Watch Trailer

The Villainess (2017) AKA Ak-Nyeo Sinhala Subtitles | වියරු පළිගැනීම! [සිංහල උපසිරසි]

ඉක්මනටම මගේ 44 වෙනි උපසිරසි නිර්මානය විදියට තවත් සුපිරි කොරියානු චිත්‍රපටියකුත් අරගෙන මේ පැත්තට ආවා.කොරියන් ෆිල්ම් බලන අයනම් මේක දෙනකම් මඟ බලාගෙන ඉන්න ඇත්තෙ.මුලින්ම කියන්න ඕන මම කොරියානු චිත්‍රපට රසිකයෙක් නෙමෙයි. ඒ නිසාම මේක තමයි මම උපසිරසි ගන්වන පලවෙනි කොරියානු චිත්‍රපටය.මම වැඩිය කොරියන් චිත්‍රපටි…

ඉක්මනටම මගේ 44 වෙනි උපසිරසි නිර්මානය විදියට තවත් සුපිරි කොරියානු චිත්‍රපටියකුත් අරගෙන මේ පැත්තට ආවා.කොරියන් ෆිල්ම් බලන අයනම් මේක දෙනකම් මඟ බලාගෙන ඉන්න ඇත්තෙ.මුලින්ම කියන්න ඕන මම කොරියානු චිත්‍රපට රසිකයෙක් නෙමෙයි. ඒ නිසාම මේක තමයි මම උපසිරසි ගන්වන පලවෙනි කොරියානු චිත්‍රපටය.මම වැඩිය කොරියන් චිත්‍රපටි බලලත් නෑ.අන්තිමට බැලු වේ Train To Busan චිත්‍රපටිය තමා.ඒත් මේකෙ ට්‍රේලර් එක බැලුවම චිත්‍රපටිය නොබලා ඉන්න බැරි වුනා.චිත්‍රපටිය පට්ට පට නිසා ඔන්න කොරියන් චිත්‍රපට බලන නොබලන හැමෝම වෙනුවෙන් සබ් එක අරගෙන ආවා.

මේකෙ කතාව ගැන කියන එක තමා ප්‍රධාන ප්‍රශ්නෙ, කට්ටිය ටැරන්ටිනෝගේ ෆිල්ම් බලලා තියෙනවනෙ.මේ චිත්‍රපටියෙත් ප්ලොට් එක ටැරන්ටිනොගේ චිත්‍රපටියක එකක් වගේ.මුල ඉඳන් චිත්‍රපටියේ අවසානම භාගය දක්වාම සිද්ද වෙන්නෙ මොනවද වෙන්නෙ කියලා හිතා ගන්න බැරුව කට ඇරගෙන බලාගෙන ඉන්න තමා.ඒ කියන්නෙ කම්මැලි ෆිල්ම් එකක් කියලා නෙමෙයි.චිත්‍රපටි පුරාවටම කැපිලි කෙටිලි,තුවක්කු සෙල්ලම් තමා තියෙන්නෙ.මම කිව්වට ශුවර් නැද්ද? ටක් ගාලා ගිහින් ට්‍රේලර් එකක බලලා එන්න.

හරි බැලුවනම් දැන් තියෙන්නෙ බාගෙන බලන්න තමා.ස්පොයිල් නොකර කතාව කියන්නම් බොහොම අමාරුයි.ඒක් නිසා මම කතාව ටිකක් කියන්නම්.මූලිකවම කතාව ගෙතිලා තියෙන්නෙ මිනීමරු කල්ලි කිහිපයක් අතර සිදු වෙන ඝාතන රැල්ලක් එක්කයි.එයාලා කරන්නෙ ජීවත් වෙලා ඉන්න කෙනෙක් මැරුන විදියට ලෝකෙට පෙන්නලා එයාලගේ ඒජන්සියට සම්බන්ද කර ගන්න එක.එයාලව මූලික පුහුනුවකින් පස්සෙ තමයි,මේ වැඩ වලට යොදා ගන්නෙ ,එයාලව පුහුණු කරන්නෙ වෙනමම තැනක.එයාලට එතනින් එලියට යන්න ලැබෙන්නෙ පළවෙනි මිෂන් එක සාර්ථකව අවසන් කලාට පස්සෙයි.ගොඩක් අය පළවෙනි මිෂන් එකේදිම අසාර්ථකවෙනවා.පළවෙනි මිෂන් එක සාර්ථකව අවසන් කලොත් ඒ අයට අලුත් අලුත් අනන්‍යතාවයක් එක්ක නැවතත් සාමාන්‍ය මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න ඉඩ දෙනවා, ඒත් මුල් අවුරුදු 10ක් ම ඒජන්සිය ඉල්ලීම් කරන සැම වැඩකටම සම්බන්ද වෙන්න සිද්ද වෙනවා. අපේ කතා නායිකාව සූක් හීත් මේ ඒජන්සියකට සම්බන්ද වෙන කෙනක් ඒත් එයාගේ අනිත් අයට වැඩිය වෙනසක් තියෙනවා. එයාට තමන්ගේ පෞද්ගලික පලිගැනීම් කීපයක් කරන්න තියෙනවා.මෙතනින් එහාට මම මොකුත් කියන්නෙ නැහැ,පලිගන්නෙ කාගෙන්ද?, ඒ මොනවටද? කියන ඒවාට උත්තර ෆිල්ම් එකේ තියෙනවා.හොඳට අවධානෙන් මොකද වෙන්නෙ කියලා බලන්න නැත්තම් අර මම කලින් කිව්ව විදියට ටැරන්ටිනෝ මාමාගේ ෆිල්ම් එකක් බැලුවා වගේ තියෙයි.

අනිත් කතා ටික තමයි මේ චිත්‍රපටියට IMDB දර්ශකයේ 6.7ක , Rotten Tomatoes දර්ශකයේ 83%ක් වගේ ඉහල අඟයකුත් ලැබිලා තියෙනවා.16 වෙනි නිව්යෝක් ආසියානු සිනමා සම්මාන උළෙලේදී හොඳම ඇක්ෂන් චිත්‍රපටයට හිමි සම්මානය වගේම, 26 වැනි බුයිල් සිනමා සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානයත් හිමි වෙලා තියෙනවා.චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට පන පොවන්නේ Kim Ok-bin (අම්මෝ මේ අක්කගේ ලස්සන), Shin Ha-kyun, Sung Joon වැනි නලු නිලියන්.

කොරියන් ෆිල්ම් වලට සබ් කරන වැඩේ ලේසි නෑ කියලා තේරුනේ මේක කරද්දි තමා,නම් නිකන් අන්ඩර දෙමළ වගේනෙ, අනිත් එක මටනම් ටික වෙලාවක් යද්දි නලු නිලියො වෙන් කරලා අඳුරගන්නත් බැරි වුනා, ඇයි හැමෝම එක වගේනෙ.එහෙනම් මේ සම්මානනීය සිනමා කෘතියත් රස විඳින්න කියලා ආරධනා කරමින් මම ගියා, වෙනදා වගේම කමෙන්ට් එකක් වෝට් එකක් දාගෙන යන්න.

තව සුපිරි ෆිල්ම් එකකුත් අරගෙන ඉක්මනටම එන්නම්.ජය!!

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.

10,884 downloadsDownload The-Villainess-2017.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Shan-e1501746084111.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

උදාර රාජපක්ෂ

Subtitles

10,884 downloadsDownload Subtitles29 KB

42 comments

  1. Viraj Harsha

    Thanks machan elama... Mekata
    sub ek denkam balagena hitiye..elama

  2. KAVINDA GAMAGE

    සබ් එකට ගොඩක් ස්තූතියි
    තව තවත් ලස්සන ෆිල්ම් රැසකට සබ් දෙන්න ශක්තිය ලැබේවා
    ජයවේවා !

  3. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ
    පුලුවන්නම් black butler 2014 live action movie සබ් දෙන්න
    ජය වේවා!

  4. iresh

    me film eka download karaganna puluwan link ekak danawada

  5. Gayan

    Thanks Bro.. man ada ude meakata sub hewwa google ake.... dan sub aka baiscope ake tiyenwa dakkama marama happy :)
    Puluwan nam meakatath sup akak denna "the suspect 2013"

    PATTAMA THANKS..... sub akata ayeth kiwwa.. :)

  6. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!

  7. අසිත

    elama saho thnaks

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Rajitha

    Thanks machan.........jayawewa.......!

  10. දමිත්

    සිංහල උපසිරැසියට ස්තුතියි උදාර සහෝ.
    ජයෙන් ජය.

  11. Udara Damith B/K

    සිංහල උපසිරැසියට
    ela

  12. Hirantha

    කෝ ලින්ක් නෑ නේ baiscopdownload වල

  13. nirodha uthpala

    Aniva balillak bro subata thx soo much bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

  14. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  15. nisha

    sub akata thanks...

  16. Bobby

    Thank you very much Udara

  17. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  18. Udaya Fernando

    Thanks bro

  19. sumed

    උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!

  20. Prabash

    Thankuu බොක්කා සබට.ජය වේවා.....

  21. Malisha F'do

    Mcn sub eka downloada karanna bane bro

  22. අරුණ

    Thanks දෙනකං හිටියෙ මේක

  23. shehan

    mama balapu supirima korean movie ekak
    hamoma balanna aniwarayenma
    thank for sub

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Sandun

    ඉක්මනින් දෙන එකට thAnks අයියලා.
    සුපිරිම tvs eka mama බලපු .
    සුපිරි වැඩක් .

  26. Ajith Priyantha

    sub ekat thanks yalu

  27. Yohan_Darshana

    thanks for sub

  28. malith

    Ela ela

  29. MELAKA

    ela supiri aiya wade
    jayawewa..................

  30. akila13

    thanx for sub

  31. saman rathnayake

    good luck Machan...

  32. ushansam

    Hoda wedak...!!!Jaya wewa

  33. sanjeewa1983

    sub eka tiyenawa. eth video eka naha web site ekey

  34. danumad

    Thanks sahodaraya

  35. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති thawa korean movies walata sub denna

  36. rajeesw

    godak ewage sub tibbata download site eka movie eka na.

  37. priyan99

    Meka nam supiriyak.thanks bro sub ekata

  38. Anonymous

    Thanx bro

  39. Danushka Krishan

    Decision To Leave ( Korean Movie 2022 )
    Hunt ( Korean Movie 2022 )
    Sumuru ( English Movie 2003 )
    මේවා සබ් කරල දෙන්නකො පුලුවන් නම්

  40. බණ්ඩා

    Thanks යාලුවේ Download කරන්න නං බැරි උනා

  41. B. W. L. Sampath

    Sumuru ( English Movie 2003 )
    මේක සබ් කරල දෙන්නකො පුලුවන් නම්

  42. Krishani

    Thank you