Watch Trailer

Miss You Already (2015) Sinhala Subtitles | ආදරණීය යෙහෙළිය [සිංහල උපසිරසි සමඟ]

යාළුකම කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. මේ ලෝකේ හැම මනුස්සයෙක්ම ගත්තොත් හැම කෙනාටම ඉන්නවා තමන්ගේ ඕනෙම දෙයක් ගැන කතාකරන්න පුළුවන් යාලුවෙක්. ඒත් , කාලයක් ගතවෙනකොට, තවත් අය ජීවිතේට ලං වෙනකොට, සමහර යාලුවෝ අපේ ජිවිත වලින් ටිකක් ඈත් වෙනවා. අපේ මේ කතාවේ කථා නායිකාව , ජෙස් ටත් හිටියා හොඳම යාලුවෙක්. හැමදාටම එක…

යාළුකම කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. මේ ලෝකේ හැම මනුස්සයෙක්ම ගත්තොත් හැම කෙනාටම ඉන්නවා තමන්ගේ ඕනෙම දෙයක් ගැන කතාකරන්න පුළුවන් යාලුවෙක්. ඒත් , කාලයක් ගතවෙනකොට, තවත් අය ජීවිතේට ලං වෙනකොට, සමහර යාලුවෝ අපේ ජිවිත වලින් ටිකක් ඈත් වෙනවා. අපේ මේ කතාවේ කථා නායිකාව , ජෙස් ටත් හිටියා හොඳම යාලුවෙක්. හැමදාටම එක වගේ ලගින් හිටපු යාලුවෙක්. ඇත්තටම කිව්වොත් යෙහෙලියක්. කසාද බැඳලා පවුල් පන්සල් උනත් මේ දෙන්නගේ යාළුකම කිසිම වෙනසක් නැතුව එක විදියටම තිබුණා .

ජිවිතයේ අපි බලාපොරොත්තු වෙන දේවල් හැම දේම අපිට ලැබෙනවද? නැත්තන් හිතපු විදියටම වෙනවද? ඇත්තටම ජෙසිටයි, මිලීටයි සිද්ද වුනෙත් හිතපු නැති දෙයක්. කිසිම දේකට මේ දෙන්නව වෙන් කරන්න බැරි වුණා … ඒත් දෛවය කුමක් කරාවිද? හදිසියේම මිලී පිළිකාවක් නිසා රෝගාතුර වෙනවා. මිලී ගේ ලස්සන කැදැල්ල විසිරිලා , විනාශ වෙලා යන්න ගන්නවා.. ජෙස් තමා ඇයගේ පිහිටට ඉන්නේ.

කතාව ගැන ටිකක් කිව්වොත්,

ජෙස් සහ මිලී කියන්නේ පාසල් කාලයේ කුඩා අවදිය ඉදන්ම දැන අඳුනගෙන හොඳම හොඳ යාලුවෝ වුන දෙන්නෙක්. කුඩා කාලයේ ඉඳන්ම සහෝදරියෝ දෙන්නෙක් වගේ එකට ඉඳල තම තමන්ගේ දේවල් හුවමාරු කරගෙන ජිවත් වුනු දෙන්නෙක්. මිලී නම් ටිකක් හැදුනේ අමුතු විදියකට. මිලී ගේ අම්ම නිලියක් . ඒ හින්දම මිලී ත් ටිකක් දඟ කෙල්ලෙක් විදියට තම හැදුනේ. ඒකටත් එක්ක, ජෙස් ගැන කතාකලොත් ජෙස් නම් වැඩිය දඟ නැති සාමාන්‍ය කෙල්ලෙක්. ඒත් ඉතින් ඇත්තම කිව්වොත් තමන්ගේ යාළුවා නිසා ජේස් ටිකක් දඟවුනා. කොහොමහරි තරුණ වයසේදී මිලී හදිසියේම ගැබ්බර වෙනවා. ඒත් වාසනාවකට වගේ මිලී ට ප්‍රශ්නයක් වෙන්නේ නෑ . ඒ දෙන්න සතුටින් ජිවත් වෙනවා බබාලා හදාගෙන. පස්සේ කලෙක ජෙස් ටත් තමන්ගේ උරුමක්කාරය හමුවෙලා කසාද බඳිනවා. නමුත් , ජෙස් නම් අම්ම කෙනෙක් වෙන්න වාසනාවන්ත වෙන්නේ නෑ . ජෙස් දුක් වෙනවා තමන්ගේ යාළුවා වගේ තමන්ට අම්මා කෙනෙක් වෙන්න බැරි වුනු එක ගැන. විවිධ ක්‍රම අත්හද බලන එම යුවලට අලුත් බලාපොරොත්තුවක් ගෙන දෙමින් නළ දරු තාක්ෂනය නිසා ජෙස් අම්මා කෙනෙක් වෙනවා. “එක කරදරයක් ඉවර වෙද්දී තව එකක්” කියනවනේ කතාවටත්. ඇත්තටම ජෙස් ටත් වෙන්නේ ඒ දේමයි. අවාසනාවන්ත විදියට තමන්ගේ හොඳම යාළුවා මිලී පිළිකාවක් නිසා රෝගාතුර වෙනවා. ඒ විතරක් නෙවෙයි. තමන් අම්ම කෙනෙක් වෙලා ටික කාලයක් ඇතුලත , තමන්ගේ දුක සැප බෙදාගන්න පොඩි කාලේ ඉදන්ම ලගින් හිටපු මිලී එයාට අහිමි වෙනවා. කතාව අවසානය ශෝකාකුල එකක් වුනත්, මේ ඇත්තම කතාවක් කියලයි හිතෙන්නේ. ලංකාව වුනත් ගත්තොත් පිළිකා රෝගීන් නම් කී දෙනෙක්නම් ඉන්නවද? මේ චිත්‍රපටය බලන්න හදන , බලන ඔබෙත් මගෙත් ඥාතීන් කී දෙන්නම් ඇතිද පිළිකාවලට ගොදුරු වෙලා මරණයට පත් වුනු. තව කී දෙනෙක් ඉඳීවිද හෙට අනිද්දා පිළිකාවක් නිසා ඔබෙන් ඇත වෙන. ඉතින් , මේ කතාව අපි හැමෝගෙම කතාවක්. ඔබෙත් මගෙත්.

Miss you already , 2015 වර්ෂයේ ලොව පුරා තිරගතවුණු ප්‍රේමය, මිත්‍රත්වය සහ ජිවිත යථාර්තය පිලිබඳ ගැඹුරු විවරණයක් කරන චිත්‍රපටියක් කියල හඳුන්වන්න පුළුවන්. IMDB 6.8 ලෙස සටහන් ව ඇති මේ චිත්‍රපටිය Twilight , Red Riding Hood වැනි චිත්‍රපට වල අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරපු Catherine Hardwicke මහත්මියගේ අධ්‍යක්ෂණයෙන් තමයි බිහි වෙලා තියෙන්නේ. ඇත්තටම අපේ ජිවිත වල කොච්චරනම් බලාපොරොත්තු තියෙනවද? ඒත් ඒ බලාපොරොත්තු කොච්චර ඉක්මනින් බොඳ වෙලා යනවද? දවසක් එනවා අපි අපිටවත් අහිමි වෙන. ඉතින් ඇත්තටම කිව්වොත් අපිත් මේ චිත්‍රපටියේ , සමහරක් චරිත නේද කියල හිතේවි. මේ චිත්‍රපටියෙහි කතාව සම්පුර්ණයෙන් සැලකුවොත් චරිත බොහොම සීමිත පිරිසක් විතරයි තියෙන්නේ.

මේක කියවන ඔයා වගේ, කාලයක් තිස්සේ ඉදන් මමත් බයිස්කෝප් රසිකයෙක්. ඉතින් මටත් හිතුන පුංචි උත්සහයක් ගන්න උපසිරසියක් ලියන්න. ඉතින් මේකට මට ගොඩක් උදව් කලේ, චිත්‍රපටය තෝරලා දුන්නේ “සමන් ප්‍රසාද්” මගේ මිත්‍රයා. තමන්ගේ ජීවිතේට වැඩියෙන්ම සමීප කෙනෙක් එක්ක මේ චිත්‍රපටය බැලුවොත් ඔයාටත් එයාටත් දැනේවි , අපි දෙන්නට අපි දෙන්න කොච්චර නම් වටිනවද කියල. ඉතින් මගේ පළමු උපසිරැසිය ගැන මොකද හිතන්නේ? චිත්‍රපටය බලලම කියමු බලන්න… හැමෝටම ස්තුතියි….!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,552 downloadsDownload Miss.You_.Already.2015.Baiscopelk.com_.zip55 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුෂ ගයාන් ජයවර්ධන (ෂූටා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-05-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිනුෂ ගයාන් ජයවර්ධන (ෂූටා)

Subtitles

1,552 downloadsDownload Subtitles55 KB

25 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Birds of Passage (2018)
    Welcome to Marwen (2018)
    The Perfect Date (2019)
    Crypto (2019)

    1. jaya_dinu

      තෙරුවන් සරණයි බ්‍රෝ!... ස්තුතියි.

  2. MAALnath

    Thanks ...............good luck ...................

    1. MAALnath

      Zookeeper 2011 movie eka sub eka denna

    2. jaya_dinu

      thnk you.. hari man balannam

  3. Hashan M. Priyadarshana

    Thank you saho sub ekata....
    Jaya wewa.!

    1. jaya_dinu

      thank you bro!.. obatath jaya!

  4. malithmadhushan45

    උපසිරසට බොහොම ස්තුතියි සහෝ

    1. jaya_dinu

      ස්තුතියි බ්‍රෝ...

  5. nam woohyun

    kalank(2019) hindi movie ekatath sub denna puluwanda

    1. jaya_dinu

      man try krannam bro! thank you

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්...!
    පුලුවන්නම් දිගටම මේ වගේ පරන උනත් හොද ෆිල්ම් වලටම සබ් දෙන්න සහෝ....

    1. jaya_dinu

      බොහොම ස්තුතියි බ්‍රෝ...

  7. indika75

    thanks..

    1. jaya_dinu

      you're welcome

  8. rehani

    thank you..

    1. jaya_dinu

      you're welcome!

  9. Ara N Madhu

    Thanks malli...meaningful story ekak wage...

    1. jaya_dinu

      ow..lassana kathawak. thank you

  10. Bandara76

    Thanks bro

    1. jaya_dinu

      you are welcome friend!

  11. Buddhika Lakmal (laKMal)

    තෑන්ක්ස් මචං සබ් එකට....

    1. jaya_dinu

      එළ බ්‍රෝ !

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. jaya_dinu

      බොහොම ස්තුතියි ඔබටත්. ජය!