Watch Trailer

Abrahaminte Santhathikal (2018) Sinhala Subtitles | ඒබ්‍රහම්ගෙන් පැවත එන්නන් [සිංහල උපසිරැසි සමඟ]

තවත් අලුත්ම මලයාලම් සලරුවකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action, Crime, Thriller කියන කාණ්ඩ වලට. ප්‍රධාන රංගණයෙන් දායක වෙන්නේ මලයාලම් සිනමාවේ සුපිරි තරුවක් වන Mammootty(ඩෙරික් ලෙස) සමගින් Anson Paul(පිලිප් ලෙස). 2018 ජූනි 16 තිරගත කිරීම් ආරම්භ කළ මෙම චිත්‍රපටය අධ්‍යක…

තවත් අලුත්ම මලයාලම් සලරුවකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action, Crime, Thriller කියන කාණ්ඩ වලට. ප්‍රධාන රංගණයෙන් දායක වෙන්නේ මලයාලම් සිනමාවේ සුපිරි තරුවක් වන Mammootty(ඩෙරික් ලෙස) සමගින් Anson Paul(පිලිප් ලෙස). 2018 ජූනි 16 තිරගත කිරීම් ආරම්භ කළ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Shaji Padoor විසින්. ඒ වගේම තිර පිටපත රචනා කරලා තියෙන්නේ ආදායම් වාර්තා බිඳ හෙලූ චිත්‍රපටයක් වන The Great Father (2017) චිත්‍රපටය අධ්‍යක්ෂණය හා රචනා කළ Haneef Adeni විසින්. සංගීතය Gopi Sundar සහ Serin Francis ගෙන්. මේ වන විට IMDb දර්ශකයේ තුන් දහසකට අධික ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් 8.3 ක් වැනි ඉහළ අගයක් මේ චිත්‍රපටයට ලැබී තිබෙනවා. ඒ වගේම 2018 වසරේ මේ වන විට මලයාලම් චිත්‍රපට වලින් වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ඇති චිත්‍රපටය වන්නේද මේ චිත්‍රපටයයි. ඒ දැනට තිබෙන වාර්තා අනුව ඉන්දියානු රුපියල් කෝටි 35.8 ක ආදායමක් ලබමින්.

කතාව ගැන කිව්වොත් ඩෙරික් සහ පිලිප් කියන්නේ සහෝදරයෝ. ඩෙරික් තමයි අයියා. මේ දෙන්නගේ දෙමව්පියෝ හදිසි අනතුරකින් මරණයට පත් වෙනවා. ඉන් පස්සේ ඩෙරික් තමයි පිලිප්වත් බලාගෙන ජීවිතය ගොඩනගා ගන්නේ. තරුණ වයසට ආවට පස්සේ ඩෙරික් පොලිසියට එකතු වෙනවා. කවුරුත් ඩෙරික්ව හඳුනන්නේ අවංකවම රාජකාරිය කරන, ඕනම අභියෝගයක් ජය ගන්න පුලුවන්, තිතටම වෙඩි තැබීමේ සූක්ෂම හැකියාවක් තියෙන පොලිස් නිළධාරියෙක් විදිහටයි. මල්ලිත් තමන්ගේ අයියගේ අඩි පාරෙම යමින් වෙඩි තැබීම පුහුණු කරනවා. නමුත් එයාගේ ආශාව තියෙන්නේ රට ගිහින් තවත් වෙඩි තැබීම පුහුණු වෙන්න. ඔය ටික නම් දැනගන්න වෙන්නේ කතාව මැදකදි. කතාව පටන්ගන්නේ බිහිසුණු මිනී මැරීම් මාලාවකින්. වෙස් වලාගත් පුද්ගලයෙක් විසින් සාහසික ලෙස පවුල් පිටින් මරා දමමින් ලේ වලින් සටහනක් වගේම ලිපියක් තබා යනවා. මැරූ ගණනත් මරන්න සිටින ගණනත් සටහනෙන් තබා යනවා. ලිපියෙන් සඳහන් කරන්නේ දෙවියන් ඔහුට අණ කරන බවත්, ඒ අනුව ඔහු මේ දේවල් කරන බවයි. ඔය සිදුවීම් දාමයේ සුල මුල හොයාගෙන යන අතරතුරේ කතාව නොසිතූ ලෙස වෙනස්ම පැත්තකට යොමු වෙනවා. එතනදී තමයි පිලිප් මේ කතාවට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ සඳහන් කළ නොසිතූ පැත්ත මොකක්ද? පිලිප් මේකට මොන විදිහට සම්බන්ධ වෙයිද? ඒවා ඉතින් බලලම තමයි හොයා ගන්න වෙන්නේ. කතාව ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා කතාව උඩු යටිකුරු වෙනවා. අනිවාර්යයෙන්ම මැදකදි මොකක්ද වුනේ, කතාව මොකක්ද කියලා කල්පනා කර කර ඉන්න මට්ටමට පත් වෙන බව නම් නොඅනුමානයි.

අවසානයේදි කියන්න ඕන, මේ සලරුවේ උපසිරැසිය කරන්න බාරගෙන තිබ්බේ සිසිල ප්‍රසාද් සහෝදරයා. විභාගයක් තියෙන නිසා මට කරන්න කියලා බාර දුන්නා. ඉතින් ඒ වෙනුවෙන් ඔහුට විශේෂ ස්තූතිය හිමි විය යුතුයි. ඒ වගේම කරපු උපකාර වලට මයුර සුරාජ් සහෝදරයාටත් ගොඩක් ස්තූතියි. එහෙනම් තවත් උපසිරැසියකින් හමු වෙමු.

ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HQ DVDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

8,333 downloadsDownload Abrahaminte.Santhathikal.2018.Baiscopelk.com_.zip54 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

8,333 downloadsDownload Subtitles54 KB

67 comments

  1. geeganagamage

    ගොඩාක් ස්තුතියි සුපිරි වැඩක්

  2. Pathmila_kushantha94

    Thanks bro

  3. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahoooo sub ekataa...

  4. ranfilm

    thank you machan.

  5. Mayura

    Thanx macho. Menna gaththa

  6. gihan perera

    නියමයි...ස්තුතියි සහෝ....මම්මුට්ටි ගෙ නම් සුපිරි මචෝ....ජය වෙිවා මචෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....

  7. Gunasiri_thero

    Good work

  8. Eranda Malith 2.0

    බලන්ඩ ෆිල්ම් එකක් නැතුව වේලි වේලි හිටියේ බන්.
    ස්තූතියි මචන් උපසිරසට
    ජයවේවා

  9. thimalF

    patta machan

  10. Samadi

    ස්තූතියි මචන්....

  11. Praveen

    thnkzzzzzzzzzzz mcn

  12. Lalani Maduwanthi

    Thank you sande

  13. Lalani Maduwanthi

    Thawa lassana films thiyenawa tor malayalam site eke,,,,ewath dennako,,please,,,

    1. ශසිත් සඳරුවන්

      හොඳ ෆිල්ම් තියේ නම්, නම් ටික දාගෙන යන්න.
      ඉදිරියේදි දෙන්න බලන්නම්.

    2. senehas nimna

      Neerali කියන එකට සබ දෙන්න බ්රෝ

    3. dimuthu lakmal

      Race begins 2018 sub denna

  14. priyan99

    thanks bro sub ekata

  15. Hemantha De Silva

    ස්තුතියි ශසිත්....
    නියමයි - සුභපැතුම්...
    තවත් මලයාලමක් කරමු.

  16. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  17. Tharindu_Vidusha

    සදේ මාරැ අයියේ තෑන්ක්ස්....ජය වෙිවා..!!

  18. Tharindu_Vidusha

    සදේ මාරැ අයියේ තෑන්ක්ස්....ජය වෙිවා..!!! බුදුසරණයි...!!

  19. Rajitha Shalinda

    machan sub eka wada na ne.

  20. Suresh Madhusanka

    උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය..!!

  21. Samsan jayantha

    Thank you

  22. Milind@

    Thanks saho

  23. Kulanjana Maduranga

    malayalam nm ithin..bamak thama...subata thanks saho...keep it up....

  24. Isuru minipa

    Thanks supiri film ekak puluwannam street light 2018 malayalam film eka denna

  25. Kovidu

    බොහොමත්ම ස්තූතියි සහෝ සබට,, මලයාලම් වෙනුවෙන් විශේෂ ස්තූතිය, ජයෙන් ජය!!!!!!!!

  26. Kovidu

    malayalam Ee ma yau 2018
    malayalam Eeda 2018 සහෝ මේවට සබ් බලන්න

  27. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  28. suna

    thnx saho......jaya wewa

  29. rangika Kariyawasam

    නියම ෆිලුමක්.බෝම ස්තුතිවන්ත වෙනවා සහෝ .තව මලයාලමි ෆිලුම් වලට සබ් දෙන්න.ජයවෙිවා

  30. D.Chamara

    niyamai sahooo .sub ekata bohoma sthuthi

  31. kasun sudangama

    niyamai saho supiri wedak

  32. Lahiri

    thankz saho

  33. kodagoda

    tnx sahoo supiriyak wage

  34. Anuruddha421

    thanks mcn...!!!

  35. Menaka Herath

    සබට බොහෝම ස්තූතියි සහෝ.
    දිගටම සබ් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා..
    ජයවේවා.!!!!!!!

  36. NuwanK

    Thank u bro....

  37. GeethD

    thanks

  38. vertex89

    Suprima filumak.hemoma balanna kiyala kiyanawa.Thanks for your effort bro

  39. harshani11112

    ස්තුති සහො

  40. AsankaGF

    thanks

  41. snak

    thakns sahoo jayawewa

  42. sampath n perera

    thanks

  43. thilz

    Thank you for the su

  44. Pathum Aroshana

    ❤️ මලයාලම් සිනමාව

  45. දමිත් රත්නායක

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට සහෝ.
    ජයෙන් ජය.

  46. budagoda

    thank you

  47. N_R

    Thank You.

  48. Navee

    Tank saho..

  49. srasanka

    නියමයී.... ගොඩාක් ස්තුතියි ..

  50. Lalani Maduwanthi

    Ay Malayalam films denna parakku wenne??english films ,,tv serials epoooo

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.