Watch Trailer

Charlie Chaplin 2 (2019) Sinhala Subtitles | පටලැවිල්ල ! [සිංහල උපසිරසි සමඟ]

Prabhu Deva කියපුවාම හැමෝම දන්නවනෙ දමිළ සිනමාවෙ “Dance master” කියල. ඉතින් මටත් අවස්ථාවක් හම්බවුණා Dance Master ගෙ අලුත්ම ෆිලුමට උපසිරැසියක් කරන්න. ප්‍රභු දේවා “තිරූ”ලෙසත් ජනප්‍රිය නළු Prabhu “රාමක්‍රිෂ්නන් “ලෙසත්, Nikki Galrani “සාරා” ලෙසත්, Adah Sharma මනෝවෛද්‍ය ශිෂ්‍යාවක් ලෙසත් දායක වෙනවා. 2019…

Prabhu Deva කියපුවාම හැමෝම දන්නවනෙ දමිළ සිනමාවෙ “Dance master” කියල. ඉතින් මටත් අවස්ථාවක් හම්බවුණා Dance Master ගෙ අලුත්ම ෆිලුමට උපසිරැසියක් කරන්න. ප්‍රභු දේවා “තිරූ”ලෙසත් ජනප්‍රිය නළු Prabhu “රාමක්‍රිෂ්නන් “ලෙසත්, Nikki Galrani “සාරා” ලෙසත්, Adah Sharma මනෝවෛද්‍ය ශිෂ්‍යාවක් ලෙසත් දායක වෙනවා. 2019 ජනවාරි මස 26 වන දින තිරගත වීම ආරම්භ කරන ලද පැය 2 ක් පුරා IMBD අගය 5.0 දිවෙන මෙය අයත් වන්නේ Comedy ගණයට අයත් වුවත් මෙහි සටන් ජවනිකා කිහිපයක්ද ඇතුළත් වෙනවා.

තිරූ අතේ තුවාලයක් වෙලා බෙහෙත් ගන්න යනව ඩොක්ටර් රාමක්‍රිෂ්නන් ළගට. එතනදි තිරූගෙ තුවාලෙට තිරූ කෑ ගහන විදියට ඩොක්ටර් කියනව මොකද ඔච්චර බෙරිහන් දෙන්නෙ ජීවිතේ නැතිවෙනව වගේ, ජීවිතේ තව දවස් 15ක් ජීවත් වෙන්න ඉන්න කෙල්ලෙකුත් දැන් ඒක දැනගෙන සතුටින් නටල ගියේ කියල. කවුද ඒ කියල අහල බලද්දි පඩිපෙළෙන් බහින කෙල්ලව ඩොක්ටර් පෙන්වනවා. ඩොක්ටර් එයව පෙන්නනකොට ඒ කෙල්ල පහලට ගිහින් තිරූ කලින් දැකපු සාරාව තමයි දකින්නෙ. ඉතින් තිරූ කියනවා ඩොක්ටර්ට ඒ තමයි තමන් ආදරේ කරන කෙල්ල කියල ඩොක්ටර්ට විස්තරේ කියනව. ඩොක්ටර් කියනව ගිහින් කෙල්ලව හම්බවෙලා තිරූගෙ ආදරේ එයාට කියන්න කියල.

ඩොක්ටර් රාමක්‍රිෂ්නන්ගෙ දුව වෙන්නෙ සාරා.. සාරත් උත්සාහ කරන්නෙ අර දවස් 15න් මැරෙන්න යන කෙල්ලව බේරගන්න. නමුත් සාරා මැරෙන්න යන බව තමයි තිරූ හිතාගෙන ඉන්නෙ. සාරා හිතාගෙන ඉන්නෙ තිරූ කියන්නෙ නරක කෙනෙක් කියල. ඒත් දවසක් තිරූ සාරා වෙනුවෙන් පූජාවක් කරනව දැකල සාරා, සාමි තුමාගෙන් දැනගන්නෙ අර දවස් 15න් මැරෙන්න යන කෙල්ලට ආදරේ කරනව. එයා වෙනුවෙන් තමයි පූජාව කරන්න යන්නෙ, තිරූ කියන්නෙ හරිම හොද කෙනෙක් බවට තේරුම් ගන්නව. ඔය අතරෙ දවසක් අර මනෝවෛද්‍ය ශිෂ්‍යාව වන සාරා තිරූව මගදි මුණ ගැහිල තිරූට බයිට් එකක් දීල තිරූගෙම ෆෝන් එක අරගෙන එයාගෙ අංකය තිරූගෙ ෆෝන් එකේ සේව් කරනව.

පස්සෙ කොහොම හරි අර දවස් 15න් නැතිවෙන්න ඉන්න කෙල්ලට සැත්කම සිදු කරනව. සැත්කම ඉවරවුණාට පස්සෙ ඩොක්ටර් තිරූට කතා කරල කියනව ඔයාගෙ ආදරේ හාස්කම නිසා තමයි මෙයාගෙ සැත්කම සාර්ථක වුණේ කියල හතර දෙනාම මුණ ගැහිල ඒ දෙන්නගෙ අදහස් හුවමාරු කරගන්න කියනව. කොහොම වුණත් මෙතනදි වත් මෙයාලගෙ පටලැවිල්ල ලිහෙන්නෙ නෑ. පස්සෙ දවසක සාරා බයික් එකෙන් වැටිල තිරූ ඩොක්ටර්ට කතා කරල කියනව ඔයා එයාගෙ ආදරීට මීට පස්සෙ කිසිම ලෙඩක් නෑ කිව්වනෙ, ඒත් දැන් එයා සිහිනැතිවෙලා වැටිල ඉන්නව කියල ආයෙත් ඩොක්ටර්, සාරා, තිරූ , අර කෙල්ලයි මුණගැහිල මේ ආදර අවුල ලිහෙනව.. පස්සෙ ඩොක්ටර්ත් කැමතිවෙලා සාරාත් කැමති වෙලා තිරූ එක්ක විවාහයට දිනත් දාගන්නවා. ඔන්න ඉතින් විවාහ ගිවිස ගැනීම හෙට කියල තිරූ එයාගෙ යාලුවොත් එක්ක අඩියක් ගහන ගමන් ඩුබායි වල ඉදල ආපු යාලුවට එයාව බදින්න යන කෙල්ලගෙ ෆොටෝ එක පෙන්නව, මේක දැකපු යාලුවා තිරූට සාරාගෙ වීඩියෝ එකක් පෙන්නනවා වෙන කොල්ලෙක් එක්ක ඉන්න එකක්.. මේක දැකල අවුල් වුණ තිරූ සාරාට කතා කරන්න හදනකොට ෆෝන් එක වැඩ කරන්නෙ නැහැ. ඩුබායි යාලුවා කියනවා වීඩියෝ පණිවිඩයක් යවන්න හොදට බැනල බැනල කියල. තිරූ හොදට තාත්තටයි සාරාටයි එයාගෙ පවුලේ අයටයි බැනල වීඩියෝ පණිවිඩයක් යවනවා. ඒත් ඇත්තටම ඒ පණිවිඩේ යන්න ඇත්තේ සාරාටමද? මතකනෙ මනෝවෛද්‍ය ශිෂ්‍යාව සාරා…. ඔන්න ආයෙත් පටලැවිල්ලක්, ඉතින් ඒ පටලැවිල්ල ලිහාගන්න විදිය ඔයාලටම බලන්න කියල ආරාධනා කරනවා. අලුත් ෆිලුමකින් හම්බවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD Rip පිටපත සඳහා අදාළ වේ.

13,149 downloadsDownload Charlie-Chaplin-2-2019.zip59 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

13,149 downloadsDownload Subtitles59 KB

44 comments

  1. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….

    බුදු සරණයි.. !!!

  2. ridmal

    Thanks bro...

  3. Kumara4

    Download karanna be film ekakwath..shit

    1. Shen-U

      Ela bro

  4. lahiru sadaruvan

    thank you so much brother

  5. gihan perera

    පට්ට සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  6. Kulanjana Maduranga

    subata thanks

  7. D.Chamara

    bohoma sthuthi sahooo jaya ..

  8. Lasantharathnasirirox

    ධනා සොයුරාට ගොඩාක් ස්තුතියි ....ජයවේවා !!"

  9. Chathuranga Udayakantha

    Thanks bro sub akata

  10. nadeesh Dilshan

    Thanks bro

  11. harshani11112

    පට්ට කතාව...
    ස්තුති සහො
    තෙරැවන්සරණයි

  12. damith_janaranjana

    එලම

  13. DILEKA

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  14. Thilinamadushankaalwis

    බොහොම ස්තූතී සහෝ

  15. kelumchathuranga

    thanks

  16. ntpsilva

    ela macho

  17. wajira

    Thanks for sub

  18. Nilush Angana

    Sub ekata thanx

  19. Alagaratnam Manoj

    Thanks bro

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Haritha245

    Thank you

  22. amilaqs

    gon film ekak yaku,,, nodakin

  23. Shehan putha

    thanks bro

  24. N_R

    Thank You.

  25. rangika Kariyawasam

    බෝම තුති ජයවේවා

  26. Arunasanju

    තුති වේවා

    1. Rukmann@

      Thanks bro

  27. ranabima

    thanks

  28. Rismin

    Good job dude

  29. Saranga J. Liyanagama

    ගොඩක් ස්තුතියි..

  30. santhusha319

    thanks saho

  31. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති සහෝ...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  32. sahan Tharuka

    thanxx bro

  33. prasakr

    supiri wadak bohoma sthuthi

  34. Arunashan

    බයිස්කෝප් දිනෙන් දින දියුණු වෙිවා ..එයයි අපේ පැතුම

  35. sps01

    thnx saho

  36. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  37. s.s.m

    tz sub ekata...

  38. Supun Srimal

    Thnq saho

  39. Pandithage sudewa

    subtitle eka aul sahoo
    meka kiyanna unaata sorry

  40. Rukmann@

    Thanks buddy for your sub

  41. BarryAllen

    SUper

  42. Anonymous

    link ekak diyanko

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.