bro... oyala nomile meka karana nisa katawath agayak ne... download karagena nikan inwa.. comment ekakwath danne netuwa.. anyways... tnkz for sub.....

  3. oshanda

    සබ් එකට ගොඩක් ස්තුති ..ජය වේවා !!!

  4. sumed

    උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට…!

  7. prabodha

    Thasank bro sub ekats....

  8. Kaushalya

    keep it up bro. great effort and nice film...

  9. අසිත

    elama saho thanks

  10. දමිත්

    ස්තුතියි උදාර රාජපක්ෂ සහෝ උපසිරැසියට.
    ජයෙන් ජය.

  11. tharu

    link ekak nathiwa film download karanna bha ne issara wage link ekath ekkama film denawanam hondai

  12. Sanath Perera

    ELA KIRI BAN...
    SUPIRI FILM EKAKNE MEKA...
    THANKS MACHAN SUB EKA ARAN AWATA... JAYEN JAYA...

  13. Udaya Fernando

    Thanks Udara

  14. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  15. kevin D...

    thanks...

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P