මේ 19 වැනි සියවසයි. ලිසී කියන්නෙ බාධක ගැටළු මද්‍යයේ තම ජීවිතයේ මැද භාගයේ ඉන්න කාන්තාවක්. ලිසී තමන්ගෙ ස්වාමියා, අයිසෙක් එක්ක ඉන්නෙ මිනිස් වාසයෙන් තරමක් ඈතින් තියෙන ප්‍රදේශයක. ලිසී කලින් ගැබ් අරගෙන හිටියත් චිත්‍රපටයේ කියවෙන්නෙ එය දෙවියන්ගෙ කැමැත්ත නොවන බවයි. මේ විදිහට ජීවිතය ගෙවන පවුලට අළුතෙන් අසල්වැ…
මේ 19 වැනි සියවසයි. ලිසී කියන්නෙ බාධක ගැටළු මද්‍යයේ තම ජීවිතයේ මැද භාගයේ ඉන්න කාන්තාවක්. ලිසී තමන්ගෙ ස්වාමියා, අයිසෙක් එක්ක ඉන්නෙ මිනිස් වාසයෙන් තරමක් ඈතින් තියෙන ප්‍රදේශයක. ලිසී කලින් ගැබ් අරගෙන හිටියත් චිත්‍රපටයේ කියවෙන්නෙ එය දෙවියන්ගෙ කැමැත්ත නොවන බවයි. මේ විදිහට ජීවිතය ගෙවන පවුලට අළුතෙන් අසල්වැසියන් පිරිසක් එන්නෙ මේ අතරෙදියි. ඔවුන් එමා හා ගිඩියන් යුවලයි. ඔවුන් මේ ප්‍රදේශයට පැමිණීමත් සමඟ හුදෙකලාබවින් සිටි එමාට යෙහෙළිය වන්නෙ එමා ය. එමාත් ගිඩියන් සමඟ විවාහවෙලා තම නිවසින් ඈත්ව කණගාටුවෙන් ඉන්න තරුණියක්. ඒත් ඔවුන්ගේ පැමිණීම එම ප්‍රදේශයේ සිදුවීමට තිබෙන විනාශයන්වල ආරම්භයක් විතරයි!
චිත්‍රපටය ගෙවීයන්නෙ මේ ප්‍රධාන චරිත හතර වටායි. ලිසී චිත්‍රපටය පුරාවටම තම ස්වාමියාට ඒත්තුගන්වන්න උත්සහ කරනව ඒ ප්‍රදේශයේ කිසියම් අත්භූත යමක් තිබෙන බව. ඒත් ස්වාමියා කියන විදිහටනම් ඒ හුදෙකලාබවත් ලිසීගෙ දරුවා අහිමිවීමත් නිසා ඇතිවුන තත්වයක් විතරයි. චිත්‍රපටයේ ආරම්භය දකින්න ලැබෙන්නෙ එමා සියදිවි නැතිකරගන්නා දර්ශණයකින්. එමාට ජීවිතය නැතිකරගන්න හේතුව චිත්‍රපටය අවසානයේ දකින්න ලැබෙයි. කොහොමවුනත් චිත්‍රපටයේ එක්තරා දෙබසක සඳහන්වෙනව ඒ ප්‍රදේශයේ අසාමාන්‍ය විදිහට සොහොන් කොත් තිබෙන බවක්. මේ සොහොන්වලට හේතුව ලිසී කලින් කියපු අත්භූත තත්වයද? එහෙමත් නැත්නම් ඇත්තටම ඒ ලිසීගෙ මනසේ ඇතිවෙන දෙයක් විතරද? එමාට ජීවිතය නැතිකරගන්න සිදුවුනේ ඇයි? මේ හැමදේකටම හේතුව මොකක්ද? චිත්‍රපටය නරඹන ගමන් ඒ ප්‍රශ්ණවලටත් පිලිතුරු හොයාගන්න ලැබෙයි.
Imdb දර්ශකයේ 5.6 ක අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටය Horror/Supernatural ගණයට අයත්වෙනව. හොලිවුඩය තුලින් පහුගිය වසරවල දකින්න ලැබුණු ඉතාමත් සීමිත නළු නිළියන් පිරිසක් සමඟ නිර්මාණය වුනු සාර්ථක චිත්‍රපට අතරට මේ චිත්‍රපටයද එකතුවෙනව. චිත්‍රපටය පුරාවටම ප්‍රේක්ෂකයාට ගුප්තබවක් ලබාදීමට අධ්‍යක්ෂකවරයා සමත්වෙනව. තරමක් අඳුරු දර්ශණ භාවිතය, නිහඬබව චිත්‍රපටය පුරාවටම දකින්න ලැබෙන කාරණාවන්. කොහොමවුනත් අනිවාර්යයෙන්ම රාත්‍රියක තනියෙම බලන්න පුලුවන් චිත්‍රපටයක්.
එහෙනම් චිත්‍රපටය රසවිඳින ගමන් කමෙන්ටුවක් ලියාගෙනම යන්න කියල ඉල්ලන ගමන් මම සමුගන්නම්. තවත් උපසිරැසියකින් හමුවෙමු! සැමට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
3,362 downloadsDownload The-Wind-2018.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/IMG-20171105-WA0009-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

Gold MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
17 comments
හසිත මධුෂාන්
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!thilina1986
Thanks Bro love the movie.
Hashan M. Priyadarshana
Thanks bro sub ekata....
Jaya wewa.!Chathu_OO
ආපු එකේ නිකමට වගේ ඔහොමම මගින් නතර කරපු ඒවාට උපසිරැසියක් දෙන්ට එහෙම අදහසක් නැද්ද???
"Blindspot"indika75
thanks..
Ara N Madhu
Thank you malli...
Tharaka
THANKS.............
Aac3
ගොඩාරියක් ස්තූති සහෝ සබ් එකට ජය වේවා !!!
suranuwan
thanks.....
gm
Thanks.... mchn polaroid movie eke sub denna.
AsithaDilruwan
ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
බොබී
හොල්මන් කතාවක්ද. ඔන්න මේකත් ඩවුන්ලෝඩ් ලිස්ට් එකට දාගත්තා. ස්තූතියි සහෝ.
Nandana555
Sub ekata thanks friend...
MAALnath
Thanks ...............good luck ..................
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!