ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මේ මගේ එකසිය අටවන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. ඉතින් ඉස්සරවෙලාම කියන්න දෙයක් තියනවා. එක්ස් මෑන් කතා මාලාව නැවතිලා නැ කියන එක. සීසන් 5 තියෙන ඒ කතා මාලාවේ එක සීසන් එකක් දැනට දීල තියෙන්නේ. සීසන් දෙකක් දැනට සබ් කරලා තියෙන්නේ. ඒත් චිත්‍රපට අතරට ඒවා දෙන්න තමා මම හිතාගෙන…
ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මේ මගේ එකසිය අටවන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. ඉතින් ඉස්සරවෙලාම කියන්න දෙයක් තියනවා. එක්ස් මෑන් කතා මාලාව නැවතිලා නැ කියන එක. සීසන් 5 තියෙන ඒ කතා මාලාවේ එක සීසන් එකක් දැනට දීල තියෙන්නේ. සීසන් දෙකක් දැනට සබ් කරලා තියෙන්නේ. ඒත් චිත්‍රපට අතරට ඒවා දෙන්න තමා මම හිතාගෙන ඉන්නේ. ඉතින් චිත්‍රපට කිහිපයක් අවසානයේ දෙවන සීසන් එක අරගෙන එන්නම්. මේ චිත්‍රපටයත් මම බාරගෙන ගොඩ කාලයක්. වැඩත්, මේ චිත්‍රපටයේ උපසිරසි කරන්න තිබ්බ අමාරුවත් එක්ක දවසෙන් දවස වැඩේ පස්සට ගියා. ඒත් ඔන්න අවසානයේ අරගෙන ආව ඔයාලට.
මම ඔයාලට ලෝක ප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට බොහොමයක් අරන් ඇවිත් තිබෙනවා. ඉතින් මේකත් අන්න ඒවගේ චිත්‍රපටියක්. එච් ජි වේල්ස් විසින් ලියල තිබෙන කතාවක් අනුව තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් 1953 අවුරුද්දේ තිරගත උනත් ඊට පස්සේ තිරගත වෙච්ච බොහෝ චිත්‍රපට මෙහි දර්ශන කොපි කරගෙන තියනවා කියල මම මේක බලනකොට දැක්කා. උදාහරණයක් විදියට Battleship 2012 චිත්‍රපටයේ විද්‍යුත් ආරෝපණ ආවරණ වගේම දැඩි ආලෝකයට ඇස් නොපෙනීම, Independence Day 1996 චිත්‍රපටයේ තිබෙන පරමාණු අවිවලින් ප්‍රහාරය ඒවිදියටම ඊට අවුරුදු ගණනකට කලින් මේ චිත්‍රපටයේ දක්නට ලැබෙනවා. ඉතින් ඔයාලට මේ චිත්‍රපටය බලල ඒක තීරණය කරන්න කියනවා.
කතාව නම් ඉතින් විද්‍යා ප්‍රබන්ධයක්. අඟහරු ලෝකේ ජීවින් විසින් පෘතුවියට ප්‍රහාරයක් එල්ල කිරීමත් ඒක නවත්තන්න ගන්නා උත්සාහය තමා පෙන්නන්නේ. ඒත් අන්තිමට වෙන්නේ අපි කවුරුත් නොහිතන දෙයක්. ඉතින් පරණයි කියල හිතන්නේ නැතුව බලන්න කියනවා.
ඉතින් මම ඊළඟට අරන් එන්නේ මේ චිත්‍රපටයේම නව නිර්මාණය. ටොම් කෘස් හාදයා රඟපාන්නේ අර. ඉතින් එකත් අරගෙන එන්නම් ඉක්මනට. ගිහින් එන්නම්.
බුදු සරණයි..
Due to copyright issues, we do not provide any torrent links.
The War of the Worlds (Sci-Fi 1953) Gene Barry, Ann Robinson & Les Tremayne (HD)
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
1,145 downloadsDownload The-War-of-the-Worlds-1953.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
16 comments
C. R. ජයලත්
Ishan
Thanx saho... Tom Cruise ge eka enkm blgena inne.
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Sanindu Lakkitha
::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
අයියා දෙයියෙක් නෙමෙයි දේවාලයක්..ටොම් කෲස්ගේ ෆිල්ම් එක ගොඩක් දවස් ඉල්ලපු එකක් කමෙන්ට් වලින්..එහෙනම් මේකත් බලලා එක බලමු!
::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Udara Damith B/K
බොහොම ස්තූතියි
niyamayi
අලුත් එකත් ගේන්ඩ බලමුකෝ දෙකේ වෙනසKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
elama saho thanks
එල්.සී. දමැල්
බොහොම ස්තුතියි
නිවාඩුවක් ලැබුනම බලන්නම්Withanage Priyantha Dayakeerthi
අසංක ප්‍රදීප් සොයුර,
මීට පෙර ඔබ විසින් නිර්මාණය කළ සිංහල උපසිරසි භාවිතා කර බොහොමයක් සිනමාපට මා නැරඹුවා. මෙයත් එසේමයි. ඉතිං මෙම සබ් එක වෙනුවෙන්ද ගොඩක් ස්තුතියි!KAVINDA GAMAGE
සැබෑ වෙනසක්. හොඳ පරණ ෆිල්ම් එකකටත් උපසිරැසි දීලානේ. අළුත්, පරණ කියලා භේදයක් නැතිව ඔන්න ඔහොම තමයි උපසිරැසි දෙන්න ඕනේ. අනිවාර්යෙන් බාමි. සහෝගේ උපසිරැසියට ස්තූතියි! ඉදිරියටත් අළුත් ඒවාට වගේම අපි කවදවත් නොදැකපු මේ වගේ පැරණි ලස්සන චිත්රවපටි වලටත් උපසිරැසි ලබා දේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම ජය වේවා!
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Chalana
thnx bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි අසංක අයියේ එල එල ජය වේවා!!!!!!