සුබ දවසක් වේවා බයිස්කෝප් හිතවතුන් හැමෝටම. කාලෙකට පස්සෙ අරං ආවා ලස්සන කතාවක්. ලස්සනයි කියන්නෙ ඇත්තටම ලස්සන කතාවක්. මේකෙ නම දැක්කාම ඔයාලා බලනවා ඇති මොකක්ද මේ කිලෝමීටර් 800ක පාගමන කියලා. මුලින්ම කියන්න ඕනෙ මේ කතාව පාදක වෙලා තියෙන්නෙ සියවස් ගණනාවක ඉඳන් අදටත් කතෝලික බැතිමතුන් භක්තියෙන් ගිහින් නමස්කාර කර…
සුබ දවසක් වේවා බයිස්කෝප් හිතවතුන් හැමෝටම. කාලෙකට පස්සෙ අරං ආවා ලස්සන කතාවක්. ලස්සනයි කියන්නෙ ඇත්තටම ලස්සන කතාවක්. මේකෙ නම දැක්කාම ඔයාලා බලනවා ඇති මොකක්ද මේ කිලෝමීටර් 800ක පාගමන කියලා. මුලින්ම කියන්න ඕනෙ මේ කතාව පාදක වෙලා තියෙන්නෙ සියවස් ගණනාවක ඉඳන් අදටත් කතෝලික බැතිමතුන් භක්තියෙන් ගිහින් නමස්කාර කරන ස්පාඤ්ඤයේ සැන්තියාගෝ නගරයේ පිහිටා ඇති ශාන්තවූ ජේම්ස් අපෝස්තුළු තුමන්ගේ දෙව් මැදුරට කිලෝමීටර් 800ක් ගෙවාගෙන පයින් යන වන්දනා කරුවගේ කතාව.
එච්චර දුරක්? ඔව් යාළුවනේ, ඒක ඇත්ත. එයාලා එච්චර දුරක් පයින් යනවා. සමහරු ගිහින් ආපහු පයින්ම එනවා. හිතාගන්නත් අමාරුයි නේද, ඔය දුර වන්දනාව පටන්ගන්න තැන අනුව තවත් දික් වෙන්න පුළුවන්. මේ ගමන් මඟ බලාගන්න මම සිතියමක් හොයාගත්තා.
ඉතිං මොකක්ද මේ කතාව කියලා හිතෙනවා ඇති නේද? මෙහෙමයි, මේක ගොඩක් සංවේදී කතාවක්. ටොම් ඒව්රි කියන්නෙ ජීවිත කාලෙම කැපවෙලා මහන්සියෙන් උපයාගත් සාමාන්‍ය ධනයක් ඇති එක්දරු පියෙක්. එයාට අවුරුදු 70කටත් කිට්ටුයි. එයා අක්ෂි වෛද්‍ය වරයෙක්. එයාගෙ එකම පුතා ඩැනියල් ලෝකෙ පුරාම සංචාරය කරන්න කැමති වෙනස් අදහස් සහිත අවුරුදු 40ක විතර පුද්ගලයෙක්. ඩැනියෙල්ගෙ ආසාව තමයි එයාගෙ තාත්තවත් එක්කගෙන සංචාරය කරන එක.
ඉතිං එක දවසක ටොම්ට දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒකෙන් කියන්නෙ එයාගෙ පුතා කොම්පොස්ටෙලා ගමන අතරමගදි මියගිහින් කියල. එම ආරංචියෙන් කඩා වැටෙන ටොම්, ප්‍රංශය බලා පිටත් වෙන්නෙ ඩැනියෙල්ගෙ මිනිය ගෙදරට ගේන බලාපොරොත්තුවෙන්. ඒත් එහෙට ගියාට පස්සෙ එයාට හිතෙනවා තම පුතා වෙනුවෙන් ඔහුට අවසන් කරන්න බැරි උනු ගමන තමා අවසන් කළයුතු බව.
මේ තියෙන්නෙ ඒ තාත්තගෙ වන්දනා ගමනයි. වයෝවෘද්ධ ඔහු අභියෝග වලට මුහුණ දෙමින් යන ඒ ගමනයි. මේ පාගමනෙදි එකිනෙකට වෙනස් චරිත තුනක් ඔහුට මුණගැහෙනවා. ඔවුන් සමඟ ඔවුන්ගේ අරමුණු සමඟ යන වන්දනා ගමන තමයි මේ. සම්පුර්ණම කතාව නෙවෙයි මේ. කතාව තියෙන්නෙ මේ ගමන ඇතුලෙයි.
එහෙනම් අපි දැන් මේකෙ නිර්මාණ දායකත්වය පැත්තට හැරෙමු. ප්‍රධාන වශයෙන් මේකෙ ඉන්නෙ චරිත පහයි. ඒ තමයි Martin Sheen, Emilio Estevez, Deborah Kara Unger, Yorick van Wageningen සහ James Nesbitt යන අය. මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ David Alexanian සහ Emilio Estevez යන දෙපළයි. එතකොට අධ්‍යක්ෂණයත් Emilio Estevez ගෙ. විනාඩි 128ක් පුරා දිවෙන මේ කතාව Adventure, Comedy, Drama යන ඛාණ්ඩ වලට ඇතුලත් කරලා තියෙනවා. ඒවගේම IMDb අගය 7.4 ක තරම් ප්‍රමාණයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. තවද Port Hueneme International Film Festival (2011) උළලේදී Feature Award වෙනුවෙන් Best Picture සඳහා සම්මාන ලබා තිබෙනවා. ඒවගේම තවත් සම්මාන 8කට නාමයෝජනා වෙලා තියෙනවා. මේ ලස්සන කතාව 2010 නොවැම්බර් 19 දින ඉංග්‍රීසි, ස්පාඤ්ඤ සහ ප්‍රංශ යන භාෂා වලින් ස්පාඤ්ඤය සහ ඇමරිකාව පුරා ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙනවා.
ඔය විස්තර තමයි මූලිකවම කියන්න තියෙන්නෙ. ඔයාලා කතාව බලන්න, ඒ වෙනුවෙන් ගිය ඩේටා ගැනයි කාලය ගැනයි දුක් වෙන්න වෙන්නෙ නෑ කියලා සහතිකයි. සබ් කරන කෙනෙක්ට තමා සබ් එක කරපු චිත්‍රපටියක් බලන එක ටිකක් එපාවෙන වැඩක්. මොකද ඒක දිහා බලාගෙන දවස් ගාණක් සබ් එක හදලා ආයෙමත් ඒක බලන්න වෙන එකට. ඒ හින්දා මම සබ් කරපු එකක් බලන්නෙ මාස දෙක තුනකට පස්සෙ. හැබැයි පළවෙනි වතාවට සබ් කරලා ඉවරවෙනවත් එක්කම අනිත් පැත්තට මම මේක බැලුවා. ඒකෙන් හිතාගන්න මේක මොන වගේද කියල. අවසාන වශයෙන් මේ සළරුව වෙනුවෙන් උපසිරසි කරන්න කියලා මට කියපු මුහුණු පොතේ මිතුරු සුජීව එදිරිසිංහ සොයුරාටත්, උපසිරසිය කිරීමට අවසරය ලබාදුන් හසන්ත වික්‍රමරත්න සොයුරාටත් ස්තූතිය පළකරනවා.
එහෙනම් ඉතිං ආයෙමත් ලස්සන චිත්‍රපටයකින් හමුවෙමු.
ඔබට ජය…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,165 downloadsDownload The.Way_.2010.Baiscopelk.com_.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Gayan-Chathuranga-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයාන් චතුරංග
Subtitles
25 comments
prageeth chamalka
Kulanjana Maduranga
subata thanks saho....keep it up.....
thilina86
Thank you so much for the movie. Great movie. Woow we appreciate you so much. God bless you.
කෞශල්‍ය දුෂ්‍යාන්
බලමුකෝ කතාව කෝමද කියලා.සබට තුති ගයාන් සහෝ.සද ජය.
chandika1975
good work....thank you
Tharaka
THANKS...............
Udara Damith Dissanayaka
නියමයි
ස්තුතියිChaturangagayan
ඔයාලා මේ ෆිල්ම් එක බානකොට The way 2010 කියන එක බාන්න, The way back කියන්නෙ වෙන එකක්.
Nirosh C
මේ පෝස්ටර් එක මාරුවෙලා..මේ “වේබැක්“ එකේ පෝස්ටර් එකක්
channamayanthi
sub eka enne nahane
gihan perera
Thanks so much bro...keep continue a new movie subtitle.....whatever god bless you and keep continue it....
Nadeesha rox alahakoon
Tnx bro. Elm. Mekath balanna hithenawa
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!බොබී
ඔච්චර කියන එකේ බලන්නත් එපායැ. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. තවත් මේ වගේ කතා ගේන්න.
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
D.Chamara
bohoma sthuthi sahooo
Wayantha Sandaruwan
මේ වගේ නිරමාණ තමයි වැඩියෙන් ඕනේ. ගොඩක් ස්තුතියි !
nalinda
supiri
jagath55
Thanks
Nivom
ela
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
හොද කතාවක් වගේ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
Waruna Kamalawansha
නියමයි... බොහෝම ස්තූතියි උපසිරැසියට
MAALnath
Thanks .............good..................luck
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ලස්සන කතාවක් , මේකට සිංහල උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝ..ජය !!!