චිත්‍ර පටියක් බලන්න ලේසි, නමුත් හදන්න ගියාම විදින්න ඕනේ කට්ට දන්නේ අපි කීයෙන් කී දෙනෙක් ද? එහෙමත් හැදුව තමුන්ගේ තෙවැනි හා මුල් ප්‍රධාන චිත්‍රපටය ලෝකය පුරාම විචාරක පැසසුමට ලක් වෙනවා කියන්නේ බොහොම වාසනාවක්. අන්න ඒ වාසනාව තමුන්ගේ මුල්ම චිත්‍රපටය වන The Sixth Sense මගින් උදාකරගත් සුපිරි අධ්‍යක්ෂකවරක් ත…

චිත්‍ර පටියක් බලන්න ලේසි, නමුත් හදන්න ගියාම විදින්න ඕනේ කට්ට දන්නේ අපි කීයෙන් කී දෙනෙක් ද? එහෙමත් හැදුව තමුන්ගේ තෙවැනි හා මුල් ප්‍රධාන චිත්‍රපටය ලෝකය පුරාම විචාරක පැසසුමට ලක් වෙනවා කියන්නේ බොහොම වාසනාවක්. අන්න ඒ වාසනාව තමුන්ගේ මුල්ම චිත්‍රපටය වන The Sixth Sense මගින් උදාකරගත් සුපිරි අධ්‍යක්ෂකවරක් තමයි M. Night Shyamalan කියන්නේ. ඒ මදිවට අධ්‍යක්ෂණයට හා තිර පිටපතට ඔහු ඔස්කා සම්මානයට පවා නිර්දේශ වෙනවා. ඒ 1996 වසරේ… අදටත් ලෝකේ බොහොම මනස කළඹන අවසානයක් තියන චිත්‍රපටයක් ඒක. මේ ඔක්කොගෙම ප්‍රතිපලය ඔහු මීලග ස්පිල්බර්ග් ලෙස මාධ්‍ය මගින් නම් කිරීම.
ඉතින් එහෙම ඇහුව මිනිහා තව කොහේ වරද්දා ගන්න ද? ඊළගට එන්නේ Unbreakable ලොකු මුදලක් හෙව්වේ නැතත් අදටත් කතා වෙන හොඳ කතාවක්, ඊළගට Signs ඉහත දිවිත්වය එකක් බලනකොට ඒ තරම්ම දෙයක් නොවුනත් ජනතා ප්‍රසාදය හා තරමක විචාරක පැසසුම ලබන්න මේ දෙකත් සමත් වෙනවා. මේ වෙනකොට වසර 2002
The Sixth Sense ඔහු ලොවම මවිතයට පත්කළ අවසාන මොහොතේ කතාව උඩු යටිකුරු කිරීමේ තාක්ෂණය ඉහත චිත්‍රපට දෙකේත් යොදාගත් නමුත් ඒවා තරමක් හෝ පුදුමයක් වුනා 2004 The Village, Lady in the Water , The Happening , වගේම ඉහල වියදමක් දරා නිපදවූ අතිශය අසාර්ථක After Earth හා The Last Airbender වැනි සුප්‍රසිද්ධ අප්‍රසන්න චිත්‍රපට Shyamalanගේ චිත්‍රපට ජීවිතය විහිළුවක් බවට පත් කරමින් ආවා 2013 තෙක්ම.
ලොකු සල්ලි, ලොකු නළු නිලියන් හරි නොගිය තැන මොනවා කරන්නද? අපි හැමෝටම හොඳ පාඩමක් වෙන දෙයක් තමයි Shyamalan ඊළගට කරන්නේ.. තමුන්ගේ මුලට යනවා, අඩු වියදම්, අප්‍රසිද්ධ නළු නිලියන් එකක් හොඳ පිටපතක් තීරණය ගෙන්න මේ වතාවේ ඔහු සමත් වෙනවා ඒ තමයි අද මම ඔබ වෙත ගෙන එන විත්‍රපටය….
6.4 ක් IMDB අගයක් එකක් රෝටන් ටෝමාටෝ 63% අගයකුත්, Roger Ebert අඩවියේ 3.4/4 අගයකුත් අරගන්න සමත් වුන මේ චිත්‍රපටය හොලිවුඩයේ විහිළුවක් වුන Shyamalan නැවත කතා කල හැකි චරිතයක් බවට පත් කරන්නට සමත් වෙලා තියනවා.
තවත් පොඩ්ඩක් මේ චිත්‍රපටය ගැන කියනවා නම් Olivia DeJonge හා Ed Oxenbould යන ළමා නළු නිලි දේපල තමුන්ගේ දක්ෂතා පැහැදිලිව පෙන්වන මෙය Horror, Thriller චිත්‍රපටයක්, ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ වුනේ මේ වසරේ සැප්තැම්බර් 11. ඩොලර් මිලියන 5ක වියදමෙන් මේ වෙනකොට මිලියන 97 ක් ලොව පුරාම උපයන්නත් සමත්කම් පාලා තියනවා.
හරි දැන් හැරෙමු කතාව පැත්තට>>
බෙකා හා ටයිලර් යනවා දුර ඈතක ඉන්නා තමුන්ගේ සියා හා ආච්චි එකක් සතියක් ගත කරන්න… හැබැයි මේ දෙන්න ඒ උදවිය කිසිදාක දැකලා නැහැ… දන්නෙත් නැහැ… ලගදි මව මාර්ගයෙන් ආව ආරාධනාවක් නිසාවෙන් තමයි මේ දෙන්නා යන්නේ… මුල් අත්දැකීම බොහොම ප්‍රසන්න මිනිස්සු දෙන්නෙක්…
නිවස පිහිටා තියෙන්නේ හුදෙකලා ගොවිපලක… ලස්සනට දවසක් ගෙවෙනවා… මුල් දා රෑ සිදුවීමක් වෙනවා… ඒක සුළුයි කියමුකෝ… ඔන්න දෙවෙනි දවසේ රෑ ඔලුව විකාර වෙන වැඩක් වෙනවා පුංචි ටයිලර්ට…. ලේසි නැහැ එහෙ ඉන්න කිසිම දුරකතනයක් වැඩ නැහැ… හුදකලාව ඔහුට හා ඔහුගේ සහෝයුරියට සතියක් මේ නිවසේ ගත කරන්න හැකි වෙයි ද ? ඒක ඔයාලම බලාගන්න…
හීනෙන්වත් හිතන්නේ නැති තැනකට කතාව පෙරලෙන්නේ…. අවසාන අධ පැය කියන්න බැරි තරම් කුතුහලයෙන් යුතුයි කියන්න ඇහැකි, මේ වසරේ බමම බැලුව හොඳම හොරර් ගනයේ චිත්‍රපට 2 න් එකක් බවට මේක පත් වෙන එක නම් ස්ථිරයි… අවසාන වශයෙන් කියන්න තියෙනේ රෑ 9.30 පස්සේ කාමරයෙන් එලියට යනවා එහෙම නෙමෙයි ඔන්න…!! ජය වේවා.
560 MB (720p BR (X265)) කොපිය මෙතනින් බාගන්න
FF3996DAA5D024358D6D4988A1E19A7DBD26FAE6650 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
2257DC2B0C8154174F4EE2D040A23C2BA7D7EC92738 MB (720p WEB) කොපිය මෙතනින් බාගන්න
95EDA0717518C651299AEA51FC1107E5DB6610F7826 MB (720p WEB) කොපිය මෙතනින් බාගන්න
D57CDEDBED1FA1DBC2960ABF8AF02B3A5A7046E81.14 GB (720p BR) කොපිය මෙතනින් බාගන්න
1037EF20DDE866B85CF7F928878D8C8F54C587DC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,118 downloadsDownload The-Visit-2015-BR.zip230 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
42 comments
එල්.සී.දමැල්
නලින් පෙරේරා
කාලෙකට පස්සේ හොද ෆිලුමක් අරං ඇවිල්ලා තියෙන්නේ.. හොල්මන් නම් අතාරින්නෙ නැහැ.
ස්තුතියි සමීර මලේ,
ජය වේවා!
නිරෝෂ්
බොහොම ස්තුතියි සමීර සහෝ.මේ ළගදිත් මම The Sixth Sense බැලුවා.මේක දෙනකම් බලන් හිටියෙ.ජයෙන් ජය !
richi
thanks....aiye kathawa ela wage banna one...
කේ.යූ.ජී. උදාර
සමීර ව දැක්කෙ කාලෙකින්නේ........ බලන්න තරම් වටින හැඩයි.
සිංහල සබට බොහොම ස්තූතියි මචෝ.Kulanjana Maduranga
ammo....kalekata passe welakata bahala wge....sahenna kalekin ne subak genawe..thanks SAMEERA Aiye..sub ekata..issarahata digatama sub demu.jaya wewa……
ras
thank you so much
Sajith Anthony
මේක එනකල් හිටියේ
සබට ගොඩාක් ස්තුති සහෝ
ජය වේවා...!!prasha
tnx
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සමීර සහෝ!
කාලෙකින් සුපිරි ෆිලුමක් අරන් ඇවිත් තියෙන්නේ.
හැබැයි ඉතින් හොල්මන් ෆිලුම් නම් දැන් බලන්නේ නෑ.බයකට එහෙම නෙමේ ඈ.
ජය!!!!!!රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. වෙල්කම් බැක් කිව්වා එහෙනම්. ජය෴෴ :P :P
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Indira
බොහොම ස්තුතියි සමීර සහෝ....
දහරා මුතු අමා
මේක නම් ගැලපෙන්නේ රෑට බලන්නම තමයි.
මෙන්න ගන්නවා.
බොහොම ස්තුතියි සබට.Tharaka
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
LAKSHAN
බොහොම ස්තූතියි
P.K
Thank you for the sub..
යශෝධ
වටින කියන ලිපියකුත් අරන් කාලෙකින් ගොඩ බැහැලා තියෙන්නේ. ඊයේ බාගත්තා. ඉක්මනින්ම බලනවා. බොහොම ස්තූතියි උපසිරැසියට. ජයම වේවා..!
විමා
බොහොම ස්තුතියි සමියා
වෙල්කම් බැක් කිව්වා මාත් එහෙමනම්
මට පිං අනුමෝදම් කරහන් ආයේ ඇදල ගත්තට :Dsameera lakshan
welcome back sameera..aith issara wagema apita supiri film aran anna labewa...
lakmal
thxxxxxxxxxxxxxxxxxxxxxxxx
Mayura
නෑ මල්ලි... උයා පල්ලා මන් කාමරෙන් එලියට යන්නෙ නෑ ඇදේ තෙමා ගත්තත් :)
කැලුම් ගුණසේකර
ඔය තියෙන්නේ කාලකෙට පස්සේ? බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
සමන් ප්‍රසාද් [ පූසා ]
අඩෝ, මෙන්න මූ ආයෙම ඇවිල්ලා...
ඔන්න එහෙනම් සබ් එක ගන්නවා බලන්න.
උඹ කියන නිසාම බලනවා එහෙනම් අද...
ජය වේවා...!!!Amalka
උපසිරැසියට ස්තූතියි සහෝ Horror එකක් නිසා අනිවා බානව මේ අවුරුද්දේ බලපු හොඳම Horror Movie දෙකෙන් එකක් කිව්ව නේද ඉතින් මොකක්ද අනිත් එක අපිටත් කියන්නකො බලන්න
priyankara
me wage ewa set wenne nathi unata balalama balanna hithuna lipiya kiyeuwama.
balala kiannam thanmz macho sub ekataavishka
lucky – no time for love
FILM EKE UPASIRASI HADALA DENNAKOJanith Mathula
Elakiri aiya. Gd work. Digatama sub denna.
wiki
Thanks...........
Dilshan Kainga
මෙන්න දැන් තමයි බාන්නේ... ෆිලිම් එක බලන්නේ උඹ සබ කරපු නිසා ඈ.
Pramudaya Lal
ela ela
charuka
thank you...
අසිත
elama saho thankls
SAJITH UDITHA
The Vail (2016) film එකටත්.සබ් එක දෙමුද? අළුත් horror movie එකක්
SAJITH UDITHA
Vail , නමේ Veil
Heshan
Thank you aiye.... !
Onna sub bagaththa...
Lipiya kiyavapu gaman balanna one kiyala hithagena hitiye!!!!!
Digatama me vage sub danna shakthiya labenna oni aiyata......!
Thanx!Gayan Chathuranga
thanks bro
Eranda Malith 2.0
Thanks mcn
Indika Aruna Kumara
Thanks saho...
Anonymous
ane torrent eka hoya ganna na ne
Anonymous
Thank you
Vimukthi
Thank you so much❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

හපොයි, මෙන්න බයිස්කෝප් අපිට අළුත් සාමාජිකයෙක්... :O
අඩවියට පිිළිගන්නවා සමීර සහෝ... :P
දිගටම සබ් දෙමු... (ඇත්තටම දිගටම සබ් දෙමු දැන් ඉඳන් :D )
ජය... :)