Watch Trailer

The Wild (2006) with Sinhala Subtitles | කැලය [සිංහල උපසිරසි සමඟ]

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

ආයුබෝවන් හැමෝටම. මම සංජය බණ්ඩාර සුරවීර. ඔන්න මමත් මගේ පළමුවන උපසිරැසිය නිර්මාණය කලා. ගොඩකාලෙක ඉදලා උපසිරැසියක් කරන්න ඕනකම තිබුනත් වෙලාව මදිකම නිසා හැකියාවක් ලැබුනේ නැහැ. අපි චිත්‍රපටිය දිහාට හැරෙමු එහෙනම්. මම තෝරගත්ත චිත්‍රපටිය ඇනිමේෂන් එකක්. හැමෝම ඉතින් ඇනිමේෂන් බලන්න කැමතියිනෙ. චිත්‍රපටයේ නම The…

ආයුබෝවන් හැමෝටම. මම සංජය බණ්ඩාර සුරවීර. ඔන්න මමත් මගේ පළමුවන උපසිරැසිය නිර්මාණය කලා. ගොඩකාලෙක ඉදලා උපසිරැසියක් කරන්න ඕනකම තිබුනත් වෙලාව මදිකම නිසා හැකියාවක් ලැබුනේ නැහැ. අපි චිත්‍රපටිය දිහාට හැරෙමු එහෙනම්.

මම තෝරගත්ත චිත්‍රපටිය ඇනිමේෂන් එකක්. හැමෝම ඉතින් ඇනිමේෂන් බලන්න කැමතියිනෙ. චිත්‍රපටයේ නම The Wild (2006). මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Adventure හා Comedy ගණයට. IMDB දර්ශකයේ ලකුණු 5.3 හිමිකරගෙන තිබෙන මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නෙ Steve ‘Spaz’ Williams කියන අධ්‍යක්‍ෂකවරයා. මේ චිත්‍රපටයේ සැම්සන් සිංහයාට හඬකවන්නෙ ඔයාලා කවුරුත් දන්න 24 පැය කථාමාලාවේ Kiefer Sutherland(ජැක් බවර්). චිත්‍රපටිය තිරගත කරලා තියෙන්නෙ 2006 අප්‍රේල් 14 වෙනිදා. මෙම චිත්‍රපටිය ලෝකය පුරා තිරගත කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 102.3 මුදලක් උපයලා තියෙනවා. එහෙනම් අපි චිත්‍රපටයේ කථාව දිහාවට හැරෙමු.

එක සත්තු වත්තක් තියෙනවා. මේ සත්තු වත්තෙ ඉන්නවා සිංහ පැටියෙක්. මෙයාගෙ නම රයන්. සාමාන්‍යයෙන් සිංහයෙක්ගෙ ගර්ජනය කොහොමද කියලා දන්නවානෙ. ඒත් මෙයා සිංහයෙක් උනාට මෙයාගෙ ගර්ජනයෙ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ සිංහ පැටියා , එයාගෙ තාත්තා (සැම්සන්) හා එයාලගේ යාළුවෝ වටා සිදුවන සිද්ධි දාමයක් එකතුවෙලා තමයි මේ චිත්‍රපටිය හැදිලා තියෙන්නෙ. ඉතින් හැමෝටම මේ චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරනවා. පළමුවෙනි උපසිරැසිය නිසා අඩුපාඩු ගොඩක් ඇති. යන ගමන් අදහසක් දක්වලා යන්න කියලත් ආරාධනා කරනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා..!!

 

The Wild (2006) on IMDb

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.

2,870 downloadsDownload The-Wild-2006.zip105 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජය බණ්ඩාර සුරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Rank: Newcomer
Ratings
Reviews
0
සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

2,870 downloadsDownload Subtitles105 KB

19 comments

  1. අසිත

    Elama saho thanks
    sub denakm balan hitiya filumak
    jaya wewa!!!

    Reply
  2. Helili Hemamali

    කුලුදුල් උපසිරැසියට සුබ පැතුම්!
    ස්තූතියි ඇනිමේශන් එකක් කළාට.
    ඉස්සරහටත් උපසිරැසි කරන්න.

    Reply
  3. Manoj Rasanga

    නියමයි සංජය.... සුබ පැතුම්!!!!! jaya wewaa...!!!!

    Reply
  4. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    දිගටම සබ් දෙන්න
    ජය වේවා!

    Reply
  5. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

    Reply
  6. thilina nishshanka

    pattta <3 <3 <3 jaya wewa

    Reply
  7. Kavishka Aravinda

    උපසිරස පරිවර්තන හෝ කතෘට නොව ඇඩ්මින් වරුන්ගේ අවදානය පිනිසයි

    අපිට තේරෙනවා ඔයාලට බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකටත් කට්ටිය ගෙන්න ගන්න ඕනි කියලා , මම අර ඇඩ් තිබ්බ ඒවත් ක්ලික් කලා ඔයාලට අපිට හැමෝටම හොදක් වෙන්න , ඒත් මේකෙ සබ් තිබ්බට අරකට ‍ෆිල්ම් එක එන්නෙ දවස් ගානකට පස්සෙ , ඒකෙ තියන සමහර කොපි වැඩ කරන්නෙ නෑ සබ් එකත් එක්ක , ඔයාලා ලොකු කාර්‍යබාරයක් අපි වෙනුවෙන් කරන්නේ , ඒක මම පිලිගන්නවා , ඒත් අපේ පහසුව ගැනත් ටිකක් හිතන්න ,ඒකට ‍ෆිල්ම් එක දාන්න මේකෙත් අඩුගානෙ , කොපියෙ නමවත් දාන්න , අපිට හොයාගෙන හරි ඩවුන්ලෝඩ් කරගන්න.

    Reply
    1. Sanjaya

      The Wild (2006) 720p BrRip x264 - VPPV

      Reply
  8. dhaushka

    thank you

    Reply
  9. tharangani

    thanx

    Reply
  10. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    Reply
  11. Kanths_dla

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    Reply
  12. Thisal Lakpura

    ස්තුතියි,

    Reply
  13. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    පලමු උපසිරැසට සුබ පැතුම් සහෝ..දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න හැකි වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ජය වේවා..!
    ******************බුදුසරණයි*******************

    Reply
  14. Udara Damith B/K

    .........පලමු උපසිරැසට සුබ පැතුම්.........

    Reply
  15. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං. ජයවේවා

    Reply
  16. Mähëlä Røkzz

    Podi kale balapu lassana kathawak sahodara bohoma isthuthi sub ekataaaaaa

    Reply
  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    Reply
  18. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.