හොඳයි, සුභ දවසක් ! ඔන්න ආයෙම වතාවක් පරක්කු නොකර ඉක්මනින්ම තවත් ඇඩම් ස්ලැන්ඩර්ගෙම චිත්‍රපටියක් අරගෙන ආවා. මීට කලින් වතාවෙත් මං දුන්නේ ඇඩම්ගේ පරණ සුපිරි කොමඩියක් – Billy Madison (1995), දැන් මේ ගෙනාපු ඒකත් එහෙම්ම ඒකක්. කලින් මම දුන්නු චිත්‍රපටියට හුඟක්ම මේ චිත්‍රපටියත් සමාන වෙනවා, මොකද ඒ මේ දෙකේම ඇඩම…

හොඳයි, සුභ දවසක් ! ඔන්න ආයෙම වතාවක් පරක්කු නොකර ඉක්මනින්ම තවත් ඇඩම් ස්ලැන්ඩර්ගෙම චිත්‍රපටියක් අරගෙන ආවා. මීට කලින් වතාවෙත් මං දුන්නේ ඇඩම්ගේ පරණ සුපිරි කොමඩියක් – Billy Madison (1995), දැන් මේ ගෙනාපු ඒකත් එහෙම්ම ඒකක්. කලින් මම දුන්නු චිත්‍රපටියට හුඟක්ම මේ චිත්‍රපටියත් සමාන වෙනවා, මොකද ඒ මේ දෙකේම ඇඩම් රඟපාන්නේ බුද්ධිය අඩු පොඩි ළමයෙක් විදියටයි. කොමඩි වලට ආස, ක්‍රීඩාවට ආස අයට මේ චිත්‍රපටිය බෙහොම ඉහලින්ම ගැළපෙනවා. කතාව මේකයි.
පාපන්දු කණ්ඩායම් වල ආවතේව කටයුතු කරන එහෙමත් නැත්තම් ටීම් එකට වතුර අදින අහිංසක ළාමක ගති ගුණ තියන කොල්ලෙක් තමයි බෝබී කියන්නේ. නිරන්තරයෙන්ම බෝබී තමන් සේවය කරන කණ්ඩායමේ ඉන්නේ ක්‍රීඩකයන්ගේ කෙනහිලිකම් වලට සහ මානසික අපහසුතාවයන් වලට පත්වනවා. සමාජයේ කිසිදු අයෙකු බෝබීව පිළිගන්නේ නෑ. බෝබීට කිසිම යාළුවෙකුත්, පෙම්වතියෙකුත් කවුරුත්ම නෑ, ඉන්නේ තමන්ගේ අම්මා විතරයි, තාත්තත් නෑ. බෝබීට මෙහෙම වෙලා තියෙන්නේ බෝබීගේ අම්මා බෝබීව පුංචි කාලේ ඉඳන්ම සමාජයට එහෙම වැඩිය යවලා නෑ, යාළුවෝ ආශ්‍රය කරන්න වැඩිය දීලා නෑ, කොල්ලව ඉස්කෝලේ යවලත් නෑ, විශේෂයෙන්ම පොඩි ගැනු ළමයින්ව ආශ්‍රය කරන්න දීලාම නෑ. ”පොඩි කෙල්ලො කියන්නේ යක්ෂණියෝ” ඒ නිසා සම්බන්ධකම් තියාගන්න එපා කියලා මතයක් පොඩි කාලේ ඉඳන්ම බෝබීගේ අම්මා කොල්ලගේ ඔළුවේ ඇති කරලා තියනවා. මේ දේවල් මෙහෙම කරලා සමාජයෙන් මෙහෙම බෝබීගේ අම්මා බෝබීව ඈත් කරලා තියන්න උත්සහා කරන්නේ අම්මට බයයි බෝබී ලොකු වුනාම තමන්ව අත ඇරලා තනි කරලා යාවී කියලා.
ඉතින් මේ අම්මට ඕනේ විදියටම පුතා එහෙම්ම අම්ම්ත් එක්කම බොහොම කාලයක් එකට කැලෑබද පිටිසර පාළු පැත්තක ඉන්නවා. දැන් වයස අවුරුදු 31 වෙන බෝබීට කෙමින් කෙමින් උවමනා වෙනවා සමාජයට යන්න ලෝකය දකින්න යාළුවෝ ඇති කරගන්න පෙම්වතියක් ඇසුරු කරන්න. නමුත් මේ සියලුම දේවල් වලට බෝබීගේ අම්මා විවිධ උපක්‍රම පාවිච්චි කරලා ඒ බෝබීගෙ අහිංසක ආසාවන් කඩාකප්පල් කරන්න කටයුතු කරනවා. මොකද බෝබීගේ අම්මට උවමනා තමන්ගේ පුතාව තමන් ළඟම තබාගෙන සිටින්නයි. මවට තිබෙම අසීමිත ආදරය නිසා අම්මගේ හිත රිදෙන වැඩ කටයුතු ආදිය නොකර ඉන්න බෝබී තදින්ම උත්සහා දරනවා. නමුත් තමන්ට මුණ ගැසෙන තරුණියක් සහ පාපන්දු කණ්ඩායමක් හේතුවෙන් බෝබීගේ මේ අවුල් සහගත දුක්ඛිත ජීවිතය ආලෝකමත් වීමට පටන් ගනු ලබනවා. නමුත් බෝබීගේ මව මේවා සියල්ල විනාස කර දැමීට අපූරු උත්සහයන් ගනු ලබනවා.
බෝබීගේ අම්මා බෝබීව තමන් ළඟම තියාගන්න මොන වගේ දේවල් නම් කරයිද ? බෝබීට මුණ ගැහෙන ඒ ගැනු ළමයා කවුද ? වයස 31 වෙන මේ හාදයගේ වැඩ කොහොම ඇත්තද ? බෝබී වගේ කෙනෙක් කොහොම පාපන්දු සෙල්ලම් කරයිද ? බෝබීට එළිය සමාජයේ උදවිය සිදුකරන හිරිහැර පීඩන මොනවද ?
හොඳයි, මේ විස්තර කිරීම ප්‍රමාණවත් කියලා මම හිතනවා.එහෙනම් චිත්‍රපටිය අරගෙනම බලන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,164 downloadsDownload The.Waterboy.1998.Baiscopelk.com_.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
UD Shehan
Subtitles
21 comments
Kantha_DLA
dreamsup
Hi
Eranda Malith 2.0
බොහොම ස්තූතියි මචන් සබ් එකට
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
DILEKA
උපසිරැසියට බොහොම ස්තූතියි.
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට....
Kulanjana Maduranga
subata thanks
Tharaka
Thanks..................
dreamsup
Thanks..
Crathnayake
Thank yu
D.Chamara
bohoma sthuthi sahoooo
IreshSampath
thanks
Nilush Angana
Sub ekata thanx
mahesh88
ඇඩම්ගේ ෆිල්ම් දෙනවට තැන්ක්ස් මචං....
mahesh88
ඇඩම්ගේ ෆිල්ම් දෙනවට තැන්ක්ස් මචං........
jagath55
Thanks
Kanchaka
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
thusharanavod
thank machan sub ekata
dragonhero
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Waterboy (1998) Sinhala Subtitles | වතුර අදින කොල්ලෙක් සුපිරි තරුවක් වුන හැටි [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/The-Waterboy-1998.jpg)
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..