Watch Trailer

A Ghost Story (2017) with Sinhala Subtitles | එක් හොල්මන් කතාවක්… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් මේ පාර අරගෙන ටිකක් අමුතු විදියේ ෆිලුමක්.ගොඩක් හොල්මන් ෆිල්ම් බලල තියෙනවා ඒත් මේකනම් ටිකක් වෙනස් විදියේ එකක් කියන්න පුළුවන්.මොකද කිව්වොත් ආදරයත් එක්ක එකතු වුන හොල්මන් ෆිල්ම් එකක්.ඉතින් මේක රිලීස් වෙන්නේ මේ අවුරුද්දේ ජුලි මාසේ 7.ඒවගේම IMDb දර්ශකයේ Drama ,Fantasy, Romance කියන වර්ගයට අයිති වෙන අ…

ඉතින් මේ පාර අරගෙන ටිකක් අමුතු විදියේ ෆිලුමක්.ගොඩක් හොල්මන් ෆිල්ම් බලල තියෙනවා ඒත් මේකනම් ටිකක් වෙනස් විදියේ එකක් කියන්න පුළුවන්.මොකද කිව්වොත් ආදරයත් එක්ක එකතු වුන හොල්මන් ෆිල්ම් එකක්.ඉතින් මේක රිලීස් වෙන්නේ මේ අවුරුද්දේ ජුලි මාසේ 7.ඒවගේම IMDb දර්ශකයේ Drama ,Fantasy, Romance කියන වර්ගයට අයිති වෙන අතරම එම දර්ශකයේම 7.1 වගේ ඉතා හොද අගයක් ගන්න සමත් වෙලා තියෙන ෆිලුමක් කියලා කියන්න පුළුවන්. බාර අරගෙනනම් ටිකක් කල්.අද තමා ඔන්න දෙන්නේ. හරි එහෙනම් ෆිලුම ගැන පොඩිවට කියන්නම්කො.

මේක ඒක ආදර කතාවක්.එක් යුවලක් ලස්සන පුංචි ගෙදරක ජීවත් වෙනවා. ඒ දෙන්න ගොඩක් ආදරයෙන් ඉන්නවා.ඒවගේම මේ පෙම්වතා පෙම්වතියට ගොඩක් ආදරෙයි.ඔහොම ඔහොම ඉද්දි පෙමවතා හදිසියේම රිය අනතුරකින් මිය යනවා. ඉතින් ඇය බොහෝ කනගාටු වෙනවා මේ ගැන.ඒවගේම රිය අනතුර වුන දවසේන් පස්සේ මේ පෙම්වතා තම පෙම්වතිය හොයාගෙන හොල්මනක් වෙලා එයාල හිටපු ගෙදරට එනවා.ඉතින් ඔහු දකිනවා තම පෙම්වතිය ගොඩක් දුකින් පාලුවෙන් සිටිනවා කියලා.ඒත් ඔහු කුමක් කරන්නද මේකට.ඔහුට ඇයව සනසවන්න බැහැ.මොකද ඔහු අවතාරයක්.

ඉතින් තව ටික දවසක් එයා කරන දේවල් දිහා බල බල මේ පෙම්වතා ඉන්නවා.එයාල හිටපු ගෙදරට එහා ගෙදරක් මෙයා දකිනවා අමුතු දෙයක්.ඒ කිසිවක් නෙමේ මෙය වගේම හොල්මනක් ඒ ගෙදරත් සිටිනවා.ඒ ගෙදර හොල්මන ඉන්නේ යම්කිසි කෙනෙක් එනකම් බලාගෙන.ඉතින් මෙයාට් ටිකක් අමුත්ත්කුත් දැනෙනවා.ඒත් ඒ ගැන නොහිතා තම පෙම්වතිය දිහාම බල බල ඉන්නවා.ඇයට මොහු සින්දුවක් හදලා දෙනවා.ඇය නිතරම ඒක අහනවා.ඒත් යම්කිසි කාලයක් ගතවෙද්දී මෙයා දකිනවා අමුතුම සිදුවීමක්.ඒ කිසිවක් නොවේ ඔහුගේ පෙම්වතිය තව කෙනෙක් සමග අලුත් සම්බන්දයක් පටන් අරගෙන.ඉතින් ඒ පෙම්වතා ඇය සිටින ගෙදරට එනවා.අවසානෙදි වෙන්නේ මොහුගේ පෙම්වතිය ඒ ගෙදර තියෙන බඩුමුට්ටු පවා අහුරගෙන ඒ ගෙදරින් යන්න යනවා.අවසානෙදි පෙම්වතා තනිවෙනවා.

ඔය බොහොම පොඩ්ඩයි කිව්වේ.අවසානේ කිව්වට ඕක අවසානේ නෙමේ.ඔය ගෙදරට එක එක කට්ටිය එනවා.එතනදි විවිද දේවල් සිද්දවෙනවා.ඔයාලම බලන්නකෝ මොකද සිද්දවෙන්නේ කියලා.ගොඩක් වෙනස් විදියේ ෆිලුමක් ඇත්තටම.ඒවගේම අපිට පොඩි දේකුත් හිතේ තියලා යන ෆිලුමක්.ඔයාලම බලලා තේරුම්ගන්න කියලා මම කියනවා..

ඒවගේම කියන්න ඕනේ ගොඩක් මන්දගාමිව තමා මේ දවස් වල ෆිල්ම් වල උපසිරසි හැදුවේ.ඉතින් තව සතියකින් විතර ආපහු වැඩේට තදටම බහින්න පුළුවන් වෙයි කියලා හිතනවා.තව ෆිලුමක් බාර අරගෙන තියෙනවා ඒකත් ඉක්මනට දෙන්නම්..

එහෙනම් ගොහින් එන්නම් ආ.. ජය වේවා!!

 

A Ghost Story (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා ගැලපේ.

4,207 downloadsDownload A-Ghost-Story-2017.zip16 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-08-04
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,207 downloadsDownload Subtitles16 KB

26 comments

  1. නිරෝෂ්

    ස්තුතියි පැතුම් සහෝ.ජයවේවා!

  2. Mithun

    මට නම් මෙ කතාවට ගොඩක් අස හිතුන . මන් මෙක බලන්නම උන්න එකක්. ගොඩක් ස්තුතියි උපසිරැසිට සහෝ ..බලලාම කියන්නම්

  3. asitha

    elama saho thanks

  4. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Lakshan Fernando

    Thank you

  6. Kanths_dla

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  7. sumed

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!

  8. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  9. Chami.S

    Thanks..
    Good Luck..

  10. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    මේකන්ම් පට්ට කතාවක් සහෝ. සබ් එන්න කලින්ම බැලුවා. මන් හිතුවේ නෑ සබ් එක ඒවි කියලා.. හැබැයි ඉතින් බයිස්කෝප් සහෝලගෙන් ෆිලුමක් මිස් කරනවා කියන්නේ කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්.. ජය වේවා!
    ******************බුදුසරණයි******************

  11. Gihan

    බොහෝම ස්තූතියි !

  12. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං.

  13. විදුෂාන් සජිත්

    ස්තූතියි සහෝ සබ් එකට, ජය වේවා!..,

  14. chinthaka

    thank you very much bro......

  15. Nuwan

    Thanks bn.The Dark Tower 2017 Filme ekata Sub dennako

  16. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  17. Gayan

    සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!

  18. rasanga

    ස්තූතියි සහෝ

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. දමිත්

    උපසිරැසියට ස්තුතියි සහෝ..
    ජයෙන් ජය.

  21. LSM HUSKAA

    සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!

  22. Dara777

    තෑන්ක්ස් සබ් එකට සහෝ... ජය වේවා!!!!

  23. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  24. viraj

    thanks.......

  25. Sadeep tharukshika

    404 error

    1. Hiran Ganepalla

      ගැටලුව නිවැරදි කලා නැවත උත්සාහ කරන්න

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.